සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113


    දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය කිරීම

    - දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියෙහි අදියර හතරෙහිම (04) ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේ අගභාගයේ සිට ආරම්භ කර ඇති අතර, එම ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය සඳහා ‍රෙන්මින්බි යුවාන් මිලියන 577ක ණය මුදලක් ලබාගැනීම සඳහා චීන රජය සමඟ කාර්යරාමු ගිවිසුමකට එළඹීමටත්, චීන රජයේ සහනදායී ණය පහසුකම් යටතේ එම ණය මුදල ලබාගැනීම පිණිස චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank of China) සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීම

    - 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කෙරෙන, පහත සඳහන් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හතරට (04) අදාළ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * මනම්පිටිය - අරලගංවිල - මාදුරුඔය මාර්ගය වැඩිදියුණු කිරීම
    (කි.මී. 3.0 සිට කි.මී. 33.0 දක්වා)

    * දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල මාර්ගය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම
    (කි.මී. 0 සිට කි.මී. 21.10 දක්වා)

    * මින්නේරිය - ගල්ඔය මාර්ගය වැඩිදියුණු කිරීම
    (කි.මී. 0 සිට කි.මී. 14.54 දක්වා)

    * ඇළහැර - ගිරිතලේ මාර්ගය වැඩිදියුණු කිරීම
    (කි.මී. 0 සිට කි.මී. 29.0 දක්වා)

    සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල උද්‍යානයක් ඉදි කිරීම

    - වර්තමානය වන විට පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම ‍කෙරෙහි සුවිශේෂ අවධානයක් ලොව පුරා යොමු වෙමින් පවතියි. මෙහිදී සූර්ය බලශක්තිය කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් හිමි වී තිබේ. මෙගාවොට් 11.3ක පමණ සූර්ය විදුලි බලාගාර දැනට ශ්‍රී ලංකාවේ මධ්‍යම විදුලි ජාලයට සම්බන්ධ කරනු ලැබ තිබෙන අතර, ශුද්ධ මනුකරණ ක්‍රමවේදය (Net Metering) යටතේ මොගාවොට් 30කට ආසන්න විදුලි ජනනයක් සිදු වේ. ශ්‍රී ලංකාවේ සූර්ය බල විදුලි ජනනය තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් මේ වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, මොගාවොට් 100 බැගින් වන සූර්ය බල උද්‍යාන (Solar Parks) 03ක් අලුතින් ඇති කිරීමට ද සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මොනරාගල, සියඹලාන්ඩුව ප්‍රදේශයේ මොගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බල උද්‍යානයක් ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම

    - කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් අධ්‍යයනයක් දැනටමත් සිදු කරනු ලැබ තිබේ. චීන ඉදි කිරීම් සමාගමක් වන මෙහි ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති තාක්ෂණික යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආශ්‍රිත විනෝදාස්වාදය සඳහා පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

    - අනුරාධපුරය මූලික යටිතල පහසුකම් හා පොදු පහසුකම්වලින් සමන්විත නගරයක් වුවද විවේකීව කාලය ගත කිරීම සඳහා වෙන් වූ ස්ථාන එහි ප්‍රමාණවත් තරම් නොමැත. එබැවින්, අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව පිළිසකර කර, ඒ ආශ්‍රිත ප්‍රදේශය විනෝදාස්වාදය සඳහා පහසුකම් ඇති ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු වෙනුවෙන් අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ල ඉදි කිරීම

    - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    - කොළඹ ප්‍රදේශයෙන් බැහැර පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල රඳවා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම සපයා දීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, රජරට, රුහුණ, වයඹ, සබරගමුව, නැ‍ඟෙනහිර හා යාපනය යන විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, විවෘත විශ්වවිද්‍යාලයේ යාපනය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි ගොඩනැඟිලි සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට යථා තත්ත්වයට පත් කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම

    - ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. මෙම විදේශ විනිමය යම් ප්‍රමා‍ණයකට ඉතිරි කරගැනීමටත්, රටේ සියලුම රෝහල්වලට අවශ්‍ය අන්තඃශෛරික ඖෂධ නිෂ්පාදන නැවුම්ව හා උසස් තත්ත්වයෙන් ඉතා කෙටි කලක් තුළ හා අඛණ්ඩව සැපයීමටත් හැකි වන පරිදි අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් මෙරට පිහිටුවීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම නිෂ්පාදනාගාරය පිහිටුවීමේ ව්‍යාපෘතිය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක ආවරණ වන භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය

    - ශ්‍රී ලංකාවේ භූගත ජල පරිහරණය නිසි කළමනාකරණයකට ලක් කිරීම ඉතා වැදගත් වන අතර, ඒ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරු ඔය හා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය යන ගංගා ද්‍රෝණි ප්‍රදේශ ආවරණ කරමින් භූගත ජල විමසංන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ඉදි කිරීම - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

    - මධ්‍යම කඳුකර ලෝක උරුම වන භූමියට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ අංග සම්පූර්ණ තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු 2014 වසරේදී ආරම්භ කර ඇති නමුත්, ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් එහි ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමනු ලැබ තිබේ. '2016 - 2018 පුනරුදය' වැඩසටහන යටතේ ලැබීමට නියමිත රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් එම තොරතුරු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 20.12.2016

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2016-12-20
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    KDH me thread eka balanna ena eun enne developments gana news balanna enna. Nathuwa uba dana magul balanna nemei. Owa daganinko ponna andu news kiyala aluth thread ekak hadagana dapanko ethakota ewa balana un e thread ekata ei.
    Anduwa ponna and karana wada bagayakma ponna wada bawa aththa. Eth me thread eka balanna ena un enne aluth development project gana news balanna misak anik reddawal balanna nemeine
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    KDH me thread eka balanna ena eun enne developments gana news balanna enna. Nathuwa uba dana magul balanna nemei. Owa daganinko ponna andu news kiyala aluth thread ekak hadagana dapanko ethakota ewa balana un e thread ekata ei.
    Anduwa ponna and karana wada bagayakma ponna wada bawa aththa. Eth me thread eka balanna ena un enne aluth development project gana news balanna misak anik reddawal balanna nemeine



    ත්‍රෙඩ් දෙකකට යන්න ඕනේ නෑනේ මෙහෙම දැම්මම. එක ත්‍රෙඩ් එකකින් හැමෝටම බලාගන්න පුළුවනි. සංවර්ධනේ කෙසේ වෙතත් මිනිස්සු නම් හැමදාම පාරේ උද්ගෝෂණ , වැඩවර්ජන... මිනිස්සුන්ට සාධාරණ විදියට ඉඩකඩම් වලට වන්දී ගෙවන්නේ නැතුව මොන හයිවේද යකෝ?

    නුවර හයිවේ හදනකොට කැපෙන පොල් ගහකට රු 250.00 ලු ගෙවන්නේ. යකෝ අද පොල් ගෙඩියක් කීයද? මිනිස්සු ඉඩම් දෙයි.බලන් හිටු.

    රටේ සම්පත් පිටරට වලට විකුණන එවුන් සංවර්ධනේ ගැන කතාව. නැවු එන්නේ නැති වරායේ උද්ගොෂකයන් බලෙන් තියන් හිටපු නැවු නිදහස් කරන්න ලු නෙවි එක ආවේ. නැවු එන්නේ නැති වරායේ කොහෙද යකෝ නැවු ?

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: rehan1986

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ


    ත්‍රෙඩ් දෙකකට යන්න ඕනේ නෑනේ මෙහෙම දැම්මම. එක ත්‍රෙඩ් එකකින් හැමෝටම බලාගන්න පුළුවනි. සංවර්ධනේ කෙසේ වෙතත් මිනිස්සු නම් හැමදාම පාරේ උද්ගෝෂණ , වැඩවර්ජන... මිනිස්සුන්ට සාධාරණ විදියට ඉඩකඩම් වලට වන්දී ගෙවන්නේ නැතුව මොන හයිවේද යකෝ?

    නුවර හයිවේ හදනකොට කැපෙන පොල් ගහකට රු 250.00 ලු ගෙවන්නේ. යකෝ අද පොල් ගෙඩියක් කීයද? මිනිස්සු ඉඩම් දෙයි.බලන් හිටු.

    රටේ සම්පත් පිටරට වලට විකුණන එවුන් සංවර්ධනේ ගැන කතාව. නැවු එන්නේ නැති වරායේ උද්ගොෂකයන් බලෙන් තියන් හිටපු නැවු නිදහස් කරන්න ලු නෙවි එක ආවේ. නැවු එන්නේ නැති වරායේ කොහෙද යකෝ නැවු ?

    :lol::lol::lol::lol:

    Ow ow man dnnawa anduwe ponna wada wadiyi kiyala hoda wada walata wada. Eth me thread ekata ena un enne development project gana news balanna witharai. Ekane ekata mu wenama thread ekak dala thiyanne. Naththan elakiri website ekatama eka thread ekak dammanam athine uba kiyana widihata hama reddama eka thana balanna puluwan nisa. Uba oya tika aluth thread ekaka udate karapan godak un balannao baninnai ei me thread eke owa dennepa owa balanna nemei mekata enne
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    15203176_1682123325451171_9152668788500532425_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    හම්බන්තොට වරාය ගැන තීරණාත්මක සාකච්ඡාවක් චීනය ඉල්ලයි.. අත්තිකාරම් ගෙවු කොන්දේසිවලින් කිසිවක් අඩු කිරීමට චීනය එකඟ නෑ..


    හම්බන්තොට වරාය සීයයට 80% චීනයය පැවරීම හා එහි කොටස් සීයයට 20% වරාය අධිකාරියටත් සතුවන සේ ඩොලර් බිලියන 1.2 කට මූලිකව වසර 99කට හා පසුව තවත් වසර 99කට චීන සමාගමට පැවරිමට ගිවිසගත් ගිවිසුමට අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම මේ වනවිට ඇ ඩොලර් මිලියන 5 ක අත්තිකාරම් මුදලක් ද ගිවිසුම අත්සන් කල දිනයේදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ගෙවන ලදි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරි සමග පැවත්වීමට යෝජිත හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ගිවිසගත් ගිවිසුම සම්බන්ධයෙන් රජයේ නිතීපති තුමාගේ මතය වී ඇත්තේ අධිකාරිය සතු දේපල හෝ පරමාර්ථයන් මෙවෙනි විකිණීමකට හෝ හවුල් ව්‍යාපාරයකට පැවරීමකට ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1979 අංක 51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත සංශෝධනය කිරීමකින් තොරව සිදු කිරීමට නොහැකි බවයි.

    එහෙත් ඉහත ගිවිසුමට එම චීන සමාගම සමඟ ශ්‍රීලංකාව වෙනුවෙන් මේ වනවිටත් අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන ලේකම්වරුන් ය.

    2017 වසරේ ජනවාරි 8 වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදි ඉතිරි මුදල් ගෙවීමෙන් පසු සම්පූර්ණ හම්බන්තොට වරාය පරිශ්‍රය ඇතුළු එහි මෙහෙයුම්, පරිපාලන,සහ මූල්‍ය කටයුතු ඒ අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් කොම්පෙනි වෙත පවරනු ලබයි. ඒ අනුව වරායේ සම්පූර්ණ අයිතිය 80% ක් චීන සමාගමට වසර 99 පසුව තවත් වසර 99කට හිමිවේ.

    අත්සන් කරන ලද ගිවිසුම අනුව ශ්‍රීලංකාවට හිමිකම් ලැබෙන්නේ අධ්‍යක්ෂවරුන් සභාපති ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා උප සභාපති තනතුරු 7 න් එක සමාන්‍ය අධ්‍යක්ෂ ධූරයක් පමණක් වන අතර ඉතිරි ප්‍රධාන තනතුර 6 සඳහාම පත්වන්නේ චීන සමාගමේ නියෝජිතයන් ය.

    එම එක තනතුර සඳහා ලංකා ආණ්ඩුවෙන් ලබාදීමට නියමිත සහන අතර වසර 15 ක් යනතුරු වරායේ සියලුම ආදායම චීන සමාගමට මෙන්ම එම සීයලු ආදායම ශ්‍රීලංකා ආණ්ඩුව විසින් පනවන ලබන සියලු බදු වලින් නිදහස් වේ. ඒ සමගම දැනට කොළඹ වරාය මගින් හම්බන්තොට වරාය වෙත පවරා ඇති සියලු වෙළෙඳ කටයුතු එනම් දිවයිනට ගෙන්වන මෝටර් රථ ඇතුළු සියලු ප්‍රති නැව් ගතකරන භාණ්ඩ ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යෑමට නිතීමය බලය ලබාදීම මෙන්ම දැනට වරාය අධිකාරියේ කිසිම සේවකයකු එම වරාය තුල සේවයේ නොයෙදවීම මෙන්ම වරායේ අභ්‍යන්තර ආරක්ෂාවත් ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු නව හවුල් සමාගමට පැවරිමට්යි.

    එහෙත් රටේ උද්ගතව ඇති විරෝධය සම්බන්ධයෙන් ඉතා ඕනෑකමින් චීන තනාපති කාර්යාලය ඇතුළු නිලධාරින් නිරීක්ෂණය කරමින් සිටින අතර බොහෝ දුරට මුලින් එකඟ වූ කොන්දේසි සංශෝධනය කරන්නේ නම් එම හවුල් ව්‍යාපාරය ආරම්භ කිරිම පමා කිරිමටත් ඉතිරි මුදලවු ඇ. ඩොලර් මිලියන 1195 ලබාදිම පමාකිරිමට චීන සමාගම පියවර ගනු ඇතැයි පවසන අභ්‍යන්තර ආරංචි මාර්ග මේ සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු කමිටුව වෙත දැනුම් දී ඇත.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..


    එජාප ඇමතිවරයෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැුස්වීමකදී උණුසුම් කතාබහක් ඇතිව තිබේ.

    ‘කනව නම් එකතු වෙලා කමු. ඔයගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බෑ’ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ක‍්‍රියාකාරකම් ඇමති දුමින්ද දිසානායක එහිදී පවසා ඇත.

    ඔහු මෙසේ පවසා ඇත්තේ කොළඹ වරාය සම්බන්ධයෙන් වූ ගැටලුවක් සාකච්චා කරමින් සිටි අවස්ථාවකයි.

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113

    කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..


    එජාප ඇමතිවරයෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැුස්වීමකදී උණුසුම් කතාබහක් ඇතිව තිබේ.

    ‘කනව නම් එකතු වෙලා කමු. ඔයගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බෑ’ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ක‍්‍රියාකාරකම් ඇමති දුමින්ද දිසානායක එහිදී පවසා ඇත.

    ඔහු මෙසේ පවසා ඇත්තේ කොළඹ වරාය සම්බන්ධයෙන් වූ ගැටලුවක් සාකච්චා කරමින් සිටි අවස්ථාවකයි.

    bump
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Meka aththa. MRT thiya LRT ekaka geniyanna tharamwath senaga naha kiyala kiyanne.

    අඩුම ගානේ බක්කි කරත්තයක් හරි දාන්න එපැයි සෙනග ඉන්නවද කියලා බලන්න.
    මිනිස්සුන්ගේ ඔලු ගැනලා වැඩක් නැහැ MRT දැම්ම තමා රටට සෙනග එන්නේ.
    සිංගප්පුරුව MRT දාන්න කලින් ඔලු ගෙඩි ගාන ගැනල බැලුවේ නැහැ.
    මුලින්ම MRT දැම්මා .මුලින් පාඩු උනත් අද වෙනකොට ලාබ ලබනවා .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Mata ithin ubata transportation engineering lecture ekakma kiyanna puluwan eth basic engineering nodana therum ganna baha. 10 million kiwwe colombo walata. Singapore arehe mehe 10 million nathi unata unge pupulation per unit area wadiyi colombo wage 10 gunayak wath athi.
    anika megapolis master plan eke transportation kotasa consult kale moratuwa uni eke senior profesors la ekka. Ithin MRT danna onenam eka melahakata dala iwarai plan eke elakiri eke professors kiyanakan inne na:lol::lol:

    අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
    ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ
    .:lol::lol::lol::lol:


    MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.
    පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .
    ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.
    LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
    අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .
    LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්
    ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.
    MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.
    LRT එකෙන් එක කරන්න බැහැ
    ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.
    තවත් එක සුදු අලියෙක් විතරයි ........
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ලංකාවේ විශාලම සූර්ය බලාගාරය හම්බන්තොට‍ට

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට මයුරපුර, බුරුතන්කන්ද ප්‍රදේශයේදීඅද (21දා) පෙරවරුවේ විවෘත විය. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය විවෘත කෙරිණි.

    LOLC ව්‍යාපාර සමූහයට අයත් සාගා සෝලා පවර් පෞද්ගලික සමාගම විසින් මෙය ඉදිකර ලංකා විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරුණු අතර, ඉන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10 ක ප්‍රමාණයක් එක්වෙයි. අක්කර 50 ක භූමි භාගයක මෙම ව්‍යාපෘතිය ඉදිකර තිබේ.

    මෙවැනි සූර්යබල ශක්ති ව්‍යාපෘතියක් මොනරාගලදී ආරම්භ කරන බවත්, සූර්ය බල ශක්තියෙන් මෙගාවොට් 100ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී කියා සිටියේය.


    03-3.jpg


    04-3.jpg


    04-4.jpg


    - http://www.ada.lk/article/201648/ලංකාවේ-විශාලම-සූර්ය-බලාගාරය-හම්බන්තොට‍ට

    Development of 10MW Solar Power Project

    We have collaborated with SagaSolar Power (Pvt) Ltd., funded by Fabar Capital & Solon International Germany to develop 1st ever commercial Solar Power Plant in Sri Lanka. Project initiation work was commenced in 2010 and now all the relevant approvals have been obtained and the Power Purchasing Agreement with CEB was signed in May 2014. The total project cost will be around 18 million USD and it is expected to complete the project before 31st March 2015.

    Client : SAGASOLAR Power (Pvt) Ltd.
    Capacity : - 10MW
    Location : - Buruthakanda, Hambantota
    Investment : - 18 Million USD
    Energy Generation : - 16.5 GWh
    Fund by : - Iternational Finance Corporation (IFC) World Bank
    project Duration : 5 Years
    Project Value : 15 Milion

    - http://www.isl.lk/Projects/Completed/Comp_Prj_PowerManagement.html

    Construction pics:
    http://www.isl.lk/Projects/Completed/solar_power_gallery.html
     
    Last edited: