සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    16114047_376043592765812_5537071424124468556_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ජනපති මෛත‍්‍රිට ඇති ආත්ම ශක්තිය ලොව වෙන කිසිදු නායකයෙකුට නෑ..

    ගාල්ල දිස්ත්‍රීක් ඖෂධ ව්‍යවසායකයින්ගේ සංගමයේ මහා සභා රැස්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උනවටුනේ දී පැවැත්විනි.

    මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ කැපවීම අගය කරමින් එම සංගමය විසින් උපහාර සම්මානයක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

    “අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි වැඩපිළිවෙලට ඔසුසල් හිමියන් විශාල දායකත්වයක් දැක්වූවා. වෙළෙදසැලක භාණ්ඩ විකුණන ආකාරයට ඖෂධ අලෙවි කරන්න බැහැ. සුළු වැරදීමක් වුනොත් ගැටලුවක්. සෑම කෙනෙකුටම ව්‍යාපාර කරන්නත් බැහැ. ඖෂධ වර්ග 48 ක මිල අඩු කළේ වසර 45 කට පසුවයි. යහපාලන රජය පිහිටුවීමෙන් පසු ජනතාවගෙන් සියයට 55 ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නවා. පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නේ සියයට 45 ක්. ඒ මොකද රජයේ රෝහල්වල නිදහස් සෞඛ්‍ය සේවාව වර්තමානයේ අකුරටම ක්‍රියාත්මකවීම නිසයි.

    දුම්පානය අවම කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිඛෙනවා. ශ්‍රී ලංකාවෙ සෑම පැයකටම දුම්පානයෙන් තිදෙනෙකු මිය යනවා. රාජ්‍ය ආදායමෙන් වාර්ෂිකව බිලියන 72 ක් දුම්පානය නිසා රෝගාබාධවලට පත්වන අයට ප්‍රතිකාර කිරිමට වැය කරනවා. දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිමට ද පියවර ගත්තා. ඒ ශ්‍රී ලංකාවෙි ජනාධිපතිවරයාට තිබුනු ආත්ම ශක්තිය ලොකයේ වෙනත් රටවල නායකයන්ට නැහැ. මමත් මෙම වැඩපිළිවෙලට දායකත්වය දැක්වූවා. එම නිසා ‘රාජිත සේනාරත්නත් වීරයෙක් නොවි ද’ කියා වෙබි අඩවි වල පළ වී තිබුනා. දුම්කොළ බදු වැඩි කිරිම පිළිබදව ලෝකය මවිතයට පත් වුවත් අපේ රටේ ඇතැම් පුද්ගලයින් ඊට අපහාස කරමින් සිටිනවා.

    අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම්වල දෛනික ක්‍රියාවලිය වෙනස් කිරිම සිදු වුනා. ඖෂධවල මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි වෙළෙද අලෙවිය සියයට 20 කින් වැඩි වී තිඛෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන් අලාභයක් ලබන බව ප්‍රකාශ කරනවා. එම අලාභය ලාභයක් බවට පත් කිරීම සදහා ලැඛෙන වට්ටම් ප්‍රමාණ පිළිබද ගැටළුව විසදිය යුතුයි. ඒ සදහා මම ඉදිරිපත් වෙනවා. මෙම වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම මනුෂ්‍යකමක්.

    මම ආණ්ඩු හැදීමටත් ආණ්ඩු පෙරළීමටත් දායක වූ පුද්ගලයෙක්. හැබැයි මෙවර ක්‍රමය වෙනස් කිරිමට තමයි අවශ්‍ය වුයේ. විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට සහ පාර්ලිමෙින්තු ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාව යහපාලන රජය සකස් කරමින් සිටිනවා. ජනාධිපතිවරයා තමන්ගේ බලතල දන්දීමට පටන්ගෙන තිඛෙනවා. සිරිසඟබෝ රජතුමාට පසු තම බලතල දන් දුන් නායකයා වර්තමාන ජනාධිපතිවරයායි. මෙයයි වත්මන් රජයේ තිඛෙන වෙනස. 2015 වසරේ දී ජනතාවට ලබාදුන් සහනාධාර 2016 වනවිට ඇතැම් අයට අමතක වෙලා. නමුත් ඉදිරියටත් සහන ලබාදෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වූ පසු වෙළෙද ප්‍රජාවට සහන සළසන බවට මතයක් නිර්මාණය වී තිබුනා. 2015 ජනවාරි 08 දින වෙන විට ව්‍යාපාරිකයින් සිටියේ හිටපු ජනාධිපතිවරයා ලඟයි. හිටපු ජනාධිපතිවරයා සමග මට පෞද්ගලික ප්‍රශ්ණයක් නැහැ. ඔහු හොද මිතුරෙක්. ප්‍රතිපත්තිමය ගැටළුවක් පමණයි තිබුනේ.”

    – නිපුන් ඒකනායක

    ------------------------------------------------------------------------

    යහපාලනයට නොසැහෙන්න කඩේ ගියපු අපේ ඔෆිස් එකේ කෙනෙක් ඉන්නවා.තවමත් යනවා.ඊයේ ඇවිත් කියනවා එයාගේ ඥාති කෙනෙක්ට දොස්තර කෙනෙක් දීපු බෙහෙත් පෙත්තක් තියෙනවලු. ඒ පෙත්ත ගෙවල් පැත්තේ ෆාමසි වල කලින් තිබුනලු . දැන් නෑලු. ඒ තියෙන පෙත්ත දුන්නා කියලා කිසි ගුණයක් නෑලු..ෆාමසි වලින් කියනවලු දැන් හොද පෙත්ත එන්නේ නෑ කියලා.ඒකෙ මිල වැඩියි.හැබැයි ගුණයක් තියෙන්නේ ඒකෙන් විතරලු..ඊයේ මෙහෙන් ඒ බෙහෙත ගත්තා.ඒ ෆාමසි එකෙත් තිබුන අන්තිම බෙහෙත් කාඩ් එක ඒකලු..ඒ බෙහෙත එන්නේ නෑ කිව්වලු දැන්......

    ඔන්න බෙහෙත් අඩුකරා කියලා පාරම්බාන අයගේ කෙරුවාව....

    16142330_736861373146972_7362269898143128270_n.jpg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවතට..??

    16114047_376043592765812_5537071424124468556_n.jpg

    මුදල් ඇමති රවි කරුණානායක මහත එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

    මුදල් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේ එජාප හා ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබ ඇති කරුණු දැක්වීම් සලකිල්ලට ගනිමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයිද එම වාර්තාවන්හි සදහන්ය.

    රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්නයෙන් විශේෂ සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වෙනු ඇති බවත් ඉදිරියේදී මුදල් ඇමති ධුරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතේ තබාගැනීමටද අවධානය යොමු වී ඇතැයි වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    Sri Lanka Ports Authority to operate East Terminal first phase: Minister

    East_terminal_lg.jpg

    ECONOMYNEXT - Sri Lanka Ports Authority will procure cranes and operate part of a terminal which has since been offered to private investors, Ports Minister Arjuna Ranatunga said.

    SLPA had already built a 400 meter section of the East Terminal of Colombo port, and investors had already bid to complete the terminal, but the process has since stalled.

    Minister Ranatunga told parliament that cabinet approval had been sought to procure cranes and operate the first section of the terminal which has already been built.

    He said no decision had been made on choosing an investor but discussions would continue.

    Sri Lanka had been willing to have a 15 percent stake in the terminal which will be handed over to a private operator on a long term lease, but no final decision had been made, he said.

    Ranatunga sad his personal preference was to have a 51 percent stake. (Colombo/Jan24/2016)

    - http://www.economynext.com/Sri_Lank..._Terminal_first_phase__Minister-3-7154-6.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය 26 ගොවි අයිතියට

    2017 අයවැය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් යථාර්ථයක් බවට පත් කරමින් මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ලබන 26දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගොවි ජන අයිතියට පත් කිරීමට නියමිතය.

    ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 264ක වියදමින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම ධාන්‍යාගාරය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 10,000ක් එකවර ගබඩා කිරීමේ හැකියාව පවතී. වර්ග අඩි 21,586ක වපසරියකින් මෙම ගබඩා සංකීර්ණය සමන්විත ය. මෙමගින් ගොවීන් දහසකට පමණ ප්‍රතිලාභ හිමිවේ. වී, මුං, කව්පි, සෝයා, රටකජු ආදී ධාන්‍ය මෙහි ගබඩා කළ හැකි ය.

    කෘෂි කර්මාන්තයෙන් රට ස්වංපෝෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ අතිරික්ත ධාන්‍ය ගබඩා කිරීම සඳහා වන ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ක්‍රමය තව දුරටත් ව්‍යාප්ත කිරීමට මෙමගින් අවස්ථාව හිමිවෙයි. ගලෙන්බිඳුණු වැව සහ බුත්තල ධාන්‍යාගාර දැනටමත් ක්‍රියාත්මක අතර එහි තුන් වැන්න ලෙස මන්නාරම ධාන්‍යාගාරය විවෘත කෙරේ. මීට අමතරව ඉදිරියේ දී කිලිනොච්චි සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ද මෙවැනි ගබඩා ඉදි කිරීමට සැලසුම් කර ඇත. රජය ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 600කි.

    ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම හේතුවෙන් වී ඇතුළු ධාන්‍ය වර්ග රැසක අතිරික්ත අස්වැන්න කෙරෙහි දැඩි බලපෑමක් සිදු වී තිබේ. මේ සඳහා අස්වැන්න අතිරික්තයක් පවතින දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් මෙම ධාන්‍යාගාර ඉදිකිරීම ආරම්භ විය.

    මීට අමතරව මෙට්‍රික් ටොන් 5000 බැගින් ධාරිතාව ඇති සයිලෝ ගබඩා පහසුකම් ඇති කිරීමට ද 2017 අයවැය මගින් යෝජනා කර තිබේ. ඒ සඳහා ආයෝජනය කිරීමට කැමැති මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා දිනකට අවම වශයෙන් මෙට්‍රික් ටොන් 50ක ධාරිතාවකින් යුතු වී මෝල් ඇතුළත් වන පරිදි සහනදායී ණය ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 400කි.

    - http://sinhala.news.lk/news/world-3/item/21467-2017-01-24-08-32-32
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අදියර - 2 (i -Road Project- 2) ක්‍රියාත්මක කිරීම

    - උතුරු, නැ‍ඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල මාර්ග කිලෝමීටර 4,000ක් පමණ පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, යෝජිත ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතියෙහි 2 වන අදියර (i -Road Project - 2) ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පිටකොටුව මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම - ටැඹ අත්තිවාරම ඉදි කිරීම (Construction of Pile Foundation)

    - බස්නාහිර ප්‍රදේශ මහනගර සංවර්ධන සැලැස්ම යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා භූමිය සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කරනු ලැබ ඇති අතර එහි ඊළඟ පියවර වශයෙන් ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ (Construction of Pile Foundation) කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත් පැකේජ දෙකක් ප්‍රදානය කිරීම

    - ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත 'ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පැකේජ 01 හා 02 යටතේ මාර්ග ආපදා කළමනාකරණ සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල ස්ථාන 16ක සිදු කිරීමට නියමිත නයායෑම් ආපාදා වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට අදාළ සිවිල් වැඩ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

    යාල ජාතික උද්‍යානයට යාබදව සුඛෝපභෝගී සංචාරක කඳවුරු ඉදි කිරීම

    - ඉහළ ආදායම්ලාභී සංචාරකයින් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් පරිසර හිතකාමී සුඛෝපභෝගි සංචාරක කඳවුරු ඉදි කිරීම පිණිස යාල ජාතික උද්‍යානයට යාබදව පලටුපාන ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අයත් ඉඩමෙන් අක්කර 07ක භූමි ප්‍රමාණයක් සීමාසහිත වයිල්ඩ් කෝස්ට් ලොජ් (පෞද්ගලික) සමාගම වෙත 2012 වසරේදී වෙන් කර දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය පර්චස් 155ක අතිරේක ඉඩම් ප්‍රමාණයක්, එම සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා බදු පදනම මත ලබා‍ දීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගන්නා ලෙස සහ අදාළ ඉදි කිරීම් කරගෙන යාමේදී අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවට එකී සමාගමට නියම කිරීමටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී..

    උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංවර්ධන කටයුතු අඩාළව පැවති උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සුවිශේෂ හා ප්‍රමුඛ අවශ්‍යතාවක් වේ. ඒ සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව යෝජිත 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-01-24
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    මහනගර අමාත්යංශය යටතේ ක්‍රියාත්මක උපායමාර්ගික නගර සැලුම් ව්‍යාපෘතිය මගින් උපයෝගිතා වාහන මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අද දින භාරදුන් උපයෝගිතා වාහන වල වටිනාකම මිලියන 70 කි.

    16195574_1839676249647218_6671471897182503091_n.jpg

    16114632_1839676369647206_2112580487246466462_n.jpg

    16142906_1839676386313871_4123656040858594399_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පළමු අදියරේ වැඩ කටුයුතු අවසන්කොට දළදා මාලිගාවට උරුමකොට පුජා කිරීම සහ දෙවන අදියර සඳහා මුල්ගල තැබීම.

    16195126_1839680146313495_5268255749823477516_n.jpg

    16265434_1839680206313489_6095543783829568694_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    MG Consultants signs landmark contract for new Meerigama - Kurunegala Central Expressway

    A trail-blazing,100 per cent Sri Lankan contract to build the Meerigama - Kurunegala section of the Central Expressway by 2019 was signed recently between the Road Development Authority (RDA) and MG Consultants (Pvt) Ltd, lead consultant for the project.
    The Central Expressway will be an access-controlled toll expressway from Kadawatha to Dambulla and will be linked from Pothuhera to Galagedera through a link expressway. Section 2 of the Central Expressway from Meerigama to Kurunegala is 39.9 km long and will have four lanes divided two ways with interchanges in Meerigama, Nakalagama, Dambokka and Kurunegala, according to an MG Consultants media release.
    The project will be implemented by a consortium of seven Sri Lankan consultancy firms including Engineering Consultants (Pvt) Ltd, Resources Development Consultants (Pvt) Ltd, Consulting Engineers & Architects Associated (Pvt) Ltd, Central Engineering Consultancy Bureau, Green Tech Consultants (Pvt) Ltd and OCYANA Consultant (Pvt) Ltd, and will be led by MG Consultants (Pvt) Ltd.
    Managing Director of MG Consultants, Ranjith Gunaratne, noted, “This is the first time that a project of this magnitude has been awarded to an all Sri Lankan team of consultants and this itself is a milestone that the country can be proud of. It speaks eloquently for the way Sri Lanka has rapidly developed its expertise and skills. Now we can proudly stand shoulder-to-shoulder with international consultancy firms to implement complex development initiatives that support the nation’s ambitious drive towards sustainable progress.”
    Representing the RDA at the signing were Nihal Sooriyarachchi, Chairman; D. K. Rohitha Swarna, Actg. Director General; J. T. S. P. Kariyawasam, Working Director; S. D. S. Deshapriya, Deputy Director and V. Mohan, Project Director while D. D. Mathararachchi, Senior Programme Director represented the Ministry of Higher Education & Highways.
    Representing the consortium of consultants were K. W. Fernando, Director- Highways & Transportation, Resources Development Consultants (Pvt) Ltd; W.A.D.D. Nandakumara, Deputy General Manager- Roads, Central Engineering Consultancy Bureau; Ajith Wanniarachchi, Director, OCYANA Consultant (Pvt) Ltd; Prabhath Jayasundara, Managing Director, Engineering Consultants (Pvt) Ltd; Ranjith Gunaratne, Managing Director, MG Consultants (Pvt) Ltd; Ms. Nalini Senasekera, CEO, MG Consultants; Prabath Perera, Deputy Team Leader of the Project and ;Upali Pushpakumara, Senior Project Manager, MGC

    - http://www.sundaytimes.lk/article/1...r-new-meerigama-kurunegala-central-expressway
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර

    wow..:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl::rofl::rofl:
    monson ගේ සංවර්ධනේ

    යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කෙරේ.. අලූත්ම වාර්තාව මෙන්න..

    ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබේ. 2015 වසරේ මෙම වාර්තාවට අනුව රටවල් 168 ක් අතුරින් 83 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.

    යම් රටක රාජ්‍ය අංශය කොතරම් දුරකට දූෂිත ද නැතිද යන වග මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කර සිටී. 0 සිට 100 දක්වා සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් මෙම අධ්‍යයනයේ දී අනාවරණය කෙරෙනු ලබන අතර එහිදී 100 අගයට ආසන්න වීම දූෂිත බව අඩුම රටවල් ලෙසත්, 0 අගයයට ආසන්න වීම දූෂිත බවින් ඉහළම රටවල් ලෙසත් වර්ගීකරණය කෙරෙනු ඇත.

    2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ලකුණු 37ක්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන්ව තිබුණු අතර පසුගිය 2016 වසරේ දී එම අගය 36 ක් දක්වා පහත වැටී ඇත.

    ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 90 බැගින් ලබා මෙම සටහනේ දූෂිත බවින් අඩු ප්‍රමුඛ රටවල් බවට පත්ව ඇති අතර ලකුණු 10 ක් ලබා ඇති සෝමාලියාව, මෙම වර්ගීකරණය අනුව දූෂිතම රට ලෙසින් 176 වන ස්ථානයට පත්ව තිබේ.

    මෙම වාර්තාවට අනුව ඉන්දියාව ලකුණු 40 ක් ලබා 79 ස්ථානයට පත්ව තිබෙන අතර 2014 වසරේ දී ලකුණු 38 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම ස්ථාන හිමිකර ගෙන තිබුණි. මේ අනුව ගෙවී ගිය වසර දෙක තුළ දී රජ්‍ය අංශය දූෂණය වීම තවදුරටත් ශ්‍රී ලංකාවෙන් දක්නට ලැබෙන අතර ඉන්දියාවෙන් එම තත්ත්වයේ අඩු වීමක් වාර්තා වේ.

    අදාල ලයිස්තුව මෙතනින්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    බැදුම්කර මගඩිය මහා හොරකමක් බව පොඩි එවුනුත් දන්නවා.. කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ උත්සවයකදී ජනපතිගේ මූණටම අහයි..

    බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් ඇති බවත් ජනාධිපතිවරයාද සහභාගී වූ උත්සවයකදී බෙල්ලන්විල විමලරතන හිමියෝ ප‍්‍රශ්න කලහ.

    උන් වහන්සේ මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

    තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ විමසූහ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    හොරණ ටයර් ෆැක්ටරිය හදන්නේ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු කියා අගමැති දන්නේ නෑ..

    පසුගියදා හොරණදී ආරම්භ කරන ලද ටයර් කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කටයුත්ත සදහා මුල්ගල තැබීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූයේ එහි අයෝජකයා කවුදැයි නොදැන බව කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

    මෙහි ආයෝජකයා ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතාන බව අගමැතිවරයා දන්නේ නැති බවත් පැවසූ ඇමතිවරයා කෙසේ වෙතත් අක්කරය රුපියල් සියයක් වැනි සුළු මුදලකට ඉඩම් ලබා නොදෙන බවද කියා සිටියේය.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    සමලිංගිකත්වය නීතිගත නොකිරීමෙන් විශාල පිරිසක් දුක් විදිනවා.. සතුනුත් කරනවා නම් අපිට බැරි ඇයි..:rofl::rofl::rofl::rofl:

    වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.

    මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගමපැවසීය.

    කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින ‘උත්ප්‍රාසය’ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

    “අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව,” ඇය සඳහන් කළාය.

    නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් ‘ප්‍රගතිශීලී’ පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය.

    සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    – BBC
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    MG Consultants signs landmark contract for new Meerigama - Kurunegala Central Expressway

    A trail-blazing,100 per cent Sri Lankan contract to build the Meerigama - Kurunegala section of the Central Expressway by 2019 was signed recently between the Road Development Authority (RDA) and MG Consultants (Pvt) Ltd, lead consultant for the project.
    The Central Expressway will be an access-controlled toll expressway from Kadawatha to Dambulla and will be linked from Pothuhera to Galagedera through a link expressway. Section 2 of the Central Expressway from Meerigama to Kurunegala is 39.9 km long and will have four lanes divided two ways with interchanges in Meerigama, Nakalagama, Dambokka and Kurunegala, according to an MG Consultants media release.
    The project will be implemented by a consortium of seven Sri Lankan consultancy firms including Engineering Consultants (Pvt) Ltd, Resources Development Consultants (Pvt) Ltd, Consulting Engineers & Architects Associated (Pvt) Ltd, Central Engineering Consultancy Bureau, Green Tech Consultants (Pvt) Ltd and OCYANA Consultant (Pvt) Ltd, and will be led by MG Consultants (Pvt) Ltd.
    Managing Director of MG Consultants, Ranjith Gunaratne, noted, “This is the first time that a project of this magnitude has been awarded to an all Sri Lankan team of consultants and this itself is a milestone that the country can be proud of. It speaks eloquently for the way Sri Lanka has rapidly developed its expertise and skills. Now we can proudly stand shoulder-to-shoulder with international consultancy firms to implement complex development initiatives that support the nation’s ambitious drive towards sustainable progress.”
    Representing the RDA at the signing were Nihal Sooriyarachchi, Chairman; D. K. Rohitha Swarna, Actg. Director General; J. T. S. P. Kariyawasam, Working Director; S. D. S. Deshapriya, Deputy Director and V. Mohan, Project Director while D. D. Mathararachchi, Senior Programme Director represented the Ministry of Higher Education & Highways.
    Representing the consortium of consultants were K. W. Fernando, Director- Highways & Transportation, Resources Development Consultants (Pvt) Ltd; W.A.D.D. Nandakumara, Deputy General Manager- Roads, Central Engineering Consultancy Bureau; Ajith Wanniarachchi, Director, OCYANA Consultant (Pvt) Ltd; Prabhath Jayasundara, Managing Director, Engineering Consultants (Pvt) Ltd; Ranjith Gunaratne, Managing Director, MG Consultants (Pvt) Ltd; Ms. Nalini Senasekera, CEO, MG Consultants; Prabath Perera, Deputy Team Leader of the Project and ;Upali Pushpakumara, Senior Project Manager, MGC

    - http://www.sundaytimes.lk/article/1...r-new-meerigama-kurunegala-central-expressway

    GREAT !!!
     
    • Like
    Reactions: monson

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    බැදුම්කර මගඩිය මහා හොරකමක් බව පොඩි එවුනුත් දන්නවා.. කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ උත්සවයකදී ජනපතිගේ මූණටම අහයි..

    බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් ඇති බවත් ජනාධිපතිවරයාද සහභාගී වූ උත්සවයකදී බෙල්ලන්විල විමලරතන හිමියෝ ප‍්‍රශ්න කලහ.

    උන් වහන්සේ මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

    තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ විමසූහ.

    :yes::yes::yes: