සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති… 2020 වෙනතුරු ඉන්න ඕන නෑ.. ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න..- ඇමති මුතුහෙටිටි

    යහපාලනය ගැන ගම්වල ඇත්තේ ඉතා අප‍්‍රසන්න තත්වයක් බවත් මේ තත්වය වහා වෙනස් කිරීමට ජනාධිපති-අගමැති පියවර ගත යුතු බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

    ආණ්ඩුව ගැනීමට 2020 වන තුරු සිටිය යුතු නැති බවද කී ඔහු ආණ්ඩුවක් ඉක්මනින්ම හදන්න සූදානම් වන්නැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    ‘නැගිටින දෙමළු’ නැගෙනහිරටත් එයි.. දෙවන රැළිය මඩකලපුවේ..

    එළුග තමිල් (නැගිටින දෙමළු) දෙවන රැළිය මඩකලපුවේදී පැවැත්වීමට දෙමල මහජන සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

    සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිවරයා ‘දෙමළ මහජන සභාව’ සංවිධනායේ ප‍්‍රධානත්වය දරන අතර මඩකලපුවේ රැළිය ජනවාරි 21 වන දින පැවැත්වෙන්නේ යයි ප‍්‍රදේශය පුරා අත් පත‍්‍රිකා බෙදා හැර ඇත.

    උතුර-නැගෙනහිර දෙමළ ජනතාවගේ මාතෘ භූමිය බවත්, දෙමළ ජාති ඝාතනයන් සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවත්, ස්වාධිපත්‍ය හා ස්වයංනිර්ණ අයිතිය ඇති ෆෙඩරල් විසඳුමක් ලබා දිය යුතු බවත් ආදී කරුණු පත‍්‍රිකාවේ දැක්වෙයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..

    රටක සංවර්ධනයට ආණ්ඩුවක් පත් කරගනියි. එයට අගමැතිවයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් සිටි. අපේ රටේ ඊටත් එහා ගොස් ඇමරිකාව ප්‍රංශය නොදෙවෙනි විධායක බලතල සහිත ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වන ජනාධිපතිවරයෙකු ද සිටි.

    ශ්‍රීලංකාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ට මුහුණ දුන රටකි, එහෙත් එම දරුණුතම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට රටේ සෑම ප්‍රදේශයේම සාමය ස්ථාපිත කලේ මෙම ආණ්ඩුක්‍රමය තුල තිබු විධායක බලය සහිත ජනාධිපති ඇතුළු අගමැති ප්‍රධාන පාර්ලිමේන්තුව ක්‍රමය තුලය.

    2015 ජනවාරියේ මෛත්‍රී-රනිල් බලය ජනතාවගෙන් ඉල්ලන්නේ තිබෙන බලය අඩු කිරීමටය. ජනතාව එය විශ්වාස කොට ඔහුනට බලය ලබා දුන්නේය ඒ සඳහා එදා සිටි සිවිල් සංවිධාන රට තුල විශාල හඩක් නැගුවේය. එදා කිවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් තුල මිත්‍ර රටවලින් ආයෝජන ලංකාවට දීමට පෙල ගැසි සිටින බවකි.

    රටේ දැනට තිබෙන වරාය අධිකාරි පනත හෝ වෙනත් රාජ්‍ය ආයතනයන් මෙතෙක් පාලනය කල අන පනත් අභිබවා එහි සභාපති ඇතුළු අධ්‍යයක්ෂක මණ්ඩල හෝ විෂය භාර අමාත්‍යවරයා පගා දමමින් ඊට ඉහලින් තීරණය ගැනීමට බලයක් ඉල්ලුවේ නැත. ඒ සඳහා කිසිම සිවිල් සංවිධානයක් හෝ යහපාලන දේශපාලන නායකයින් බලය ඉල්ලුවේ ද නැත. එබැවින් ජනතාව විශ්වාස කරමින් බලය දුන්නේය.ජනතාව එම බලය ඉතා පරිස්සමෙන් මහ ජනතාවගේ සුභ සිද්ධියට මොවුන් විසින් යොදවනු ඇතැයි සිතාය.

    එහෙත් නිදහසන් පසු මෙරටේ සිදු වූ විශාලතම මුදල් වංචාව එනම් මහා බැංකුවේ බැදුම්කර මගඩිය හරහා රුපියල් බිලියන 5 කට වඩා ගසා කෑවේ මේ දැනුවත් වය. එයට අදටත් කිසිවෙකුට චෝදනා ගොනුකර නැත.

    මේ පනත මගින් බලය ඉල්ලන්නේ රටේ තුල තියෙන සියලුම සම්පත් පමණක් නොව ශ්‍රීලංකාව අයත් රට මෙන් 5 ගුනයක් විශාල මුහුදත් ඒ හා සමාන අහසත් කිසිදා මිල කල නොහැකි පරිසරයත් ජාවාරම්කාරයන්ට මුදලට විකිණීමටයි යමෙකුට තර්ක කල හැකිය.

    මේ පනතේ වැදගත් කොටස මේ පනත අනුව ගන්නා කිසිම ක්‍රියා මාරගයක් සඳහා කිසිවෙකුටත් රටේ සාමාන්‍ය නිතිය අනුව ක්‍රියා කිරිමට ඇති අයිතිය අවම කොට ඇති ආකාරයයි. කෙසේ වෙතත් මෙය ඉතා සූක්ෂම ලෙස සම්පිඩනය කොට ඇත, උගත් නීතිවේදියකුට පමණ මෙහි භායනක කම තේරුම් ගත හැකිය.

    එමෙන්ම රටේ අනිකුත් සියලු නීතින් අභිබවා යන ලෙස ඉතා උපක්‍රමශීලීව සුදානම් කොට මෙම කෙටුම්පත් ජනාධිපති ප්‍රමුඛව අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කොට ගෙන ඇත. පසුව ජනාධිපතිවරයා මගින් පලාත් ආණ්ඩුකාරවරුන් වෙත යොමු කොට පලාත් සභාවල අනුමැතිය ලබා ගැනිමට කටයුතු කොට ඇත.

    වැරදිලාවත් පලාත් සභාවල අනුමැතිය ලබා දුන්නේ නම් හම්බන්තොට වරාය සහ ඒ අවට අක්කර 15000 ක් පමණක් නොව, එදා සාම සාකච්ඡා මගින් කොටින්ට උතුරු නැගෙනහිර පරිපාලන එක කොල කෑල්ලකින් ලියා දුන් ආකාරයෙන් රටේ ජනතාවට හිමි සියලු සම්පත් විකිණීමට මෙමගින් ඉඩ කඩ තිබුනි.

    සැමගේ දැන ගැනිම සඳහා සංවර්ධන විශේෂ විධි විධාන පනත

    https://drive.google.com/file/d/0B-EzJso25PxqYXNaUXMtU1dqVlRDRzhIV29EX2lwZUJTWE9B/view
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ
    :lol:

    15781809_2171102249782216_4552263209744753130_n.jpg

    ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka starts building Volkswagen assembly plant

    Jan 03, 2017 08:48 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka's Prime Minister Ranil Wickremesinghe laid the foundation stone for a plant to assemble Volkswagen vehicles.

    The 26.5 million dollar plant is promoted by Sri Lanka's Senok Automobiles group, which has the agency for Volkeswagen.

    Prime Minister Wickremesinghe kicked off construction of the factory in Kuliyapitiya in north central Sri Lanka on January 03.

    The cars will be initially sold in the domestic market. Sri Lanka has high import duties for fully assembled vehicles. (Colombo/Jan03/2016)

    - http://www.economynext.com/Sri_Lanka_starts_building_Volkswagen_assembly_plant-3-6986.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    නාවික හමුදාවට කෝටි 226ක ආදායමක්

    ඇවන්ට්ගාඩ් සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරි කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමෙන් අනතුරව, 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයාදීමට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.

    2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙහෙයුම් 6371 කදී ඔවුන් මෙම ආදායම උපයා ඇත. 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ට්ගාඩ් සමාගමේ රාජකාරි නාවික හමුදාවට පැවරීමෙන් පසුව ඔවුන් ඊයේ (2දා) වන විට උපයා ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 263කි.


    unnamed-21.jpg

    unnamed-31.jpg

    unnamed-4.jpg


    - http://www.ada.lk/article/203444/-ඇවන්ට්-ගාඩ්-නිසා-නාවික-හමුදාවට-කෝටි-226ක-ආදායමක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ලක්ෂ 3000ක වියදමින් ඉදිවන මහර ඇල්දෙනිය රම්මුතුගල ශරීර සුවතා මන්තීරුව හා සුවත උයනේ අවසන් අදියරේ වැඩ කටයුතු

    15781039_1354703851259701_349267338184093362_n.jpg

    15823162_1354703354593084_4563352491709929217_n.jpg

    15781139_1354703737926379_655221666085193994_n.jpg


    - https://www.facebook.com/L.Alagiyawanna/posts/1354704784592941
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    දිනක වාහන හැටදහස පනී.. අදායම මිලියන 18 පනී… අධිවේගයෙන් වාර්තාවක්.. වරද මහින්දගේ..


    දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකල පසු එක් දිනකදී වාර්තා කල ඉහලම ආදායම ඊයේ දිනයේ වාර්තා කර තිබේ.

    මෝටර් රථ 61,874 ක් ඊයේ දිනයේ මෙම මාර්ගයේ ගමන් කර ඇති අතර ඉන් උපයා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 18.85කි.

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයද පසුගිය රාජපක්‍ෂ යුගයේ ඉදිකරන ලද දැවැන්ත ව්‍යාපෘතියකි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    ආ වොක්ස්වැගන් පැට්ටේරියක් නෙවි.....හැබැයි පොනිල් කිව්වේ නම් වොක්ස්වැගන් පැට්ටේරිය කියලා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වොක්ස්වාගන් නිෂ්පාදන ෆැක්ටරියක් නොවේ.. වාහන කෑලි ගෙන්වා එකලස් කරන තැනක්..


    වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව වාර්තා වෙයි.

    එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන26.5 ආයෝජනයකිනි.

    මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි. (මේ වන විටත් Micro, AMW, Dimo ආදී සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි)

    මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.

    ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    කෝටි 420 නිල්වලා බෝම්බය පිපිරේ.. ආණ්ඩුවෙන් ගියොත් හිරේ.. හිටියොත් සැප..

    පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.

    මේ අනුව අවශ්‍ය කට උත්තර මෙයට සම්බන්ධ තීරණයන් ගත් ප්‍රධාන පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති අතර පරික්ෂණයේ වර්තමාන තත්ත්වය රටේ බලවතෙකු වෙත වාර්තා කොට ඇත.

    ඉහළින් ලැබෙන උපදෙස් අනුව ප්‍රධාන පෙලේ දේශපාලන නීයෝජිතයින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතය. එහෙත් රටේ නැගි එන දේශපාලන අර්බුදය හමුවේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිම පමා කිරිම තුලින් රජය රැකගැනීමේ උත්සහයක ද යෙදෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

    දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

    මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ලුණුගම්වෙහෙර - බෙරලිහෙල “සිරිකලනගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Sirikalanagama' model village under 'Samata Sevana' concept in Beralihela, Lunugamvehera in Hambantota District.

    15726855_10154393549400186_4406468007270182262_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154393548245186.1073742539.194713160185&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහනුවර දොඩම්වල - හල්ලොලුව පාලම 6 දා ජනතා අයිතියට


    දීර්ඝ කාලයක් තිස්සේ ඉදි කිරීම් සිදු නොකළ දොඩම්වල - හල්ලොලුව පාලම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් මත වසරක කාලයක් තුළ වැඩ අවසන් කර ලබන 06 වනදා ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

    බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර (UK Steel Bridge) යටතේ ක‍්‍රියාත්මක ප‍්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය යටතේ මීටර් 105ක දිගින් යුතුව ඉදි වූ මෙම පාලම මංතීරු දෙකකින් යුතුවේ.

    ඒ සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 374කි. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් උපදේශක සේවාව සහ අධීක්ෂණය සිදුකරනු ලැබූ පාලම ඉදිවීමත් සමඟ මහවැලි ගඟ හරහා පහසුවෙන්ම මහනුවරට ළඟාවීමට හැකියාව ලැබෙන අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති මාර්ග තදබදය විශාල ප‍්‍රමාණයකින් අවම වේ.

    කුරුණෑගල ප‍්‍රදේශයේ සිට මහනුවරට ළඟාවන ජනතාවටත් මහනුවර සිට කුරුණෑගල දෙසට ගමන් කරන ජනතාවටත් සිය ගමනාගමන කටයුතු වලට විශාල පහසුවක් මෙම පාලම මඟින් සැලසේ. එසේම මහනුවර නඟරය මඟහැර පිට පළාත්වලට ගමන් කරන ජනතාවටද මෙම පාලම ඉදිකිරීම විශාල පහසුවකි.


    - http://sinhala.news.lk/news/world-3/item/21097-6