සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    52141256_2040916245956232_1957318353152376832_n.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    ලීස් ගිවිසුම් අවලංගු කිරීමෙන් ශ‍්‍රී ලංකන්ට පාඩුව කෝටි 1430ක් ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම


    srilankan135 ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී ගත් තීරණය නිසා දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් අවසානයේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටි 1430 ක පාඩුවක් සිදුව ඇතැයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප‍්‍රධානී යසන්ත දිසානායක මහතා ඊයේ (21 දා* ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

    මෙය ඇමරිකානු ඩොලර් මිලියන 90.5 ක පාඩුවක් බවද සාක්ෂිකරු කීවේය.

    ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ නව ව්‍යාපාර සැලැස්ම අනුව මෙම ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී තීරණය කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය.

    වර්ෂ 2015 දී නව රජයක් බලයට පත්වීමෙන් පසුව සිදුවීම් ගණනාවක් වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් අයවැයෙන් අනුමත කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 510 ක ප‍්‍රාග්ධනය අලූතින් සැපයීමේ මුදල් ප‍්‍රමාණයේ අවසන් කොටස ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දීම නව රජය ප‍්‍රතික්ෂේප කළා. ඒ නිසා 2015 වසරේදී රජයෙන් අපට ලැබීමට තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් මුදල අපට ලැබුණේ නැහැ. අප ඒ මුදල් නව රජයෙන් ඉල්ලා සිටි විට නව ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවද යසන්ත දිසානායක මහතා කීවේය.

    ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් ඇති කර ගත්තේ වර්ෂ 2013 දී බවද ඒ කාලයේ මෙම ගුවන් සේවය පූර්ණ සේවා ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාමට අදහස් කර තිබුණත් පසුව පත් වූ රජය මෙය වාණිජ පැත්තට මුල් තැන දීම සිදු කළ බවත් ඒ අනුව නව ව්‍යාපාර සැලසුම සකස් කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. මේ අනුව 2015 දී නව රජය බලයට පත් වීමෙන් පසු ඇතැම් ගමනාන්ත වලට තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් නතර කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

    අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

    කොමිසම ඊයේ (21 දා* උදේ 10.00ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය.


    http://divaina.com/daily/index.php/puwath-2/24443-2019-02-21-11-31-80
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරා වේ 4 ක් යාපනයේදී හිටපු කොටි හමුවෙති

    කොටි ඩයස්පෝරාවේ බි‍්‍රතාන්‍ය ශාඛාවේ ප‍්‍රධානියකු ප‍්‍රමුඛ ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරීන් සිවු දෙනකු යාපනයට පැමිණ හිටපු කොටි බුද්ධි ප‍්‍රධානියකු වූ තුල්සි ප‍්‍රමුඛ හිටපු කොටි කණ්ඩායමක් හමු වී රහස් සාකච්ඡුා පවත්වා ඇත.

    මේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා මතය.

    උතුරේ ආරංචි මාර්ග දක්වන්නේ ඩිමොක‍්‍රටික් ත්රූසේවර්ස් නමින් පක්ෂයක් පිහිටුවා ගෙන සිටින මෙම හිටපු කොටි කණ්ඩායමට අරමුදල් සපයන්නේ ලන්ඩන් කොටි ඩයස්පෝරාව මගින් බවයි.

    මෙම ඩයස්පෝරා කොටි කණ්ඩායමට ශී‍්‍ර ලංකා සංචාරයේ තවත් අරමුණක් වී ඇත්තේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව සාක්කි දීම සඳහා හිටපු කොටින්ගේ සහාය ලබා ගැනීමයි. එම සහාය ලබා දෙන බවට හිටපු කොටි කණ්ඩායම කොටි ඩයස්පෝරා පිරිසට ප‍්‍රතිඥා දී ඇත.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    ලෝක බැංකු ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අද (2019 February 14) විවෘත කිරීමේ අවස්ථාව

    52441808_10156501908334130_1683730796118016000_n.jpg

    51885760_10156501909274130_2070911987499401216_n.jpg

    51775226_10156501908124130_889730010401734656_n.jpg

    52008410_10156501908389130_7371943263411896320_n.jpg

    51951403_10156501908419130_4006091747040952320_n.jpg

    51933310_10156501908484130_2514986136749735936_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156501913269130

    කිළිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සහ රුපියල් මිලියන 84 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (2019 February 15) පෙරවරුවේ පැවැත්විනි.

    මෙහිදි රෝහලට ලබාදෙන ලද වෛද්‍ය උපකරණ වන්නේ Bio electronic impedence, celling Mounted Radiography system, Dental X-ray, High end colour Doppler/echo cardiohraphy machine, laser system for Endovascular ablation with proctoscopy, OT celling lamp, Refurbishment of waste water Treatment plant, X-ray fillm processor, defibrillater, High and multiparqa Monitor with Gas Module, Blochemistry Analyser, vedio Laryngospcopy, 5 part Haematology Analyzer, ventilator, Portable ventilator, Obstetric Ultrasound scanner, OT table 03, Turniquet System වෙයි.

    52553633_10156503898864130_61048643670507520_n.jpg

    52444281_10156503898704130_5314959283622772736_n.jpg

    51922958_10156503898634130_7724543658753523712_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156503903629130

    චීන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව සමන්තුරෙයි මුලික රෝහලේ තෙමහල් වාට්ටු, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකකයකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 10) පස්වරුවේ සිදු කෙරිනි. මෙහිදී මෙම රෝහලේ අලුතින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණයක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා විවෘත කළ කළ අතර, එම වාට්ටු සංකීර්ණයට පළමු රෝගියා ඇතුලත් කරනු ලද්දේ ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.

    51655517_10156493337054130_3203995179899944960_n.jpg

    51768491_10156493337704130_5402622087279935488_n.jpg

    51579246_10156493337409130_1910523129684295680_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156493340394130

    නින්දවූර් නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත ළමා හා මාතෘ රෝහලේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිරීක්ෂණයට අද (2019 February 10) පස්වරුවේ ලක්විය.

    දිවයින පුරා ළමා හා මාතෘ රෝහල් 12 කට අධික සංඛ්‍යාවක් ඉදිකරන අතර ඉන් එක් රෝහලක් ඉදිකරන්නේ නින්දවූර් නගර මධ්‍යයේ යි. මෙම රෝහල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම ද සිදු කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි. වැය කරන මුදල රුපියල් මිලියන 4163 කට අධික වෙයි.

    52323701_10156493247724130_7298181422055948288_n.jpg

    51745093_10156493248149130_2411303311236923392_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/1015649324921413

    චීන සහන ණය ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාලව එරාවූර් මුලික රෝහලේ රුපියල් මිලියන 234 ක් වැය කරමින් ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 10) පෙරවරුවේ සිදු කෙරිනි. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ශල්‍යාගාර, රුධීර පාරවිලයන මධ්‍යස්ථානයක්, වාට්ටු, ඇතුලත් වෙයි.

    51989074_10156492629134130_6572394299072184320_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/1015649263444913

    චීණ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ කල්පිටිය දිසා රෝහලේ මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැලීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරතන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 22) පෙරවරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 564 කි. වෛද්‍ය වාට්ටු, සායනික වාට්ටු, ප්‍රථමික සත්කාර ඒකක, මාතෘ සායන යන අංශවලින් මෙම සංකීර්ණය සමන්විත වෙයි.

    52020854_10156520382849130_4165102530239397888_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156520384259130

    චීන රජයේ ආධාර මත රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව මීරිගම මුලික රෝහලේ සායනික සංකීර්ණයට මුල්ගල් තැබීම අද (2019 February 20)

    චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරා ගත් රෝහල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව දිවයින පුරා රෝහල් 13 ක් සංවර්ධනය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

    මේ අනුව අද (20) පස්වරු 2.00 ට මීරිගම මුලික රෝහලේ නව සායනික සංකීර්ණයට මුල්ගල් තැබීම කථානායක කරූජයසූරිය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 560 කි. මෙහි ඖෂධ ගබඩාවක්, වාට්ටු සංකීර්ණයක්, පරික්ෂණාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් ද ඇතුලත් වෙයි.

    චීන රජයේ සහන ණය ආධාර යටතේ රුපියල් මිලියන 560 ක් වැය කරමින් අළුත්ගම ධර්ගා නගරයේ මුලික රෝහලේ ඇඳන් 100 කින් යුත් වාට්ටු සංකීර්ණයක්. සායන ගොඩනැගිල්ලක් සහ මාතෘ ඒකකයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත. අළුත්ගම මුලික රෝහලේ ඇඳන් 60 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකෙරෙන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 165 කි. වලස්මුල්ල මුලික රෝහලේ මාතෘ හා ළදරු ඒකකය ඉදිකිරීම සදහා පසුගියදා මුල්ගල් තැබුන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 380 කි. ඒරාවූර් මුලික රෝහලේ ශල්‍යාගාරය, රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකින් සමන්විත වාට්ටු සංකීර්ණය ඉදිකිරිම සදහා පසුගිය 10 වන දා මුල්ගල් තැබුන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 234 කි. සමන්තුරේ මූලික රෝහල සදහා රුපියල් මිලියන 814 ක් වැය කරමින් ඉදිකරන ශල්‍යාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සායන ඒකක වලින් සමන්විත වාට්ටු සංකීර්ණය සදහා ද එදින සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මුල්ගල් තැබුනි. පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන ඇඳන් 160 කින් සමන්විත නව වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම ද පසුගියදා සිදු කළ අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 534 කි. එමෙන්ම මහියංගණ මුලික රෝහලේ රුපියල් මිලියන 485 ක වියදමින් ඉදිකරන නව වාට්ටු සංකීර්ණය සදහා සහ රුපියල් මිලියන 105 ක් වැය කරමින් රිකිල්ලගස්කඩ මුලික රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

    52392569_10156514744844130_2103972472490557440_n.jpg

    52369224_10156514744919130_2962245554005868544_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156514745059130

    චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ වැඩපිළිවෙලට අනුව රිකිල්ලගස්කඩ මුලික රෝහලේ දෙමහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 11) පස්වරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 105 කි.

    51661633_10156495118084130_684843848291057664_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156495119899130


    චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ මහියංගණ මුලික රෝහලේ තෙමහල් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 11) පෙරවරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 485 කි.

    51989675_10156494823734130_9096799277627211776_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/1015649482570913

    චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවය

    52417115_10156494590194130_8422942479665332224_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156494593364130

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා 2016 ජනවාරි මාසයේ පොතුවිල් මූලික රෝහලට පැමිණියේ නිරීක්ෂණ චාරිකාවකටය. එහිදී මහජන මන්ත්‍රීවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඉල්ලා සිටියේ රුධිර කාන්දුපෙරණ ඒකකයක් ලබාදෙන ලෙසටයි. එම ඉල්ලීම ඉටු කරමින් ඉදි කරන ලද රුධිර කාන්දුපෙරණ ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින්ම අද (2019 February 10) පස්වරුවේ විවෘත විය.

    51599109_10156493347014130_2778337068730810368_n.jpg

    52035869_10156493346939130_6402146738966102016_n.jpg

    51538837_10156493346754130_2757164357430280192_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156493347364130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    යාපනය කිලිනොච්චිය නගර මධ්‍යයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන හරිත චතුරස්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට මහානගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමා එක්විය.

    51371481_2289747774640061_3136829106935562240_n.jpg

    52365680_2289747724640066_540095539086098432_n.jpg

    51687426_2289747384640100_1296134582046818304_n.jpg

    52470661_2289747294640109_4319122080403554304_n.jpg

    52778780_2289747624640076_4000153293329268736_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2289747054640133&type=3
     
    Last edited: