සංවර්ධන News

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    16508082_403145403367967_2659623839320595529_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka's CEB gets ADB funding for 100MW wind farm

    Feb 10, 2017 07:45 AM GMT+0530 | 1 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka's state-run Ceylon Electricity Board (CEB) has secured funding from the Asian Development Bank for a 100 MegaWatt wind farm in the north western district of Mannar, Deputy Power Minister Ajith Perera said.

    He said tenders to build the plant is expected to be floated in the next two months, Perera told parliament.

    The Mannar location was estimated to be able to generate 375 MW of wind power.

    The balance 275 MW will be developed with private capital.

    These will be awarded by competitive tender, Perera told parliament.

    Competitive tenders had already brought down the cost of wind power from over 19 rupees to 12.29 in Jaffna he said.

    "Everyone said this could not be done," Perera said.

    Sri Lanka's so-called 'renewable energy mafia' had lobbied the power regulator to adopt cost plus formulae and presented various arguments to push up renewable feed it tariffs, critics say.

    The CEB has been resisting the tendency of bureaucratically set lobbied feed in tariffs to go up each year, while technological developments, and wider adoption brought costs down in the rest of the world. (Colombo/Feb10/2017)

    - http://www.economynext.com/Sri_Lanka_s_CEB_gets_ADB_funding_for_100MW_wind_farm-3-7294.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Double line extended from Kalutara to Payagala at a cost of Rs 762 mln

    9031e1811116f56a81fbe85540a166df_XL.jpg



    In the event the Trade unions stop fighting and work with one another we would be able to provide a better train service to the people said Minister of Transport and Civil Aviation Nimal Siripala De Silva.

    He made these comments on the occasion of extending the double line from Kalutara to Payagala and the handing over of the newly purchased motor trolleys which cost Rs 134 million.

    At present only 7% commute by train and there is a necessity of increasing it to at least 25%. By providing an efficient service we will be able to attract more commuters and thereby increase our profits said the minister.

    With the use of Motor trolleys we can check where there are breakdowns in the railway track and repair and maintain them.

    Minister travelled in a new motor trolley from Fort to Kalutara and checked the extension of the double line from Kalutara to Payagala will cost Rs 762 million while the distance is 7kilometers.

    - http://www.news.lk/news/sri-lanka/i...-kalutara-to-payagala-at-a-cost-of-rs-762-mln
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කන්තලේට අලුත් පාරක්

    11 පෙබරවාරි, 2017

    නිහාල් පී. අබේසිංහ

    පොලොන්නරුවේ සිට මැදිරිගිරිය හරහා කන්තලේට යෑමට අලුත් කෙටි මාර්ගයක් ඉදිකිරීම දැන් මහවැලි අධිකාරිය මෙහෙයවන මැදිරිගිරිය බිසෝපුර නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවෙමින් පවතී. කිලෝ මීටර් 24ක් දුරට අඩි 30ක් පමණ පළලට ඉදි කරනු ලබන මේ මාර්ගය සඳහා සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 25000ක් පමණ බව මහවැලි අධිකාරිය පවසයි.

    මේ මාර්ගය නිසා ජනපදකරුවන්ට පොලොන්නරුව හා මැදිරිගිරිය වන්දනා කිරීමෙන් පසු ඉතා කෙටි දුරකින් සේරුවාවිල ද වන්දනා කිරීමට අවස්ථාව ලැබී ඇති බවත්, පොලොන්නරුවේ ජනතාවට කන්තලේට ත්‍රිකුණාමලයට යෑමට තිබූ දුර ප්‍රමාණය කිලෝමීටර් 60ක් පමණ අඩු වී ඇති බවත් මැදිරිගිරිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර අසංක ගුණතිලක මහතා පවසයි.


    - http://www.silumina.lk/2017/02/11/පුවත්/කන්තලේට-අලුත්-පාරක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    උතුර-දකුණ ළං කරන මධ්‍යම අධිවේගය

    11 පෙබරවාරි, 2017

    තාරක වික්‍රමසේකර

    central_highway_1.jpg


    රටක දියුණුව රඳා පවතින්නේ ඒ රටේ සෞඛ්‍ය, විදුලි සංදේශ, ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ දියුණුව අනුවය. එහෙත් අපේ රටේ මහ පුදුම සංස්කෘතියක් තිබේ. ඒ, කුමන දියුණු අලුත් සංකල්පයක් හඳුන්වා දීමට උත්සාහ කළත් එයට විරුද්ධ වීමයි. අධිවේගී මාර්ග සංකල්පය අපේ රටට ගෙන ආවේ මීට දශක කිහිපයකට පෙර වුවත් අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමට අපට බොහෝ කාලයක් ගත විය. අධිවේගී මාර්ග මහා රකුසකු බව පෙන්වන ලදි. ගම්-බිම් නැති කර දමන, ජනතා දිවිය අඩ පණ කරන මේ රකුසා ලංකාවට ඒම වැළැක්වීමට ඇතැමුන් නොගත් උත්සාහයක් නැත. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කළද වසර ගණනාවක් එහි වැඩ කටයුතු ඇනහිටියේය.

    කෙසේ හෝ කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල (පින්නදූව) දක්වා අදියර මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙස ඉතිහාස ගත වී 2011 වසරේ ඔක්තෝබර් මස 27 වැනිදා ජනතා අයිතියට පැවරිණි.

    පසුව කොට්ටාව - කඩුවෙල කොළඹ පිටත අධිවේගි මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය, ගාල්ල මාතර අධිවේගි මාර්ගය හා කඩුවෙල - කඩවත අධිවේගි මාර්ගයත් ජනතා අයිතියට පත් විය.

    මෙහි දී විශේෂයෙන් වැදගත් වන අධිවේගි මාර්ගය වන්නේ කොළඹ පිටත අධිවේගි මාර්ගයයි. එය කොට්ටාවේ දී දක්ෂිණ අධිවේගි මාර්ගය හා සම්බන්ධ වන අතර, කෙරවලපිටියේ දී කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයත් කඩවත ‘සිව්මංසල‘ දී මධ්‍යම අධිවේගි මාර්ගයත් හා සම්බන්ධ වේ.

    අප මේ කතා කරන්න යන්නේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් සම්බන්ධයෙනි. එයට විශේෂ හේතුවක්ද ඇත.

    රජයේ සංවර්ධන වැඩ ඇනහිට ඇතැයි, නැත් නම් සංවර්ධන වැඩ නවතා දමා ඇතැයි ඇතැමුන් තර්ක කරද් දී සැබෑවටම සිදු වන්නේ කුමක්ද යන්න හෙළි කිරීම මාධ්‍යයේ වගකීමක් වන නිසාය.

    මධ්‍යම අධිවේගි මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය සේම රටේ හදවත යා කරන්නකි. කඩවතින් ආරම්භ වන මධ්‍යම අධිවේගයේ එක් මාර්ගයක් කඩවත සිට පොතුහැර හරහා මහනුවර දෙසට ගලගෙදර දක්වාත්, තවත් මාර්ගයක් පොතුහැර සිට කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත් ඉදි කෙරේ. අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියේ ආරම්භක සැලසුම් වෙනස් කරමින් නව සැලැස්මක් යටතේ මේ වන විට මාර්ගය ඉදි කිරීම් ආරම්භ කර ඇත.

    central_highway_2.jpg


    ආරම්භක සැලසුමේ මධ්‍යම අධිවේගය ආරම්භ කිරීමට යෝජිත වූයේ කඩවත හා කෙරවලපිටිය යා කෙරෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬේරමුල්ල ප්‍රදේශයේදීය. එඬේරමුල්ල සිට රාගම හරහා වල්පොළ, බටුවත්ත, ගලහිටියාව, ගණේමුල්ල හරහා ගම්පහ දක්වා ලෙසින් අධිවේගි මාර්ගයේ සැලසුම් වෙනස් විය.

    එසේ කිරීමට හේතු වූයේ මෙරට ඉදි වන දීර්ඝතම පාලම මෙන්ම දීර්ඝතම ගුවන් පාලමද වන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය මාර්ගයේ මුතුරාජවෙල උඩින් දිවෙන ගුවන් පාලම මත දී අධිවේගි අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් ඉදි කළ යුතු වීමයි. එය අප දැනට භාවිත කරන අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් මෙන් නොවේ. අධිවේගයෙන් ධාවනයේ යෙදෙන ගමන් මධ්‍යම අධිවේගී මාර්ගයටත් අනෙක් පසින් කෙරවලපිටිය දෙසට හෝ කඩවත දෙසට හෝ පිවිසීමට සිදු වීය.

    එසේම ඒ ආසන්නයෙන් දුම්රිය මාර්ගයද පිහිටා ඇත. මේ නිසා කඩවත සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ සිටත අධිවේගි මාර්ගය මංතීරු 6කින් ඉදි කිරීමට යෝජිත වුවත් එය ඉතා අධික වියදමක් වැය වන කාර්යයක් වන හෙයින් මධ්‍යම අධිවේගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර එය කොස්සින්න හරහා ගම්පහ දක්වා ගමන් කිරීමට සැලසුම් සකස් කරන ලදී.

    ඒ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ගය මංතීරු 4කින් පමණක් ඉදි කිරීමට සැලසුම් කෙරිණි. දැන් අවසන් සැලැසුම එයයි. ඒ සැලැස්ම මධ්‍යම අධිවේගය ඉදි කෙරෙනු ඇත.

    එහි පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදි කෙරේ. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 37.09කි. මේ මාර්ග කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කි. කඩවත, ගම්පහ, වේයන්ගොඩ හා මීරිගම-දකුණ එම මධ්‍යස්ථාන වන අතර, මේ අදියර සඳහා මුල්ගල් තැබීම 2015 වසරේ අගෝස්තු මස 3 වැනිදා කඩවත - පුවක්වැටිය ප්‍රදේශයේ දී එවකට මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ ආරාධනයෙන්, පාර්ලිමේන්තුවේ සභානායක, අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ සහභාගීත්වයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

    මේ සඳහා ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවෙන් වන අතර ඒ සඳහා රුපියල් බිලියන 158.4ක් වැය වන බව එම මාර්ග කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බී.ඩී.එස්. කුමාර මහතා පවසයි. මේ සඳහා ඉදි කිරීම් බාරව සිටින්නේ චීන එම්.සී.සී සමාගමයි. වසර 4කින් මේ මාර්ගයේ වැඩ නිම කරනු ලබන බව ද කුමාර මහතා සිළුමිණට කීය.

    මේ මාර්ගයේ පළමු කොටස වන කඩවත-මීරිගම මාර්ග කොටසේ, කඩවත ආරම්භක සිව්මංසල පිවිසුමේ දී කඩවත අන්තර්-පිවිසුමට අමතරව තවත් අධිවේගී විශේෂ මාර්ග පිවිසුමක් ඉදි කෙරෙනු ඇත. එය දැනට කඩවත පවතින අන්තර්-පිවිසුමට මීටර් 500ක් ඔබ්බෙන් ආරම්භ වන අතර එම පිවිසුම අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන සඳහා පමණක්ම භාවිත කළ යුතු වන්නකි. එම පිවිසුම් මාර්ගයෙන් සිදු කෙරෙන්නේ කඩවත සිට කෙරවලපිටියට ගමන් ගන්නා වාහන සහ මධ්‍යම අධිවේගයේ ගමන් ගන්නා වාහන මාර්ග දෙකට වෙන් වශයෙන් යොමු කිරීමයි.

    මෙහි දෙවන අදියර යටතේ මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා මාර්ගය ඉදි වනු ඇත. එහි දුර කිලෝමීටර් 39.29 කි. මේ සඳහා රුපියල් බිලියන 137.098ක මුදලක් වැය වේ. මේ මාර්ගයේ විශේෂත්වය වනනේ දේශීය සමාගමක් විසින් මෙහි සියලු ඉදි කිරීම් සිදු කිරීමයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් 23 කි. අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 5ක් මේ සඳහා ඇතුළත් වේ. මීරිගම උතුර, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල එම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන වන අතර, 2019 වසරේ මේ මාර්ග කොටසේ වැඩ කටයුතු අවසන් කිරීමට දේශීය කොන්ත්‍රාත් සමාගම බලාපොරොත්තු වේ. අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට මහනුවර - කොළඹ මාර්ගයේ සිට (අඹේපුස්ස) කිලෝමීටර් 10ක පිවිසුම් මාර්ගයක්ද ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් සඳහා මුල්ගල තැබීම පසුගිය 01 වැනිදා පෙ.ව.10.30ට යෙදුණු සුබ මොහොතින්, කුරුණෑගල, අලව්ව - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ආරාධනය පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    මේ මාර්ගයේ 3 අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුව සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5ක් වන මේ මාර්ගයේ රඹුක්කන, ගලගෙදර අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් මේ මාසය තුළදීම ගලගෙදර අන්තයෙන් ආරම්භ කෙරෙනු ඇත. මේ මාර්ග අදියර සඳහා රුපියල් මිලියන 150000ක් වැය කෙරේ.

    සිවුවන අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150කි. මේ මාර්ගයේද ඉදිකිරීම් මේ මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය.

    රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ-9 මාර්ගයේ පිවිසුම හා දඹුල්ල - ඒ 6 මාර්ගයේ පිවිසුම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කරේ.

    වසර 30කින් තනා නිම කරන්නට තිබූ මහවැලි ව්‍යාපාරය කඩිනම් ව්‍යාපාරයක් ලෙස ඉදි කෙරුණා සේ මේ අධිවේගී මාර්ග පද්ධතියද වසර 2030 වන විට මේ රටේ මාර්ග පද්ධතියට නව පණක් ලබා දීම උදෙසා කටයුතු කර ඇත. අධිවේගී මාර්ග දඹුල්ල දක්වා දීර්ඝ කිරීම එක් පියවරකි. ඉදිරියේ දී එය යාපනය දක්වා දීර්ඝ කෙරෙනු ඇත. එසේම වාණිජ නගරයක් මෙන්ම උතුර නැඟෙනහිර හා උතුරු මැද කේන්ද්‍රස්ථානය වන දඹුල්ල නගරය අපට ඉතා වැදගත් වන නිසා කුරුණෑගල සිට දඹුල්ල දක්වා දුම්රිය මඟක්ද තැනීමට මේ වන විට සියලු පියවර ගෙන ඇත.

    central_highway_3.jpg


    වාණිජ නගරයක් වන දඹුල්ල හා කොළඹ සම්බන්ධ කෙරෙන මේ මධ්‍යම අධිවේගයෙන් පැය එකහමාරක කාලයකින් දඹුල්ලටද ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේ දී යාපනයට දීර්ඝ කිරීමෙන් පසුව පැය 3ක් වැනි කාලයකින් යාපනයට ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මේ මාර්ග පද්ධතිය ඉඳි කිරීමේ දී අප දකින ඉතා දුර්වල කරුණු කිහිපයක්ද මෙහිලා පවසා සිටීමට සිදු වේ. එයින් පළමු වැන්න මේ මාර්ග පද්ධතිය සම්බන්ධව නිසි අයුරින් මාධ්‍ය හා ජනතාව දැනුවත් නොකිරීමයි. හම්බන්තොට අක්කර 15000ක් චීනයට විකිණීමට යන කතාව ජනතාව අතරට ගියේ ජනතාව නිසි අයුරින් දැනුවත් කර නොතිබූ නිසාය. එසේම මේ සංවර්ධන ක්‍රියාදාමය ගැන ජනතා අවබෝධය නොදැනුවත්කමය. මහා පරාක්‍රමබාහු රජු තැනූ පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක ජලාශයක් මොරගහකන්දේ ඉදි කෙරිණි. ඒ ගැනද ජනතාව නිසි පරිදි දැනුවත් වූයේ නැත. ඒ දුර්වලතාව මේ මාර්ග පද්ධතිය හා සම්බන්ධවද අපට දැක ගත හැකිය. ඒ තත්ත්වය සහමුලින්ම ඉවත් කර ලිය යුතුය. දෙවැන්න මීරිගම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන දෙකක් සැලැසුම් කර තිබීමය. බැලූ බැල්මට මෙය සංවර්ධනය යැයි යම් අයකුට පැවසිය හැකිය. එහෙත් අන්තර්හුවමාරුවක් නඩත්තු කිරීම මෙන්ම එය ඉදි කිරීමට යන වියදම සුළු පටු නොවේ. ඒ සියල්ලටම වැය වන්නේ ජාතික ධනය බව අප සිත්හි තබා ගත යුතුය.

    කඩුවෙල, කොතලාවලපුර මෙන්ම අතුරුගිරියේද අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 3ක් ආසන්නයේ ඉදි කිරීම මඟින් මේ බව විද්‍යමාන වේ. අන්තර්-හුවමාරුවක එක් පසෙක පිවිසුම් ගේට්ටු දෙකක් වශයෙන් පිවිසුම් ගේට්ටු 4ක් අවම වශයෙන් විවරව තිබුණොත් පැය 24ක සේවාව සඳහා අවම වශයෙන් සේවකයන් 12 දෙනකු මුදල් අය කර ගැනීමට පමණක් යෙදවිය යුතු වේ. විදුලි බිල් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් යන මේ සියල්ල සලකා බැලිය යුතුය. මේ සඳහා කළ යුතු එකම සුදුසුම ක්‍රියාවලිය වන්නේ අත්‍යවශ්‍යම අන්තර්-හුවමාරුව ඉදි කර, අනෙක් අන්තර්-හුවමාරුවේ සිට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීමයි.

    එසේ නොකොට, තවත් අන්තර්-හුවමාරුවක් ඉදි කිරීම තවත් මුදල් අපතේ දැමීමක් පමණි.

    අධිවේගි මාර්ග පද්ධතිය ජනතාවට මිස, ලකුණු දාගැනීමට ප්‍රාදේශීය මට්ටමේ හෝ දේශපාලඥයන් කටයුතු නොකළ යුතුය.

    මෙය රටේ සංවර්ධනයටම පමණක් යොදා ගත යුතුය. අධිවේගී මාර්ගයේ සැබෑ ප්‍රයෝජනය අත් කර ගත හැක්කේ එවිටය.


    - http://www.silumina.lk/2017/02/11/විශේෂාංග/උතුර-දකුණ-ළං-කරන-මධ්‍යම-අධිවේගය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    යළිත් පැරකුම් යුගයක්: අලුත් වැව් 48ක් නගර 7ක් මිලියන 11000ක් වන්දි

    11 පෙබරවාරි, 2017

    නිහාල් පී. අබේසිංහ

    moragahakanda_1.jpg

    යම් සංවර්ධන ව්‍යාපෘතියක ඵලදායිත්වය රඳා පවතින්නේ ඒ ව්‍යාපෘතියෙන් ජනතාවට ජීවත්වීමට ලැබෙන සහනය අනුවය.

    යම් සංවර්ධන ව්‍යාපෘතියක් අවසන් වීමටත් පෙර ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන්නේ නම් එය ඉතා කාර්යක්ෂම සංවර්ධන ව්‍යාපෘතියක් වනු නොඅනුමානය.

    දැන් ජලය පිරෙන මොරගහකන්ද ජලාශය මඟින් දැනටම ඇළහැර ගිරිතලේ කුඹුරු අස්වැද්දවීමට ජලය ලබාදෙන අයුරු එහි ගිය අපි දුටුවෙමු. දිනකට ඝන මීටර් දස ලක්ෂයක් එසේ දැනටම ඒ ගොවියන්ට ලබාදෙයි. නියඟය අධික වූ නිසා මොරගහකන්දේ ජලය නොතිබුණා නම් ඒ අක්කර දහස් ගණන් වූ කෙත්යාය වියැළී යන්නට ඉඩ තිබිණි.

    මොරගහකන්ද ජලාශයේ දැනට පිරී ඇත්තේ අක්කර අඩි 50000ක් පමණි. ඒ ජලයෙන් ඇලහැර ගිරිතලේ කුඹුරු අස්වැද්දීම ඉතා සතුටට කරුණකි. ඒ අනුව මුළු ධාරිතාව වූ අක්කර අඩි 460000ක් පිරුණු විට මින් රටට කෙතරම් ප්‍රතිලාභ ලැබෙනු ඇත්ද?

    එමෙන් ම මේ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව ද දැන් නව ලග්ගල හා අවට ප්‍රදේශවල සතුටින් ජීවත් වෙති. ඒ බොහෝ දෙනා පවසන්නේ අපට දැන් ඉස්සරට වඩා හොඳ බවයි. දැන් පිළිවෙළකට දියුණු අර්ධ නාගරික පහසුකම් මැද ජීවත්වෙන බව ද ඔවුහු පවසති.

    ජනපතිවරයා ගේ උනන්දුව මත ඇරැඹි මේ මොරගහකන්ද - කළුගඟ බහු කාර්ය ව්‍යාපෘතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දැනටමත් ඉතා කාර්යක්ෂම ‍රටට ඵලදායි ව්‍යාපෘතියක් වී අවසානය.

    අක්කර අඩි 445000ක විශාලත්වයෙන් යුත් මේ මනහර ජලාශය අඹන් ගඟේ ජලයෙන් දැන් පිරී යමින් පවතින්නේ මැදරටට, රජ රටට පමණක් නොව උතුරු නැගෙනහිරට ද අලුත් අපේක්ෂා සහගත අනාගතයකට මඟ සලසන ‘පෙර ගමන්කරුවා’ ලෙස ය.

    පසුගිය බ්‍රහස්පතින්දා වනවිට මොරගහකන්ද ජලාශය මුහුදු මට්ටම අඩි 158.8 දක්වා පිරී පැවතිණි. මුහුදු මට්ටමින් අඩි 160 ක් ජලාශය පිරුණ පසු විදුලි බලාගාරයේ පරීක්ෂණ නිෂ්පාදන කටයුතු ඇරැඹේ. දැනට මොරගහකන්ද ව්‍යාපෘතියේ සියලු වැඩ කටයුතුවලින් සියයට 90ක් අවසන් ය. විදුලි බලාගාරයේ කටයුතු ද අවසන් වෙමින් පවතී. දැනට මීටර් 20කට වැඩිය ජලය පිරී පවතින අතර ඒ ප්‍රමාණය අක්කර අඩි 50000කි.

    moragahakanda_6.jpg


    මොරගහකන්ද විදුලි බලාගාරයේ නිෂ්පාදන කටයුතු මැයි මස ඇරඹෙන අතර මොරගහකන්ද ව්‍යාප‍ෘතියේ සියලු කටයුතු අවසන් කර මැයි 31 වැනිදා මෙය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව ඇළහැර කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය දැනට සියයට 50ක් අවසන් කර තිබේ. කළු ගඟ ජලාශයට ජලය පිරවීම 2017 නොවැම්බර් වලදී ආරම්භ කර 2018 නොවැම්බර්වලදී අවසන් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පවසන පරිදි සම්පූර්ණ ව්‍යාපෘතියට මුළු වියදම රුපියල් කෝටි 18600කි. ඉහළ අලහැර ඇළ ඉදිකිරීම වයඹ පළාතේ වාරි සංවර්ධනය හා මිණිපේ අමුණ වේල්ල ප්‍රතිසංස්කරණය ද හා බිසෝපුර සංවර්ධනය මීට අයත්වේ. මේ අනුව අද මේ මැද රට හා රජරට මායිමේ ඉදිවන මෙරට යෝධ බහුකාර්ය යෝජනා ක්‍රමය නිසා මාතලේ පොලොන්නරුව දිස්ත්‍රික්වල ජනතාවට අලුත් ජීවිත අපේක්ෂා රැසක් සමඟ අලුත් සමාජ සංස්කෘතියත ද පෙර මඟ ලකුණු ද පහළ වෙමින් තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රබලතම ජීවිත අපේක්ෂාවක් වූ මේ මහ ව්‍යාපෘතිය මඟින් රජරටට නැගෙනහිරට ද මධ්‍යම පළාතට ද පිරිසුදු පානීය ජලය, වාරි ජලය හා වෙනත් කෘෂි හා ධීවර ක්ෂේත්‍රයේ ආදායම් ලබා දෙන අතර මුල සිටම මෙගා වොට් 25ක ජල විදුලි බලයක් ද ලබා දෙන්නේ රටටම මෙහි ප්‍රතිලාභ පෙන්නුම් කරමිනි.

    මේ ව්‍යාපෘතියෙන් නැවත පදිංචි කළ පවුල්වලට මෙරට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල වන රුපියල් දසලක්ෂ 11000ක් පමණ ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව ඔවුන්ට ගෙවීමට තිබූ වන්දි මුදල සියයට 50කින් වැඩි කිරීමට මහවැලි සංවර්ධන කටයුතු බාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිතුමා තීරණය කර ඇති බවත් ඒ වන්දි මුදල එකවර ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සමඟම මැදිරිගිරිය ප්‍රදේශයේ අලුත් ඉඩම් 9000ක් මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ. වැව් 36ක් ප්‍රධාන මාර්ගයක් යටිතල පහසුකම් රැසක් එහි ඉදිවන අතර විශාල කර්මාන්ත පුරයක් ද ඉදිකිරීමට නියමිතය.

    කළුගඟ ජලාශය නිසාත් මොරගහකන්ද ජලාශය නිසාත් ඉඩම් අහිමිවූ ජනතාව දැන් මාතලේ දිස්ත්‍රික්කයේ නව ලග්ගල ප්‍රදේශය ගුරුවෙල හා වැල්ලෙවෙල ප්‍රදේශ දියුණු නගර හා ගම්මාන ලෙස සියලු පහසුකම් සහිතව දැන් සංවර්ධනය කර තිබීම පිළිබඳව සිය සතුට පළ කර සිටිති.

    නව ලග්ගලදී අපට හමු වූ ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සභාපති ඊ. ඇන්. රන්බණ්ඩා මහතා පැවසුවේ තම මුල් ගමේ සියලු දෙනාටම අක්කර ‍2ක් බැගින් ඉඩම් ලබාදීම ගැන ඉතා සතුටු වන බවයි. අපට ඉඩම් විතරක් නෙමේ වන්දි මුදල් පැළ වර්ග කෘෂි උපදෙස්, පානීය ජලය, ගෙදරට විදුලිය, කෘෂි උපකරණ කට්ටල සමඟ ප්‍රවාහන පහසුකම් පවා ලබාදුන්නා... අපි ඉස්සර හිටියෙ කරදමුල්ලේ ඉස්සර හිටියාට වඩා නාගරික පහසුකම් මැද හිතේ සතුටෙන් දැන් අපි ජීවත් වෙනවා. රන්බණ්ඩා මහතා පැවසුවේ හදපිරි සතුටිනි.

    moragahakanda_2.jpg


    ඒ සමඟම එහිදී අපට හමුවූ දක්ෂ ගෙවිලියක් වූ ජේ. ඒ. එන්. පී. මුතුතන්ත්‍රී මහත්මිය පැවසුවේ ද තම ජීවිතය අලුතින් පදිංචි කිරීමත් සමඟ අලුත් වූ බවයි. “අපිට ඉස්සර ලග්ගල ඉන්නකොට මෙච්චර පහසුකම් තිබුණේ නෑ. දැන් අපට අත ළඟම මොන්ටිසෝරි, මහා විද්‍යාලය, රෝහල, පොලීසිය ආදි සියලු යටිතල පහසුකම් තිබෙනවා. අපිට ඉස්සරට වඩා හොඳයි” ඇය පැවසුවේ අලුත් පදිංචිකරුවන්ගේ පොදු හඬය.

    පල්ලෙගම සිට පැමිණි ගොවි මහතකු වූ පී. ජී. දිසානායක මහතා ද තම අක්කර 1/2 ගෙවත්ත දැන් ඉතා සරුවට වවාගෙන සතුටින් ජීවත් වෙයි. ඔහු පැවසුවේ මුලින්ම ඔවුනට පවුලකට අත්‍යවශ්‍ය පැළ 25ක් පමණ මහවැලියෙන් ලබා දුන් බවයි. කෘෂි උපදෙස් අනුව මට ඉඩම් වැවීම්, පොල් පැළ 5ක් පලතුරු පැළ ආදියට අපට ලැබුණා. ඒවා සියල්ල වවාගෙන හිටියාට වඩා හොඳට අපි දැන් ඉන්නවා. දිසානායක මහතා කීය.

    මෙහිදී අපට හමු වූ ගුරුවෙල ප්‍රදේශයේ කොට්ඨාස කළමනාකාර බී. එම්. ටී. බණ්ඩාර හා ක්ෂේත්‍ර සහකාර ආර්. ඩී. විජේසිංහ යන මහත්වරු ප්‍රදේශයේ ජනතාවගේ දියුණුවට ඉමහත් කැපවීමෙන් කටයුතු කරති. අපිට මේ මහත්වරු හුඟක් උපදෙස් දෙනවා. ඉස්සර හිටිය පැත්තේ මෙහෙම උපදෙස් දෙන්න කවුරුවත් නැහැ. ඒ නිසා අපට ලැබුණු ගොඩ ඉඩමෙන් අපිට කන්න සේරම දේවල් වගා කළා. දැන් මේ හැම වැඩකම පිළිවෙළක් තිබෙනවා. ඒ අනුව මේ පැත්ත දියුණු වෙලා. අපිට හුඟක් සතුටුයි. හිටියට වඩා හොඳින් ඉන්නවා” තම ලග්ගල ප්‍රදේශයේ අලුතින් පදිංචි වූ එස්. කුමාරි අබේසිංහ මහත්මිය පවසන්නීය.

    ගුරුවෙල නව මහවැලි කොට්ඨාසයේ නැවත පදිංචි කරවූ අයට අලුත් නගරයක් ඉදිවී ඇත. ඒ නව ලග්ගල නගරයයි. පැරැණි ලග්ගල නගරය කළුගඟ ජලාශයට යටවන අතර නව නගරයේ පැරැණි නගරයට වඩා පහසුකම් රැසකි.

    ඒ අතර පොලිස් ස්ථානය, ඒකක කළමනාකරණ කාර්යාලය, සමූපකාර ගොඩනැඟිලි සංකීර්ණය, ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආයුර්වේද රෝහල් සංකීර්ණය, සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය, නව රෝහල් සංකීර්ණය, මහා විද්‍යාලය, කනිටු විද්‍යාලය, පොදු ක්‍රීඩාංගණය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැඟිල්ල, මහජන පොළ භූමිය හා ගොඩනැඟිලි, තැපැල් කාර්යාල සංකීර්ණය, අධිකරණ සංකීර්ණය, බස් නැවතුම්පොළ, නව ලග්ගල නගරයේ ඉදිවන ප්‍රධාන ආයතන වෙයි.

    ගුරුවෙල ඒකකයේ කොට්ඨාස කාර්යාලය, ඒකක කාර්යාල ගොඩනැඟිල්ල, කුඩා සමූපකාර ගොඩනැඟිල්ල, ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල, උප තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල ඉදි වී අවසන්ය. හීරටිඔය ඒකකයේ ඒකක කාර්යාල ගොඩනැඟිල්ල, ප්‍රාථමික විද්‍යාලය, කුඩා සමූපකාර ගොඩනැඟිල්ල, ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල, උප තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිවෙමින් තිබේ. මීට අමතරව නව සංවර්ධන ප්‍රදේශය අලුත් පාසල් 3ක් ඉදි කෙරේ. තිබෙන පාසල් නවීකරණය වෙයි.

    වැල්ලේවල කොට්ඨාස කාර්යාල ගොඩනැඟිල්ල ඒකක කාර්යාල ගොඩනැඟිල්ල ඉදි වෙමින් තිබෙන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය. තෝරපිටිය ඒකකයේ ඒකක කාර්යාල ගොඩනැඟිල්ල, උප තැපැල් කාර්යාල, කුඩා සමූපකාර ගොඩනැඟිලි හා ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල ඉදි වෙමින් ඇත.

    මොරගහකන්ද ව්‍යාපෘති ප්‍රදේශයට ආසන්න අඹන ප්‍රදේශයේ නව ප්‍රාදේශීය නගරය ඉදිකිරීම සැලසුම් කර ඇත. එහි සංවර්ධන කටයුතු රැසකි.

    කූඹියන්ගහඇළ විද්‍යාලය නවීකරණය කිරීම, නව පාසලක් සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රාදේශීය රෝහලක් ඉදිකිරීම, ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය, මහජන පුස්තකාලය, කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය, උප තැපැල් කාර්යාලය, කර්මාන්තපුරයක් සඳහා ඉඩම් වෙන් කිරීම, සමුපකාරය සහ ග්‍රාමීය බැංකුව, සමෘද්ධි බැංකුව, ඒකක කළමනාකරණ කාර්යාලය ඉදි කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

    මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පෞද්ගලික උනන්දුව මත ඉදි කර අවසන් වෙමින් පවතින මේ මහා ව්‍යාපෘතිය නිසා දැනටම ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබෙමින් පවතී.

    සමහර නැවත පදිංචිකරුවන් විවිධ මත ප්‍රකාශ කළත් නැවත පදිංචිකරුවන් පිරිසකට මෙතරම් ප්‍රතිලාභ ලැබුණු තවත් ව්‍යාපෘතියක් නැති තරම්ය. එමෙන්ම අප කළ ගවේෂණ අනුව මෙහි නැවත පදිංචිකරුවන් වැඩි පිරිසක් තම ඉඩම් මේ මහා ව්‍යාපෘතියට ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳවත් සතුට පළ කරති. අප සියලු දෙනා කළ යුත්තේ මේ කටයුත්තට පූර්ණ සහාය දක්වා රට බත බුලතින් සරු කරන්නට තවත් අතහිත දීම මිස අකුල් හෙළීම නොවේ.

    රටේ දිස්ත්‍රික්ක 9කට සෙත සලසනවා

    moragahakanda_3.jpg

    ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. බී. තෙන්නකෝන්

    මෙම ව්‍යාපෘතිය මගින් රටේ දිස්ත්‍රික්ක 9කට සෙත සැලසේ. මෙහි ඉඩම් අහිමි වූ සම්පූර්ණ පවුල් ගණන 2500කට ආසන්නය. මේ සියලු පවුල් සඳහා ජලය දීමට මාතලේ පල්ලෙගම ලග්ගල ප්‍රදේශයේ හා පොලොන්නරුවේ බිසෝපුර ප්‍රදේශයේ අලුත් වැව් 48ක් ඉදිවන බව ව්‍යාපෘති කළමනාකාර ආර්. බී. තෙන්නකෝන් මහතා පවසයි. නැවත පදිංචි කිරීම් යටතේ ලග්ගල කළු ගඟ ප්‍රදේශයේ හෙක්ටයාර් 3000ක් සංවර්ධනය කරන අතර පොලොන්නරුව බිසෝපුර ප්‍රදේශයේ සංවර්ධනය සඳහා තවත් අක්කර 9000ක් වෙන් කර තිබේ.

    කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නව ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ අලුත් ප්‍රධාන නගරයක් හා උප නගර හයක් සියලු පහසුකම් සහිතව ඉදි කෙරේ. පොලිසි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය මධ්‍යස්ථාන, සමූපකාර සමිති හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඒ යටතේ දැන් ඉදි කෙරෙමින් පවතී. මීට අමතරව කළුගඟ ව්‍යාපෘති කලාපයේ ඉඩම් හෙක්ටයාර 400ක් සංචාරක හෝටල් ඉදිකිරීමට කටයුතු කරන අතර තවත් හෙක්ටයාර 1000ක් කර්මාන්ත පුරයක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ.


    මොරගහකන්දෙන් දැනටම ඇලහැර කුඹුරු වගා කරනවා

    moragahakanda_4.jpg

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී. බී. විජේරත්න

    මොරගහකන්ද ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. බී. විජේරත්න මහතා පවසන පරිදි දැනටම මොරගහකන්දේ අක්කර අඩි 50000ක ජලයෙන් හා ගිරිතලේ ජනතාවට සිය කුඹුරු ඉඩම් අස්වැද්දීමට ජලය සපයනු ලැබේ. මොරගහකන්ද සමුද්‍රය පිරී අවසන් වීමටත් පෙර ඉන් ප්‍රතිලාභ ලැබීම ආරම්භ වීම සුවිශේෂ ආරම්භයක් බව ද විජේරත්න මහතා කියයි. ඒ අනුව දැනට දිනකට ජලය ඝන මීටර් මිලියනයක් ඇළහැර හා ගිරිතලේ ගොවි ජනතාවට මොරගහකන්දෙන් ලබා දෙයි.

    සේයාරූ - සුසන්ත විජේගුණසේකර


    - http://www.silumina.lk/2017/02/11/විශේෂාංග/යළිත්-පැරකුම්-යුගයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Japan provides Rs. 5.2 billion to improve facilities and equipment at secondary hospitals in Sri Lanka

    Fri, Feb 10, 2017, 12:38 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 10, Colombo: The Government of Japan, through JICA (Japan International Cooperation Agency), has provided Japanese Yen 3.935 billion (approximately Rs. 5.232 billion) for the improvement of facilities and equipment to secondary hospitals in Sri Lanka to improve the health system and strengthen the secondary level hospitals in the country.

    Under this project, four secondary hospitals - Theldeniya Base Hospital, Warakapola Base Hospital, Kaluvanchykudy Base Hospital, and Galgamuwa Base Hospital were refurbished, the Japanese Embassy in Colombo said.

    The improved Kaluwanchikudy Base Hospital complex was opened under the patronage of President Maithripala Sirisena and Ambassador of Japan to Sri Lanka Kenichi Suganuma at Kaluwanchikudy on the 1st of February 2017.

    As a result, local people of the Eastern Province have access to quality health care services. For example, Kaluwanchikudy Base Hospital is restored with a new central ward including ICU, operating theater, hospital ward with latest medical equipment, new outpatient's ward and the mortuary for the smooth functioning of the hospital.

    MS02012017E_2.jpg


    "The Government of Japan hopes that this assistance will be effectively utilized to the welfare of the people seeking treatments, improve their health conditions and facilitate the long term development in Sri Lanka," the Japanese Embassy said.

    - http://www.colombopage.com/archive_17A/Feb10_1486710529CH.php
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Housing project launched for fishermen community in South with Korean funds
    Fri, Feb 10, 2017, 01:04 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 10, Colombo: The Sri Lankan government has come up with a sustainable solution to the housing issue of the entire fisher community in the country, State Minister of Fisheries and Aquatic Resources Development Dilip Wedaarachchi said.

    Fisher02102017.jpg


    The State Minister made this announcement at the inauguration of a housing project to construct houses for the fishermen community in Bata Atta village of Ambalantota in the South.

    The housing project is fully funded by the Government of South Korea and no local funds will be spent, the State Minister said.

    The housing village for the fishermen will contain 100 houses and under the first phase 25 houses will be constructed. The village comprise a children's park and a fisheries technical college. The constructions commenced on 05th February.

    The State Minister also promised his continued dedication to the development of the fishermen community in the entire nation.

    - http://www.colombopage.com/archive_17A/Feb10_1486712092CH.php
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    First hybrid power plant opened in Sri Lanka
    Fri, Feb 10, 2017, 07:44 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 10, Jaffna: Minister of Power and Renewable Energy Ranjith Siyambalapitiya Friday declared open Sri Lanka's first hybrid power plant in Eluvathivu Island, Jaffna.

    The new power plant has a capacity to generate 60 KW electricity using wind power, solar power, and diesel.

    The Asian Development Bank and the Ceylon Electricity Board financed the project at a cost of Rs. 187 million. The project is aimed at promoting green energy.

    One unit generated by this power plant will cost about Rs. 9.14, according to the Power and Renewable Energy Ministry.

    16681798_1264115500349510_7506828878394446994_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka to call tenders for 60, mini solar farms shortly: minister

    Feb 11, 2017 17:19 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka plans to float tenders to build 60 1 MegaWatt solar power plants of 1 MegaWatts each, next week, Deputy Energy Minister Ajith Perera said.

    Solar is among the most expensive source of power.

    "Cost of solar power technology has been coming down," Perera said. "We are calling transparent tenders from investors."

    By calling tenders instead of using lobbied rates decided by the regulator, Sri Lanka has sharply brought down the feed in costs of wind energy from around 20 rupees to a little over 12 rupees under the watch of Perera.

    - http://www.economynext.com/Sri_Lank...i_solar_farms_shortly__minister-3-7302-8.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    CTB FLEET TO BE INCREASED BY 1,250 NEW BUSES

    The Transport and Civil Aviation Ministry hopes to add 1,750 more buses to the CTB fleet of 5,500 buses during this year.
    The Ministry has called tenders to import 1,250 new buses including 900 two-door buses, 250 single-door buses, 100 low-floor buses and
    500 engines, Transport and Civil Aviation Deputy Minister Ashok Abeysinghe told the Sunday Observer yesterday. The Ministry has also taken steps to repair 500 old buses by replacing engines and gear boxes. With the import of 1,250 new buses and repairing 500 old buses, the Ministry will add 1,750 buses to the CTB bus fleet this year, he said.
    The Minister said in addition, steps will be taken to remove the buses which are between 15 to 20 years old from the fleet.
    The Ministry has also decided to import 12 railway engines, six power sets and 160 train compartments under the Indian Credit Line. After tenders are finalised, we have to make a 30 percent advanced payment within three months to the manufacturers of railway engines and power sets. It will take nearly one and a half years to manufacture these railway engines and power sets.

    - http://sundayobserver.lk/2017/02/12/news/ctb-fleet-be-increased-1250-new-buses
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Mega state plan to create 25,000 more innovative companies

    The Government, in a joint Ministry of National Policies and Economic Affairs and Central Bank initiative, on Thursday announced a massive programme to fund start-ups with the potential of creating 25,000 new innovative companies.

    As part of the ‘One Million Jobs Programme, an official announcement said potential start-up companies will be offered grants and cheap loans upto Rs. 250,000.

    The scheme titled “SWASHAKTHI; has been designed to develop start-ups and targeting “people with entrepreneurial ideas and talent, who have the courage and strength to see their dreams and ideas transform into reality”.

    Under this scheme, a new start-up will receive a grant of up to Rs. 10,000 in lieu of initial expenses while the entrepreneur is expected to match this with an equal contribution. Thereafter a maximum loan of Rs. 200,000 at an interest rate of 5.5 per cent per annum is available in addition to a further amount of up to Rs. 40,000 to be disbursed as a grant upon evaluation of the project after the initial six months.

    Existing businesses will receive a maximum loan of Rs. 250,000 at an interest rate of 5.5 per cent, the announcement said, adding that the scheme is targeted to prospective micro, small and medium scale entrepreneurs at village level who want to commence new businesses or expand existing businesses. It also includes entrepreneurs with new ideas that use local area resources, IT based products and eco-friendly economic activities; youth, women, young graduates, and skilled and differently abled people.

    The selection criteria is based on novel business ideas, entrepreneurial and technical skills of the loan applicant, market demand for the proposed product, marketing and packaging strategies, potential for employment generation, appropriateness of technology, etc. The notice said: “Do you have an innovative idea for a start-up? Do you want to get started without any delays? Are you willing to work tirelessly towards it in order to make it grow into something big? If all that is holding you back are finances, think no further, we are there for you; to finance your start-up and watch it grow as you grow with it.”

    - http://www.sundaytimes.lk/170212/bu...e-25000-more-innovative-companies-227875.html
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    First hybrid power plant opened in Sri Lanka
    Fri, Feb 10, 2017, 07:44 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 10, Jaffna: Minister of Power and Renewable Energy Ranjith Siyambalapitiya Friday declared open Sri Lanka's first hybrid power plant in Eluvathivu Island, Jaffna.

    The new power plant has a capacity to generate 60 KW electricity using wind power, solar power, and diesel.

    The Asian Development Bank and the Ceylon Electricity Board financed the project at a cost of Rs. 187 million. The project is aimed at promoting green energy.

    One unit generated by this power plant will cost about Rs. 9.14, according to the Power and Renewable Energy Ministry.

    16681798_1264115500349510_7506828878394446994_n.jpg

    ;););););)