සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    54520557_2298862207017935_1721910817701494784_n.jpg
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    විදුලි බිඳවැටීම් තවදුරටත් සිදුවිය හැකියි
    2019-03-19

    නොරොච්චෝලේ ලක් විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත‍්‍රයේ පරීක්‍ෂණ කටයුතු අවසන් කළද ඇතැම් ප‍්‍රදේශවලට තවදුරටත් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කළේ "තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ මේ වන විට පරීක්ෂණ අවසන් වෙලා දෝෂය නිවරැදි කිරීම සිදු වෙලා තියෙනවා. ඒ අනුව පරීක්ෂණ මට්ටමින් විදුලි ජනනය සඳහා දෙවන යන්ත්‍රය සූදානම් කිරීමේ කටයුතුයි මේ වන විට සිදු වන්නේ. අද දහවල් කාලය වෙන විට මෙම යන්ත්‍රයත් විදුලි ජනනය සඳහා පද්ධතියට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉහළ විදුලි ඉල්ලුමත් ජලවිදුලිය නිෂ්පාදනය වීම සීමා වීමත් දෙවන ජනන යන්ත්‍රයේ ඇති තත්ත්වයත් මත පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා සිදු කරන්න වෙයි. ඒ නිසා සමහර ප්‍රදේශවල විදුලි සැපයුම ඉදිරියේදී බිඳ වැටෙන්න පුළුවන්." යනුවෙනි.
    sg


    2016 di korapuwage wipaka tama onna dan

    Issrhaata tawahambei

    Gahuwane LNG kiana widiyata :angry:



    Untitled-3101.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    සංවර්ධන News 03-19-2019 10:32 AM Pala huththo yanna ammata hukaganne nathuwa kari wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnaya

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ


    සංවර්ධනේට පොඩි විරාමයක් ......!

    ගුවන් යානයේ රෝදයේ සැගව සිට ලෝකය බලන්නට ගොස් අහසින් වැටුණ සිසුවා, 1970.

    කීත් සැප්ස්ෆෝර්ඩ්, ඕස්ට්‍රේලියානු ජාතික 14 හැවිරිදි පාසල් සිසුවා කුඩා කල සිටම දගකාර මුරණ්ඩු දරුවෙක් විය. අධ්‍යාපනයට සිත් නොලත් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ ලොව පුරා ඇවිදගොසින් සිත්සේ ලෝකය දැකබලා ගෙන අළුත් දෑ අත්විදීමය. ඉන් එහා ගිය කිසිදු අපේක්ෂාවක් නොතිබුණු නිසාම ඔහුගේ ආදර්ණීය පියා CM සැප්ස්ෆෝර්ඩ් සිය දරුවා රැගෙන යුරෝපය ඇතුළු රටවල
    ් කිහිපයකම සැරිසරා නැවත සිය මව්බිම වූ ඕස්ට්‍රේලියාවට පැමිණියා පමණි. එනමුත් පුත්‍රයාගෙන් ඔහුට ඉස්පාසුවක් නොවුණි. අතිශයින් මුරණ්ඩු ඔහුගේ ගතිපැවතුම් බොහොදුරට මානසික ව්‍යාකූල තත්වයක් විය හැකි බව ඔහු නිරීක්ෂණය කල වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේම මතය විය. මීට පිළියමක් ලෙස ඔවුහූ මෙම දරුවා විශේෂිත දරුවන් සදහා වෙන්වුනු නේවසිකාගරයක නවත්වන ලදි.

    එහි නතරව කිහිපදිනකින්ම එහි ආරක්ෂාවේ පැවති අඩුපාඩු වලින් ප්‍රයෝජන ගත් කීත් නම් මෙම 14 හැවිරිදි සිසුවා 1970 හී පෙබරවාරී මස 21 වන දින ඉන් පළා ගිය අතර දින දෙකක පමණ පාගමනකින් පසු එනම් පෙබරවාරි 23 වනදින සිඩ්නි ගුවන් තොටුපළට ළගා විය.

    එහිදී ද සූක්ෂම අන්දමින් ආරක්ෂිත මුරකපළු වලින් හා බාධක වලින් රිංගා ගිය කීත් ගුවන් යානා නවතා තබන අංගනයට ඇතුල් වූ අතර එහි ජපානය බලා පියසැරීමට සූදානම්ව තිබූ DC-8 වර්ගයේ ගුවන් යානයක රෝදයට ඉහලින් පිහිටි රෝදය නැවී ඇකිලී යන සිදුරේ කාටවත් නොපෙනෙන්නට සැගව ගැනීමට සමත්විය. මෙලෙසින් පැය කිහිපයක් ගත්වූ අතර නියමිත වේලාවට ගුවන් යානය ගමන් ඇරඹීය.

    ගුවන් යානය එසෙවීම සදහා අවශ්‍ය බලය ලබාගැනීමට එක්වර ලබාගන්නා ත්වරණය ඔහු මෙන් මිහිපිට කිසිවෙකුට අත්දකින්නට ලැබී ඇතැයි අපි නොසිතමු. ඒ දැක අළුත් දේ දකින්නට, විදින්නට ඔහුගේ මනසේ කැකෑරුණු නොතිත් ආශාව යාන්තම්වත් සංසිදෙන්නට ඇතැයි අප ප්‍රාර්ථනා කරමු. කෙසේ හෝ ඒ කිසිවක් අප හා බෙදා හදා ගැනීමට ඔහු ඉන්පසු විනාඩි කිහිපයක් හෝ ජීවත්ව සිටියේ නැත.

    ගුවන්‍ යානය මාරක වේගයකින් ඉහළට එසවී ගිය අතර රෝද ඇකිළී සිදුර වෙත නැවී යාම ඇරඹිණි. ඒ දැක දගකාර කීත් භීතියෙන් ඇළලී ගියාද? නැතිනම් අධික වේගය නිසා හමා ආ ප්‍රචණ්ඩ සුළගට හසු වී සමබරතාව ගිලිහී ගියාද? එසේත් නැතිනම් අධික සීතලට ඇගිලි හිරි වැටුණා ද? කෙසේ හෝ ඔහුගේ ජීවිතය රැදී තිබු ග්‍රහණය ගිලිහී ගිය අතර කීත් දකින්නට ප්‍රියකළ ලෝකය දෙස ගුවනේ සිට නරඹා අවසන් ගමන් ගිය අතර ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මහපොළව පුරා විසිර ගියේ සුන්බුන් ගොඩක් ලෙසිනි.

    මේ අතර සිය අළුත ගත් කැමරාව අත් හදා බලමින් සිටි ජෝන් ගිල්පින් නම් ජායාරූප ශිල්පියා ඉහළ නැගුණු ගුවන් යානයේ ජායාරූපයක් ගත්තේ මේ කිසිවක් නොදැනය. සති කිහිපයකට පසු ජායාරූප විකසනය කිරීමේදී අහම්බෙන් තම සේයාරුවේ සටහන්ව තිබූ දෑ දැක ඔහු විශ්මයට පත් විය. ඒ වනවිටත් කීත් ගේ මරණය ජනමාධ්‍යයන්හී උණුසුම් පුවතක් වූ අතර මේ ජායාරූපයත් සමග එය ලොව පුරා ප්‍රචලිත විය.

    කීත්ට එදා අත, අත නොහැරුණා නම්..., ඔහු බොහෝවිට රෝදයට පොඩිපට්ටම් වී මියයාමට හෝ ඉහළ අහසේ මිදෙන ශීතලට හසු වී හෝ ඔක්සිජන් නොමැති වීමෙන් හෝ මරණයට පත්වීමට ඉඩතිබිණි. නමුත් ඔහුට අත, අතහැරුණු අතර දෛවයේ විශ්මයජනක අහම්බයකට ජෝන් ගිප්ලින් අතින් කැමරාව ක්‍රියාත්මක විය. ඔහුගේ ඛේදජනක මරණය ඓතිහාසික ජායාරූපයක් ලෙසින් ලෝකයට ඉතිරි විය!




    #ඓතිහාසික ජායාරූප#
    OUbwrqx.jpg