චීනයෙන් ලැබෙන රු. කෝටි 850 රෝහල්වලට
උපාලි ද සේරම්
චීන රජය මගින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක ආධාර මුදලින් (රුපියල් කෝටි 850) සියලුම පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට සහ රෝහල් ගොඩනැඟිලි ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සෙනාරත්න මහතා විසින් පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.
යුද ගැටුම් හේතුවෙන් අබලන්ව තිබූ උතුරු නැගෙනහිර පළාත්හි සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීම සඳහා 2010 වසරේදී සකස් කරන ලද ව්‍යාපෘතිය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් සකස් කර සියලු පළාත් ආවරණය වන පරිදි සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.
- http://www.divaina.com/2016/05/14/news05.html
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන්
කොළොන්නාව ප්‍රදේශවාසීන්ට වසර 30 ක කාලයක් මුළුල්ලේ මහත් හිරිහැරයක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කෙරෙන ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම ඊයේ (5) පෙරවරුවේ එම කසළ කන්ද පාමුලදී සිදුකෙරුණි.
බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා එංගලන්තයේ එස්. ජේ. පී. වේස්ට් ටූ එනජි සමාගමේ අධ්යක්ෂ ඉම්රාන් අලි මහත්වරු අතර මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.
කසළ කන්ද හේතුවෙන් කොළොන්නාව ජනතාවට සිදුවී ඇති හිරිහැරය සම්බන්ධව අදාළ ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන හා දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ඉදිරිපත් කොට තිබූ දුක්ගැනවිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව එම දෙපළ විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
මේ ගිවිසුම ප්‍රකාරව මෙතෙක් කල් නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ එම ඉඩම මෙදින සිට බස්නාහිර පළාත් සභාව සතුවන අතර කසළ බැහැර කිරීම්වලදී වීදුරු, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය වෙන් වශයෙන් වෙන්කොට තැබීම එම ස්ථානයේදීම කෙරෙන අතර සමාගම අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ එම ස්ථානයේදී සවිකොට නිමකිරීම මාස 6 කදී අවසන් කිරීමට නියමිත බව ද මහ ඇමැතිවරයා කීහ.
මෙහි වැඩ ආරම්භ කිරීමත් සමඟ කුණු කන්දේ කසළවලින් දිනකට කසළ ටොන් 4000 ක් ඉවත් කළ හැකි වන බවද, ඉන් අනතුරුව ක්‍රමානුකූලව සියලුම කසළ ඉවත්කොට නැවත පළාත් සභාව මඟින් මෙම ප්‍රදේශයේ පවතින අඩුපාඩුවක් ලෙස බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගණ හා මල්වතු වැනි දර්ශනීය ඉදිකිරීම් සඳහා නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරකරන බව ද මෙම කසළ බැහැර කරන ක්‍රමය විදේශ රටවල ඉතාම සාර්ථක වැඩපිළිවෙළක් බව ද අවශ්‍ය වූ විටෙක ෙමම බැහැර කරන කසළ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව ද කීය.
- http://www.dinamina.lk/?q=2016/05/06/පුවත්/15941
අමෙරිකාවට සාත්තු සේවිකාවන් තිස්දාහක්
අමෙරිකාවේ රෝහල් සඳහා මෙරට සාත්තු සේවිකාවන් බඳවාගැනීමට එරට එකඟ වූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසයි. මෙරට සාත්තු සේවිකාවන් 30,000කට එරට රැකියා අවස්ථා විවෘතව ඇතැයි ද ඇමැතිනිය පෙන්වා දෙයි. ඒ සඳහා වන ගිවිසුමට පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අස්සන් කෙරිණි.
කාර්යාංශයේ සභාපති ආර්. කේ. ඔබේසේකර හා ඇමෙරිකානු රජයේ ලියාපදිංචි KARRMA සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මේ සඳහා ගිවිසුම් අස්සන් කළහ.
මේ ගිවිසුම වසර 5ක් දක්වා බලාත්මක අතර, මෙරට සාත්තු සේවිකාවන්ට වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ හැකිය.
බටහිර රටක මේ ආකාරයෙන් රැකියා දහස් ගණනක් ලබාදීමට හැකිවීම මහඟු අවස්ථාවක් බව ද ඇමැතිනිය පෙන්වා දෙයි.
අමෙරිකාව බලා යන ප්‍රථම කණ්ඩායම හැකි ඉක්මනින් තෝරාගෙන ඔවුන් කඩිනමින් පුහුණු කර ඇමෙරිකාවට යැවීමට ද කාර්යාංශය කටයුතු කරමින් සිටී.
තාරක වික්‍රමසේකර
- http://www.silumina.lk/2016/05/08/_art.asp?fn=aa1605081
පරන්තන් රසායනික කම්හල යළි ඉදිකිරීමට
යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ සඳහා රු.මිලියන 525ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා ඇති බවත්, මෙම වස රඅවසන් වීමට පෙර එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පවසයි.
පසුගියදා අක්කර 217ක භූමියකින් හෙබි මෙම කම්හලේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
- http://www.ada.lk/article/156295/පරන්තන්-රසායනික-කම්හල-යළි-ඉදිකිරීමට




මතක නෑ...මතක්කරා කියලා පොනිලට චන්දෙ දෙන්නෙත් නෑ...ඔය බොරුවලට අහුවෙන්නේ නෑ....




මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද නව ස්වයංක්‍රීය සීටී ස්කැනර් යන්ත්‍රය ජනතා අයිතියට
![]()
- https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156581353469130
Meanwhile පව් අනාථයන්ට ගූ ගිහිං
![]()














අතිදක්ෂ රනිල් මැතිඳු... 03-23-2019 03:24 PM![]()
මොන්සෝන් ගේ ත්‍රෙඩ් එකේ තියෙන වැඩි හරියක් මහින්ද/ගෝටා පටන් අරන් දැන් මුන් කරගෙන යන ඒවානේ බන්.. එකක් පෙන්නපන් රනිලා පටන්ගත්ත..
![]()
සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්
“අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක් කරන්නේ තවත් එකක්. රට, ජාතිය, ආගම ගැන කැක්කුමක් නැති පිරිස් අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක් නැති බවත් ත්‍රස්තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක් එක්ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත පිරිසක් පෙරේදා (27 දා) රාත්‍රියේ අස්ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා බෞද්ධ සංස්කෘතියට රටේ භෞමික අඛණ්ඩතාවට සිංහල ජාතියට අයහපතක් වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක් හා වගකීමක් බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක් බවට පත්වීමේ ඉඩකඩ ස්ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.
දේශපාලනයේ යෙදෙන පිරිස් අවස්ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක් වන විට නිහඬව සිටින තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.
http://www.colombotoday.com/27083-223652/
විජයකලා ජාතියෙන් සමාව ගත යුතුයි‘
ප්‍රමිත බණ්ඩාර කියයි
2016 දෙසැම්බර් මස 29 18:12:19 | .
වේලුපිල්ලේ ප්රභාකරන් යුද වීරයකු සහ ජීවතුන් අතර සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැති දුරයට පවා සුදුසු යැයි රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය සමස්ත ජාතියෙන් සමාව ගත යුතු යැයි මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.