සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    watertechono.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Yesterday our team of 22 ambulances left for the North Central province. Why? Because we will be officially launching in Anuradhapura and Polonnaruwa on the 29th.

    ඊයේ දිනයේදී ගිලන් රථ 22කින් යුත් අප කණ්ඩායම උතුරු මැද පළාත බලා පිටත් වන ලදි. ඇයි? ඒ එළඹෙන 29 වනදා අප සේවය අනුරාධපුරය හා පොළොන්නරුව දියත් කිරිමටයි.

    42724856_500622723738061_9134722782288936960_n.jpg

    42751990_500622757071391_5623841468851421184_n.jpg


    - https://www.facebook.com/1990srilanka/posts/500622773738056
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Access Engineering completes construction of new road along west bank of west Beira Lake

    image_1b4c841696.jpg


    The construction of new road along the west bank of west Beira Lake adjoining the former Army Headquarters, Baladaksha Mawatha, Colombo 2 was recently completed by Access Engineering PLC.

    Colombo is currently seeing the worst of vehicular traffic situations with the increasing number of vehicles entering the city promises every day. Out of all the arterial roads driving traffic towards the city of Colombo, Colombo- Galle Road (A2) is reported to be one of the highly-congested roads that require urgent attention.

    With the completion of many hotel and condominium developments within the city, especially along the Colombo-Galle road, the anticipated traffic volume is scheduled to be doubled bursting the city roads at seams.

    In order to ease out the anticipated complexities, the Colombo Municipality Council initiated the construction of a ring road from Colombo-Galle Road (0+000) to Justice Akbar Mawatha (1+186.27) creating a direct pathway to access the upcoming hotels and condominium developments in and around Galle Face and along the Galle Road without disturbing the current flow of traffic.

    The construction work was entrusted to Access Engineering PLC and the scope of the work included the construction of 1.15 km long four lane carriageway where the width of a single lane would be 3.3m.The road is constructed along with a 1.8m wide foot path on right side and a 0.75m wide food path on left side and a 7m wide two lane connection road connecting to the Galle-Colombo Road.

    The scope of the work has involved several soft ground treatments as the involved ground areas have previously been filled with demolished road debris. Access Engineering has worked in full force to ensure smooth removal of army officer’s building from the site with minimum disturbance to the surrounding commuters and neighbourhoods.

    - http://www.ft.lk/propertyconstructi...ong-west-bank-of-west-Beira-Lake/10516-663670
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Construction work of Sri Lanka’s first LNG power plant to begin next month
    Author LBO
    Posted on September 28, 2018 | Petroleum, Power

    Sept 28, 2018 (LBO) – Construction work of Sri Lanka’s first liquified natural gas (LNG) fuelled power plant will be commenced in Hambantota next month.

    As per the Memorandum of Understanding signed between Sri Lanka and China, this will be a joint venture between the Chinese government and the Ceylon Electricity Board.

    This LNG power plant is expected to add 300 Megawatts of electricity to the national grid.

    Power Minister Ranjith Siyambalapitiya during an observation tour of the proposed site said the power plant will have a very low level of environmental pollution.

    He said it is a sustainable solution to the country’s electricity needs since it is being implemented as an eco-friendly project.

    lng-ham.jpg


    - http://www.lankabusinessonline.com/...as-first-lng-power-plant-to-begin-next-month/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Feasibility study on electric buses for SLTB approved

    30 September, 2018

    BY RAJITHA JAGODA ARACHCHI

    The Ministry of Transport has approved the feasibility study of the proposal of amalgamating 1000 luxury electric buses to the Sri Lanka Transport Board (SLTB) by a Hungarian investor in a Private Public Partnership, and directed it to the Tender Committee, said a top official of the Ministry of Transport and Aviation.

    According to the official this Hungarian bus deal is one step away from receiving the final approval. Meanwhile, commenting about the aforementioned deal Vice Chairman, SLTB, Priyantha Balasuriya said that providing a better service to the public thorough deploying new buses is the aim of the project. “According to the proposal, the Hungarian company will deploy 1000 buses. We are not paying for the buses, but we will be appointing drivers and conductors. We are in immediate need of replacing buses as 1,600 buses of our fleet are more than 15 years old. We cannot provide a quality service with a poor fleet like this” he explained.

    As Balasuriya said the price of one such bus would be around Rs. 25 million. “As we don’t have funds to purchase new buses on our own,this deal would be a timely opportunity for SLTB. We intend to operate this as a 85% (Investor) -15% (SLTB) share basis. It won’t be a loss to us as we are just operating a bus which belongs to somebody else. Also these buses will be run under our logo”.

    “We currently cover only about 1.2 million kms all around the country. We just cannot cater to the demand. With this deal,there is an opportunity to start new routes too” he added.

    - http://www.sundayobserver.lk/2018/09/30/news/feasibility-study-electric-buses-sltb-approved
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    පාතාල සංවර්ධන නිවුස්

    monson දන්නේ නැතිනිසයි දාන්නේ




    පාතාල සංවර්ධන නිවුස්:

    එජාප ආණ්ඩුව පාතාලය බිහිකල හැටි: ස්ත්‍රී දූෂක ගෝනවල සුනිල්ට වෙඩි වරුසාවක්





    ඈත අතීතයේ සිටම ගම්වල චණ්ඩීන් සිටියහ. මේ ගම් චණ්ඩීන් සුදුවා අඩියකින් හෝ මල් සුරුට්ටුවකින් පදම් වී එදිනෙදා දිවිය සවිකර ගත්හ. තමන්ට එරෙහිව කිසිවෙකු නැගී සිටියහොත් පමණක් ගම් චණ්ඩීන් සිය බලපුළුවන්කාරකම් ගම්වැසියන් හමුවේ විදහා පෑහ. පසු කළෙක ගම් චණ්ඩීන්ගේ යුගය නිමා කරමින් නාගරික චණ්ඩීන් පිරිසක් හැටේ දශකය අවසානයේදී බිහිවූහ. දොම්පේ චීනා, මරදානේ චොප්පේ, හාබර් මාටින්, අග්ගොන චන්දරේ, දිගා පියදාස ඒ අතර විය. ගමේ චණ්ඩියා අත වූ කඩුව සහ පොල්ල වෙනුවට ගල්කටස් එක, මාමයිට් බෝතල් ඩප්පි ඔවුන් අත විය.

    dharman14801.jpg

    මෙයට දශක 4කට පමණ පෙර රටේ ප්‍රකට චන්ඩීන්වූ පොළොන්නරුවේ පොඩි විජේ, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා, මරඳන්කඩවල යකඩයා, අග්ගොන චන්දරේ සහ මරදානේ චොප්පේ.(වමේ සිට)



    මරඳන්කඩවල යකඩයා, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා, ඒ අතර විය. නමුත් මෙම චණ්ඩීන්ගෙන් නින්දිත ලෙස සිදුකරන මිනිස් ඝාතන සහ ස්ත්‍රී දුෂණ, මහා පරිමාණ මංකොල්ලාකෑම් සිදූවීම ඉතා විරළය. සාංචිආරච්චිගේ ජිනදාස නොහොත් මරඳන්කඩවල යකඩයාගේ අවසන් කටයුතු 2011 ඔක්තෝබර් 29වැනිදා කැකිරාව නෙල්ලිගම සුසාන භූමියේ සිදුකරන අවස්ථාවේදී ලියුම්කරු එය ආවරණය කළේය. මරඳන්කඩවල තැපැල් ස්ථානාධිපති ජයවර්ධන එහිදී ලියුම්කරුට කියා සිටියේ මරඳන්කඩවල 1955 සිටි තැපැල් ස්ථානාධිපති තම්බයියා යකඩයා අතින් මරුමුවට පත්වූයේ ඉතා අහඹු සිද්ධියකින් බවය. ඔහු එදින කොල්ලකෑවේද රුපියල් 5,000ක් නොව රුපියල් 365ක් පමණක් බවය.

    පාතාල ලෝකයේ කුප්‍රකට පතාලය බිහිවීම අවශ්‍ය පසුබිම සැකසුණේ පාදඩ සංස්කෘතියේ වර්ධනයත් සමඟය. එය සිදුවූයේ 1977 ජුලි 22 මැතිවරණයෙන් හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් හිමිකරගත් එජාප ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමඟය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු නගරයේ සහ ගම්වල චණ්ඩීන් යොදාගෙන විරුද්ධ පාක්ෂිකයින්ට පහරදීමට ඉඩ දුන්නේය. පොලිසියට නිවාඩු දෙන බව එජාප නායකයින් ප්‍රසිද්ධියේම කියා සිටියහ. වැඩවර්ජන සහ විරෝධතා මර්ධනය කිරීම සදහා රාජ්‍ය බලයට සමගාමිව මැර බලයද යොදා ගත්තේය. ජවිපෙ ඇතුළු විරුද්ධ පාක්ෂිකයින්ගේ මිහින්තලේ ඇතුළු රැස්වීම්වලට ආණ්ඩු පාක්ෂික මැරයෝ එළිපිට පහර දුන්හ.


    dharman14802.jpg

    පාදඩ සංස්කෘතිය යටතේ පාතාලේ උපත සිදුකල එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ජවිපෙ භීෂණ සමයේ පාතාලයට ඔටුනු පැළැන්ඳවූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ පාතාලය දුඟද හමන ලෙස ක්‍රියාත්මක කල ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග.



    ජවිපෙ දෙවැනි කැරැල්ල මර්ධනය කිරීමේහිලා ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්ට බාහිරව අර්ධ මිල්ටරි කණ්ඩායම් බවට බොහෝ අවස්ථාවන්හි පත්වූයේ පාතාලෙට සම්බන්ධ ආණ්ඩුවේ මැර කණ්ඩායම්ය. මෙම පාතාල සාමාජිකයින් වෙත වාහන, හැදුනුම්පත්, අවි ආයුධ, මුදල් නොඅඩුව රජයෙන් ලැබිණි.

    ගෝනවල සුනිල්ලාගේ සිට සොත්ති උපාලි, කඩුවෙල වසන්ත, නාවල නිහාල්, නොයෙල් අමරසිංහ ඇතුළු පිරිසක් එජාප ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින්ගේ රැකවරණය මැද පතාල ලෝකය නැමති ගිනි කන්ද මෙරට ජන සමාජය තුළ නිධන්ගත කළේය. පාදඩ සංස්කෘතිය යටතේ පාතාලේ උපත සිදුකලේ එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. ජවිපෙ භීෂණ සමයේ පාතාලයට ඔටුනු පැළැන්දුවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. පාතාලය දුඟද හමන ලෙස ක්‍රියාත්මක කළේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය.

    ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තයවූ ඇමති සිරිසේන කුරේය. පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ සොත්ති උපාලි නොහොත් අඹරගේ දොන් රංජිත් උපාලි නොහොත් පිඩලි උපාලි එජාප කෘත්‍යාධිකාරි සභිකයෙකු ලෙස පත්කළේ එජාප නායක සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. සොත්ති උපාලි 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වන විට කල මිනීමැරීම් සංඛ්‍යාව දුසිම් ගණනකි. අසූව දශකය අවසාන භාගයේ ඔහුට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි පොලිසි වලට ලැබුණද කිසිදු පොලිසියක් ඒවා භාරගත්තේද නැත. බොරැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුටුවේ පවා ඔහු වාඩිවන බවටද එකල බරපතල චෝදනා එල්ල විය. ජනපති ප්‍රේමදාසගේ 1989 තරුණ සංහාරයට එරෙහිව ඇත්ත පුවත්පතේ කාටුන් පලවිය. ඒවා ඇන්දේ ප්‍රවීණ කාටුන් ශිල්පී ඇත්ත පුවත්පත් කලාවේදි යුනුස්ය. ගෝතමී පාරේ ඔහුගේ නිවසට ගිය සොත්ති උපාලි පිස්තෝලයක් පෙන්වා ඝාතනය කරන බවට තර්ජනයකර දැලිපිහියෙන් යුනුස්ගේ කටේ පැත්තක් කපා දැම්මේය. හිටපු ඇමති ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් සොත්ති උපාලි සහ එජාප පළාත් සභා මන්ත්‍රී යු.එල්. සෙනෙවිරත්නද චෝදනාවලට ලක්විය.



    dharman14803.jpg

    ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තය වූ ඇමති සිරිසේන කුරේ, පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති උපාලි නොහොත් අඹේවෙල දොන් රංජිත් සහ 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වූ අවස්ථාව, ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකුවූ ඇමති පෝල් පෙරේරා.(වමේ සිට)


    එජාප ආණ්ඩුව රටපුරා කම්කරු උද්ඝෝෂණයන් කඩාකප්පල් කළේ පාතාලයේ මැරවරයින්ගේ සහායෙනි. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් දිනකට රුපියල් 10ක් වශයෙන් මසකට රුපියල් 300ක් වැටුප් වැඩිකර දෙන මෙන් ඉල්ලමින් 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සදහා ආයතන ඉදිරිපිට කෑම පැයේදී පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, පවත්වමින් ජාතික විරෝධතා දිනයක් පැවැත්වූහ. කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තීය සමිති සාමාජිකයින්ට ලේක්හවුස් ආයතනය දෙසින් අංක 31ශ්‍රී1111 දරණ වාහනයෙන් පැමිණි අගලවත්ත එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම් සහ අලුත්කඩේ මැරවරයින් වූ පාල ඇතුළු පිරිසක් පැමිණ ගල්මුගුරු වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන එහි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය.


    dharman14804.jpg

    භීෂණ සමයේ පාතාලයේ ප්‍රබලතම නායකයා වූ සුනිල් පෙරේරා නොහොත් කැළණියේ ගෝනවල සුනිල්, සුනිල් සහ ඔහුගේ බිරිඳ, ගෝනවල සුනිල් බටලන්ද වධකාගාරයේ 1987 සිට මියයන තෙක් අනියමින් පරිහරණය කරන ලද නිවසක්.


    කැළණි සරසවියේ වාමාංශික සහ පොදු සිසුන්ට 1978 සිට නිරතුරුව පහර දුන්නේ එජාප ඇමති සිරිල් මැතිව්ගේ නායකත්වයෙන් ගෝනවල සුනිල්ගේ මැර පිරිස්ය. ඒ එජාපයේ එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණේ මඟ පෙන්වීමෙනි. එජාප ශිෂ්‍ය සංගමය වූ සමවාදී ශිෂ්‍ය පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පිහිටුවන ලද්දේ 1973 කැළණි සරසවියේදීය. කැළණිය සහ මොරටු සරසවියන්හි එජාප සමවාදී සිසුන් 1978 සිට 1984 දක්වා නිල නොවන මැර ප්‍රචණ්ඩකාරි පාලනයක් ගෙන ගියහ. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති කරුණාසේන කොඩිතුවක්කු විසින් සරසවි ආරක්ෂක සේවකයින්ගේ මුවාවෙන් බඳවාගත් බහුතරය පාතාලයේ මැරයන්ය. ඔවුන් විසින් ජපුර සරසවි සිසුන්ට නිරතුරුව ප්‍රහාරයන් සිදු කලහ.


    dharman14805.jpg

    ජවිපෙ මර්ධනය කිරීමට එක්වූ ආණ්ඩුවේ පාතාල කල්ලි නායකයින් වන නාවල නිහාල්, කඩුවෙල වසන්ත සහ ජනාධිපති චන්ද්‍රිකාගේ පාතාල ප්‍රබල නායකයෙක් වූ බැද්දගානේ සංජීව(වමේ සිට)



    කැළණි සරසවියට 1978 මාර්තු 16 වැනිදා පැමිණි පාතාල මැරයින් 40ක් පමණ පොලු සහ මුගුරු රැගෙන උද්ඝෝෂණයේ යෙදුණු සිසුන්ට එජාපයේ සමවාදී සිසු පෙරමුණේ දැනුම්දීම මත පහර දුණි. ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුයේ පහරදීමට පැමිණි එජාප මැරයෙක් වූ ක්‍රිස්ටෝපර් ජයතිලක පොදු සිසුන් හමුවේ ජීවිතක්ෂයට පත්විමය. මැර නායක ක්‍රිස්ටෝපර් ජයතිලකගේ අවමංගල කටයුතු 1978 මාර්තු 18වැනිදා පැවති අතර එයට එජාප නායක ජනාධිපති ජයවර්ධනද සහභාගි විය. කොළඹ සරසවියේ ශිෂ්‍ය උද්ඝෝෂණ සරසවි සිසු උද්ඝෝෂණයන් මර්ධනයට පොලිසිය සමඟ බයිසිකල් චේන් රැගෙන අලුත්කඩේ සිරිගේ පාතාල මැරයින් කොළඹ සරසවි ඉදිරිපිට 1986 අවසානය තෙක්ම උද්ඝෝෂණ අවස්ථාවන්හි දක්නට ලැබිණි. ඇතැම් අවස්ථාවන්හි පහර දෙනු ලැබීය.

    මොරටු සරසවියේදී 1983 ජුලි 20 වැනිදා ජයරත්න රාජපක්ෂට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට ලක්වූයේ එජාප සමවාදී ශිෂ්‍ය සංගමයේ නායකයින් වන ගයාකාන්ත වන්නිගම සහ විමල් රංජිත් වික්‍රමාරච්චිය. නඩුවේ සාක්ෂිකරුවන්වු අමරසිරි ගුරුසිංහ සහ එම් ගුණදාස ජවිපෙ කැරළි සමයේ 1988දී එම නිවෙස්වලට පැමිණි පාතාල කණ්ඩායම් පැහැරගෙන ගොස් පසුව සදහටම අතුරුදහන් කර තිබිණි. නඩුව අවසානයේදී ගයාකාන්තට බරපතල වැඩ සහිතව වසර 7ක සිරදඬුවමක් පානදුර මහාධිකරණය විසින් 1995දී ලබාදෙන ලදි. අනතුරුව ඔහු ඉදිරිපත් කල ඇපෑලක් මත එම දඩුවම දස වසරකට අත්හිටුවා දෙවසරක සිර දඬුවමක් බවට නියෝගයක් අභියාචනාධිකරණය මගින් 1997 මාර්තු 26වැනිදා පනවන ලදී.


    dharman14806.jpg

    ජවිපෙ කැරළි සමයේ පාතාලය සමඟ අත්වැල් බැදගත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්වූ රොනී ගුණසිංහ සහ ප්‍රේමදාස උඩුගම්පොල, කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් ගෆූර්.


    ජවිපෙ මර්ධනය කිරීමට එක්වූ ආණ්ඩුව සමඟ එක්වූ පාතාල කල්ලි නායකයින් අතර ගෝනවල සුනිල්, නාවල නිහාල්, කඩුවෙල වසන්ත ඇතුළු කිහිප දෙනෙක්ම පෙරමුණේ විය. වරෙක කඩුවෙල වසන්තට ජවිපෙ තර්ජන උත්සන්නව පැවති අවස්ථාවකදී ඔහු රඳවා සිටියේ මේජර් පද්මසිරි උඩුගම්පොල යටතේ තිබූ කුරුදුවත්තේ පිහිටි රේස්කෝස් වධකාගාරයේ පහසුකම් ඇති කාමරයකය. සොත්ති උපාලි, රාජගිරියේ අනිල්, කොහොල්වල ඩෙන්සිල් බොහෝ අවස්ථාවල සිටියේ එජාප ඇමති පොල් පෙරේරා මහතාගේ නිවසේ බව ගෝනවල සුනිල්ගේ සහෝදරයෙකු වූ ෂෙල්ටන් පෙරේරා පසුව පවසා තිබිණි. ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකු වූයේද එජාප ඇමති පෝල් පෙරේරාය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්ද බටලන්දේ ප්‍රබල දේශපාලඥයාගේ ප්‍රබල පාතාල නායකයා වූයේ ගෝනවල සුනිල්ය. ජවිපෙ දෙවන කැරළි සමයේදී පාතාලයේ ප්‍රබලතම නායකයා වූ සුනිල් පෙරේරා නොහොත් කැළණියේ ගෝනවල සුනිල් බටලන්ද වධකාගාරයේ නිවසක් 1987 සිට මියයන තෙක් අනියමින් පරිහරණය කරන ලදී. බටලන්දේ සංචාරක බංගලාවේ බාරකරු වූ වින්සන්ට් පෙරේරා බටලන්ද කොමිසම හමුවේ කියා සිටියේ බටලන්ද දේශපාලන බලවතා හමුවීමට නිතරම එහි යන එන අය අතර ගෝනවල සුනිල්ද වූ බවය. පසුව බංගලාවේ බාරකරු සාක්කි දීමෙන් පසු අභිරහස් ලෙස අතුරුදහන් විය.



    dharman14807.jpg

    මෑත කාලයේ පාතාල ප්‍රබලයින්වී පසුව ඝාතනයට ලක්වූ (උඩුපෙළ වමේ සිට) ධම්මික අමරසිංහ, මහින්ද ගොඩගේ නොහොත් බඩා මහින්ද, පුළුස්සා මරා දැමූ කළු අජිත්, කරාටේ ධම්මික, වම්බොට්ටා, ඕල්කට්,(පහළ වමේ සිට) පොට්ට නවුෆර්, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, නේවි අසංක.


    බටලන්ද වධකාගාරයේ සිටි බව කියන අර්ධ මිල්ටරි කණ්ඩායම් වල සේවය කල පාතාල සාමාජිකයින් එහි ගෙන ආ රැඳවියන් ඝාතනය කිරීම සහ ඝාතනයෙන් පසු ඔවුහු පොලිතින් උරවල ගැටගසා මට්ටක්කුලිය කුණු මෝලට ගොස් පිළිස්සීමද සිදුකර තිබේ. කළුතර ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ආරක්ෂක නිළධාරියෙකු මගින් ගෙන එන ලද රැඳවියන් 27 දෙනෙකු මිනුවන්ගොඩ නයිවල විදුහලක ක්‍රීඩා පිටියේ දමා ඝාතනය කරන ලද්දේද එම පාතාල මැරයින් විසිනි. වධ කඳවුරුවල තරුණියන්ටද තිරස්ථීන වධ බන්ධනවලට ලක්කරන ලදී.

    ගෝනවල සුනිල් නොහොත් සුනිල් පෙරේරාට සහෝදරයින් 7කි. එම සහෝදරයින් නම් පියදාස, සැමී, හැරල්ඩ්, වින්ස්න්ට්, සිරිල්, ෂෙල්ටන් සහ ටියුඩර්ය. ගෝනවල පෙරේරා පවුල යනු ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරි දේශපාලනයේ නිරතවන ප්‍රකට ආධාරකරුවන්ය. පියා රේන්ද මුදලාලි නමින් ප්‍රකටය. ගෝනවල සුනිල් එජාප ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් කටයුතු කල අතර එජාප නායකයින් ගණනාවක් දිර්ඝ කාලයක් සමීපව ඇසුරු කළේය. එජාප ප්‍රබලයින් එතර සිට පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවන්හි ඔවුන් පිළිගැනීමට ගුවන්තොටුපොලට යෑම ගෝනවල සුනිල්ගේ පුරුද්දක්ව තිබිණි. එජාප සුළු කණ්ඩායම් රැස්විම් සඳහා ගෝනවල සුනිල්ගේ නිවස නිරතුරුවම පරිහරණයට ගනු ලැබීය. කලක සුනිල් අම්පාර ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ක්‍රිඩා සමාජ ශාලාවක්ද ඔහුගේ මිතුරෙකු වන රෝහණ තිලකරත්න සමඟ පවත්වාගෙන ගියේය.


    dharman14808.jpg

    පාතාලේ ඉල්ලීම අනුව එජාප ආණ්ඩුව මගින් 1990 පෙබරවාරි 20 පැහැරගෙන පසුව 23වැනිදා සිරුර හමුවූ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ අපරාධ අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝහිත ප්‍රියදර්ශන සහ එම අතුරුදහන්වීමෙන් කම්පනයට පත්ව සදාකාලිකව රෝගීව 2007 දෙසැම්බර් 9වැනිදා මියගිය ඔහුගේ පියා වන එස්.එම්.අමරසේන.



    කටාන අතුරු මැතිවරණයේදී එජාපය වෙනුවෙන් ඡන්ද පෙට්ට් හොරකම් කිරීමට සහ පොලිසියේ ඕ.අයි.සි. ගේ පුටුවේ සිට ඔහු අණදුන් බවද චෝදනා විය. මුල්කිරිගල අතුරු මැතිවරණයේ ආණ්ඩුවේ ප්‍රධාන චණ්ඩියා වූයේ ගෝනවල සුනිල්ය. රෝහණ විජේවීර ගම්පහ දෙල්ගොඩ රැස්වීමට පැමිණි අවස්ථාවක ඔහු ඇතුළු පිරිසට පහරදී විජේවීර කොළපාටින් නාවා එය කඩාකප්පල් කිරීමටද සුනිල් කටයුතු කලද එදා ජවිපෙ සාමාජිකයින්ගෙන් ප්‍රතිප්‍රහාරයක් ලැබී එය ව්‍යාර්ථ විය.

    සිය දේශපාලන ක්‍රියාකාරකම් හැරුණු විට ගෝනවල සුනිල්ට සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන්ද වාර්තාවක් විය. වෛද්‍ය පෝල්ගේ දියණිය 70 දශකය අග භාගයේදී ඔහු විසින් දූෂණය කර තිබිණි. නඩු විභාගයෙන් පසු ඔහු වරදකරු වූ අතර ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම විය. ඒ සම්බන්ධයෙන් කෙරුණු අභියාචනයේදීද ඔහු වරදකරු බව තහවුරු වූයෙන් අභියාචනය නිෂ්ප්‍රභා කරන ලදී. එය අසා වැඩි කලක් යාමට පෙර එජාප ආණ්ඩුවෙන් ජනාධිපති සමාව යටතේ ගෝනවල සුනිල්ට සමාවක් ලැබිණි. ඔහුට සමාව ලැබුණේ කවර හේතුන් යටතේද යන්න විවෘත රහසකි.



    dharman14809.jpg

    ජනාධිපති ප්‍රේමදාසගේ භීෂණ පාලනයට එරෙහිව කාටුන් අදින ලද ඇත්ත පත්‍රයේ මාධ්‍යවේදී ගෝතමී පාරේ පදිංචි යුනුස්ගේ කටද පතාල නායක සහ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති උපාලි විසින් දැලිපිහියෙන් කපන ලදී.



    සපුගස්කන්ද සිට කොලොන්නාවේ දක්වා භූගත නල මාර්ගයකින් ගෙන යන ලබන ඉන්ධන තෙල් සොරකමකටද ගෝනවල සුනිල් සම්බන්ධවී සිටියේය. ගෝනවල සුනිල්ට එරෙහිව කිසිම සාපරාධි නඩුවක් පැවරූ බවක් පෙනෙන්නට නොතිබිණි. මෙවැනි තත්වයක් යටතේත් ගෝනවල සුනිල්ට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරුවරයෙකු වශයෙන් පත්කර තිබිණි. එමෙන්ම ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිද විය. බටලන්ද ජනාධිපති කොමිසම පවසන පරිදි ගෝනවල සුනිල් යනු එවකට රාජ්‍ය බලයේ සිටි පුද්ගලයින්ගේ ආශිර්වාදය ලත් තැනැත්තෙකි. සොහොයුරාවූ ෂෙල්ටන් ඔහුගේ තෙල් මැනේජර් විය. ෂෙල්ටන්ගේ බිරිඳ පුෂ්පා රංජනීය. ෂෙල්ටන්ද 1989 ජුලි 26වැනිදා ඝාතනය කරන ලදී.

    ජවිපෙ විසින් 1988 ජුලි 25වැනිදා ගෝනවල සුනිල්ට සහ ඔහුගේ බිරිදට ටී56 අවියකින් වෙඩිතබා ඝාතනය කරන ලදී. දෙදරු පියෙකු වූ ගෝනවල සුනිල්ගේ දියණිය කමිලාය. පියා ඝාතනය වන විට කමිලාට වයස අවුරුදු 9කි. ඔහුගේ සොහොයුරා දිනුෂ්කට මාස 5කි. මිය යන විට සුනිල් කමිලා ට්‍රාන්ස්පෝට් සර්විස් නමින් ලොරි කිහිපයක්ද කුලියට දී තිබිණි. දෙල්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු ආණ්ඩුවේ ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තු සොහොයුරෙකු නමින් ක්‍රියාත්මක කරගෙන ගියේය. කිරිබත්ගොඩ සමනල රෙස්ටොරන්ට් එකද තිබුණේ සුනිල්ගේ නමටය. ගොනවල සුනිල් ඝාතනය කළේ ආරක්ෂක හමුදාවේ කලක් සේවය කල පසුව ජවිපෙට එක්ව අවසානභාගයේ නුවර නැගෙනහිර කොට්ඨාශයේ ජවිපෙ සන්නද්ධ නායකයාවූ ප්‍රසාද්ය. මධ්‍යම පළාතේ බඹරැන්ද සහ නකල්ස් කන්දේ අවි පුහුණු කඳවුරුවලදී පුහුණුව කලක් ලබාදුන්නේද ඔහුය. ප්‍රසාද්ගේ මළ සිරැර 1989 දෙසැම්බර් 11වැනිදා කටුගස්තොට පාලම අසළ දමා තිබුණු බව කියති.


    කැළණියේ ක්‍රියාත්මක වන පාතාලයේ මැරකම් මර්ධනය කිරීම සඳහා සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන නොබියව කටයුතු කළේය. නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වු රෝහිත පියදර්ශන 1964 නොවැම්බර් 30වැනිදා උපන් අතර ඔහු 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට රාජකාරියේ නිරතව සිටියදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති කීර්ති අතපත්තුගේ දුරකථන ඇමතුමක් අනුව බියගම විලේජ් හෝටලයට යෑමෙන් පසු අතුරුදහන් විය. පසුව ඔහුගේ සිරැර 1990 පෙබරවාරි 23වැනිදා සවස තවත් මළසිරුරු 5ක් සමඟ පෑලියගොඩ පොලිසියට නුදුරින් කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරේ තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසු විය. කැළණි ගගේ පාවෙන සිරැරු අවසානයේදී මෝදරින් මුහුදට එක්වේ. උප පොලිස් පරික්ෂක රෝහිත ඝාතනයට හේතුව සාපරාධී කටයුතු සම්බන්ධයෙන් ගෝනවල සුනිල්ගේ සොහොයුරෙකුවූ ටියුඩර් පෙරේරා 1990 පෙබරවාරි 8 වැනිදා අත්අඩංගුවට ගැනීමය. පසුව ටියුඩර් දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත්වීමෙන් ඉහළම පොලිස් නිළධාරියෙකු පැමිණ පොලිස් අත්අඩංගුවේ සිටියදි පැහැරගෙන ගොස් ටියුඩර් අතුරුදහන් කර තිබිණි.

    ජනාධිපති චන්ද්‍රිකාගේ කුමාරතුංග පාලන කාලයේදී පාතාලය තව තවත් ප්‍රබල වූවා මිස මර්ධනය වූයේ නැත. ජනාධිපතිනියගේ හිතවතෙකුවූ ජනාධිපති ආරක්ෂක අංශයේ බැද්දගානේ සංජීව ප්‍රබල පාතාල නායකයෙකු විය. සටන කර්තෘ මාධ්‍යවේදී රෝහණ කුමාරට නුගේගොඩ පැගිරිවත්ත පාරේදී 1999 සැප්තැම්බර් 7වැනිදා වෙඩිතබා ඝාතනය කළේද ඔහු විසිනි. චැනල් 9 හෙළිදරව්ව සිදුකිරීම එයට හේතුව බව කියති. අනෝජා වීරසිංහගේ මොණරාගල නිවස 2000 ජනවාරි 3වැනිදා ගිනිතබා මුළුමනින්ම විනාශ කරන ලද්දේද පාතාල සාමාජිකයින් විසින් රජගෙදර කොන්ත්‍රාත්තුවක් අනුවය.

    රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරා ගායක යුවලගේ මත්තේගොඩ නිවසට අවි සමඟ කඩා වැදී 2000 ජනවාරි 27වැනිදා කතුරකින් චන්ද්‍රලේකාගේ සහ රූකන්තගේ කොණ්ඩය කපා ප්‍රෙට්ට්‍රල් ඇගපුරා වත්කර දැමීමේ සිද්ධියේ නායකත්වය දුන්නේද බැද්දගානේ සංජිවය. ඒ සම්බන්ධයෙන් පසුව වැරදිකරුවන් වූයේද ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරින් කිහිප දෙනෙකි. බැද්දගානේ සංජීව ජනාධිපති මාෆියාව තුළම සංජිවගේ ප්‍රබල ආධාරකරුවෙකුව සිටි පාතාල නායක ධම්මික පෙරේරා විසින් 2001 නොවැම්බර් 2වැනිදා වෙඩිතබා මරා දමන ලදී. ධම්මික පෙරේරාද පතාල කල්ලි සාමාජිකයින් විසින් 2004 ජනවාරි 12 වැනිදා කොළම මහේස්ත්‍රාත් උසාවිය තුළ වෙඩි තබා ඝාතනය කරන ලදී.

    තරුණයන්ගේ අතට ආයුධදී මත්කුඩු අළෙවිය, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් සමඟින් පාතාල මාෆියාව නිර්මාණය වූයේ 1977 මතුවූ මැරයන් රාජ පාක්ෂික කටයුතු වලට සම්බන්ධ කරගැනීමෙන් පසුවය. පාතාලේ සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි.

    ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවේන් රටට දායාද කෙරුණු විධායක ජනපති ක්‍රමයත් සමග සියල්ල උඩු යටිකුරු කරමින් ජනපති පොදු සමාවක්‌ මත හිරෙන් නිදහස්‌ව යන ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, චින්තක අමරසිංහ,ධම්මික අමරසිංහ, බැද්දගානෙ සංජීව, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, තොප්පි චමින්ද, බඩා මහින්ද, කළු අජිත්, ඕල්කට්, ෆාජි, පොට්ට නවුෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ, කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා, ප්‍රින්ස් කොලම් , ධනුශ්ක, නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත, කඩුවෙල වසන්ත, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, උස කුමාර ආදින් ඉකුත් දශක දෙක තුළ පාතාලය හොල්ලාගෙන සිටියහ. අවසානයේදී පාතාලය මුළුමනින්ම වාගේ නැතිකර දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2014දි සමත් විය. ඉන් බේරුණු නාවල නිහාල් ඇතුළු ඇතැම් පාතාලයන් රට පැන්නේය. සමහරු හිරගෙදර සිය ජීවිත කාලයේ අවසානය ගෙවයි.







     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යාපන සරසවියේ බුදුපිලිම තහනම් - කොටි සමරන්න අවසර- උතුර මුදා නොගත් කලාපයක් වෙයි


    යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

    එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස් ,උදයප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී .මංගලේෂ්වරන් , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ,නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.

    මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.

    මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්වවිද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

    යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    http://www.lankadeepa.lk/latest_news...B6%A7/1-537693
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ පන්සල් කුඩුපට්ටම් වෙයි .යහපාලනය නිහඩයි :cool:


    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    උතුරේ පන්සල් කුඩුපට්ටම් වෙයි .යහපාලනය නිහඩයි :cool:


    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්



    :angry::angry::angry::angry::angry:

    මෙන්න ඇහැට පේන්න තියෙන නියම සංවර්ධන news

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    image_ef60dd6457.jpg







    නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු දිනය සැමරීම සඳහා කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන පිරිසිදු කිරීම කල්තියාම ආරම්භ කර ඇත.

    මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් සංවිධානය කරන මහවිරු සැමරුම් වැඩසටහන නොවැම්බර් මාසයේදී කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.

    මේ වනවිට කනගපුරම් මහවිරු සොහොන් ප්‍රදේශය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදුකෙරෙන අතර මේ අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටී. කුරුකුලරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්. පසුපතිපිල්ලේ, කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්. සුරෙන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    ප්‍රදේශවාසීන් ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ කැළෑව කපා සොහොන් භූමිය පවිත්‍ර කිරීම් සිදුකෙරේ.

    මියගිය කොටි සාමාජිකයන්ගේ සොහොන් කොත්වල කැබලි එක්කොට පසුගිය වසරේදී මෙම සොහොන් භූමියේ ස්මාරකයක් ද ඉදිකර ඇත.

    :angry::angry::angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම

    - වඩාත් සුව පහසු සහ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රාගම-කඩවත-කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝ මීටර 33ක දිගින් යුත් 'රක්ත මාර්ගය', කැලණිය-බොරැල්ල-නුගේගොඩ-පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝ මීටර 28.3ක දිගින් යුත් 'හරිත මාර්ගය' සහ හුණුපිටිය-අංගොඩ-කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර 22.3ක දිගින් යුත් 'නීල මාර්ගය' නමින් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 3ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීම

    - ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ ධාරිතාව වැඩිදියුණු කිරීම

    - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම පිණිස අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය පාලම් ඉදි කිරීම

    - ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශවල පාලම් 4,000ක් පමණ ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. මේ සඳහා බෙල්ජියම් සහ නෙදර්ලන්ත රජයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා 02ක් රජය විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ග්‍රාමිය පාලම් 60ක් ඉදි කි‍රීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 17.12ක බදු රහිත මුදලකට බෙල්ජියමේ Janson Bridging Belgium NV සමාගමට පැවරීමටත්, තවත් ග්‍රාමීය පාලම් 200ක් ඉදි කි‍රීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 50.68ක බදු රහිත මුදලකට නෙදර්ලන්තයේ Janson Bridging International BV සමාගමට පැවරීමටත් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු, නැ‍ඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' ක්‍රියාත්මක කිරීම

    - උතුරු, නැ‍ඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සියලුම පළාත් පාලන අයතන ආවරණය වන පරිදි, ඒවායේ යටිතල පහසුකම් සහ ආයතනික හැකියාවන් වර්ධනය කිරීම ඇතුළුව පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සැලසීමට ලෝක බැංකුව විසින් එකඟතාවය පළ කර තිබිණි. එසේ වුවද, උක්ත ප්‍රදේශවල පළාත් පාලන ආයතන 134ක තවදුරටත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ නැංවීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීම සඳහා බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම

    - ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීමට එහි බෙදාහැරීම් මධ්‍යස්ථාන සඳහා විදුලි මීට‍ර සහ මොඩම් 25,000ක් සහ ට්‍රාන්ස්ෆෝමර් 75,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිළිවෙළින් චීනයේ M/s. Shenzeng Kaifa Technology Co. Ltd වෙත සහ M/s. Shenzhen Chuangyin Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මොරටුව ලුනාව රෝහල නවීකරණය කිරීම

    - මොරටුව ලුනාව රෝහල, මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ විශේෂ කාර්යයන් සිදු කරනු ලැබේ. එම රෝහල නවීකරණය කිරීම යටතේ බාහිර රෝගී අංශයක් හා සායන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කඩිනමින් සිදු කර ගැනීම සඳහා රුපියල් මිලියන 1,035ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම යන ආයතන වෙත ප්‍රදානය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කි.මී. 53.74 සිට කි.මී. 58.00 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම

    - ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලයේ කිලෝ මීටර 144ක් පමණ පුනරුත්තාපනය හා වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කිලෝ මීටර 53.74 සිට කිලෝ මීටර 58.00 දක්වා වන කිලෝ මීටර 4.26ක මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 590.62ක මුදලකට Consulting Engineers & Contractors (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නිල්වලා එළිය මාතර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය : 2018 - 2020

    - මාතර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් ප්‍රධාන නගරවලින් බැහැරව පවතින ප්‍රදේශවල සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබෙන අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග, පොදු පහසුකම් යනාදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2018 - 2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නිල්වලා එළිය ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම

    - ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීනතාවයක් දක්වන කමිටුවක නිර්දේශ සහිතව සංකල්ප පත්‍රිකාවක් පිළියෙළ කරනු ලැබ ඇත. එම සංකල්ප පත්‍රිකාවද අවධානයට ගනිමින් යෝජිත විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් ඉදි කිරීම

    - හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ලඟා විය හැකි පරිදි කටුවන, බටගස්ස කිරම ඔය හරහා පාලම, හදුගල කිරම ආර හරහා තරුණ සේවා පාලම, කටුවන ඌරුබොක්ක ඔය හරහා කම්මලේ තොටුපොළ පාලම, කොහාම්පෝරුව හා සියඹලාමුරය යාකෙරෙන තුන්දොළ හරහා පාලම, බෙලිඅත්ත කිරම ඔය හරහා අඟුල්මඩුව-අරංවෙල මාර්ගයේ පාලම හා තංගල්ල කඳුරුපොකුණ මාර්ගය හරහා මගී ගුවන් පාලම යන ව්‍යාපෘති 06 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම

    - නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය, නවීන තාක්ෂණය භාවිත කර කඩිනමින් නිෂ්කාශනය කිරීමට හැකි වන පරිදි ලංකා නැව් සංස්ථාව සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ. ඒ සඳහා අභිලාශ ප්‍රකාශ කැඳවීමට ප්‍රතිචාර දක්වන ලද පාර්ශ්වයන් වෙතින් ශක්‍යතා අධ්‍යයනයක් සහිතව ලංසු ඉදිරිපත් කරනු පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජ්‍ය ආයෝජන සකස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම


    - වර්ෂ 2025 වන විට ආර්ථික වශයෙන් දියුණු, නවීන සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ අභිප්‍රාය උදෙසා ප්‍රමුඛතා අනුපිළිවෙළක් අනුව කාර්යක්ෂමව රාජ්‍ය ආයෝජන සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන මඟින් ව්‍යාපෘති හඳුනාගැනීම, තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් රාජ්‍ය ආයතන වෙත නිකුත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සලසනු ලබන ණය සහන පහසුකම් පුළුල් කිරීම

    - 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සහන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ, දැනට තාක්ෂණික ක්ෂේත්‍රයේ නිරතව සිටින, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5,6 හා 7 මට්ටම් සපුරා ඇති වෘත්තිකයින්, සුළු පරිමාණ සත්ත්ව පාලන අංශවල යෙදෙන්නන්, දිරාපත්වන ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අපේක්ෂා කරන්නන්හටද ලබාගැනීමට හැකි වන පරිදි ව්‍යාප්ත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2018-10-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

    More:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-10-02
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ පන්සල් කුඩුපට්ටම් වෙයි .යහපාලනය නිහඩයි :cool:


    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    bump