සංවර්ධන News

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pg08_4.jpg


    - dinamina.lk/2017/01/04

    කවුද යකෝ මේක එඩිට් කරපු එකා
    වැගන් එක යන්නේ ගස් උඩින්

    :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,478
    113
    රූකඩ රාජ්ජේ

    පළාත් පාලන ඡන්දයට කලින් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉවරයි.. – බස්නාහිර මහ ඇමති

    එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන හවුල් ආණ්ඩුව ඉදිරි පළාත් පාලන මැතිවරණය තරම්වත් කාලයක් නොපවතිනු ඇති බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,478
    113
    රූකඩ රාජ්ජේ

    අක්කර 15,000ක් චීනයට පවරමින් ජනපති දෙවර්ෂ පූර්ණය සමරයි..

    ජනතාවට එදා වේල කන්නත් නැති ආර්ථිකයක් වසර දෙකක දී උරුම කර දුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රටම වෙන්දේසියේ දමන වෙන්දේසිකරුවන් බවට පත් ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    ජාතික සම්පත් විකුණා හෝ එදා වේල සරි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව පැවසූ රණතුංග මහතා රට විකිණීමේ පාපකර්මයට ශ්‍රී ලංකා ඇමැතිවරුන් කර ගැස්වීමේ වගකීමෙන් මිදෙන්නට ජනාධිපතිවරයාට පුළුවන්කමක් නොමැති බවත් කීවේය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැතී පැවැති හමුවකට එක්වෙමිනි.

    ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

    සැබෑ ජනමතය කුමක්දැයි දන්නා හවුල් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම කල්දාන්න නොයෙකුත් දහංගැට ගහනවා. අවුරුදු දෙකක් තිස්සේ සීමා නිර්ණ වාර්තාවක් අල්ලගෙන ඡන්දෙ කල් දානවා. හැබැයි ආණ්ඩුවේ ලොක්කෝ කට ඇරියොත් කතා කරන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ඒ වුණත් කතා කරන අයටත් නොදැනිම රෙද්ද පල්ලෙන් ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන හැටි ජනතාවට පේනවා.

    පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා දැන් ඉන්නේ ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගේ. එහෙන් ඡන්දෙ කල් දාන්න කියලා ආණ්ඩුවේ ලොක්කෝ බලපෑම් කරන කොට මෙහෙන් ඡන්දෙ තියන්න කියලා රටම ඉල්ලා හිටිනවා. රට ගිහිල්ලවත් බේරෙන්න බැලුවත් හරි ගියේ නැහැ. ඒ හින්දා තමයි එතුමට දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොටත් කේන්ති යන්නේ.

    ඡන්ද විමසීම කල් දාන්න කටයුතු කරමින් ඉන්නේ තමන් දැනුවත්වද කියන එක ජනාධිපතිවරයා රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ලොක්කො රකින්න ගිහින් දංගෙඩියට බෙල්ල තියන්න වෙලා තියෙන්නේ අසරණ මුස්තාෆාට. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට සහාය දෙන්න ගිහින් දේශපාලන වශයෙන් සිය දිවි නසා ගන්න එපා කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වරාය නගරය ඉදිකරන විට රටේ ඉඩම් චීනයට දෙනවෝ කියලා කෑගහපු එක්සත් ජාතික පක්ෂය අද රටම වෙන්දේසි කරන්න යනවා. මහින්ද රාජපක්ෂ රජය වරාය නගරය ඉදි කරන්න ගියේ සැලැස්මක් ඇතුවයි. කිසිම සැලැස්මක් නැති මේ හවුල් ආණ්ඩුව හදන්නේ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට විකුණලා තමන්ගේ සාක්කු පුරව ගන්නයි.

    යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන විට කියපු සුරංගනා කථා අද හුළගේ ගිහින්. ආදායමේ වර්ධනයක් නැතුව ජීවන වියදම විතරක් වැඩි වෙන හින්දා ජනතාවට සිදු වෙලා තියෙන්නේ ගෙදර බඩු විකුණලා ජීවත් වෙන්නයි. හොරකම, නාස්තිය, දූෂණය අස්සේ වියදම වැඩි වෙලා තියෙන ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙත් රටේ සම්පත් ටික විකුණලා සල්ලි හොයා ගන්නයි.

    හම්බන්තොට පමණක් නොවෙයි රටේ තවත් සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලය, කොළඹ වරායනුත් ජනාධිපතිවරණයේ දී මුදල් වියදම් කරපු රටවල්වලට වෙන්දේසියේ පිරිනමන්න දැන් සූදානම් කරලා ඉවරයි. මුදල් ඇමැතිවරයා හීනෙන් දකින්නෙත් රට විකුණන හැටි හා ඒවායෙන් ලැබෙන කොමිස් ‍කුට්ටි ගැනයි. 2020 වෙනකම් මේ අය හිටියොත් ආයෙත් ආණ්ඩුවකට භාර ගන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ.

    ජනතාව එදා වේල හොයා ගන්න ක්‍රමයක් නැතුව ඉන්න විට ආණ්ඩුව කල්පනා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවට දුන්න පොරොන්දු ඉ‍ටු කරන්න ආණ්ඩුව බැඳිලා ඉන්න බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු කරන්න ඉස්සර මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ඩයස්පෝරාවට ඕනෑ ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා රට බෙදන්න මේ අයට ඉඩ දෙන්න බැහැ. රට බෙදන ව්‍යවස්ථාව ගේනවා කියන්නේ මේ ආණ්ඩුවේ මීනි පෙට්ටියට ගහන අන්තිම ඇණයයි. 2015 පෙබරවාරියේ මහ බැංකු හොරකම තමයි මේ මිනී පෙට්ටියට ගහපු පළමු ඇණය. එදා පටන් ඇණ ගහලා ගහලා දැන් අන්තිමට ගහන්න තියෙන්නේ ව්‍යවස්ථා ඇණය විතරයි.

    ඊට පස්සේ අපි මේ මිනී පෙට්ටියට ආගමික වතාවත් කරලා වළ දාලා ජනතාවාදී ආණ්ඩුවකට රට භාර දෙනවා. ඩයස්පෝරාවේ බලපෑම උඩ මේ ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව ගේන එක වගේම ඒ ‍ව්‍යවස්ථාව ගෙනාපු ගමන් ආණ්ඩුව ගෙදර යවන එකත් ඉර හඳ වගේ විශ්වාසයි. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ 2017 දී මේ ආණ්ඩුව ගෙදර යවනවා කියලා.

    එතුමා කිව්ව ප්‍රකාශයේ එල්ලිලා ඉන්නේ නැතුව පුළුවන් නම් ව්‍යවස්ථාව ගෙනත් පෙන්වන්න කියලා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා. අපට ආණ්ඩු පෙරළන්න අගමැති රට යනකම් බලන් ඉන්න ඕනේ නැහැ. හැබැයි කොහොමත් අපි ආණ්ඩු පෙරළන දවස වෙනකොට රට විනාශ කරන මේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කාටවත් රටේවත් ඉන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ.

    දැන් ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරයාගේ දෙවැනි වර්ෂ පූර්ණය සමරන්න යනවා. මේ ආණ්ඩුව වර්ෂ පූර්ණය සමරන්න යන්නේ හම්බන්තොට අක්කර 15,000ක් චීනයට විකුණලා දාලා. මං හිතන්නේ රටේ සම්පත් විකුණලා, බලයට පත්වීම සමරන ලෝකයේ එකම ආණ්ඩුව මේක වෙන්න ඇති. අක්කර 15,000ක පාරම්පරික උරුමකරුවන් මහමඟට ඇදලා දාලා සමරන සංවත්සරය මේ ආණ්ඩුවේ අවසාන සංවත්සරයයි.

    – ප‍්‍රදීප් අනුර කුමාර
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,478
    113
    රූකඩ රාජ්ජේ

    රවි මුදල් ඇමති ධුරයෙන් ඉවත් කලොත් කාර් ෆැක්ටරි දහයක් දැම්මා වගේ..

    මුදල් ඇමති රවි කරුණානායක මහතා එම ධුරයෙන් ඉවත් කලහොත් එය මෝටර් රථ කර්මාන්තශාලා දහයක් ආරම්භ කිරීමට කටයුතු කළාසේ සළකන බව පාරිබෝගික ආයිතීන් සරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

    මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,478
    113
    රූකඩ රාජ්ජේ

    මුදල් ඇමතිගේ මහ බොරුවක් මහ බැංකු අධිපති හෙලි කරයි..

    2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට දෙදිනකට පෙර රුපියල් කෝටි 1,300ක මුදලක් 5000 නෝට්ටුවලින් මහ බැංකුවෙන් පිට කර ඇත්තේ යයි මුදල් අැමති රවී කරුණානායක විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදහස් පල කලේය.

    ඔහු කියා සිටියේ එතරම් මුදලක් මහ බැංකුවෙන් අඩු වී නැති බවයි.

    මහ බැංකුව විසින් මෙතෙක් කරන ලද පරීක්‍සණවලින් එතරම් මුදල් අඩුවීමක් වාර්තා වී නැති බවද කී ඔහු තව දුරටත් මේ පිලිබදව පරීක්ෂණ පවත්වන බවද කීය.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘති අංක 2

    - ‍ආසියානු සංවර්ධන බැංකුව සහ සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනය (Agence Francaise de Developpement) මඟින් සලසනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි ව්‍යාපෘති අංක 2 යටතේ ඝන මීටර 15,000ක ධාරිතාව සහිත ගොතටුව භූගත ජලාශය, ගොතටුව ජල පොම්පාගාරය හා බූස්ටර් පොම්පාගාරය ඉදි කිරීම සහ ජලය සම්ප්‍රේෂණය කිරීම සඳහා මිලිමීටර 1,200 DI නළ සපයා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදි කිරීම

    - මොනරාගල දිස්ත්‍රික්කයේ, සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එමඟින් සියඹලාන්ඩුව හා මුතුකණ්ඩිය ප්‍රදේශවල නිවාස 8,450 කට පමණ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාව තුළ එළවළු හා පලතුරු සඳහා අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන (Value Addition Centers)ඉදි කිරීම

    - විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් විදේශ රටවල තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි එළවළු හා පලතුරු අපනයනය කිරීමට දේශීය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, එළවළු සහ පලතුරු සකස් කිරීමේ, ඇසුරුම් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සහිත, ඒවායේ එකතු කළ අගය ඉහළ නැංවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථාන 03ක්, රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව යටතේ ගොවිපළ ආශ්‍රිතව ආරම්භ කිරීම පිණිස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම
    - සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන උදෙසා සිදු කෙරෙන ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින්, දැනට රේඛීය අමාත්‍යාංශ 21ක් මඟින් පරිපාලනය කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතුද, ගණනින් 80ක් පමණ වන විවිධ පර්යේෂණ ආයතන හා පර්යේෂණ මධ්‍යස්ථාන නිසි පරිදි සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා 'ජාතික විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ අධික‍ාරියක් (NASTICA)' පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    - රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදී උපාධිය හදාරනු ලබන සිසුන් 1,600 ක් පමණ වන අතර, මෙම පාඨමාලා සඳහා ‍යොමු වන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. තවද, මෙම සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹින් දුර බැහැර පදිංචි ශිෂ්‍යයෝ වෙති. මෙම සිසුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් තරම් නේවාසිකාගාර විශ්වවිද්‍යාලය සතු නොවන අතර, එහි දැනට පවතින ආපනශාලාවේද ඉඩකඩ ඉතා සීමිත වේ. ඒ අනුව, සිසුන් 600ක් සඳහා පහසුකම් සහිතව නව නේවාසිකාගාරයක්, එකවර 300කට පහසුකම් සැලසිය හැකි ආපණ ශාලාවක් සහ වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩහලක් රුපියල් මිලියන 927.34ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Cabinet decisions 2017-01-03
    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-01-03
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    හෝමාගම නව අධිකරණ සංකීර්ණය අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන්.

    රුපියල් මිලියන 475 ක් වැය කරමින් ඉදිකළ අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විතයි.

    නව අධිකරණ සංකීර්ණයට විනිසුරු නිල මැදිරියක්, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර, පවුල් උපදේශන කාර්යාල, නීති ආධාර කාර්යාල, කම්කරු විනිශ්චය සභා කාර්යාල, ප‍්‍රජා විශෝධන කාර්යාල හා පරිවාස කාර්යාල ඇතුළත්.

    15871680_1833913023489895_8278098506952966907_n-696x928.jpg

    court-696x928.jpg

    15823056_1833913070156557_1542586203653744640_n-696x928.jpg


    - http://nethnews.lk/article/33646
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ශ්‍රී ලංකා - චීන කර්මාන්ත කළාපය විවෘත කිරීම 7දා

    ශ්‍රී ලංකා රජය හා චීන රජය එක්ව හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම එළැඹෙන 07දා සිදුකිරිමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රි ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කලාපය විවෘත කිරිමට නියමිතය. හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී මෙම විවෘත කිරීම සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


    - http://www.ada.lk/article/203836/ශ්‍රී-ලංකා---චීන-කර්මාන්ත-කළාපය-විවෘත-කිරීම-7දා
     
    • Like
    Reactions: Smartm

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Construction of 941 Housing Units - Relocation of undeserved Settlements Project At Henamulla (Phase II)

    Picture128.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,690
    113
    හස්තිශෛලපුර
    ශ්‍රී ලංකා - චීන කර්මාන්ත කළාපය විවෘත කිරීම 7දා

    ශ්‍රී ලංකා රජය හා චීන රජය එක්ව හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම එළැඹෙන 07දා සිදුකිරිමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රි ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කලාපය විවෘත කිරිමට නියමිතය. හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී මෙම විවෘත කිරීම සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


    - http://www.ada.lk/article/203836/ශ්‍රී-ලංකා---චීන-කර්මාන්ත-කළාපය-විවෘත-කිරීම-7දා


    :)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇයි බන් මහ බැංකු හොරකම කළ "Perpetual Treasuries" එක හිටු කියල advertisements දාන්නේ විනාඩි 5න් පහට ?