සංවර්ධන News

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෙන්න තවත් යහපාලන සංවර්ධන පුවතක්.....................

    කපන් නෑ කිව්වාට හොරෙන් සතියක් තිස්සේ රජය ලයිට් කපලා

    gossiplanka_2019-03-22-2268.jpg

    මේ දිනවල විදුලිය පිලිබඳ අර්බුදයක් නැති බවටත් විදුලි කප්පාදුවක් සිදු නොවන බවටත් රජයේ නිවේදන නිකුත්ව තිබුණත් පසුගිය සිකුරාදා(14) සිට ඊයේ බ්‍රහස්පතින්දා දක්වා කොළඹ හා තදාසන්න නගරවල විදුලි
    කප්පාදුවක් සිදු කර තිබෙන බව වාර්තාවේ.

    ඉහලින් ආ උපදෙස් මත විදුලි හිඟයට පිලියම් ලෙස මෙම කප්පාදුව සිදු කළත් ඒ ගැන ජනතාවගෙන් වසන් කිරීමට අදාළ ආයතන පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
    කොළඹ දිස්ත්‍රික්කයේ බම්බලපිටිය, නුගේගොඩ,පිලියන්දල, මොරටුව ආදී ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුව පැය 2 , 3 ආදි ලෙස කාන්ඩ වශයෙන් ක්‍රියාත්මක වී ඇත.
    මේ කප්පාදුව විදුලි බල මණ්ඩලය ප්‍රතික්ෂේප කරන්නේ කප්පාදුවක් සිදුවන බව දැනුවත් කළොත් ජනතාව අනෙක් වේලාවල පරිභෝජනය වැඩි කර කප්පාදුවෙන් අපේක්ෂා කරන ඉතිරිය නැති කරන නිසා බවට තතුදත් ආරංචි වාර්තා කර ඇත.

    Source: Gossiplankanews
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කොම්පියුටර් තියා ෆෑන් එකක්වත් දාගන්න කරන්ට් එක දෙන්න බැරි ආණ්ඩුවක්, හැබැයි කතාව "ඩිජිටල් ආර්ථික" හදන්න. :lol: :love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොම්පියුටර් තියා ෆෑන් එකක්වත් දාගන්න කරන්ට් එක දෙන්න බැරි ආණ්ඩුවක්, හැබැයි කතාව "ඩිජිටල් ආර්ථික" හදන්න. :lol: :love:

    88.gif

    හඃ... හඃ......හා......!!. සැර වැඩිද මන්දා...
     
    • Like
    Reactions: sithija.h

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ඕයි පොන්සොන් සංවර්ධනේ කියා කියා මෙතන පච වපුරන්නේ නැතුව කරන්ට් එක දෙන්න කියාපන් පැය 24 ම පොන්න ආණ්ඩුවට....කරන්ට් එක කපනවා කියලා කියාගන්නවත් බැරි තරම් කොන්දක් නැති පොන්නයෝ තොපේ ආණ්ඩුවේ ඉන්නේ...

    කපන් නෑ කිව්වාට හොරෙන් සතියක් තිස්සේ රජය ලයිට් කපලා

    gossiplanka_2019-03-22-2268.jpg

    මේ දිනවල විදුලිය පිලිබඳ අර්බුදයක් නැති බවටත් විදුලි කප්පාදුවක් සිදු නොවන බවටත් රජයේ නිවේදන නිකුත්ව තිබුණත් පසුගිය සිකුරාදා(14) සිට ඊයේ බ්‍රහස්පතින්දා දක්වා කොළඹ හා තදාසන්න නගරවල විදුලි
    කප්පාදුවක් සිදු කර තිබෙන බව වාර්තාවේ.

    ඉහලින් ආ උපදෙස් මත විදුලි හිඟයට පිලියම් ලෙස මෙම කප්පාදුව සිදු කළත් ඒ ගැන ජනතාවගෙන් වසන් කිරීමට අදාළ ආයතන පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
    කොළඹ දිස්ත්‍රික්කයේ බම්බලපිටිය, නුගේගොඩ,පිලියන්දල, මොරටුව ආදී ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුව පැය 2 , 3 ආදි ලෙස කාන්ඩ වශයෙන් ක්‍රියාත්මක වී ඇත.
    මේ කප්පාදුව විදුලි බල මණ්ඩලය ප්‍රතික්ෂේප කරන්නේ කප්පාදුවක් සිදුවන බව දැනුවත් කළොත් ජනතාව අනෙක් වේලාවල පරිභෝජනය වැඩි කර කප්පාදුවෙන් අපේක්ෂා කරන ඉතිරිය නැති කරන නිසා බවට තතුදත් ආරංචි වාර්තා කර ඇත.

    Source: Gossiplankanews
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ආර්ථික වර්ධනය දස ගුණයකින් වැඩි කරනව කියලයි ආවෙ.
    ඒ වුනාට තිබුන ප්‍රමාණෙවත් තියාගන්න බෑ.
    වැඩබැරි යහපාලුවන්ව ගෙදර යවමු.

    54358730_2303070793282456_8055016751953346560_n.png

    BUMP
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආර්ථික වර්ධනය දස ගුණයකින් වැඩි කරනව කියලයි ආවෙ.
    ඒ වුනාට තිබුන ප්‍රමාණෙවත් තියාගන්න බෑ.
    වැඩබැරි යහපාලුවන්ව ගෙදර යවමු.

    54358730_2303070793282456_8055016751953346560_n.png
    ආර්ථිකේ කෙසේ වෙතත් දස ගුණයක් වධ නම් දුන්න, වඳ ෆොන්නය. :growl:
    ආර්ථික කිය කිය කෑගැහුවට ෆොන්නයට හරියට කරන්ට් එකවත් දීගන්න බෑ, කොරයි රටක් මේන් කියල.:angry::angry::angry:
    දැන් ඉතුරු වෙලා තියෙන බිස්නස් ටිකත් අකුලං යනව තව ටික කාලයක් මෙහෙම කරන්ට් නැතුව ජෙනි වලිං දුවන්න ගියොත් කොස්ට් එක නිසා :(:(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578

    :(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අන්ධකාර ජාතකය
    ===========

    යටැ ගිය දවසැ විකුම්සිහ මොළකරුවාණෝ රාජ්‍ය විචාරණ සමයයෙහි ලෝකාන්තරික නිරය මෙහි පිහිටියා සේ මුළු මහත් වූ සිවු හෙළයම ගිලෙන අන්ධකාරයක් පැතිරෙන්නට වියැ. විකුම්සිහ මොළකරුවාණෝ ද, තමා ලා ලූ ගිනි තමාට නිවන්ට බැරියා සේ මැද නූලැති පන්දම් සතරක් සතරකොනෙහි දල්වා මද අන්ධකාරයේ ම ඝනාන්ධකාරයට විසඳුම් සොයන්නට වූ හ. එකල්හි හූරු තුඩට සීවැල් තුඩ තැබුවා සේ ඔහුගේ ආදරණීය, සදාදරණීය, නිදානෝන්මාද දෙටු පුරෝහිත ගම්උදාණෝ ද හිස කසමින් පැමිණ, ගින්නට දමා ලූ ලූණු මෙන් තතනමින් " අප දැන් කුමක් කරන්නෙමු දැයි" ඇසූ හ.

    "එම්බල පුරෝහිතය, මෙය මිහිඳු රජාණන් පොහොට්ටු කැළ හා එක්ව කරන කුමන්ත්‍රණයක් බඳු ය. අප වහ වහා මෙය පරාජය කළ යුතු වන්නේ යැයි" සතරකන් මන්ත්‍රණය කරන්නට වූ හ. එකල්හි පරඬැල් පතක් මෙන් කෘෂ වූ ත්, වාහල්කඩක් මෙන් උස් වූ ත්, සුදෝ සුදු වතින් සැරසුණා වූ ත්, පාඨචම්පා ලී නම් මහා හෙළ බොදුණුවා තුඹසකට ඇදෙන නාගයෙකු පරිද්දෙන් රජවාසලට ඇදෙන්නට විය. වැඩිකල් නොගොස් ම මහත් හඩින් බහුතරය විචාරණ්නට යෙදෙන කථාවෙහි නායක වූ ද, විදෙස් තානාපති සමූහයා ගේ සුරතලා වූ ද, විශ්වතලය ප්‍රජාතන්ත්‍රවායෙන් ජයගත්තා වූ ද , කරුවල විෂයෙහි කෙළ පැමිණියා වු කරු මයා ද අඳුරෙහි ම මාලිගයට වැදහොත්තේ ය. " දැන් සියල් සපිරි යැ, අප වහ වහා මෙ අන්ධකාරයට පිරියම් කළ යුතු යැයි " විකුම්සිහයාණෝ තෙපලන්නට වූ හ.

    ඉක්බිති මහාමාත්‍ය පුරෝහිතාදීන් එක්ව අටකන් මන්ත්‍රණයේ යෙදෙන්නට වු හ. " අප පසුගිය සතර වසරට ම මහ භාණ්ඩාගාරය සොරා කා රටෙහි මරමස්ථාන විකුණා දිවි ගෙවනවා හැරෙන්න ට වෙන යමක් කොට නැත්තේය. රට ද බිඳ වැටී ඇත්තේ ය. සාම්ප්‍රදායික වෘෂභ ප්‍රජාව හැරෙන්නට බහුතරයක් රටවැසි ප්‍රසාදයද අප හට නැත්තේ ය. උඩු සුළගට දැමූ රොඩු දැමුවන් කරාම යන්නා සේ අප කරනා සියලු අවලාද නැවත අප කරාම එන්නේ යැ " යි නියං සමයේ අඬන අහසක් මෙන් විකුම්සිහයාණෝ මහත් වූ හඬක් නගන්නට වූ හ.

    එකල්හි උපතින්ම සිවල් නුවණක් ළද පාඨචම්පා ලී පුරෝහිතයන් වහා හඬ අවදි කොට " බිය වීමට කාරණා නැත. දැන් අපට ඉතිරිවැ ඇත්තේ රට වැස්සන්ට විල්පත්තු වනය පෙන්වා හැරපීම පමණය. ඉක්බිති රටවැසි තෙමේ ගම් හුරන් කසලගොඩ ඇලෙන්නා සේ එහිම ඇලී ගැලී වසනු ඇත්තේ ‍ය. පළමුකොට තම සිතුවම් විල්පත්තු බේරාගනු සේ වෙනස් කෙරෙණු ඇත්තේ ය. පෙර පාලකයන් ගේ නෑ සනුහරය ද මතක්කරනු ඇත්තේ ය.එළැඹෙන රාජාභිෂේකයේ දී අපහට විරුද්ධ රට වැසියන් ද භේදබින්න වනු ඇත්තේ ය. විකුණා දමන ඛනිජ නිධිය ද අමතකව යනු ඇත්තේ ‍ය. අප ගසනා අධික බදු ද අමතකව යනු ඇත්‍තේ ය. ක්ෂීරපිටි ප්‍රශ්නය ද අමතකව යනු ඇත්තේ ය. මානව හිමිකම් නමින් එන රණවිරු දඩයම ද අමතකව ‍යනු ඇත්තේ ය. දැන් ඉන්නා අන්ධකාරය ද අමතකව යනු ඇත්තේ ය. ඒ සාවෙන් නොබෝ කලකින්ම විදුලි උත්පාදනාගාරය ද විකුණා දමා අපහට සතුටින් කල් යැවිය හැක්කේ ‍යයි " පැවසී ය. "මෙය නම් කදිම උපායෙකි, අප ඉකුත් සිව් වසරම ගෙවා දැම්මේ මෙලෙස ය. ඉදින් තෙපලූ පරිද්දෙන්ම වහ වහා පිරියම් යොදව යැයි" කියා විකුම්සිහයාණෝ පාඨචම්පා ලී පුරෝහිතයනට උවදෙස් දුන් හ. පුරෝහිතයන් ද විකුම්සිහයන් කියූ පරිද්දෙන්ම කළේ ය.

    ඉක්බිති ‍රටවැසි තෙමේ අඩ අඳුරේම විල්පත්තු වනයේ සැරිසරණ කල්හි විකුම්සිහ මොළකරුවාණෝ විදුලි උත්පාදනාගාරය කහවනු අසූ දහසකට උතුරුකුරු දිවයිනට විකුණා දැම්මෝ යයි මෙයින් දත යුතු.

    අන්ධකාර ජාතකය මෙතකින් නිමියේ වෙයි.
     
    saadu saadu saadu...........
     
    :lol::lol:

    BUMP
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ වැලි සමාගම හෝ සමාගම සතු පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පුද්ගලික අංශයට පැවරීමට හෝ විකුණා දැමීමට කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    එසේම ලංකා ඛනිජ වැලි සමාගම විසින් පසුගිය වසරේදී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1 ක් ඇමරිකානු ඩොලර් මිලියන 145.25 කට අළෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදුකළ බවද ඔහු සඳහන් කරයි.

    එම ගනුදෙනුව අදාල කටයුතු කැබිනට් මණ්ඩලය අනුමත ටෙන්ඩර් කමිටුවක් විසින් තීරණය කළ බවත්, එම අවස්ථාවේදී අන්තර් ජාතික වෙළඳපළේ ටයිටේනියම් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 47.7 වන ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1 ක් සඳහා ලබාගත හැකි හොඳම මිල ලබාගත් බවත්, අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉහළම මිල ගණන් ඉදිරිපත් කළ ඉන්දියානු ගැනුම්කරුවෙක් හට එම ඉල්මනයිට් තොගය 2018 ජුනි 22 දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත විධිමත් ක්‍රියාපටිපාටියකට අනුව ලබාදුන් බවත් රිෂාඩ් බදියුදින් මහතා වැඩිදුරටත් පැවසීය

    http://nethnews.lk/article/64602
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෙවී ගිය වසර 6කුත් මාස 3 ක කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වාර්තා වූ පහළම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ.

    පසුගිය මාර්තු 21 බ්‍රහස්පතින්දා දින ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,571.30 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2012 දෙසැම්බර් 26 වනදායින් පසු වාර්තා වූ අඩුම මට්ටම ලෙසින් වාර්තා වේ. එසේම 2019 වසර තුළ දී මේ දක්වා සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම 7.95% ක් ලෙසින් සටහන් වී ඇත.

    තවද කොටස් වෙළෙඳපොළ සමාගම් අතුරින් ඉහළ ද්‍රවශීලතාවයක් හා කාර්යසාධනයක් සහිත සමාගම් 20 ඇසුරින් ගණනය කෙරෙන S&P SL20 දර්ශකය, වසර ආරම්භයේ පැවති ඒකක 3,111.07 සිට ඒකක 2,741.31 ක් දක්වා මේ වන විට පහළ ගොස් ඇත. මෙය වසර ආරම්භයේ සිට මාර්තු 21 දක්වා කාලය තුළ දී 12.56 ක පහළ යාමකි.

    මේ අතර පසුගිය සතියේ කොළඹ දී පැවති ව්‍යාපාරික සංවාද සන්ධ්‍යාවක දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, තම රජය කොටස් වෙළෙඳපොළ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවත්, පෙර පැවති මට්ටම්වලට කොටස් වෙළෙඳපොළ පැමිණීම සඳහා කළ යුතු දෑ බොහෝ බවත්ය. එසේම සේවක අර්ථසාධක අරමුදල යළිත් වරක් කොටස් වෙළෙඳපොළ ආයෝජන සඳහා ප්‍රවේශ වී සිටින බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    කෙසේ වෙතත් මෙම සාකච්ඡා සභාවේදීම අදහස් දක්වමින් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා සිටියේ, සමාගම්වල ලාභ පහළ වැටෙද්දී, කොටස් වෙළෙඳපොළේ කඩාවැටීම පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නොමැති බවයි. සමාගමේ වෙත පනවා ඇති බදු මීට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් බැංකු අංශයේ මෙකී බදු ප්‍රතිශතය 63% ක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය.
     
    ඔය යකා කොටස් වෙළදපොල ගැන අවධානෙන් ඉන්නේ වෙන මොකටවත් නෙවි හොරාකන්න පුළුවන් තැනකින් හොරා කන්න