සංවර්ධන News

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න අපෙනුත් සපෝර්ට් එකක් .මේකාලේ තමයි හොදට හොයාගන්න පුළුවන් :P



    අනේ වාසනාවන් මේවගේ අකමතිලා :lol::angry::dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    “සුරක්ෂා” රක්ෂණාවරණයේ ඓතිහාසික ගිවිසුම අත්සන් තැබෙයි.

    · ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝබර් මස 01 දා සිට ක්‍රියාත්මකයි
    · ලක්ෂ 2 ක රක්ෂණාවරණයෙන් රුපියල් ලක්ෂ 5 කට අධික ප්‍රතිලාභ


    මාපියන්ට බරක් නොවී අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබා දීම නව රජයේ අරමුණ බවත් ඒ සඳහා නිදහස් අධ්‍යාපනය මෙරට ස්ථාපිත කරමින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ විප්ලවීය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට පාසල් සිසුන් ලක්ෂ 45 ක් වෙත ලබා දෙන මෙම රක්ෂණාවරණය මගින් හැකිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සුරක්ෂා රක්ෂණාවරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර ඒ සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්වෙමින්.

    පාසල් දරුවන් වෙත පෙළ පොත්, නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශිය අතරට රක්ෂණාවරණය ලබා දීම ද ඇතුළත්වන බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා මිලියන 4.5 ක් වන සියලු ම ශ්‍රී ලාංකික පාසල් සිසුන් “සුරක්ෂා” සිසු රක්ෂණ තුළින් ආවරණය වන බව සඳහන් කළා. ඒ අනුව සියලු ම රජයේ පාසල්, ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත පාසල්, සහ ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

    අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුම් ගත “ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව” විසින් 2017 ඔක්තෝම්බර් 01 දින සිට පැය 24 ම ආවරණය වන පරිදි සියලුම පාසල් දරුවන් සඳහා මෙම රක්ෂණාවරණය බලාත්මක කරනු ඇති.

    මෙම රක්ෂණ පහසුකම් සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය‍ සහ විශේෂ ප්‍රසාද දීමනා ලෙස අංශ තුනකින් සමන්විත වේ. සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් නේවාසික ප්‍රතිකාර සඳහා රු 200,000/-ක ප්‍රතිලාභ හා බාහිර ප්‍රතිකාර සඳහා තෝරාගත් රෝගවලට අදාළව ඖෂධ, වෛද්‍ය ගාස්තු හා පරීක්ෂණ සඳහා රු10,000/-ක ප්‍රතිලාභ වාර්ෂික ව හිමි වේ. හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ, අනතුරකින් ශිෂ්‍යයෙකු මියයාමේ දී දෙමාපියන්ට අවමංගල්‍ය කටයුතු සදහා රු. 10,000/- ගෙවීමක් සහ අනතුරකින් මව/පියා මියයාමක දී රු 75,000/- ශිෂ්‍යයාට ගෙවීමක් ද සිසුන්ට සිදුවන අබලතාවක දී රු 100,000/- ක් දක්වා උපරිමයක ප්‍රතිලාභ ද ලැබේ. විශේෂ ප්‍රසාද දීමනා යටතේ පුද්ගලික රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තුවලින් 20% ක අඩු කිරීමක් හිමිවේ. එසේ ම පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ දී මෙන් ම රජයේ රෝහලකින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රු 1,000/-ක් බැගින් දින 30ක් දක්වා දීමනාවක් ලැබෙන අතර රෝහල්ගත වීමකින් තොර ව වුව ද ශල්‍යකර්ම සඳහා ප්‍රතිලාභ හිමිවේ.

    රෝග, අනතුරු හා ආබාධ තත්ත්වවල දී සිසුන් ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම මගින් පාසල් පැමිණීම ඉහළ නැංවීම, වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම, ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමට සහාය වීම ද “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම මගින් අරමුණු කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවේ වර්තමාන යහපාලන රජය විසින් පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න සිසු දරුවන් වෙත ලබා දුන් මෙම රක්ෂණාරවරණය මින් පසු බලයට පත්වන සෑම රජයක් විසින් ම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවයි.

    යහපාලන රජය විසින් ඉදිරිපත් කරන ලද 2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලියට ඇතුළත් වූ පාසල් දරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාවක් අනුව “දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කෙරුණා.

    මෙම අවස්ථාවේ දී “සුරක්ෂා” රක්ෂණාවරණ ගිවිසුම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති හේමක අමරසූරිය මහතා විසින් අත්සන් කරනු ලැබුවා.

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

    21462910_10155807593054060_5642096607456504122_n.jpg

    21430366_10155807593209060_5955193445834900926_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10155807594704060

    More details:
    https://www.facebook.com/akilavirajk/videos/10155807284044060/

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    අසත්‍ය මාධ්‍ය ප්‍රචාරවලට පිළිතුරු දෙයි - මධ්‍යම අධිවේගී මාර්ගයේ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා

    මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු රජය ගෙන යන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම සිදු කරන බව කියන අසත්‍ය මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

    මෙහිදී විශේෂ ප්‍රකාශය කළ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මධ්‍යම අධිවේගි මර්ග සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ගෙන යන ද්වේශ සහගත අවලාද සම්බන්ධයෙන් මෙරට ජනතාවට සත්‍ය පැහැදිළි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශය කරනවා.

    මධ්‍ය අධිවේගී මර්හය සඳහා කැබිනට් අනුමතිය ලද සමාගම් මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා රජය හා ජපන් රජය මැදිහත්වීම නිසා ව්‍යාපෘතිය පිළිබඳ සාධණීය වෙනස්කම් ගණනාවක් සිදුකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන 25ක් වියදමක් අඩු කරගැනීමට රජයට හැකි වුණා. මේ මාධ්‍යයට කේන්ති ගොස් තිබෙන්නේ මේ වියදම අඩුකරගත් නිසයි.

    මේ මාධ්‍ය අපට අවලාද නගන්නේ,බිලියන 25ක මුදලක් රටට ඉතිරිකර දැමීම නිසයි.හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්තරාත්තුව ලබාදුන්නේ ජපානයේ ටයිසේ ආයතනය මුලින් ම ඉදිරිපත් කළ මිල ගණන් රුපියල් බිලියන 150ක්.ජපාන රජය හා අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මදිහත්වීමෙන් ඔවුන් සමඟ සකාච්ඡා කිරීමෙන් රුපියල් බිලියන 134ක් දක්වා අඩු කරගත්තා.

    අපේ මැතිවරණ ප්‍රකාශයෙත් මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ ජනතවට පොරොන්දුවක් ලබාදුන්නා. කොළඹ සිට නුවර යන්න වැයවන කාලය ඉන්ධන හා මහන්සිය සළකා බැලූ විට එය ජාතික අපරාධයක්. කොළඹ- නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නොවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්. මහනුවර කේන්ද්‍ර කරගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය ඉදිවෙනවා.කෘෂි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙනවා.තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදිවෙනවා. ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය ද තෝරාගෙන ඇත්තේ මහනුවරයි. මේ සියලු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේපොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300ක පමණ උසක සිට අඩි 1200ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්.මේ මාර්ගය සඳහා බිම් ගෙවල් තුනක් ඉදි වෙනවා.ඉහළින් ඉදිවන මර්ගයේ දිග කිලෝ මීටර 5.05ක්.

    මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදි වුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදිකළ යුතු ස්ථානයන් එසේ කළේ නෑ. පස් පුරවා මාර්ග ඉදි කළා. ඒ නිසා පරිසර ප්‍රශ්න ගණනවක් ඇති වුණා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදි වුණු අනෙක් අධිවේගී මාර්ගවලට වඩ ඉතා සංකීර්ණයි.

    2015 මාර්තු මස 27 දින ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම් බහුල බැවින් උසස් තාක්ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහාය දැක්වීමට සූදානම්ම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහාය ලබා දිය හැකි ආකාරය්න් දෙකක් දක්වා තිබුණා.

    රටවල් දෙකක ආණ්ඩු අතර සෘජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කොට නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා.

    ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සකච්ඡා තම අවසන් වී නෑ. ලබාගන්නා ණය මුදල පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹී නෑ.

    මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සඳහ මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම, වෙනත් ස්ථානවල පදිංචි කිරීම, මාර්ගය ඉදි කිරීම, අප බලාපොරොත්තු වන්නේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා දේශීය බැංකු ණය මුදලක් ලබගැනීමටයි. ඒ ගැන දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

    ජපාන රජයේ අඳහස අනුව 2016.6.22 වන දා ජපාන සමාගම් තුනක් සමඟ මිල ගනන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නෑ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. එහි තාක්ෂණික අඩුපඩු තිබුණා. ජපාන අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උ[අදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා සමඟ 2016-10-10 දින හමුවී සාකච්ඡා කළා.මේ අවස්ථාවේ දී ජපානයේ ඉල්ලීම වූවේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි.

    ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා.මිල ගණන් අනුව ෆුජිටා සමාගමට කොන්තරාත්තුව ලබාදීම සුදුසු බව 2016-12-06 දා කැබිනට් මණඩලය තීරණය කළා.එම අවස්ථාවේ කැබිනට් මණඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆිජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10ක කාලය තුළ ෆුජිටා සමාගම විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමති බවයි. ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූඋ අනෙක් ආයතන වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කිරීමයි.ටයිසෙයි සමාගම මිල ගනන් අඩු කිරීමටත් දින 365ක් තුළ ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමට එකඟ වීමත් නිසා ඔවුන් වෙත කොන්තරාත්තුව ප්‍රදාන්ය කිරීමට සුදුසු බව නිර්දේශ වුණා.


    අවසානයේ දී බිලියන 134.9ක් දක්වා ලංසුව අඩු කිරීමට එකඟ වුණා. මෙය ෆුජිටා සමගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7ක් එනම් මිලියන 7000ක් අඩුයි.ජපානය සමඟ කලින් සාකච්ඡා කළ පරිදි සමගම් දෙකම ඒකබද්ධව ඉදිකිරීම් සිදු කිරීමේ හැකියාව ගැන සළකා බැලීමටත් අප ඉඩ දුන්නා.

    ශ්‍රී ලංකා රජය එකඟවන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම එකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමටත් 2017-07-11 දා කැබිනට් අනුමතිට ලැබුණා. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ගත් තීරණ පෞද්ගලික තීරණ නොවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුව, සාකච්ඡ කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳව ජපාන රජයේ උපදෙස් ලබුණා. තවමත් ලැබෙනවා. නමුත් එක්තර මාධ්‍ය සමගමකට ප්‍රශ්නය වී තිබෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට ශ්‍රී ලංක රජය කටයුතු කිරීම පිළිබඳවයි.අපි මේ මාර්ගය හදන්නේ රටේ ජනතාවටයි. මේ මාර්ගයේ අවශ්‍යතාවය ජනතා හදවත් දන්නවා.

    මේ මාර්ගය නිසා වාසි ලබන්නේ මහජනතාවයි.මහජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සහ කරන මහාරාජවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි.තමන්ගේ ව්‍යාපාර තරකර ගැනීමට තමන්ගේ ම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.


    - https://sinhala.news.lk/news/world-2/item/24921-2017-09-08-08-06-22
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Petronet joint venture puts Sri Lanka on course to import LNG

    September, 8, 2017

    1468770092.jpg


    Indian energy giant Petronet LNG is forming a joint venture with partners from Japan and Sri Lanka to build a shore-based LNG-import terminal near Colombo.

    Petronet’s announcement ends months of speculation. It comes after Indian prime minister Narendra Modi signed a memorandum of understanding with Sri Lanka when he visited Colombo in May.

    The company has yet to name its joint venture partners, but says it has received a letter of intent from the government of Sri Lanka to build the plant. It has not disclosed whether it will build a land-based terminal or import LNG using a floating storage and regasification unit.

    “The capacity of the LNG terminal will be decided upon the gas demand in Sri Lanka and is expected to be developed in two years, after completion of initial formalities,” Petronet said.

    Previous reports linked Petronet to a proposed 2 million tonnes a year (mta) terminal at Kerawalapitiya on Sri Lanka’s west coast, between Colombo and Negombo. Valued at some US$250M, the proposed terminal will help a 300 MW oil-burning power plant to switch to gas.

    Petronet aims to control 30 mta of LNG imports and regasification capacity by 2020. It has a 15 mta import terminal at Dahej, Gujarat and a 5 mta terminal at Kochi, Kerala.

    Future growth will span the Indian subcontinent. Petronet wants to build a US$926M, 5 mta land-based LNG-import in the Kutubdia Islands in Bangladesh. It has also been linked to LNG-import talks in Mauritius.

    - http://bizenglish.adaderana.lk/petronet-joint-venture-puts-sri-lanka-on-course-to-import-lng/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    මොරගහකන්ද විදුලිය මහවැලි අධිකාරියෙන්

    9 සැප්තැම්බර්, 2017

    ජයසිරි මුණසිංහ
    පුවත්

    නොබෝ දිනකින් ජනතා අයිතියට පැවරෙන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඍජුවම මහවැලි අධිකාරිය මඟින් සිදු කිරීමට තීරණය කර ඇත. මහවැලි ව්‍යාපාරය යටතේ ඇති විදුලි බලාගාර සියල්ල මෙතෙක් පාලනය කළේ ලංකා විදුලි බලමණ්ඩලය මඟිනි. ඒ විදුලි බලාගාරවල සියලු ඉපයීම් විදුලිබල මණ්ඩලය සතු විය.

    මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි වන මොරගහකන්ද ව්‍යාපෘතියේ විදුලි බලාගාරයේ සම්පූර්ණ අයිතිය මහවැලි අධිකාරියට ලැබීම නිසා එම බලාගාරයෙන් ලැබෙන සියලු ආදායම් මහවැලි අධිකාරිය සතු වන අතර, එහි නඩත්තු කටයුතුද මහවැලි අධිකාරිය මඟින් සිදු කිරීමට නියමිතය.

    මොරගහකන්ද විදුලි බලාගාර සම්පූර්ණ විදුලි උත්පාදනය මෙගා වොට් තිහක් බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා කියා සිටී.


    - http://www.silumina.lk/2017/09/09/පුවත්/මොරගහකන්ද-විදුලිය-මහවැලි-අධිකාරියෙන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    සූර්ය බල සංග්‍රාමය යටතේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 42.5ක ධාරිතාවයක්

    September 9, 2017 10:29 am

    සූර්ය බල සංග්‍රාමය යටතේ මෙරට විදුලිබල පද්ධතියට මෙගා වොට් 42.5ක ජනන ධාරිතාවයක් ලබා දීමට හැකි වී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    මේ වන විට දිවයින පුරා විවිධ ධාරිතාවයෙන් යුත් සූර්ය බල පද්ධති 5000ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

    මේ අතර විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය සඳහා වූ මහජන අදහස් ලබා ගැනීම ලබන 12 වනදා සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    එහි අධ්‍යක්ෂ දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා ලිඛිත සහ වාචික අදහස් ලබාදීමට මහජනතාවට හැකියාව පවතින බවයි.


    - http://sinhala.adaderana.lk/news/77321/-විදුලිබල-පද්ධතියට-මෙගා-වොට්-42.5ක-ධාරිතාවයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    500 MW of wind power plants to national grid

    By Ruwan Laknath Jayakody -
    Sep 9, 2017

    The Ministry of Power and Renewable Energy seeks to add a total of 520 megawatts (MW) of wind power generation to the national grid by 2020 and 2021. Of the 520 MW, 300 MW will be generated from wind power plants to be constructed in the island of Mannar, the initial phase and stage of which will involve the construction of wind turbines to generate 100 MW. There are to be two 10 MW wind power plant projects in the Chavakachcheri area and two 100 MW wind power plant projects, one in Pooneryn and the other in the Siyambalanduwa area in Monaragala. Wind is a natural, renewable and environment friendly source of energy.

    - http://nation.lk/online/2017/09/09/500-mw-of-wind-power-plants-to-national-grid.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    දිඹුලාගල නව ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට...

    දිඹුලාගල නව ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල ඊයේ (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

    21557770_10155486609341327_7296121711956764894_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10155486608096327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    දිඹුලාගල, මීවත්පුර, සඳරැස්ගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට...

    දිඹුලාගල, මීවත්පුර, සඳරැස්ගම ආදර්ශ ගම්මානය ඊයේ (09) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමේ උත්සවය ඊයේ පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නංවා තිබෙන, සැමට සෙවණ, ජාතික නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 40 වන ආදර්ශ ගම්මානය සදරැස්ගම ආදර්ශ ගම්මානයයි. සමරු ඵලකය නිරාවරණය කර නිවාස 34 කින් යුත් සඳරැස්ගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි පළමු නිවස ද නිවාසලාභීයා වෙත පවරා දෙනු ලැබීය.

    21432982_10155486865706327_6593016841860573298_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10155486865251327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    පොලී සහන ණය යෝජනා ක්‍රම 8ට අධික ඉල්ලුමක්

    Monday, සැප්තැම්බර් 11, 2017 - 01:00

    ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් මීට සති තුනකට පෙර හඳුන්වා දුන් පොලී සහන ණය යෝජනා ක්‍රම අට සඳහා අධික ජනතා ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.

    ණය යෝජනා ක්‍රම අට අතුරින් “ජය ඉසුර” නම් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමේ යෝජනා ක්‍රමය යටතේ සති තුනක් ගතවීමට පෙර රුපියල් මිලියන 4000 ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් අමාත්‍යාංශය සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු මහතා “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය. කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනේ නව පිබිදීමක් අපේක්ෂාවෙන් රජය මේ ණය යෝජනා ක්‍රම අට ඉකුත් අගෝස්තු 18 වැනිදා ක්‍රියාවට නැංවූ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ප්‍රකාශ කළ බව සිහිපත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත වූ ඉතා කෙටි කාලයකදී වැඩි ජනතා උනන්දුවක් ඊට ලැබීම සතුටට කරුණක් බවද කීය.

    “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමයට ඉහළම ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඊට අමතරව “රිය ශක්ති” පාසල් ළමයි සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබාදීමට දායක වන ණය යෝජනා ක්‍රමයටත් අධි ඉල්ලුමක් තිබෙනවා” යැයිද ප්‍රියංක අතපත්තු මහතා කීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් 2017 අයවැයෙන් නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම අටක් හඳන්වා දුන්න‍ා. ඒ ණය යෝජනා ක්‍රම අටෙන් රුපියල් මිලියන 4475ක් තරම් විශාල පොලී සහනාධාරයක් පිරිනැමීමට මහා භාණ්ඩාගාරය බලාපොරොත්තු වෙනවා” යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

    මේ ණය යෝජනා ක්‍රම අට අතුරින් විශේෂයෙන් “රන් අස්වැන්න”, “ගොවි නවෝදා”, “රිවිබල සවි”, “දිරි සවිය”, “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රම තුළින් නව ව්‍යවසායකයින් 5000ක් බිහි කරන්නට රජය අපේක්ෂා කරනවා.මේ යෝජනා ක්‍රම යටතේම ජනමාධ්‍යවේදීන්ට කිසිදු පොලියක් අය කර ගන්නේ නැතිව රුපියල් ලක්ෂ 03ක උපරිමයකට යටත්ව මාධ්‍ය උපකරණ මිලදී ගන්න ණය ක්‍රමයක් හඳුන්වා දුන්නා. මාධ්‍ය උපකරණ අලුත්වැඩියා කරන්නට රුපියල් ලක්ෂ 1 ½ ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදෙනවා. එයට අය කරන්නේ පවතින පොලී අනුපාතයෙන් සියයට 50 යි. මේ ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව තුළින් ක්‍රියාත්මක වෙනවා.

    කෘෂිකර්මය, ධීවර, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, ලුහු, ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, අත්කම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන, කර්මාන්තවල යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මේ ණය යෝජනා ක්‍රමවලින් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ණය මුදල් අවශ්‍ය අය ළඟම තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ බැංකු ශාඛා වෙත ගොස් ණය අරමුදල් සපයා ගන්න හැකියාව ලබාදී තිබෙනවා යැයිද ප්‍රියංක අතපත්තු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මේ ණය යෝජනා ක්‍රමවලට අමතරව රජය ඉකුත්දා කුඩා කැබ් රථ, ලොරි රථ හා යතුරුපැදිවල බදු මුදල්ද විශාල ලෙස අඩුකොට, ව්‍යවසායකයින්ට සහන ලබාදීමට පියවර ගත්තේය.

    ජයසිරි මුණසිංහ


    - http://www.dinamina.lk/2017/09/11/පුවත්/40736