සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    65861532_2373686292887572_2963877456894754816_n.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ අපේ ධරත නොහොත් ගොන්සෝන්. සිරිකොතේ හාමුගේ ඇග උඩ නැගල පාරවල් වලට දාන්න ගල් කපනවා මයේ හිතේ :rofl:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    :lol::lol::lol:ගොන්සෝන් නැද්ද බන් සංවර්ධන news ටිකක් බලාගන්න:lol::lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රොයිස් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්
    July 17, 2019

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


    මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස‍් 17 තෙක් රිමාන්ඩ්
    July 8, 2019

    අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ජූලි මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

    නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කටාන පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායකවරයෙකු වන මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුව නගරයේදී ඊයේ දහවල් කටාන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුගිය මාර්තු මස 23 වනදා කටාන පොලීසිය වෙත ලැබී තිබුණු පැමිණිල්ලකට අදාළව ප්‍රධාන සැකකරු ලෙස ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    කටාන පොලිස් බල ප්‍රදේශයේ චීන ජාතික කාන්තාවකගේ නිවසකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යැයි පවසමින් ඇතුළු වී එහි සිටි අයෙකුට පහරදී දේපළ කොල්ලකෑමේ සිද්ධියක් මෙහෙයවීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

    අදාළ නිවසේ තිබූ වෑන් රථයක්, මුදල්, මැණික් සහ ජංගම දුරකථන 3ක් ඇතුළු රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා දේපළ මෙලෙස අදාළ පිරිස කොල්ල කා ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ද සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

    Source: http://sinhala.adaderana.lk/news.php?nid=113650
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක්
    (නිමල කොඩිතුවක්කු)

    රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

    2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම පුළුල් සන්ධානය වටා එක්රැස් වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

    කොළඹ අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.

    ‘‘මෙයට වසර පහකට පමණ පෙර රාජපක්ෂවරුන් රටේ විශාල පාලන බලයක් හෙබවූවා. මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලයක් ඔවුන්ට තිබුනා. පළාත් සභා බලය, පළාත් පාලන ආයතනවල බලය ආදී අති දැවැන්ත බලයක් සහිතව ඔවුන් මේ රට පාලනය කළා.

    ඒ කාලයේ ආණ්ඩුව පෙරලනවා කියලා එක්සත් ජාතික පක්ෂ නායකයින් කිව්වහම ගොඩක් අය හිනා වුණා. ගොඩක් අය හිතුවේ මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් ජනාධිපති කරලා බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා.

    මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධාන, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පුළුල් දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව පුළුල් සන්ධානයකින් කවදාවත් හිතපු නැති විදියට රාජපක්ෂ බලය මේ රටින් අතුගා දාන්න අපිට හැකියාව ලැබුණා.

    දැන් මේ අවුරුද්ද අවසානයේ දී යළිත් ජනාධිපතිවරණයක් එනවා. මේ අවුරුද්ද අවසානයේ එන ජනාධිපතිවරණයත් එක්ක අපි මේ රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ තවත් අවුරුදු 5 කින් ඉදිරියට ගෙනයනවා. ඒ සඳහා 2015 ඇතිකරගත් පුළුල් සන්ධානයට වඩා පුළුල් සන්ධානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය ලබන 5 දා ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    රාජපක්ෂ විරුද්ධ සියලූ බලවේග එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන ඒ පුළුල් සන්ධානය අපි ගොඩනගනවා. 2015 දී අපිට සහයෝගය ලබා නොදුන් බලවේගත් අපිත් එක්ක එකතු වෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අපිත් එක්ක එකතුවෙන්න ඉන්න බලවේග දිහා බලපුවහම තමුන්නාන්සේලා පුදුම වෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපති වෙනවා කියලා කවුරු හරි හිතනවානම් ඒක සිහිනයක් පමණයි කියලා අපි කියනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය