රොයිස් ප්රනාන්දු යළි රිමාන්ඩ්
July 17, 2019
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්රනාන්දු මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් 17 තෙක් රිමාන්ඩ්
July 8, 2019
අත්අඩංගුවට ගත් මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්රනාන්දු මහතා ජූලි මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කටාන පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්රනාන්දු මහතා මීගමුව මහේස්ත්රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායකවරයෙකු වන මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්රනාන්දු මහතා මීගමුව නගරයේදී ඊයේ දහවල් කටාන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුගිය මාර්තු මස 23 වනදා කටාන පොලීසිය වෙත ලැබී තිබුණු පැමිණිල්ලකට අදාළව ප්රධාන සැකකරු ලෙස ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
කටාන පොලිස් බල ප්රදේශයේ චීන ජාතික කාන්තාවකගේ නිවසකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යැයි පවසමින් ඇතුළු වී එහි සිටි අයෙකුට පහරදී දේපළ කොල්ලකෑමේ සිද්ධියක් මෙහෙයවීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණි.
අදාළ නිවසේ තිබූ වෑන් රථයක්, මුදල්, මැණික් සහ ජංගම දුරකථන 3ක් ඇතුළු රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා දේපළ මෙලෙස අදාළ පිරිස කොල්ල කා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ද සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
Source:
http://sinhala.adaderana.lk/news.php?nid=113650