මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් කාලය තුල බස් රථ ගමනාගමන පාලනය
- මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු සැලසුම් අදියරේ පවතින අතර එහි ඉදි කිරීම් කාලය තුළ බාධාවකින් තොරව බස් රථ ධාවනය කිරීම සඳහා පහසුකම් සැපයිය යුතුව ඇත. නගරය තුළ වාහන තදබදය අවම වන පරිදි එකී බස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සකස් කරනු ලැබ ඇති අතර මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සහසර' වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය පාදක කොට ගත් බස් රථ ධාවන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කර මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය
- ධීවර වරාය, නැංගුරම් පොළ සහ තොටුපොළ ඉදි කිරීම හා සංවර්ධනය කිරීම, ජල ජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන සංරචක 03කින් සමන්විත වන උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය, 2018 - 2024 කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දීමට එකඟවී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 174ක මූල්‍ය සහායක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ රජයේ දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 27.22කට සමාන මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය
- ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලනළ අලුත්වැඩියාව හා ප්‍රතිස්ථාපනය, උපකරණ සවි කිරීම, පොම්පාගාර ක්‍රියාවලිය සඳහා ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වාදීම, ඝන මීටර 8,000ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කිරීම යනාදිය සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Zongnan-SZSG JH JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි. මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති M/s. Muszer Automatika Ltd. ආයතනය වෙතින් යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම
- එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඩිජිටල් ස්ප්‍රිං ලිමිටඩ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 703,480 ක මුදලකටද, ජර්මනිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම මීඩියා කන්සල්ටන්ට් ඉන්ටනැෂනල් හෝල්ඩිංස් ඒජී ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 697,770.92 ක මුදලකටද, ප්‍රංශය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉන්ටෆේස් ටුවරිසම් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 706,460 ක මුදලකටද, ප්‍රදානය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Cabinet decisions 2018.08.14
http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-08-14
පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Good work!


Last edited:


