සහල් මිල ඔරොත්තු නොදෙන මට්ටමට ඉහළ යෑම නිසා අද (19දා) සිට බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ප්‍රධාන පෙළෛ් සහල් මෝල් හිමියන් සහ සහල් තොග වෙළෙඳුන්, සහල් තොග සඟවා ගෙන, සැලසුම් සහගතව මිල වැඩි කිරීම සිදු කරන බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් 'මව්බිම'ට පැවැසීය.
රජය සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා බුද්ධි අංශ යොදවා සහල් සහ වී තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන් හා තොග වෙළෙඳුන්ගේ ගබඩා පරීක්ෂා කිරීමට වහාම පියවර ගන්නේ නම් පිටරටින් සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.
මීට මාස කිහිපයකට ඉහතදී වී ගබඩා කිරීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිකම නිසා මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කළ බවත් එසේ සිදුකිරීමට හේතු වූයේ රට තුළ වී අතිරික්තයක් තිබුණු නිසා බවත් සඳහන් කළ හෙතෙම එසේ ගබඩා කළ වී තොගවලට සිදුවූයේ කුමක් දැයි ප්‍රශ්න කරයි. පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් වී තොග සහ සහල් තොග සඟවාගෙන සිටින බවට ජනතාව එල්ල කරන චෝදනා, ජනාධිපතිතුමාටත් එල්ලවන බව සඳහන් කළ අසේල සම්පත් මහතා එවැනි චෝදනා පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු කර සහල් මිල ඉහළ යෑමේ ප්‍රශ්නය විසඳීමට එතුමා මැදිහත් විය යුතුව ඇතැයිද සඳහන් කරයි.