සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    The Government is ready to strengthen the firefighting capacity of the CMC.

    With the present development of the Colombo City and its suburb, many skyscraper buildings with multiple floors are being constructed and hence there is an urgent necessity for ensuring the safety of these properties and the inhabitants.

    However, the vehicle fleet of the Fire Service Department in Colombo Municipal Council is very old and incurring a significant expenditure for annual maintenance. Hence there is a necessity to have a new fleet of vehicle in order to minimize the maintenance cost as well as to ensure the safety of the properties and the inhabitants.

    Accordingly, the Ministry of Internal & Home Affairs and Provincial Councils & Local Government has concluded a contract agreement with the M/S Rosenbauer International AG with a total estimated cost of Euro 10,317,000 (approximately Rs. 2100 mn) for Supplying of Firefighting Vehicles and Equipment for the Colombo Municipal Councils. 6 medium tank fire fighting and rescue vehicles, 3 heavy tank fire fighting vehicles, 2 heavy rescue vehicles, a mobile command centre and 3 aerial ladders will be supplied under this contract.

    The UniCredit Bank, Austria, AG agreed to provide a loan of Euro 10.317 million in support of the above project. The Loan Signing ceremony of the above Loan Agreement with the UniCredit Bank was held at the premises of Bank Austria in Vienna with the participation of Secretary to the Ministry of Finance and Mass Media, Director General of the Department of External Resources, Mr. Dieter Hengl (Member of board) and Mrs. Mary-Ann Hayes on 12th February 2019.


    - http://www.erd.gov.lk/index.php?opt...mc&catid=29:press-releases&lang=en&Itemid=226
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    මීතොටමුල්ල කසල කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය


    මීතොටමුල්ල කසළ කන්දේ වත්මන් තත්වය නා. සං. අ. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණයට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. සුමේධ රත්නායක මහතා අද(13) දින මීතොටමුල්ල කසළ කන්දෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතීයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම කසළ කන්ද නාගරික උද්‍යානයක් ලෙස ප්‍රතිනිර්මාණ කටයුතු මෙම දිනවල සිදුවන අතර එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම මෙම චාරිකාවේ අරමුණ විය.

    53691248_2419586988085321_1437177996627673088_n.jpg

    53586691_2419587968085223_4130432158361714688_n.jpg

    53258147_2419587868085233_1887997993311797248_n.jpg


    - https://www.facebook.com/pg/uda.gov.lk/photos/?tab=album&album_id=2419584871418866&__tn__=-UC-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    ඉදිරියේදී ලංගමයට සැප බස් පමණයි

    ( දිල්රුක්ෂි ග්‍රේරු)

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මින් ඉදිරියට මිලදී ගනු ලබන්නේ සුඛෝපභෝගී බස් රථ පමණක් බවත්, ඒ සදහා නව පිරිවිතර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවත් , එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවයටද පසුව හඳුන්වා දෙන බවත් අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට ‍පොදු බස්රථ ප්‍රවාහනයෙන් 40% දායකත්වය සපයන බවත් , නමුත් වසර දෙකක් පමණ පැරැණි බස් රථ ඇත්තේ ඉතාමත් අඩුවෙන් බවත් පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස්රථ ඇණියට එක් කළ යුතු බවයි.


    මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි‍ මාස කිහිපය තුළදී අලුත් බස්රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරන බවත් පැවසීය. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන, ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීම බවත් අමාත්‍යවරයා පැවසීය.

    ‘නොගැළපෙන බස්රථ මින් ඉදිරියේදී ලංගමට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

    මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථ වේ. ඇතැම් විට එම බස්රථවල එංජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී බස්රථවලද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි.

    එබැවින් සාමාන්‍ය, අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි.

    එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහාද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    එම සාකච්ඡාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ඇතුළුව උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


    - http://www.lankadeepa.lk/news/ඉදිරියේදී-ලංගමයට-සැප-බස්-පමණයි/101-547208
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    SMS සේවාව නිසා දින 125ක දී අලි - දුම්රිය ගැටුම් නෑ

    වනඅලින් දුම්රියේගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)සේවාව හේතුවෙන් ගෙවීගිය දින 125ක කාලය තුළ කිසිදු අනතුරක් සිදුවනැතැයි අලිඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහන් කරයි.

    දුම්රියමාර්ගආසන්නයේ අලිඇතුන් ගැවසෙන්නේ නම්,ඒ පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් විවෘතකර තිබෙන බවත්,එම අංකයට දිනකට ඇමතුම් හතරක් හෝපහක් ලැබෙනබවත් එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරේෂ් පෙරේරාමහතා සඳහන් කළේය.

    මීට අමතරවදුම්රියමාර්ග ආසන්නයේ අලිඇතුන් ගැවසෙන්නේ නම්,ඒ පිළිබඳ ස්වයංක්‍රීයව එස්.එම්.එස්. පණිවුඩයක් ලැබෙනඋපකරණ දෙකක් අලි මංකඩ දෙකක මේ වනවිට සවිකර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

    අලිඇතුන් ගැවසෙන දුම්රිය මාර්ග පිළිබඳජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමටමීට දින 125කට පමණ පෙර 071-4445454 දරන දුරකථන අංකය විවෘත කළ බවත්, ජනතාවගෙන් හා ස්වංක්‍රීය පද්ධතියෙන් ලැබුණු තොරතුරු මත දුම්රියමාර්ග ආසන්නයේ අලිඇතුන් ගැවසීම පිළිබඳ අනතුරු ඇඟවීම් සියයක් නිකුත් කර තිබෙන බවත්ඉරේෂ් පෙරේරා මහතා පැවසීය.

    ජනතාවගෙන් ලැබෙන තොරතුරුවලට අනුව දුම්රියරියැදුරන්ට හා කාර්යමණ්ඩලවලට අනතුරු ඇඟවීමේ එස්.එම්.එස්. පණිවුඩ නිකුත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.


    - http://www.ada.lk/breaking_news/SMS-සේවාව-නිසා-දින-125ක-දී-අලි---දුම්රිය-ගැටුම්-නෑ/11-346292
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,925
    4,579
    113
    අයවැය අවසන් වු වහාම ජනතාවට ඉක්මන් සහන ලබාදීම උදෙසා ප්‍රෙට්‍රල් මිළ වැඩිකර ඇත.
    ජයග්‍රහණය සාමකාමීව සමරන්න. අජිත් පී

    bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    උමා ඔය ව්‍යාපෘතිය ලබන වසරේ විවෘත කරනවා - මහවැලි අමාත්‍යාංශය කියයි

    උමා ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ පමණ විවෘත කිරීමට හැකි වෙතැයි මහවැලි අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.

    2019 අගෝස්තු මාසය පමණ වනවිට උමග තැනීමේ කටයුතු මුළුමනින්ම අවසන් කිරීමට හැකිවෙතැයිද උමගේ තනා ඇති රේල් පීලි ගැලවීම ,වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමට තවත් අතිරේක කාලයක් වැයවන නිසා විවෘත කිරීම මේ වසරේ කිසිසේත් කළ නොහැකිවන බවද ප‍්‍රකාශ කෙරිණ.

    මෙම කරුණු අනාවරණය වුයේ පසුගියදා පැවැති බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේදි උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවේදීය.


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/25311-2019-03-13-08-03-54
     
    • Like
    Reactions: Smartm

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,925
    4,579
    113
    ‘‘ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා, ඉස්සර වෙලාම එයාලගෙන් ගන්න ඕන‘‘ ගිණුම් ශේෂය ලක්ෂ 12 වැඩි ළමා ගිණුම් වලට වසරකට 5000 ක බද්දක් :lol:


    වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්. "ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.. ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා ඇංගිලා ඉන්නවා බදු ගෙවන්නේ නැතුව."
    bp
    මේ අතර මෙවර තෙල් මිල වැඩි වීම ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදු නොවූ බවත්, ඉදිරියේදී උත්සව කාලය හේතුවෙන් ජතතාව ගැන සිත ඉතා අඩු මුදලක් වැඩිකළ බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    එසේම අලුත විවාහ වන පිරිසට ණය ලබා දීමේදී අවුරුදු 18ත් 40ත් අතර වයස් සිමාවේ පසුවන පුද්ගලයන්ට පමණක් "හොම් ස්වීට් හොමි" ණය ක්‍රමයට අයදුම් කළ හැකි බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

    ලබ්බේ සංවර්ධන නිව්ස්නේ බං මේවා....:shocked:

    bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    The Belluna Co invests USD 55 mn in 447 Lunar Tower complex

    49771835_391239214959316_1911634583473078171_n.jpg


    The Belluna Co., a Tokyo Stock Exchange listed company and a significant player in the global real estate industry has invested USD 55 million for the 447 Lunar Tower located at the heart of Colombo.

    The Japanese giant has already proven its long term commitment to the property market of the country by investing a total amount of USD 450 million. They have already opened two projects which include an ultra-luxurious 57 room resort in Galle ‘Le-grand’ and ‘Marriott International’ entailing 70 villas. The company’s other ongoing project includes a 300 room city hotel on Marine Drive, Colombo 3. “Sri Lanka showed a rapid growth after 2009 and opened up for many investments. Thus this is a joint venture in between Sri Lanka and Japan,” said, Director, Belluna Co., Hiroshi Yasunu. He also said, as the government of Sri Lanka expects more tourist arrivals this year, accommodation needs have to be satisfied. Thus these projects add value to the country’s economy. Therefore investing in these projects is very crucial. Located in the heart of Colombo at Union Place close to leading schools, shopping area and hospitals, 447 Lunar Tower consists of 45 storeys with 190 luxurious apartments. The apartments range from 842 square feet two-bedroom to expansive four-bedrooms at 2283 square feet. Considering the structure, it is conceptualized as a rectangular tower with a staggering view towards the city and Viharamahadevi Park.

    “We prioritized the requirement of understanding the culture and lifestyle of people and we wanted to give a luxury apartment with a better location which is affordable to all,” said, Principal Architect, Phillip Weeraratne Associates, Phillip Weeraratne.


    - http://www.dailynews.lk/2019/03/14/...-co-invests-usd-55-mn-447-lunar-tower-complex
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113
    Cabinet approves 28 1 MW solar power projects

    By Chathuri Dissanayake

    The Cabinet this week approved a proposal to award 28 projects of 1 MW under the second phase of the Suryabala Sangramaya Program spread across the country, the Information Department said. The proposal presented by the Power, Energy and Business Development Minister Ravi Karunanayake noted that the move is in line with Government policy of sourcing 60% of the electricity supply from renewables by 2030.

    The Cabinet-appointed negotiating committee has recommended 28 investors to set up plants which will be set up in Anuradhapura, Vavunathivu, Mahawa, Pannala and Valachchenai for prices between Rs. 12.84-15.93 KWh information department said.

    “This is being awarded under the 90 projects which were tendered earlier. We have awarded the majority of the tenders there are close to 35 more 1 MW projects to be awarded,” Power Energy and Business Development Ministry Secretary told Daily FT.

    “Under the first phase of the project, which aimed to build 60 plants of 1 MW each, only 37 materialised as there were no qualifying bidders,” he said. The bidding conditions followed in stage one of the Suryabala Sangramaya Program was then revised to ensure more bids are received during the second phase.

    Meanwhile, the Cabinet also gave approval to amendment of the Electricity Act to allow a more flexible approach in procuring electricity less than 10 MW from renewable energy sources.

    The proposal made by Karunanayake noted that problems have been observed in implementing electricity generation projects due to policy and legal differences in Ceylon Electricity Board, Public Utilities Commission and Sustainable Energy Authority concerning establishment of electricity power plants, the notes announcing Cabinet decisions said.

    To minimise issues faced, the Electricity Act of 2009 and the Electricity (Amendment) Act of 2013 will be amended to enable a “more flexible procedure to procure electricity” from all plants that are less than 10 MW from non-traditional energy sources, the information department said.

    According to the Act, there is a requirement to carry out tender process for all generating plants despite the size. However, an attempt to amend the regulation in 2013 to exempt plants below 10 MW from requiring procurement process was not carried out as required and this amendment will address the issue, Dr. Batagoda said.

    “Due to this issue, there was not a single mini-hydro plant or biomass plant that was set up in the last four years. We even had issues getting a loan from ADB bank for solar power projects, the amendment will address that issue,” he said.

    The new amendment exempts all plants below 10 MW capacity from tender process, he noted.

    The Minister through a separate Cabinet proposal received approval from the Government to make safety certificate for all elevators and escalators in the country. Karunanayake informed the Government that majority of the accidents related to escalators and elevators have been caused by issues in electricity supply noting that a certificate should be issued through a procedure devised by relevant authorities.


    - http://www.ft.lk/front-page/Cabinet-approves-28--1-MW-solar-power-projects/44-674655
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,925
    4,579
    113
    අපි උපතින් ම වඳ නිසා අමුතුවෙන් වඳ කරන්න දෙයක් නැති නිසා මේ පාර අය වැයෙන් බල්ලන්ව වඳ කරන්න මුදල් වෙන් කලා....
    (නූතන පැරකුම්) :yes:

    බයියන්ට ඊර්ෂ්‍යා හිතෙයි.....:P

    bp
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,925
    4,579
    113
    උමා ඔය ව්‍යාපෘතිය ලබන වසරේ විවෘත කරනවා - මහවැලි අමාත්‍යාංශය කියයි

    උමා ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ පමණ විවෘත කිරීමට හැකි වෙතැයි මහවැලි අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.

    2019 අගෝස්තු මාසය පමණ වනවිට උමග තැනීමේ කටයුතු මුළුමනින්ම අවසන් කිරීමට හැකිවෙතැයිද උමගේ තනා ඇති රේල් පීලි ගැලවීම ,වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමට තවත් අතිරේක කාලයක් වැයවන නිසා විවෘත කිරීම මේ වසරේ කිසිසේත් කළ නොහැකිවන බවද ප‍්‍රකාශ කෙරිණ.

    මෙම කරුණු අනාවරණය වුයේ පසුගියදා පැවැති බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේදි උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවේදීය.


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/25311-2019-03-13-08-03-54

    දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,925
    4,579
    113
    අම්මලා අවුරුදු තුනේ හතරෙ පොඩි එවුන්ව ස්කූටියේ ඉස්සරහ මෙලෝ ආරක්ෂාවක් නැතුව අරගෙන යන්නේ උන් උන්ගේ පොඩි එවුන්ට ආදරේ නැතුව නෙමෙයි. වෙන කරන්න දෙයක් නැති කමට. මේ කාලකන්නි ආන්ඩුව ඒ මිනිස්සුන්ට Wagon R එකක් ගන්න එකත් හීනයක් කලා!! :angry::angry::angry:

    :yes::yes::(:(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රටක අයවැයක පුළුල් අරමුණ වන්නේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සැලසුම් කිරීමයි. අයවැය ලේඛනය යනු රටේ අනාගත ගමන්මගේ දිශානතිය පෙන්වනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. ඒ අනුව අයවැයක්‌ යනු ආර්ථික සංවර්ධනය කරා රට ගමන් කරවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක කෙටි කාලීන (වසරක) වැඩපිළිවෙළකි. මෙහි ඉදිරි මුදල් වර්ෂයේ ඇස්‌තමේන්තුගත ආදායම, වියදම සහ එය පියවනු ලබන ආකාරය දක්‌වනු ලබයි. එහෙත් වසරකට වඩා ඔබ්බට යන සංවර්ධන දැක්‌මක්‌ අයවැයක අන්තර්ගත වෙයි.

    නමුත් මෑත කාලයේ යහපාලන රජය යටතේ අප දකිනා අයවැය වල් අනාගතය පිලිබඳ පැහැදිලි දැක්මක් නැති වචන හරඹ පමනක් වී තිබීම කනගාටුවට කරුණකි. අයවැය ඉදිරිපත් කොට එය සම්මත කරගත්තාට පසු පොරොන්දු වූ දෙවල් ගැන පසු විපරමක් ආන්ඩු පක්ශයෙන් මෙන්ම විපක්ෂයෙන්ද කෙරෙනා බවක් පේන්නට නැත.

    පසු ගිය වසර 4 පුරා විවිධ අයවැය ලේඛණ වල එකම යෝජනා නැවත නැවත දක්නට ලැබෙන්නේ අයවැය හදන බලධාරීන්වත් එය නැවත කියවන්නේ නැති නිසා විය යුතුය.

    මංගල සමරවීර මහතා ප්‍රචාරක කටයුතු වලට දක්ෂයෙකි. ඒ නිසා ඔහු අයවැය ඉදිරිපත් කරන්නේ ජනතාවට හදවතට වදින ආකාරයටය. මෙතෙක් යහපාලනය ගෙන ආ සියලු අයවැය මෙන් 2019 අයවැයද පුස්සක් බව වටහා ගත හැක්කේ එය හොඳින් අධ්‍යයනය කරන්නෙකුට පමනි.

    පසුගිය වසර 4 ලාංකික ජනතාව ආර්ථික වශයෙන් ඉමහත් දුෂ්කරතා වලට මුහුණ දුන් කාලයකි. මේ තත්වය 2019 දී තවත් බරපතල වන බව අයවැය විමසා බැලීමෙන් පෙනී යයි. .

    ………………………………………………………………………………………….

    මෙවර අයවැයට අනුව 2014 ට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1264 සිට රුපියල් බිලියන 2464 දක්වා 94% කින් ඉහල යනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

    මේ ඉහල යාම බලාපොරොත්තු වන්නේ 2014 ට සාපේක්ෂව ජනතාව මත බදු 97% කින් ඉහල දැමීමෙන් මිස වෙන අන් ප්‍රාතිහාර්යයකින් නොවේ.

    2014 ට සාපෙක්ෂව 2019 දී

    රටේ සෑම පුරවැසියෙකුටම බලපාන භාන්ඩ හා සේවා මත බදු 100% කින් ඉහල යනු ඇත.

    2019 වසර තුල පමනක් බදු ඉහල යාම 21% කි.

    මීට අමතරව 2014 සිට මේ වන තුරු රුපියලේ අගය 30% කින් පමන බාල්දු වී ඇති නිසා ආනයනික භාන්ඩ සඳහා වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුව ඇත.

    රටේ පොලී අනුපාතයන් ඉහල යාම, ව්‍යාපාර මත ආදායම් බදු වියදම ඉහල යාම හා ආනයනික වියදම් ඉහල යාම නිසා සෑම දේශීය නිශ්පාදකයෙක් හා සේවාදායකයෙකුම තම භාන්ඩ හා සේවා සඳහා මිල ඉහල දමා ඇත.

    2014 -2019 කාලය තුල රජය විසින් වැඩිකොට ඇති ආදායම් බදු මෙන්ම , භාන්ඩ හා සේවා බදු සඳහා මුදල් ගෙවන්නේ ජනතාවය.

    2014 හා 2019 කාලය තුල රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුන වී යැයි මුදල් ඇමති කයිවාරු ගසයි. මේ කාලය තුල රටේ සෑම පුරවැසියෙකුගේම ජීවන වියදම දෙගුනයකට වඩා වැඩිවූ බව ඔහු නොකියයි.

    රටේ වැඩකරණ ජනතාවගෙන් රාජ්‍ය සේවයේ සිටින්නේ මිලියන 1.4 ක පමනි. මිලියන 3.5 ක්ම සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. මිලියන 3.3 ක්ම ස්ව්‍යංරැකියා කරන්නන්ය. එකතුව මිලියන 6.8 කි . මේ අයගේ ආදායම පසුගිය වසර 4 තුල දෙගුණ වූවාද ?

    වියදමට සරිලන සේ ආදායම දෙගුණ නොවූ නිසා රටේ වැඩ කරන ජනතාවගෙන් හරි අඩකට වඩා ජීවන මට්ටම 2014 ට වඩා පහලට ආ බව මුදල් ඇමතිට නොකියන්නේ මන්ද ?

    ………………………………………………………………………………………………

    රජයේ ආදායම වැඩිවන වේගයෙන්ම රජයේ වර්තන වියදම්ද වැඩී වී ඇති නිසා මේ වැඩිවන ආදායමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රථිලාබ ගෙන දෙන ආයෝජන වැඩිවී නැත.

    2014 -2019 කාලය තුල වර්ථන වියදම් 74% කින් හෙවත් රුපියල් බිලියන 1033 කින් වැඩි වී ඇත.

    2014 වර්ෂයේ රජයේ සමස්ත ආදායම වූයෙ රුපියල් බිලියන 1264 කි.

    එසේ නම් මේ වසර 4 තුල එදා රාජ්‍ය ආදායමට සමාන මුදලකින් යහපාලන රජයේ එදිනෙදා වියදම් වැඩි වී ඇත.

    නමුත් ජනතාවගේ පහසුකම් වැඩි වූයේ කොතනද ?

    සෞඛ්‍ය පහසුකම් දෙගුණ වී ඇත්ද ?
    අධ්‍යාපන පහසුකම් දෙගුණ වී ඇත්ද ?
    ප්‍රවාහණ පහසුකම් දෙගුණ වී ඇත්ද ?
    ක්‍රිඩා පහසුකම් දෙගුණ වී ඇත්ද ?
    ආරක්ෂාව දෙගුන වී ඇත්ද ?

    වැඩිවූ රජයේ වියදම් වලින් වාසිය ලැබුනේ කාටද ?

    ………………………………………………………………………………………………

    මේ වසරේ අයවැය පියවා ගැනීමට රුපියල් බිලියන 2000 ක ණය ලබා ගැනීමට මුදල් ඇමති යොජනා කරයි

    මේ වන විටත් රාජ්‍ය ණය රුපියල් බිලියන 12,000 ක් පමන වන නිසා 2019 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 14,000 ඉක්මවනු ඇත.

    2005 දී රාජ්‍ය ණය රුපියල් බිලියන 2,200 ක් විය
    ඉතුරු වසර 9 තුල මෙම ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,200 කින් වැඩි විය

    යහපාලන ආන්ඩුව බලයට එන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7,400 ක් විය.
    මෙවර අය වැය අනුව පලමු වසර 5 තුල යහපාලන රජය රුපියල් බිලියන 6,600 ක් ණය ගැනීමට නියමිතය

    රාජපක්ෂ වසර 9 රුපියල් බිලියන 5,200 යි ( අධිවේගී මාර්ග, තාපබලාගාර, වාරය, ගුවන්තොටුපො, වාරි මාර්ග, දුම්‍ රිය පාරවල් හා මහා මාර්ග ඇතුලු අති විශාල සංවර්ධනයක් මේ කාලය තුල සිදුවූයේ යුද්ධය වෙනුවෙන්ද විශාල මුදලක් වැය වන අතර තුරය )

    රනිල් වික්‍රමසිංහ වසර 5 රුපියල් බිලියන 6,600 යි. කල දෙයක් නොමැත.

    ………………………………………………………………………………………………

    ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2014 දී පුරෝකථ්නය කර තිබුනේ මෙසේය

    දල ජාතික නිශ්පාදනය ( ඩොලර් බිලියන) ඒක පුදගල ආදායම ( ඩොලර් )

    2015 86.1 3654
    2016 98.7 4122
    2017 112.2 4677
    2018 127.4 5264
    2019 144.2 5918

    නමුත් වසර 4 ක යහපාලන රජය යටතෙ 2018 අවසන් වන විට රටේ දල ජාතික නිශ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 89 පමන වේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 4187 ක් පමන වේ.

    2018 වන විට ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 3% නුත් පහලට පැමිණ තිබුනි. මේ ආසියාතික රටවල් අතර දුර්වලම ආර්ථික වර්ධන වේගයකි.

    ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2018 වසරේ තිබුනේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාල දිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. අප සිටින්නේ ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය.

    ලංකාව වැටී තිබෙන මේ ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට කිසිදු සැලස්මක් මෙවර අයවැයෙන් ඉදිරිපත් නොවිනි. අඩුම වශ‍යෙන් ආර්ථික සංවර්ධන ඉලක්කයක් ගැන සඳහනක් වත් මංගල සමරවීර මහතාගේ සුරංගනා කතාව තුල අඩංගු වී නොතිබුනි.

    ආර්ථිකය සංවර්ධනය කිරීමට නම් ඉලක්ක හා සැලස්මවල් අවශ්‍යය.

    මෙවර අයවයෙන්ද වත්මන් රජය පෙන්වූයේ රටේ අනාගතය ගැන කිසිදු දැක්මක්, ඉලක්කයන් හා සැලසුම් රජය සතුව නැති බවය. මීට පෙර ඉදිරිපත් කල සාර්ථක අයවැයන් මෙන්ම 2019 අයවැයද හුදු වචන මාලාවක් පමනි.

    ………………………………………………………………………………………………

    සුපුරුදු පරිදි මෙවර අයවැයේදීද පොරොන්දු රාශියක් දී ඇත. නමුත් 2015 මාර්තු මස ඉදිරිපත් කල අතුරු අයවැයේ සිට මෙතෙක් ඉදිරිපත් කල සැම අයවැයකින්ම යහපාලන රජය කලේ මහා පරිමාන බොරු කීම පමනි. දෙන පොරොන්දු ඊලඟ අය වැය වන විට මතක නැත

    අපි මෙසේ කඩවූ පොරොන්දු කිහිපයක් මතක් කොට බලමු

    2016 අයවැය යෝජනා 328 - මහපොල විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් මාලඹේ ඉදිකිරීම

    2016 අයවැය යෝජනා 218 -2016 අප්‍රේල් 1 දා සිට ආනයන අපනයන බැංකුවක් ආරම්ඹ කිරීම

    2016 අයවැය යෝජනා 254 - ආසන 7000 කින් සමන්විත අති නවීන පහසුකම්සහිත සම්මන්ත්‍රණ ශාලවක් කොළඹ ඉදිකිරීම

    2016 අයවැය යෝජනා 470 - කැලණිවලි දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

    2017 අයවැය :

    2017 අයවැය යෝජනා 70 - එක ගමකට එක වැවක් වැඩසටහන යටතේ මිරිදිය ධිවර ගම්මාන 100 ක් ඇතිකිරීම.

    2017 අයවැය යෝජනා 104 : විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය වසර 3 ක් තුල දෙගුණ කිරීම

    2017 අයවැය යෝජනා 101 - උසස් පෙල හොඳ ප්‍රතිපල ලබා ගන්නා සීසුන්ට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් හා කේබ්‍රිජ් විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව ලබා දීම ( මෙය 2019 අයවයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 102 )

    2017 අයවැය යෝජනා 117 - උසස් පෙල විශ්ව විද්‍යාල වලට ඇතුලත වීමට නොහැකි වූ සිසුන් 15,000 ට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හදෑරීම සඳහා එක සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දීම ( මෙය 2019 අයවැයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 107 )

    2017 අයවැය යෝජනා 125 : රජයේ වෘතීය පුහුණ ආයතන වල ඉගන ගන්නා සෑම සිසුවකුටම ශිෂ්‍යත්වයක්

    2017 අයවැය යෝජනා 159 : පුද්ගලික අංශයට පැය 45 ක හා රාජ්‍ය අංශයට පැය 40 ක නම්‍ය ශීලී වැඩ මුර කර්මයක් හඳුන්වාදීම ( ( මෙය 2019 අයවැයේදී කාන්තාවන් සම්බන්ඳයෙන් වූ අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 50 )

    2017 අයවැය යෝජනා 176 - ඇමෙරිකානු ඩොලර් 500 ඉක්මවන ආයෝජන ගෙන එන අය සඳහා පස් වසරක බහු පිවිසුම් විසා නිකුත් කිරීම ( මොනම ආයෝජකයෙක්වන් නොපැමිනි නිසා යලිත් 2019 අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් 4 ක නිවසක් මිලදී ගන්නෙකුට වසර 3 ක නෙවාසික විසා දෙන තරමට රජය බාල්දු වී ඇත 2019 අයවැය යෝජනා 95 )

    2017 අයවැය යෝජනා 193 - කලුතර, රත්නපුර, වව්නියා හා පුත්තලම දිස්ත්‍රික්ක වල නිදහස් වෙළඳ කලාප 4 ක් පිහිටවීම

    2017 අයවැය යෝජනා 203 - Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt iy Hambanthota Salt 2017 වසර තුල ලැයිස්තුගත කිරීම

    2017 අයවැය යෝජනා 235 - ආසන 5000 ක පහසුකම් ඇති අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් කොළබ නගරය තුල ඉදිකිරීම (මේ යෝජනාව 2016 අයවැයේද තිබුන්. එකම වෙනස ආසන ගනන 7000 වීමයි.- 2016 අයවැය යෝජනා 254 )

    2017 අයවැය යෝජනා 246 - මධ්‍යම අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ගය 2019 වන විට නිම් කොට අවසන් කිරීම. කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගය 2018 ජූලි වන විට හම්බන්තොට දක්වා නිම කිරීම

    2017 අයවැය යෝජනා 246 - කොළඹ මාර්ග තදබදය අඩු කරන සැහැල්ලු දුම්‍ රිය මාර්ගය ඉදි කිරීම 2017 ආරම්බ කිරීම.

    2017 අයවැය යෝජනා 250- කොළඹ හා යාබද නගරවල බස් රථ සඳහාම වූ වෙනම මංතීරු වෙන්කෙරේ.

    2017 අයවැය යෝජනා 253 - කැලණ්වැලි දුම්‍ රිය මාර්ගය රත්නපුර දක්වා දික් කෙරේ.

    2017 අයවැය යෝජනා 255. ත්‍රී රෝද වාහන වෙනුවට රෝද හතරේ විද්යුත් කාර් හඳුනවා දීම සඳහා ණය ක්‍රමයක් හඳුනවාදීම ( මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 145)

    2017 අයවැය යෝජනා 257- ත්‍රී රෝද රථ හා පාසැල් වෑන් රඨ නියාමනයට ක්‍රමවේදයක් හඳුනවා දීම

    2017 අයවැය යෝජනා 258- පෞද්ගලික බස් හා රජයේ බස් එකම කාලසටහනක් යටතේ ධාවනය කිරීම (මීට බෙහෙවින් සමාන යෝජනාවක් 2019 අයවැයේද ඇත - 2019 අයවැය යෝජනා 142)

    2017 අයවැය යෝජනා 279- අඩු පොලියට නිවාස ණය ලබා දීම සඳහා දැනට පවතින ආයතන කිහිපයක් එක් කොට අලුතින් නිවාස බැඤුවක් ස්ථාපිත කිරීම

    2017 අයවැය යෝජනා 300 - අඩු හා මධ්‍යම නිවාස ලාභීන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීම.

    2017 අයවැය යෝජනා 302 - වතුකරයේ නිවාස 25,000 ක් ඉදිකිරීම.

    2017 අයවැය යෝජනා 302 - උතුරු නැගෙනහිර නිවාස 50,000 ක් ඉදිකිරීම. මේ යෝජනාව ඒ ආකාරයෙන්ම 2018 අයවැය යෝජනා වලද අඩංගු වේ - 2018 අයවැය යෝජනා 263)

    2018 අයවැය :

    2017 අයවැය 252 : මාර්ග හා දුම් රිය ප්‍රවාහණ සෙවා ඉහල දැමීමට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීම .මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 141)

    2018 අයවැය යෝජනා 184 : සියලූම විශ්ව විද්‍යාල සිසුන් සඳහා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක්

    2018 අයවැය යෝජනා 248 - කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක්

    2018 අයවැය යෝජනා 186-189 -: ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනය. ජාතික තලයේ ක්‍රීඩා ඇකඩමියක් හා ක්‍රීඩා පාසැලක් ඇරබීම. සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය්

    2018 අයවැය යෝජනා 203 : හදවත් රෝග නිවාරණ සංකීර්ණයක් ර්ජ්වේ ආර්යා ලමා රෝහලේ ඉදිකිරීම

    2018 අයවැය යෝජනා 216 - අඩු ආදායම් ලාභීන් සඳහා අංගොඩ, කොලොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ අලුතින් නිවාස 20,000 ඉදිකිරීම

    2018 අයවැය යෝජනා 263 - උතුරු නැගෙනහිර අලුතින් නිවාස 50,000 ඉදිකිරීම ( 2017 අයවැය යෝජනා 302 ද මෙයමය )

    ……………………………………………………………………………………………………………….

    යහපාලන රජයේ අයවැය වචන සංදර්ශණයක් පමනක් බවට තවත් උදා හරණ කුමටද ?

    බොරු කියනවාට අමතරව අමතක වී එකම බොරුව නැවත කීමද යහපාලන අයවැයටම සුවිශේෂී වූ ලක්ෂණයක් බව ඉහත උදාහරණ වලින් පෙනේ. සමහර විට අමාත්‍යාංශ නිලධාරීන් අලුත් ඇමතිවරයාට සත්‍ය තොරතුරු නොදීම නිසා ඔහු ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සමහර යෝජනා ඉන් වසර කිහිපයකට පෙර කලින් ඇමති වරයාටද දුන් යෝජනා බව ඔහු නොදන්නවා විය යුතුය

    …………………………………………………………………………………………………….

    මෙම අයවැයෙන් වත්මන් ආර්ථිකයේ දැවෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සපයා නැත

    රුපියලේ කඩා වැටීම නතර කරගන්නේ කෙසේද ? ( 2018 පමනක් රුපියල 20% කින් කඩා වැටුනි)

    විදේශ සංචිත යලි ස්ථාවර කරගන්නේ කෙසේද ? ( මේ වන විට රුපියල් බිලියන 7 කට වඩා අඩු වී ඇති සංචිත ප්‍රමානවත් යාන්තමින් 2019 ගෙවන්නට ඇති ණය ගෙවීමට පමනි)

    ආර්ථික වර්ධනය මන්දගාමී වීම නතර කරගන්නේ කෙසේද ? ( 2019 වසරේද ආර්ථික වර්ධන පුරෝකතනය 4% කට අඩුය)

    අපනයනයන් වර්ධනය කරගන්නේ කෙසේද ?

    නව රැකියා උත්පාදනය කරන්නේ කෙසේද ? ( රැකියා දශලක්ෂයක් පොරොන්දු වුවද තිබුන රැකියා ප්‍රමාණයද අඩුවී ඇත )

    බැඳුම්කර මගඩිය හා තවත් දූෂණ නිසා ජාත්‍යන්තරව බිඳවැටී ඇති ආයෝජක විශ්වාසය යලි දිනා ගන්නේ කෙසේද ?

    දැන් මන්දෝස්තානීව සිටින දේශීය ආයෝජකයන් යලි පණ ගන්වන්නේ කෙසේද ?

    ආර්ථික වර්ධන ක්‍රියාවලිය තුල දැනට අඩපනව ඇති රටේ ජනතාවගෙන් 1/3 කට වඩා යැපෙන කෘෂිකර්මාන්තය යලි නගා සිටුවන්නේ කෙසේද ?

    වසර 4 ක් පුරා වත්මන් රජය නැවත නැවත පෙන්වා ඇත්තේ කලමනාකරණ අසමත් කමයි. මෙතෙක් නොකල දේ එක වසරක් තුල කරනු ඇතැයි බලාපොරොත්තු වීම මෝඩකමකි. මන්ද නොහැකියාවට විසඳුමක් නොමැති බවිනි. ඒ නිසා මීට පෙර අයවැය මෙන්ම වත්මන් අයවැයද වචන හරඹයකට සීමා වන බව නිසැකය.

    Nalaka Godahewa