සංවර්ධන News

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    53846769_403410587090321_84019391489900544_n.jpg

    :D :D :D
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    thopilage lokko janathawata aduwen light pawichchi karanna kiyanawa. wassa nathi welawata light niwanna kiyannada api me ayata chande dunne ? ohomada ratak kalamana karanaya karanne ? janathawata current wath hariyata deeganna bari ratak meka.
     
    • Like
    Reactions: rm1980

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Do they "Jinasena Family" have tyre manufacturing plant in Sri Lanka? And what does mean by Solid tyre? Whats the difference?


    Thanks Bro.. :yes::yes::yes:

    Now they do not have. Solid tyres are used for Aircraft, land vehicles, industrial vehicles like heavy forklifts.
    "Solid tires, which are also called airless tires, are manufactured using a few different methods. Solid tires can be manufactured on a frame or metal wheel structure which will then be mounted on a specific vehicle. Solid tires can also be made to fit on rims that are manufactured to support pneumatic tires." Google God
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    53734549_2328544523842850_4989349180028747776_n.jpg


    මේ තියෙන්නෙ පතෝල මැස්සකට මෝඩි කිට් ගස්සලා ජනාධිපතිලා හදපු 2015 ජනවාරි 08 ට කලින්.. 2014 අගෝස්තු මාසෙ ජපානයේ JICA ආයතනය සහ මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කරපු URBAN TRANSPORT SYSTEM DEVELOPMENT PROJECT (FOR COLOMBO METROPOLITAN REGION AND SUBURBS) අවසන් වාර්ථාවෙ (Final Report) සංශිප්තයේ (Summary) PDF එකක්..

    Link - http://open_jicareport.jica.go.jp/pdf/12176665.pdf?fbclid=IwAR1seYX0hpuSi9T5eF5fR3Z23Pj0-V-rqErcD3nLlBfRRZeXK0KTu0EHROE

    ඊයෙ ඔය යහපාලන ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ මහා නගර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ගේ චිත්ත සන්තානයේ පහළ වූ සංකල්පයක් මත ණය ගිවිසුම අත්සන් කල 'කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියෙ කතන්දරෙත් මේකෙ තියෙනවා ලොකු ව්‍යාපෘතියෙ එක කොටසක් විදිහට.. මේ යහපාලන ආණ්ඩුව ඒ ණය ගිවිසුම අත්සන් කරන්නෙත් 2010 ඉදලා මේ වැඩේ ඉන්න JICA එක්කම තමයි..

    අවුරුදු හතරක් රට උලා කකා ඉඳලා.. ඊළඟ ජනාධිපතිවරණය ගේ පිළිකන්නට ආවම තම පාක්ෂික ජහමනයා ගොනාට අන්දන කටවුට් එකේ පිංගුත්තර මූණත් තහඩු එක්ක පම්පෝරියට මක්කා හරි තියෙන්න එපායැ නේද..??

    මේ යමපාලුවො කරේ අවුරුදු 21කින් 2035 දි සම්පූරණ වෙන්න තිබුන මේ විශාල ව්‍යාපෘතියත් අර කොළඹ කුණු ප්‍රශ්ණෙට ආපු පුත්තලම ප්‍රොජෙක්ට් එක වගේම ඒ ආකාරයට ඉස්සරහට ගේන්නෙ නැතුව කෙලවා දමලා දැන් ඒකෙ කෑලි බෑලි මුංගෙ මුහුණත් තහඩු ගහං අළුත්ම උණු උණු බඩු ලෙස ගේන එක..

    මෙහෙම ව්‍යාපෘති රටේ තිබුනද කියලාවත් රටේ එකෙක්වත් නොදන්න ගානට පහුගිය ආණ්ඩුවේ මීඩියා මෙහෙයවපු නැශනල් ඕගනයිසර්ලා ගැන මොකුත් නොකියම මේ ඉන්නත් ගඟටම කපා දමනවා.. අවසරයි.. 🙂


    Wishwa Chinthana



    රෙදි නෑ නේහ්.....?

    :lol::lol::lol::lol::lol:


     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    Now they do not have. Solid tyres are used for Aircraft, land vehicles, industrial vehicles like heavy forklifts.
    "Solid tires, which are also called airless tires, are manufactured using a few different methods. Solid tires can be manufactured on a frame or metal wheel structure which will then be mounted on a specific vehicle. Solid tires can also be made to fit on rims that are manufactured to support pneumatic tires." Google God


    Thanks bro
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    bp
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කිරිපිටි මිල සූත‍්‍රයට කැබිනට් අනුමැතිය

    ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

    ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමට පත් කළ කමිටුව මගින් මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කර ඇත.

    ආනයනික කිරිපිටි සඳහා වන මෙම මිල සූත‍්‍රය පාරිභෝගික අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබයි.

    කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා විසින් මීට අදාළ යෝජනාවට පෙරේදා (12 දා* ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

    රනිල් ධර්මසේන
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :yes::yes::yes:

    මුන් හිතන්නේ හැමදාමත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුළුවන් කියලා ..

    ඔව් බන්. ලංකාවේ මිනිස්සු පුදුම කරුමයක් කරලා තියෙන්නේ. මොන විදිහකින්වත් කිසිම සහනයක් නෑ. :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මාළඹේ - කොටුව සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබේ.

    මාලඹේ-කොටුව සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ජපානයේ ජයිකා (JICA) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලූ දුම්රිය සේවය සඳහා ලබා දෙන අතර, එහි පොළිය සියයට දශම එකකි.ඒ අනුව ලක් රජය සහ ජයිකා ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන සමස්ත මුදල ඇ.ඩො මිලියන 2200කි.

    ඒ අනුව මේ සඳහා අවශ්‍ය උපදේශන සේවාව ලබාගැනීමට තරඟකාරී ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් හරහා ජපන් සමාගම් දෙකක් තෝරා ගනු ලැබූ අතර එයින් එක් සමාගමක් කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ප‍්‍රසම්පාදන කමිටුව මගින් තෝරා ගනු ලැබිණ. ඒ ඔරියන්ටල් කන්සල්ටන් ග්ලෝබල් සමාගමයි (Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd). ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම අද දින මහානගර අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ මහතා සහ එම සමාගම වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය සාමාන්‍යාධිකාරී රොහෙයි ඉෂී මහතා අතර සිදුවිය.

    54278459_2301911390090366_430269823713280_n.jpg


    - https://www.facebook.com/PataliChampika/posts/2301912633423575
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම

    - මාලඹේ සිට කොටුව දක්වා ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd යන ආයතනවලින් සැඳුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සුඛිතපුරවර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

    - දිවයිනේ විවිධ නගරවල මහජන පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් සුඛිතපුර නගර සංවර්ධන වැඩසටහන 2016 වර්ෂයේ සිට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ මේ වන විට රුපියල් මිලියන 12,894ක් පමණ ආයෝජනය කර තිබේ. සියලුම පළාත් ආවරණය වන පරිදි තොග වෙළඳපොළවල්, බස්නැවතුම්පළවල්, උද්‍යාන, රථගාල්, ඇවිදින මංතීරු, සතිපොළ, මාළු වෙළඳසැල්, නගරශාලා, වෙළඳ සංකීර්ණ, නාගරික මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, වෙරළ උද්‍යාන, මාර්ග සංවර්ධන කටයුතු යනාදී වශයෙන් 2019 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාල‍ච්චේන ප්‍රදේශවල සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම

    - 2030 වන විට විදුලිබල ක්ෂේත්‍රයේ 60%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය කිරීම සඳහා රජය සැලසුම් කර තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්බල සංග්‍රාමය වැඩසටහන යටතේ අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාල‍ච්චේන යන ප්‍රදේශවල මෙගා වොට් 1ක ධාරිතාවයකින් යුත් සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ආයෝජකයින් 28 දෙනෙකු වෙතින් කිලෝවොට් පැයක් රුපියල් 12.84 සිට රුපියල් 15.93ක් අතර මුදලකට මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ගම්පහ, අතතනගල්ල සහ මිනුවන්ගොඩ ඒකබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියෙහි එක් කොටසක් ලෙස බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

    අත්තනගලු ඔයේ අතු ගංඟාවක් වන බස්නාගොඩ ඔය හරස් කර බස්නාගොඩ ජලාශය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එය මීටර් 20.5ක උසකින් හා මීටර 130ක් දිග කොන්ක්‍රීට් බැම්මක් සහිතව ජලය ඝන මීටර මිලියන 3.5ක ධාරිතාවයක් රඳවා තබා ගැනීමට හැකි වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,347.4ක මුදලකට සිනෝහයිඩ්‍රෝ සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යෝජිත යකා බැඳි ඇළ අමුණ සංවර්ධනය

    - මාකඳුර, කන්දෙපොළ, කොස්වත්ත සහ යක්දෙස්සාව ප්‍රදේශවල ගොවීන්ට වාරි ජල පහසුකම් සැපයීම සඳහා භාවිතා කරන ලද පැරණි යකා බැඳි අමුණ අත්හැර දමා ඇති බැවින් එම ප්‍රදේශවල ගොවීන් යල හා මහ කන්න දෙකෙහිදීම විශාල ජල හිඟයකට මුහුණ දෙයි. එම උග්‍ර ජල හිඟයට පිළියමක් ලෙස නව ස්ථානයක අමුණ ඉදි කරමින් මහ ඔයේ ජලය රත්මල්ඔය ද්‍රෝණියට හැරවීම සඳහා නව යකා බැඳි ඇළ අමුණ සංවර්ධන යෝජනා ක්‍රමය සැලසුම් කර තිබේ. එමඟින් මහ‍ා ඔය හරහා මීටර 76.8ක් දිග අමුණක් ඉදි කිරීම, ප්‍රධාන ඇළ හරහා පිවිසුම් නිර්මිතයක් (Intake Structure) ඉදි කිරීම, කිලෝ මීටර 14.8ක් දිග අන්තර් ද්‍රෝණි ඇළක් ඉදි කිරීම, ශාඛා හා බෙදුම් ඇළ මාර්ග ඉදි කිරීම, වගා බිම් ප්‍රදේශය පුරා පවතින නිර්මිත වැඩිදියුණු කිරීම, කන්දෙපොළ ආරු හරහා අනුක්කම්පිටියේ ගබඩා වැව ඉදි කිරීම හා යෝජිත හැරවුම් අමුණෙහි ඉහළ මට්ටම් ගංවතුර ආරක්ෂණ බැම්ම ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා හා පාරිසරික අධ්‍යයනයන් සිදු කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - නැගී එන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (RIDEP) උතුර, නැ‍ඟෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඒ යටතේ ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණ වාරි මාර්ග සහ පානීය ජල පහසුකම් ලබා දීම වැනි මූලික පහසුකම් වැඩිදියුණු කිරීම හරහා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ජීවනෝපාය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එමෙන්ම මෙමඟින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය සංවර්ධන අසමතුලිතතා අවම කිරීම සහ ජනතාවගේ දුගී බව තුරන් කිරීම සඳහා දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන සංරචකය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියේ උපදේශක සේවාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සීවෝටර් කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාවය වැඩි කිරීම සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් මිල දී ගැනීම

    - කොළඹ වරාය වෙත පැමිණෙන අතිවිශාල බහළු නෞකාවන් මෙහෙයවීමේ හැකියාව වැඩි කරගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජය බහලු පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ එක් සංරචකයක් ලෙස නෞකාවේ සිට ගොඩබිමට බහළු මෙහෙයුම් සඳහා දොඹකර 03ක් සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය අනුව ගැන්ට්‍රි දොඹකර 03ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 12.03.2019

    More:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-03-12