මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති… 2020 වෙනතුරු ඉන්න ඕන නෑ.. ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න..- ඇමති මුතුහෙටිටි
යහපාලනය ගැන ගම්වල ඇත්තේ ඉතා අප‍්‍රසන්න තත්වයක් බවත් මේ තත්වය වහා වෙනස් කිරීමට ජනාධිපති-අගමැති පියවර ගත යුතු බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුව ගැනීමට 2020 වන තුරු සිටිය යුතු නැති බවද කී ඔහු ආණ්ඩුවක් ඉක්මනින්ම හදන්න සූදානම් වන්නැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

