සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    15541907_1839899312954753_266343675500288353_n.jpg



    හංසය පියාපත් සැලුවම සුදට සුදේ
    වැනුවා උගේ ගුණ සමහරු සෑම වෙලේ
    රැවටුන දනා දුන්නා තම කතිරෙ අගේ
    හංසයා යටින් ආවා පුල්ලියා බොලේ

    කරවා කුමන්ත්රණ මගෙ ලක් මෑණි හට
    පාවා දුන්නහොත් අප ලැබු අමිල ජය
    අරවා ගන්න බෑ ඒ පව කැලණි වැද
    විදවා මැරෙනවා තොප මේ පොළොව මත

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    වාදපිටිය, බලය, සංග‍්‍රාමයේදී හැමදාම හොම්බෙන් ඇනගෙනම එන එජාප මන්ත‍්‍රීවරුන්ට වෙනම පුහුණු වැඩමුළු..


    ආණ්ඩු පක්‍ෂයේ එජාප මන්ත‍්‍රීවරුන් රූපවාහිනී වාද විවාදවලදී විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ඉදිරියේ දිගින් දිගටම අපහසුතාවයට පත්වන නිසා ඒවාට සාර්ථකව මුහුණ දීම සදහා පුහුණු වැඩමුළු පැවැත්වීමට එක්සත් ජාතික පක්‍සය තීරණය කර ඇත.

    එහිදී ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය මෙන්ම ගිය රජයේ වැරදි ගැන තවත් තොරතුරු ඔවුනට ලබා දීමට නියමිතය.

    මෙම වැඩසටහන් සදහා එජාපයේ ඇමැතිවරුන් 07ක් හා මන්ත‍්‍රීවරුන් 11ක් ලෙස 18 දෙනකු සම්බන්ද කර ගැනීමට නියමිතය.


     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    make wadi hariyak inna ara mudukku gewal wela inna hena aul set ekak wage dana post walin penne
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    කළුවර යුගයක් ළගයි.. විදුලි කැපිල්ලක් එයි..

    විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් 2017 වසරේ මුල් කාර්තුවේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

    මේ වන විට බලාගාර ඇති ජලාශවල ජල ධාරිතාව 40% දක්වා පහළ බැස ඇති අතර මණ්ඩලය පෙන්වා දෙන්නේ ලබන වසරේ මැද භාගය තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ජල මට්ටම 90%ක් වත් පැවතිය යුතු බවය.

    මේ වන විටත් විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් ජල විදුලිය, තාප සියලූ බලාගාර ක‍්‍රියාත්මක කර ඇති අතර නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත‍්‍රයක් ක‍්‍රියා විරහිත තත්ත්වයේ පවතී.


    -------------------------------------------------
    පෙර පුවත්ක්:
    සාම්පුර් අවලංගු කොට දිගුකාලීන සැලසුම් අවුල් කලා.. අනිවාර්ය විදුලි අර්බුදයක්.. – ලංවිම ඉංජිනේරු සභාපති


    “ආප්ප පුච්චන්නාක් මෙන් බලාගාර පිහිටුවීමට නොහැකි බවත්, දේශපාලන තින්දු තීරණ මත බලාගාර ඉදිකිරීමේ දීර්ඝකාලීන සැලසුම් මන්දගාමී කර දැන් කලබල කිරීමේ පලක් නොවන බවත්, සාම්පුර් බලාගාරය ඉදිකිරීම පිළිබඳව කිසිම තීරණයක් ගැනිමට පෙර එය නතර කරන බවට ලිපියකින් දැනුම් දුන් මෙම ලේකම්වරයා විදුලිය සඳහා වන දිගුකාලින් සැලසුම් අවුල් කරගෙන” සිටින බව විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කල කරයි.

    වර්ෂ 2018දි ඇතිවන විදුලි අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා බලාගාර 8 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බැවින් ඒ සඳහා වගකීමෙන් ක්‍රියකල යුතු බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය B M S බටගොඩ ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත. එමෙන්ම බලාගාර 8 ක් ඉදිකිරීම් සඳහාවන තාක්ෂණ කමිටු නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවට ලේකම්වරයා යවා ඇති පිටු 6 ක ලිපියකින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට දොස් පවරා ඇත.

    ඉහත ප්‍රකාශයට අමතරව ලිපියට පිලිතුරු වශයෙන් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරත් පවසා ඇත්තේ රුපියල් කෝටි ගනනින් මුදල් වියදම් කරන බලාගාර ඉදිකිරීම් ව්‍යපාතිවල ගණන් හිලව් සැකසීම් හදිසියකට කල නොහැකි කරුණක් වන අතර සුළු හෝ වැරදිමක් වුවහොත් ඉංජිනේරුවන්ව FCID යට කැඳවාගෙන යාමට වුවත් ඉඩ තිබෙන බවයි.

    එහෙත් පසුගියදා රත්‍රි හිරු රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් විදුලිබල නියෝජ්‍යා ඇමති අජිත් පී පෙරේරා පැවසුවේ ” විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට යන්නයි.

    එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Redda. Thwa awrudu 15 kata wath MRT therumak na hadanna sallith na. Aduma tharame population eka 10 million wath wenna one colombo

    Anith ratawaluth 10 million wenakan idalada MRT demme.
    Singapore saha Hongkong10 million wenakan kata aragena hitiyada MRT daanna
    ane methena boru nokiya palayan ban yanna


    Capture.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    ඕමන්තේ මුරපොළ ඇතුළු අක්කර 20ක්‌ මුදාහැරීමට රජය එකඟ වේ..


    සුප්‍රකට ඕමන්තෙ මුරපළ ඇතුළත් අක්‌කර 20 ක ප්‍රදේශය මුදාහැරීමට යුද හමුදාව එකඟවී ඇත.

    වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී වවුනියා අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් නිරේයි කුමාර් මහතා විසින් මේ බව හෙළිකර තිබේ.

    ඕමන්තේ ප්‍රදේශය මුදාහැරීම නිසා ඒ වෙනුවට ඒ-9 මාර්ගයේ අක්‌කර 6 ක ප්‍රදේශයක්‌ හමුදාවට ලබාදීමටද තීරණය වී ඇත.

    වසර 23 ක්‌ තිස්‌සේ ඕමන්තේ මුරපළ ක්‍රියාත්මක වූ අතර එම ඉඩම තමන්ට අයිති බව ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ විසින් පවසා තිබුණි. එහෙත් ඕමන්තේ අවට ඉඩම් එම සිවිල් වැසියන්ට අයත් බවට නිසි ඔප්පු නැති බවටද වාර්තා වේ.

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    විදුලි සැපයුම් වැඩි දියුණුවට ඩො මි 115ක ADB ණයක්


    දිවයිනේ නොදියුණු සහ උතුරු පළාතේ කුඩා දූපත්වල වෙසෙන ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කරයි.

    මීට අදාළ ඇපකරු ගිවිසුම සහ ණය මුදලට හා අනෙකුත් අරමුදල් දෙක සඳහා වූ ගිවිසුම්වලට එළඹීම අද (20දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී මහත්මිය ද ඊට අත්සන් තැබූහ.


    - http://www.ada.lk/article/201361/විදුලි-සැපයුම්-වැඩි-දියුණුවට-ඩො-මි-115ක-ADB-ණයක්

    Supporting Electricity Supply Reliability Improvement

    The project will directly benefit the development of lagging areas. It will cover 106 rural electrification schemes and 2,372 kilometers (km) of low voltage line extensions. Innovative hybrid mini grids, consisting of wind solar and efficient diesel generation systems coupled with energy storage (lithium-ion batteries), will be implemented in the small isolated islands. As a result, the project will help to ensure inclusiveness and access to electricity by all the population. The project is expected to provide electricity to about 35,710 rural households, including the former conflict-affected Northern and Eastern provinces as well as Uva and North Central provinces where the current electrification level is lower than in other parts of the country. Improvement of the medium voltage network will enhance the quality and reliability of electricity supply to more than 493,000 consumers. The project is consistent with the interim country partnership strategy for Sri Lanka of the Asian Development Bank (ADB).

    - https://www.adb.org/projects/49216-002/main#project-overview
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    නෙදර්ලන්ත ආධාර යටතේ කළුතර ගල්අස්ස ප්‍රදේශයේ ඉදිකෙරන මාතෘ හා ළමා රෝහල ශ්‍රී ලංකාවෙි ඉදිවන දෙවන මාතෘ හා ළමා රෝහලයි. ඉදිකිරීමි කටයුතු ලබන වසරේ ආරමිභ කිරීමට නියමිතය.

    15541419_10154504558114130_5012515234388943249_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10154504559809130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    මධ්‍යම අධිවේගයේ කොටසක් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙයි


    20 Dec 2016

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදි කිරීම් වෙනුවෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් පිරිසක් සමග ගිවිසුමකට එළැඹුණු බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

    ඒ, අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන කොටසේ ඉදි කිරීම් ලබන ජනවාරි මාසයේ ආරම්භ කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    මධ්‍යම අධිවේගී මාර්ගයට අවශ්‍ය සියලු බිම් කොටස් මේවන විට රජයට පවරාගෙන ඇති බව වාර්තා වේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටස, මීරිගමින් ආරම්භ වී කුරුණෑගල දක්වා දිවෙන අතර, එය කිලෝ මී‍ටර 39.29 ක දිගකින් යුක්ත වේ. එම කොටසෙහි ඉටු කළ යුතුව ඇති වැඩ පරිමාව සැලකිල්ලට ගෙන එය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරකට (04) බෙදනු ලැබ ඇත.

    ඒ අනුව, එකී සිවිල් වැඩ පැකේජ 04ට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.


    - http://sinhala.asianmirror.lk/si-economy/item/27988-colombo-kandy
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    සහල් මිල ඔරොත්තු නොදෙන මට්ටමට ඉහළ යෑම නිසා අද (19දා) සිට බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ප්‍රධාන පෙළෛ් සහල් මෝල් හිමියන් සහ සහල් තොග වෙළෙඳුන්, සහල් තොග සඟවා ගෙන, සැලසුම් සහගතව මිල වැඩි කිරීම සිදු කරන බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් 'මව්බිම'ට පැවැසීය.
    රජය සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා බුද්ධි අංශ යොදවා සහල් සහ වී තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන් හා තොග වෙළෙඳුන්ගේ ගබඩා පරීක්ෂා කිරීමට වහාම පියවර ගන්නේ නම් පිටරටින් සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.
    මීට මාස කිහිපයකට ඉහතදී වී ගබඩා කිරීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිකම නිසා මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කළ බවත් එසේ සිදුකිරීමට හේතු වූයේ රට තුළ වී අතිරික්තයක් තිබුණු නිසා බවත් සඳහන් කළ හෙතෙම එසේ ගබඩා කළ වී තොගවලට සිදුවූයේ කුමක් දැයි ප්‍රශ්න කරයි. පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් වී තොග සහ සහල් තොග සඟවාගෙන සිටින බවට ජනතාව එල්ල කරන චෝදනා, ජනාධිපතිතුමාටත් එල්ලවන බව සඳහන් කළ අසේල සම්පත් මහතා එවැනි චෝදනා පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු කර සහල් මිල ඉහළ යෑමේ ප්‍රශ්නය විසඳීමට එතුමා මැදිහත් විය යුතුව ඇතැයිද සඳහන් කරයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    ඔස්ටේ‍්‍රලියානු අල්ලස් චෝදනාව ඔප්පු වුවහොත් ජනපති මෛත‍්‍රීට ධුරය අහිමියි.. ව්‍යවස්ථාව එයයි..

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරෙහිව ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලීසිය විසින් එල්ල කර ඇති අල්ලස් චෝදනා සනාථ වුවහොන් ජනාධිපති ධුරය අහෝසි වන බව ව්‍යවස්ථාවේ සදහන් යයි ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

    එබැවින් ජනාධිපති ධුරයේ සහ රටේ කීර්තිය වෙනුවෙන් මේ සම්බන්දයෙන් වූ පරීක්‍ෂණ පවත්විය යුතු යයිද ඔහු කියා සිටියේය.


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    සහල් හිගය ඇති වුනේ පී. හැරිසන් තීරණයෙන්.. ජනාධිපතිගේ සහෝදරයා සහල් ඒකාධිකාරියෙන්..

    වී අතිරික්තයක් ඇති බව පවසමින් ගිය වසරේ සහල් මෙටි්‍රක් ටොන් 60,000ක් නිපදවීමට හැකියාව තිබූ වී මෙටි්‍රක් ටොන් 90,000ක් සත්ව ආහාර සඳහා විකුණා දැමූ මේ අදූරදර්ශී ආණ්ඩුව අද සහල් මිල අහස උසට නංවා ජනතාවට තම ප්‍රධාන ආහාරය අහිමි කිරීමේ තත්වයක් උදාකර ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

    පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ චෝදනා කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

    “මේ වන විට රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත්පතටත් ‘අපමණ අගයක්’ ලැබී තිබෙනවා. ඒ අනුව සහල් මිල ඉතා ඉහළ ගොස් බත් පාර්සලයක මිලත් රුපියල් දහයකින් ඉහළ ගොස් තිබෙනවා. අද නාඩු සහල් කිලෝවක් රුපියල් 91 සිට 105 දක්වා අගයකටයි අලෙවි වෙන්නේ. ඒ විදිහට පාලන මිලකින් තොරව සහල් අලෙවි වන විට අද ජනතාවට ප්‍රධාන ආහාරය ලබා ගැනීම අර්බුදයක් බවට පත්වී තිබෙනවා.

    දැන් ආණ්ඩුව පෙන්වන්න හදන්නේ නියඟය නිසා සහල් මිල ඉහළ ගිය බවයි. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ 2015 ජනවාරි 08 වැනිදා සිටම ඔවුන් අනුගමනය කළේ වී නිෂ්පාදනය දුර්වල කිරීමේ උපායමාර්ගයක්. වී ගොවියා දිරිගන්වලා, ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීමේ ප්‍රතිපත්තියකයි පසුගිය ආණ්ඩුව සිටියේ. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ වී සහ බඩ ඉරිඟු අස්වැන්න අතින් අපි බොහෝ දුරට ස්වයංපෝෂිත තත්වයකට පත්ව සිටියා. පොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවට ලබා දුන් සහන නිසයි රාජපක්‍ෂ පාලනයට එවැනි තත්වයකට කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට හැකි වුණේ.

    ‘මේ ආණ්ඩුවට වී වගාව කරදරයක්’

    ‘ජනාධිපතිතුමා ගොවියකුගේ පුතෙක්’ කියලා මහ ඉහළින් කීවාට දුමින්ද දිසානායක, පී හැරිසන්, රවී කරුණානායක ඇතුළු මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ දෙස බැලුවාම පෙනෙන්නේ වී වගාව මේ ආණ්ඩුවට කරදරයක් වී ඇති බවයි. ඒ ‘කරදරයෙන්’ මිදීමට මේ ආණ්ඩුව පසුගිය වසර 02 තුළ විවිධ උපක්‍රම අනුගමනය කළා. එකක් තමයි එතෙක් ලබාදුන් පොහොර සහනාධාරය විශාල ලෙස කප්පාදු කිරීම. පොහොර වෙනුවට මුදල් ලබා දීමත් වී වගාව කඩා වැටීමට බලපෑවා. රුපියල් 350ක මුදලකට පොහොර මිටියක් ලබා දුන්නාම ඒ පොහොර මිටිය කුඹුරට වැටුණා. නමුත් මුදල් අතට දුන්නාම ‘පොහොර මිටියක් අරන් ඒක කුඹුරට දැම්මාද?’ කියන ප්‍රශ්නය මතු වුණා. ඒ නිසා මේ ආණ්ඩුව කළේ පොහොර සහනාධාරය ලබාදීමේ ක්‍රමවේදය දුර්වල කිරීම. එමගින් එතෙක් සරු අස්වැන්නක් ලබා ගැනීමට ගොවියා තුළ තිබූ පෙළඹවීම අඩු කළා.

    ‘ජල කළමනාකරණයේ ගැටළු’

    විදුලිය උත්පාදනයට මුවා වෙමින් මේ ආණ්ඩුව මේ වසර 02 පුරාම නිසි කළමනාකරණයකින් යුතුව වී ගොවියාට අවශ්‍ය ජලය ලබාදීම පැහැර හැරියා. ඒ නිසාම විශාල ගොවීන් ප්‍රමාණයක් වී වගාව අත්හැරීමට පෙළඹුණා. එයත් වී වගාව කඩාවැටීමට, අස්වැන්න අඩුවීමට බලපෑවා. ඒ වගේම මේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා කීවා ‘අපට ඒ අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා ගොවීන් කෙසෙල් වැනි බෝග වගාවන්ට පෙළඹිය යුතුයි’ කියලා. ඒ කතාව, වී ගොවියා අධෛර්යමත් කරලා ඔහු වී වගාවෙන් ඉවත් කරන්න කරපු බොරුවක් කියලා අද ඔප්පු වෙලා ඉවරයි. අද සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වෙලා. අපි අහනවා ‘කෘෂිකර්ම ඇමතිවරයා කියපු වී අතිරික්තය කොහෙද තිබෙන්නේ?’ කියලා. වී වලින් රට ස්වයංපෝෂිත වෙලා කියමින් වී ගොවියා ඉබාගාතේ ගෙන යාමයි මේ ආණ්ඩුව සිදු කළේ.

    ‘ආණ්ඩුව ගොවියාගෙන් ගත්තු වී ටිකත් දුන්නේ කාටද?‘

    මේ ආණ්ඩුව යටතේ වී ගොවියා අධෛර්යමත් වීමට බලපෑ අනෙක් හේතුව තමයි වීවලට සහතික මිලක් නොතිබීම. ‘වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් ලබා දෙනවා‘ කියලා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ ‘දින 100 ආණ්ඩුවේ වැඩ 100‘ අතර තිබුණා. නමුත් ප්‍රායෝගිකව පසුගිය වසර 02 තුළ වී කිලෝවට සහතික මිලක් ලැබුණේ නැහැ. වී මිලදී ගැනීම නිසි පරිදි ආණ්ඩුව විසින් සිදු කළේ නැහැ. වී ටික විකුණාගන්න ගොවියන්ට දින ගණන් පෝලිම්වල ලගින්න වුණා. ආණ්ඩුව කළ යුතුව තිබුණේ පෞද්ගලික අංශය සමඟ තරඟකාරීව වී මිලට ගැනීම. අඩුම තරමින් රටේ සමස්ත වී අස්වැන්නෙන් 5%ක් ඒ විදිහට මිලදී අරන් එය සහල් බවට පත් කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබා දුන්නා නම් අද මේ විදිහට සහල් මිල ඉහළ යන්නේ නැහැ. නමුත් ජනතාවගේ අවාසනාවට ආණ්ඩුව මිලදී ගත්තු වී ටිකත් දුන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට. අපි දන්නවා මේ රටේ සහල් ඒකාධිකාරිය තිබෙන්නේ ව්‍යාපාරිකයන් 05 දෙනෙකුට කියලා. ඉන් එක් අයෙක් ජනාධිපතිවරයාගේ සහෝදරයා. ඒ නිසා අද මේ රට මේ ව්‍යාපාරිකයන් 05 දෙනාගේ සහල් ඒකාධිකාරියට සම්පූර්ණයෙන්ම යට වෙලා ඉවරයි.

    ‘සත්ව ආහාර සහ පී හැරිසන්’

    මේ ආකාරයට සහල් මිල ඉහළ යාම සඳහා පී හැරිසන් ඇමතිවරයා ගත්තු එක්තරා අදූරදර්ශී තීරණයක් ද බලපෑවා. මේ ඇමතිවරයා ‘වී අතිරික්තයක් තිබෙනවා.‘ කියා වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 02ක් සත්ව ආහාර සඳහා විකුණා දැමීමට තීරණය කළා. නමුත් මේ ජාතික අපරාධයට එරෙහිව ජනතාව එදා නැගී සිටියා. ඒ නිසා පී හැරිසන් ඇමතිවරයාට විකුණා ගැනීමට හැකි වුණේ වී මෙට්‍රික් ටොන් 90,000ක් පමණයි. වී මෙට්‍රික් ටොන් 90,000ක් කියන්නේ ආසන්න වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 60,000ක්. ඒ අනුව පී හැරිසන් ඇමතිවරයා සත්ව ආහාර සඳහා දුන්නේ සහල් මෙට්‍රික් ටොන් 60,000ක් නිපදවන්න පුළුවන් වී තොගයක්. දැන් මේ අදූරදර්ශී ආණ්ඩුව පිටරටින් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගෙන එන්න හදනවා. නියඟය පිටින් දාලා සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කරන්න හැදුවාට මෙතැන තිබෙන්නේ ආණ්ඩුවේ කළමනාකරණයේ දුර්වලතාවක්.

    ඒ විතරක් නෙවෙයි, මේ අදූරදර්ශී ආණ්ඩුව ප්‍රීමා සමාගමට පසුගිය කාලයේ රුපියල් මිලියන 13,000ක පාන්පිටි සහනාධාරයක් දුන්නා. මේ මුදල මේ රටේ සමෘද්ධිලාභීන්ට වාර්ෂිකව වෙන් කරන මුදලට සමානයි. ඒ විදිහට පාන්පිටි සහනාධාරයක් ලබා දීම නිසා කුමක්ද සිදු වුණේ? 2014 වර්ෂයේ මෙට්‍රික් ටොන් හත්ලක්ෂ පනස්දහසක් වුණු පාන්පිටි පරිභෝජනය 2016 දී මෙට්‍රික් ටොන් දාහතරලක්ෂය දක්වා ඉහළ යාම. මහින්ද රාජපක්ෂ පාලනය 2013 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝ 110 සිට 130 දක්වා ඉහළ නැංවූවා. ඒ අනුව පාන්පිටි පරිභෝජනය අඩු වූවා. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා බෝ නොවන රෝග ගැන කතා කරනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි පාන්පිටි පරිභෝජනය. මේ ආණ්ඩුවටත් ඒක පුද්ගල සහල් පරිභෝජනය ඉහළ නැංවීමට උවමනාවක් තිබුණා නම් කළ යුතුව තිබුණේ කුමක්ද? පාන්පිටි සහනාධාරය ලෙස බහුජාතික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 13,000ක මුදල කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන පොලියට ලබා දීලා, ඔවුන්ට මහා පරිමාණ මෝල් හිමියන් සමඟ තරඟකාරී මිලකට වෙළඳපොළට සහල් සැපයීමට ඉඩකඩ හදලා දීම. ජනතාවගේ අවාසනාවට ඒක කළේ නැහැ. මේ ආණ්ඩුව සහල්වලට දෙන්න ඕනෙ ඉඩ පාන්පිටිවලට දුන්නා. ඒ නිසා අද පාන්පිටි පරිභෝජනය වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම සහල් පරිභෝජනය අර්බුදයකට ලක්වෙලා පමණක් නොවෙයි සහල් නිෂ්පාදනය මහා පරිමාණ මෝල්හිමියන්ගේ ඒකාධිකාරියකට යටවෙලා තිබෙනවා.

    අපි දැක්කා, ඊයේ පී හැරිසන් ඇමතිවරයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ‘සහල් මෙට්‍රික් ටොන් දසලක්ෂයක් රට තුළ තිබෙනවා‘ කියලා. එහෙමනම් ඒ සහල් ප්‍රමාණය තිබෙන්නේ කා ළඟද? ඒක රටට කියන්න. ආණ්ඩුවක් තිබෙන්නේ, අර්බුදයක් ආවාම මාධ්‍ය හමුවක් තියලා ඒ ගැන ජනතාවට කියන්න නොවෙයි. ආණ්ඩුව ඒ අර්බුදය කලින් දැකලා ඊට පිළියම් යෙදිය යුතුයි. මේ ආණ්ඩුව ‘ජනතාවගේ බත් පතට කෙළවන ආණ්ඩුවක්‘ බවට පත් වී තිබෙන්නේ කෘෂිකර්මාන්තය, වී වගාව ගැන ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් නොතිබූ නිසයි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා, ‘ජනතාවගේ ප්‍රධාන ආහාර වේල සමඟ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා!‘ කියලා. 2015 තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2016 දී මේ රටේ වී නිෂ්පාදනය 17.9%කින් පහත වැටී තිබෙනවා. මේ තත්වයට කෘෂිකර්ම ඇමතිවරයා සහ ආණ්ඩුව වගකිව යුතුයි. සහල් මෙටි්‍රක් ටොන් 10,000ක් අනයනය කරලා ආණ්ඩුවට තම වගකීමෙන් මිදෙන්න බැහැ. අපි යළිත් මේ රට සහලින් ස්වයංපෝෂිත කළ යුතුව තිබෙනවා”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්,
    ජාතික නිදහස් පෙරමුණ