සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    pg07_1.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    දැදුරුඔය ජල සම්පාදන ව්‍යාපෘතිය සදහා මුල් ගල තැබිමේ උත්සවය අද දින ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මැතිතූමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    කූරුණෑගල දිස්ත‍්‍රිකයේ මහව, පොල්පිතිගම ප‍්‍රාදේශයේ ග‍්‍රාම නිලදාරි වසම් 97 ජනතාවට මෙමගින් සෙත සැලසෙන අතර ප‍්‍රදේශායේ බහුලවම පවතින වකූගඩු රෝගයට පිලයම් යෙදිමත් මෙහි ප‍්‍රධාන අරමුණක් වේ.

    රුපියල් මිලියන 8,855 ක් වු
    ශ‍්‍රි ලංකා ජන රජයේ හා කොරියනු රජයේ මුල්‍ය අධාර මත ඉදි වන මෙම ව්‍යාපෘතිය මගින් 90,700 පමණ සෙත සැලසේ.

    කොරියානු තනාපති වොන් සෑම් චැන්, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටි.බි. ඒකනායක, වයඔ පලාත්සභා මන්ත‍්‍රි රිස්වි ජාවහර්සා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති අන්සාර් මහතා ඇතූලු ප‍්‍රදේශයේ මහජන නියොජිතයින් රුසක් සමග ජල සම්පාදන මණඩලයේ උසස් නිලදාරින් රුසක් සහභාගි විය.

    16807119_1966641786902493_7522487144001895757_n.jpg

    16864357_1966641793569159_1756405595977288918_n.jpg

    16830813_1966642350235770_9036841305865970160_n.jpg


    - https://www.facebook.com/RauffHakeemOfficial/posts/1966642600235745
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කුරුණෑගල, තෝරයාය ජල සම්පාදන ව්‍යාපෘතිය සදහා මුල් ගල තැබිමේ උත්සවය අද දින ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මැතිතූමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් වයඔ පලත්සභා මන්ත‍්‍රි රිස්වි ජවාහර්සා මහතාගේ ඉල්ලීමකට අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය රුපියල් මිලියන 365ක මූල්‍ය ප‍්‍රාග් ධනයක් යොදවමින් ඉදි කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් කූරුණැගල දිස්ත‍්‍රිකයේ මල්ලවපිටිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම සේවා වසම් 4ක 7,500 කට වැඩි ජනතාවකට මෙමගින් සෙත සැලසේ.

    පාර්ලිමේන්තූ මන්ත‍්‍රි ජේ. සී. අලවතුවල, වයඔ පලාත්සභා මන්ත‍්‍රි රිස්වි ජාවහර්සා, ඇතූලු ප‍්‍රදේශයේ මහජන නියොජිතයින් රුසක් සමග ජල සම්පාදන මණඩලයේ උසස් නිලදාරින් රුසක් සහභාගි විය.

    16832351_1966786356888036_7467979340310595238_n.jpg

    16864560_1966786506888021_1747380353682062078_n.jpg


    - https://www.facebook.com/RauffHakeemOfficial/posts/1966791510220854
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    හෝමාගම, පිටිපන, මාහේනවත්ත ඉඩමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් ලබා දීම

    - විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවා ලීම සඳහා සහ ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 34ක පමණ ඉඩම් අත්පත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබ ඇත. එම ඉඩම්වලින් අක්කර 46ක පමණ වපසරියකින් යුත් ඉඩම් කො‍ටස්, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලබන වටිනාකම ගෙවීමට යටත්ව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතන වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වන ඉඩම් හිමියන්ට ගෙවනු ලබන අමතර වන්දි මුදල ගෙවීම කඩිනම් කිරීම

    - මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන පවුල් සඳහා ඔවුන්ගෙන් අත් කරගනු ලබන ඉඩම්වල තක්සේරු වටිනාකමට අමතරව 50%ක වන්දි මුදලක්, 2016-2019 වසර 04ක කාල පරිච්ඡේදය තුළ කොටස් වශයෙන් ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී තිබේ. ජලාශයට යටවන ඉඩම්හිමියන්ට ඇති වී තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු සැලකිල්ලට ගෙන, එම අමතර වන්දි මුදල, 2017-2018 දෙවර්ෂය තුළ සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීම

    - නුවර හා ගාල්ල නගරවල උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 147ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් සපයනු ලැබ ඇත. එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් ගාල්ල ප්‍රදේශයේ මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීමට නියමිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් 844,907,205.00ක වැට් රහිත මුදලකට සී/ස බිස්නස් ප්‍රමෝටර්ස් ඇන්ඩ් පාර්ට්නර්ස් ඉංජිනියරින් (පෞද්.) සමාගම [M/s Business Promoters & Partners Engineering (Pvt.) Ltd.] වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නාගරික ඝන අපද්‍රව්‍ය දහනය කිරීම මඟින් නිපදවනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා අය ක්‍රමයක් හඳුන්වාදීම

    - කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබීමට දැනටමත් අනුමැතිය ලබා දී ඇති නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ ඉදිරියේදී ස්ථාපිත කරනු ලබන එවැනි නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන මඟින් කසළ දහනය කිරීමෙන් උත්පාදනය කරනු ලබන විදුලිය මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කරනු ලැබ ඇති අයක්‍රමය (Feed in Tariff) ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජය සතු විශේෂ යටිතල පහසුකම් සමාගමක් (SIFCO) මඟින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම

    - කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් යොදාගනිමින් වගකීම් සහගතව අරමුදල් කළමනාකරණය කරමින් රටෙහි සංවර්ධනය වේගවත් කිරීමට දායක වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා මූලිකත්වය දීම රජයේ ප්‍රතිපත්තියයි. ඒ අනුව, හඳුනාගත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල ප්‍රශස්ත කාර්යක්ෂමතාවකින් ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන පරිදි, ශ්‍රී ලංකා රජයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, වගකීමෙන් සීමිත පොදු සමාගමක් ලෙස 'විශේෂ යටිතල පහසුකම් සමාගම' (SIFCO) ස්ථාපනය කිරීමටත්, දැනට ඉදි කරනු ලැබ ඇති දක්ෂිණ, පිටත වටරවුම්, කොළඹ - කටුනායක යන අධිවේගී මාර්ගවල, ඉදි කෙරෙමින් පවතින හා අනාගතයේ ඉදි කෙරෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල වත්කම් එම සමාගම වෙත පැවරීමටත්, එම වත්කම් පදනම යොදාගනිමින් ආයෝජකයින්ගෙන් ප්‍රාග්ධනය ඉපයීමට හෝ එම වත්කම් ඇපයක් වශයෙන් යොදාගනිමින් නව අධිවේගී මාර්ග ඉදි කිරීම සඳහා ණය ලබාගැනීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ සඳහා මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

    - ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අත්‍යවශයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගනු ලැබ ඇති අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම ප්‍රතිසංස්කරණ අතුරින් කිහිපයක් 2017 - 2022 කාලය තුළ 'මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ ව්‍යාපෘතිය' මඟින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. තෝරාගත් මධ්‍යම මට්ටමේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍යමය සහාය දැක්වීම, නියාමන ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම හා එම ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හා අධීක්ෂණය කිරීම යන සංරචක තුන(03) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

    ඒ අනුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යන ආයතන විසින් 2017 - 2022 කාලය තුළ 'මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන්(IDA) ඇමරිකන් ඩොලර් මිලියන 75කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) ව්‍යවහාර ණය මුදලක් ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා ජාතික රෝහල සියලු පහසුකම්වලින් සමන්විත නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීම

    - මෙරට සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතියේ විශිෂ්ටතම මධ්‍යස්ථානය ලෙස සැලකිය හැකි, ඇඳන් 3,382කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල දීර්ඝකාලීන සංවර්ධන සැලසුමක් අනුගමනය කරමින් අංග සම්පූර්ණ නවීන රෝහලක් වශයෙන් සංවර්ධනය කිරීම කාලෝචිත වේ. මෙම සංවර්ධන ක්‍රියාදාමයේ කොටසක් වශයෙන්, කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති පහත සඳහන් අවශ්‍යතා ඉටු කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රෝගීන්ට හා කාර්යමණ්ඩලයට පුළුල් පහසුකම් සැලසෙන පරිදි පැරණි වික්ටෝරියා ගොඩනැඟිල්ල හා බණ්ඩාරනායක ගොඩනැඟිල්ල නවීකරණය කිරීම.

    බාන්ස් පෙදෙසෙහි පිහිටි වෛද්‍යවරුන්ගේ නිල නිවාස සහ අංක 93හි පිහිටි හෙද නිල නිවාස නවීකරණය කිරීම.

    කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නවීන නවජ (Neonatal) ළදරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

    - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යාබදව, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති 'ද සොයිසා කාන්තා රෝහල' මඟින් මාතෘ, ප්‍රසව හා නාරිවේද, මඳසරු බව, ළදරු සත්කාර සහ පවුල් සැලසුම් සම්බන්ධ වෛද්‍ය සේවාවන් සලසා දෙනු ලැබේ. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම සඳහා ද එම‍ රෝහල දායක වේ. ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන දරු උපත් සංඛ්‍යාව මෙන්ම සංකූලතා හේතුවෙන් වෙනත් රෝහල්වලින් මාරු කර එවනු ලබන මව්වරුන් හා ළදරුවන් සංඛ්‍යාවද ඉහළ අයගයක් ගන්නා බැවින්, එම රෝහලේ නොමේරූ ළදරු ඒකකය (PBU) සහ විශේෂ සත්කාර ළදරු ඒකකය (SCBU) වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින අතර ඒ සඳහා අරමුදල් සලසා ගැනීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, ද සොයිසා කාන්තා රෝහලෙහි නවජ ළදරු සත්කාර සහ විශේෂඥ ළදරු සත්කාරක සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නවජ ළදරු විශේෂඥතා මධ්‍යස්ථානයක් ප්‍රංශ රජයේ ආධාර යටතේ එම රෝහල තුළ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-02-21
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka based airbag sensor maker to buy Japan parent

    Feb 22, 2017 11:17 AM GMT+0530

    ECONOMYNEXT - Lanka Harness, a Sri Lanka based precision technology company that makes airbag sensors and seat belts, plans to buy out its parent Ito Springs of Japan.

    Managing Director Rohan Pallewatte told Colombo-base Echelon business magazine, the deal will be completed this year increasing its clout in US and Europe markets.

    Ito Sprints is a supplier to top Japanese firms including Toyota, Nissan and Honda.

    Lanka Harness was set up in 2002, with an 8 million dollar investment by Ito Springs with 350 people making 350,000 sensors. It now makes two million, supplying firms outside Japan including Aston Martin, BMW, Fiat-Chrysler, Ford, Saab, Volkswagen and Volvo.

    "I built the non-Japanese business on my own," Pallewatte was quoted as saying. "When I acquire the parent company, I can be more aggressive.

    "I will have the added advantage of negotiating from Japan, home to several giants in the industry, and heading a company that has been a tier-one supplier for decades. Imagine what I could achieve."

    The deal will tightly integrate the firm with the supply chain of of Japanese automakers who rely on so-called tier-one suppliers for on-time delivery. (Colombo/Feb22/2017)

    - http://www.economynext.com/Sri_Lanka_based_airbag_sensor_maker_to_buy_Japan_parent-3-7407-4.html

    Lanka Harness joins the elite tier of auto suppliers

    The company that makes impact sensors for airbags and seatbelts will get a boost when it acquires its Japanese parent company in 2017, consolidating its position as a tier-one automotive supplier

    February 15, 2017

    By Devan Daniel

    Lanka Harness, a $40 million export revenue company making impact sensors for airbags and seatbelts, will acquire its parent company Ito Springs Japan in 2017, giving it a significant boost to grow its business by supplying directly to carmakers in Europe and the US.

    Read more
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    තාක්ෂණය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් නව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක්

    කොරියානු ජනරජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදි‍කිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද(22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී රාධක්‍රිෂ්ණන් මැතිතුමාගේ සහ කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත මැතිතුමාගේ සහභාගීත්වයෙන්.

    මාස 18ක් තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිත මෙම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙනුවෙන් කොයිකා ආයතනය වෙතින් රුපියල් මිලියන 1911ක මූල්‍ය ප්‍රදානයක් ලැබී තිබෙනවා.
    අනාගත වැඩලෝකයට ගැළපෙන තාක්ෂණ හැකියාවෙන් පරිපූර්ණ ශ්‍රමබළකායක් ඇති කර ගැනීමේ ජාතික අවශ්‍යතාව රජය හොඳින් හඳුනාගෙන සිටින අතර දැනටමත් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙමින් පවත්නා තාක්ෂණවේදය විෂය ධාරාව වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ම වෙන් වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා නොපැවති බවත් කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් ඉදිරියේ දී එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.
    මෙම අවබෝධතා ගිවිසුම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ කොයිකා ආයතනය වෙනුවෙන් කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත ලී ඩොන් කියු (Lee Don Ku) මහතා අත්සන් කරනු ලැබුවා
    .

    16864589_10155122217704060_5689508659308827400_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10155122220659060
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ඉඩම් අත්පත් කරගැනීමේදී වන්දි ඉහලට

    මහ නගර සභා ප්‍රදේශයන්හි මහා මාර්ග ඉදිකිරීමේදී ඉඩම් අත්පත් කරගැනීමේදී ඉඩම් සඳහා වන්දි වෙනුවෙන් මෙතෙක් ගෙවූ ලක්ෂ 05 මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩිකිරීමේ සංශෝධනය අද (23දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    ඒඅනුව ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි ලෙස නගර සභා ප්‍රදේශයන්හි ලක්ෂ 03 ක මුදල 7,50,000 දක්වාද ප්‍රාදේශීය සභා ප්‍රදේශයන්හි 1,50,000 වන්දි මුදල ලක්ෂ 05 දක්වාද මේ අනුව වැඩිවේ.

    මහා මාර්ග දීර්ඝ කිරීමේ කටයුතු සිදුකිරීමේදී සාධාරණ වන්දියක් ලබාදීමේ අරමුණින් මෙම ඉඩම් අත්පත්කරගැනීමේ නියෝග සංශෝධනය කරන බව එම නියෝග ඉදිරිපත් කරමින් සංචාරක කර්මාන්ත ඉඩම් හා ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

    මේඅනුව දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේදී කටයුතුවලදී සහ මධ්‍යම අධිවේගී මාර්ගය ක්‍රියාත්මක කිරීමේදී මෙම වන්දි මුදල් අනුව කටයුතු කරන බවත් වන්දි ගෙවීමේ අර්බුදය හේතුවෙන් මෙම කටයුතු ප්‍රමාදවී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


    - http://www.ada.lk/article/216119/ඉඩම්-අත්පත්-කරගැනීමේදී-වන්දි-ඉහලට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    "රැන්කා පාර්ක් ලිමිටඩ් ආයතනය සහ ලේක් ලෙෂර්" සංවර්ධන ආයතනය සඳහා ඩ් .ආර් විජේවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා ලබාදීමට ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය.මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ,අධ්‍යක්ෂක ජෙනරාල් සුමේධ රත්නායක සහ එම සමගම නියෝජනය කරමින් ආයතන ප්‍රධානින් මෙම අවස්ථාවට එක්විය.

    16864569_1436585736385456_538591347531330196_n.jpg

    16831025_1436585743052122_5051915950699701544_n.jpg


    - https://www.facebook.com/pg/uda.gov.lk/photos/?tab=album&album_id=1436585706385459
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    උතුරේ අගනගරය මාන්කුලම් ?

    උතුරු පළාතේ අගනගරය ලෙස මාන්කුලම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
    ස්ථාවර නියෝග 23/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේබව පැවසීයය.
    අදාළ නගර සැලසුම් පමණක් නාගරික සංවර්ධන අධිකාරියෙන් සිදුකරන අතර, රාජ්‍ය ආයතන සහ සියලුම ආයතන සහභාගී කරගනිමින් නගරය ගොඩනැගීම සිදුකර බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    මේසම්බන්ධයෙන් උතුරු පළාතේ දේශපාලන අධිකාරිය සහ රජයේ නිලධාරීන් සමග සම්බන්ධ කරගනිමින් සාකච්ඡාකිරීමට සැලසුම් සකස්කරන බවද රණවක මහතාපැවසීය.
    උපායමාර්ගික පරිසරික අධ්‍යයනයකට අනුව නාගරික සංවර්ධන ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, පරිසර සංරක්ෂණ ප්‍රදේශ ආදිය හඳුනාගෙන ඇති බවත් ඒ අනුව සංවර්ධන කටයුතු සිදුකරන බවත් චම්පික අමාත්‍යවරයා පවසා සිටියේය.
    ඒ අනුව මෙම ප්‍රදේශයේ අක්කර 36 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කරන බවද මෙහිදී ප්‍රකාශ විය.


    - http://www.ada.lk/article/215708/උතුරේ-අගනගරය-මාන්කුලම්-?

    MANKULAM TOWN DEVELOPMENT PLAN
    - http://uda.gov.lk/index.php?option=com_content&view=article&id=76&Itemid=247&lang=en
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    BIA runway renovation in full swing

    2017-02-24 14:51:31

    image_1487928142-db35d3f06f.jpg


    The main runway of Bandaranaike International Airport in Katunayake is currently closed for renovations. Flights will use the runway only at night time during January to April, while the Mattala International Airport is used as an alternative
    for flight services. Pic by: Pradeep Pathirana

    - http://www.dailymirror.lk/article/BIA-runway-renovation-in-full-swing--124427.html