සහල් වෙළඳපොළේ තරගකාරීත්වය වැඩිකිරීමට “ශක්ති“ සහල්. As per my new responsibility in public distribution I am happy to introduce ‘Shakthi’ rice to compete with the rice oligopoly.
සහල් වෙළඳපොළේ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් සමග එක්ව “ශක්ති“ සන්නාමයෙන් යුතු සහල් පසුගිය සෙනසුරාදා (30) මා පොළොන්නරුවේදී වෙළඳපොළට හඳුන්වා දුන්නා.
වැසීයාමේ තර්ජනයට මුහුණ දී සිටි සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදීගැනීම සඳහා රුපියල් බිලියනයක ආපසු ගෙවීමේ පදනම මත පොලී රහිත මුදල් ප්‍රතිපාදන අපගේ අමාත්‍යංශය හරහා ලබාදුන් අතර එම මුදල් වලින් සහතික මිලට මිලදීගත් පළමු වී තොගය යොදාගෙන මෙම “ශක්ති“ සන්නාමය ගොඩනගා තිබෙනවා.
“ශක්ති“ සන්නාමයෙන් යුතු සහල් 2019 මහ කන්නයේ නැවුම් වී තොග යොදාගෙන සකසා තිබෙන අතර මේවා SLS පළමු ශ්‍රේණියේ ප්‍රමිතියෙන් යුක්තයි. මෙම සහල් බෑග්වල දක්වා තිබෙන QR Code එක මගින් මෙම වී වගා කර තිබෙන දිස්ත්‍රික්කය, ගොවියා සහ කුඹුර පවා අවශ්‍ය නම් දැනගත හැකියි.
මේ වනවිට, පොළොන්නරුවේ අලෙවි වන “ශක්ති“ සන්නාමයෙන් යුතු සහල් මේ සති අන්තය වනවිට දිවයින පුරාම බෙදාහැරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ අනුව, “ශක්ති“ නාඩු කිලෝවක් රුපියල් 75 ක තොග මිලකටත්, රුපියල් 80 ක සිල්ලර මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 80 ක තොග මිලකටත්, රුපියල් 85 ක සිල්ලර මිලකටත් මිලදීගත හැකියි.
- https://www.facebook.com/harshadesilvaunp/videos/305350250131662/