- මහියංගන කම්කරු කාර්යාලයට නව ගොඩනැගිල්ලක්. -
මහියංගනය හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට කිලෝ මීටර් 100-120 ක පමණ දුරක් ගෙවා සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට යාමට සිදුවීමත්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඒ අවට ප්‍රදේශවල ජනතාව කිලෝ මීටර් 250ක පමණ දුරක් ගෙවා මහියංගන නගරය හරහා අම්පාර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට යාමට සිදුවීමත් සැලකිල්ලට ගෙන. එම දුෂ්කරතාවන්ට පිලියමක් ලෙස මෙම ගොඩනැගිල්ල අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකර ඇත. මෙම කාර්‍යාලය මගින් සේ කයින්ගේ ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, සේව්‍යන් ලියාපදිංචි කිරීම, සේවක සේව්‍ය ආරවුල් සඳහා මැදිහත්වීම, වැනි සේවක සුරක්ෂිතතාවට අවශ්‍ය සියලු දේ සිදුකරනු ලැබේ.