ත්‍රිකුණාමල මහනගර සැලැස්ම නිර්මාණයට අවබෝධතා ගිවිසුමක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහනගර සැලැස්ම නිර්මාණය සඳහා අවබෝධතා ගිවිසුමකට එළබිම අද දින මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේදී සිදුවිය.ඒ සිංගප්පුරුවේ සභානා ජුරෝන් උපදේශක පෞද්ගලික සමාගම සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය අතරය. මහනගර අමාත්‍යංශය වෙනුවෙන් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර,සිංගප්පුරු සමගම වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ Philip Tan Yang Mong මහතා අත්සන් තැබීය...
![]()
- https://www.facebook.com/megapolismin.gov.lk/photos/?tab=album&album_id=1201288339937729


Hambanthota Trade Zone eka gana dannavada?
චීන ආයෝජකයන්ට දෙන ඉඩම් මැනුම් කටයුතු ඇරැඹේ
ප්‍රියදර්ශන ලියනගේ
චීන ආයෝජකයන් සඳහා ලබාදීමට යෝජිත ඉඩම් අක්‌කර 15,000 හි මැනුම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි. එස්. කේ. මහානාම මහතා ඒ සම්බන්ධව "දිවයින ඉරිදා සංග්‍රහය" කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.
ඉඩම් අමාත්‍යාංශය සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මැනුම් කටයුතු මොනරාගල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවල මේ වන විට සිදු කරන බව හෙතෙම කීය.
මෙම වැඩසටහන ක්‍රමවත් කිරීම සඳහා දිසාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන බවත් එම කමිටුවේ අධීක්‍ෂණය යටතේ හඳුනාගත් හිස් ඉඩම්වල මැනුම් කටයුතු චන්ද්‍රිකා තාක්‍ෂණය යොදාගෙන සිදු කෙරෙන බව ඒ මහතා කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්‌කර 1500 මේ වන විට හඳුනාගෙන තිබෙන බවද මහානාම මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
- http://www.divaina.com/2016/11/20/news07.html
![]()
The government intends to sign the agreement with China on the proposed Special Economic Zone (SEZ) in Hambantota before the year-end, Development Strategies and International Trade Minister Malik Samarawickrama said. The Chinese SEZ would be implemented in three stages, he told the Daily News adding that the government would employ 400,000 directly or indirectly in its initial stages.
The government hopes to initiate 2,400 projects within the Chinese SEZ, the minister said, emphasising that the zone, although managed by Sri Lanka and China, would not be restricted to Chinese investors but open to other investors as well.
Earlier this year, China expressed interest in acquiring 15,000 acres for a SEZ they hoped would create one million jobs. The request elicited a positive response from the Sri Lankan government, which recently unveiled ambitious plans for a comprehensive development programme in the South.
Last week, the government revealed a public-private partnership (PPP) with China Merchant group - a USD 1 billion debt-for-equity swap that would ease some of the burdens on the debt-strapped government.
Foreign Affairs Deputy Minister Harsha de Silva said the first phase of the proposed PPP with China Merchant would begin in January 2017, and will utilise an initial area of 15 square km around the currently unused port.
China has also informed the government of its willingness to invest in an LNG Power plant, a refinery, a cement factory and dockyard, at a total investment of approximately USD 8 billion in Hambantota, the deputy minister said.
- http://www.dailynews.lk/2016/11/21/local/99689
හම්බන්තොට චීන සහ වෙනත් විදෙස් ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමට රජය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3000 පමණ තෝරා ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව කල විමසීමකදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා කියා සිටියේය .
ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු තවම ආරම්භ වී නැති බවත් තවමත් සිදු වන්නේ ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම පමණක් යැයිද ජනාවාස ප්‍රදේශ මඟ හරිමින් ඉඩම් තෝරා ගැනීමට හැකිතරම් වෙහෙසෙන බව දිස්ත්‍රික් ලේකම් වරයා තවදුරටත් පවසා සිටියේය.
![]()
- http://sinhala.lankanewsweb.net/news/item/6569-2016-11-25-03-31-13