අළුත්ගම, මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබීම නගර සැළසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කෙත්හේන ජල පිරිපහදු පරිශ්‍රයේ දී අද (22) පැවැත්විනි.
මේ සදහා ඉන්දියානු එක්සීම් බැංකුව රුපියල් මිලියන 24285 ක් ද, ලංකා බැංකුව රුපියල් මිලියන 4286 ක් ද, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 3707 ක් ද වැය කරන අතර, එහි මුළු ආයෝජනය රුපියල් මිලියන 32278 කි. නව ජල සම්බන්ධතා 32000 ක් සහ සේවා තත්ත්වයන් ඉහළ නැංවීම තුලින් අළුත්ගම, බේරුවල, මග්ගොන, පයාගල, කළුතර, මතුගම, දොඩංගොඩ, නෑබඩ, අගලවත්ත සහ මදුරාවෙල යන ග්‍රාම නිලධාරී වසම් 269 ක පන්ලක්ෂ හැත්තෑතුන්දහසක ජනතාවකට ප්රතිලාභ හිමි වෙයි. කළුතර ලුණු වතුරට විසදුමක් යන තේමාව යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.