2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ
ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,
මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්
කෝටි 15900ක් සීනි බදු වංචාව
1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.
2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.
3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.
4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.
හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.
5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.
6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.
7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.
උපුටාගැනීම -
https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
බදු අඩුකරලා සහන දුන්නේ ලොකුම ලොකු බිස්නස් කාරයන්ට විතරයි , ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලැබුනා කියලා පුළුවන් නම් උඹ ඔප්පු කරපන් , ඒකෙන් උනේ රාජ්‍ය අදායම අඩු උන එක විතරයි
ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?
එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?
ඕක හරිම සරල දෙයක් නේ බන් , රට ඇතුලේ සල්ලි ලැබෙන අදායම් මාර්ග අඩුකරගනිපු නිසා නේ එළියෙන් රටේ එදිනෙදා වියදමට නය ගන්න වෙලා තියෙන්නේ , එතකොට රුපියල මත පීඩනය වැඩිවෙනවා නේ
ඉතිහාසේ හැමදාම නය ගත්තේ මොකක් හරි project එකකට එකියන්නේ මොකක් හරි වැඩක් කරන්න උදාහරනෙකට , පාලමක් හදන්න , හැබැයි කොලකෑල්ලක් දික්කරලා ( බැඳුම්කර ) නය අරගෙන එකෙන් කන වැඩේ පටන්ගත්තේ 2005 පස්සේ මහි, ඒකට සෘජුවම වගකියන්න ඕන මේ රටේ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම නෙවෙයි මහි විතරයි
ලංකාවේ ලොකුම ප්‍රශ්නය තමයි බැඳුම්කර වලින් ගනිපු විදේශ නය , මොකද ඒවායින් කරලා තියෙන්නේ කන එක විතරයි , රටට වැඩක් වෙලා නෑ ,
අනික් ලොකුම ප්‍රශ්නය තමයි මහි විදේශ නය කරපු අනවශ්‍ය රටට දරාගන්න බැරි සංවර්ධන ව්‍යාපෘති , හොඳම උදාහරණය හම්බන්තොට තියෙන දේවල් සහ නෙලුම් කුලුන වගේ දේවල් , මීට අමතරව මහින්දගේ කාලේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත නයමුදලෙන් කොපමණ යෙදෙවුවද කියලා අපි හැමෝම දන්නවා නේ , තෝ වගේ කඩේ යන වේ*ගෙ පුතාලට තේරුනේ නෑ වගේ හිටියට
රජය ප්‍රධාන වශයෙන් ආදායම් උපයා ගන්නේ මහ ජනතාවගෙන් බදු එකතු කරල හා රජයේ ව්‍යාපාර ආදී බදු නොවන ආදායම් වලින් තමයි. සමහර අවස්ථාවලදී මේ මූලාශ්‍ර වලින් රජයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවු නම ආදායම් හිගය පියවා ගන්න සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයක් රජයක් විසින් අනුගමනය කරනවා. ඒකෙන්
*පලවෙනි ක්‍රමය තමයි බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරගන්න එක
*දෙවැනි ක්‍රමය තමයි දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණය ලබා ගන්න එක
*තුන්වැනි ක්‍රමය තමයි කරන්න කිසිම දෙයක් නැතිව කෙලවිලා මනං තියෙන්නෙ විතරක් මුදල් අච්චු ගහන එක.(විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෝකෙ කිසිම රටක් සිය ආදායම හිගය පියවා ගන්න ලෙසින් භාවිතා කරන්නේ නෑ මේ ක්‍රමය)
රටක් විසින් මුදල් අච්චු ගහන්නෙ මම ඉහත සදහන් කරපු ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද සියල්ලම අසාර්ථක වී භාවිතා කළ හැකි එකම විකල්පය මුදල් අච්චු ගැසීම ලෙස හඳුනාගත්තොත් විතරමයි. (මිට අමතරව භාවිත කිරීමේ දී අපිරිසුදු හා විනාශ වන මුදල් ප‍්‍රමාණය සලකා බලන අතර මුදල් ඉල්ලුම ප‍්‍රශස්ත මට්ටමක තබාගැනීම අරමුණු කරගෙන ද වරින්වර අලුතින් නිකුත්)
දැන් උඹට තේරෙනවා ඇති මේ ආණ්ඩුව මම ඉහත සඳහන් කරපු බදු අඩු කිරීම නිසා අසාමාන්‍ය විදිහට සල්ලි අච්චු ගහන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙ කියලා.
මුදලකට අගයන් දෙකක් තියෙනවා , ඒ කියන්නේ මූල්‍ය අගය හා මූර්ත අගය කියලා, මූල්‍ය අගය කියලා කියන්නේ මුදල් නොට්ටුවේ සඳහන් කරලා තියෙන අගය මූර්ත කියලා කියන්නේ මුදල් ඒකකයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටක මුදලේ මූර්ත අගය අඩුවන විට ඒ මුදල් වල වටිනාකම හීන වෙනවා ඒ කියන්නේ අපට පෙර මුදල් ඒකකයකින් ගත හැකිව තිබූ බඩු ප්‍රමාණයට වඩා අඩු බඩු ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ දැන් සිද්ධ වෙමින් පවතින්නේ අන්න ඒ දේ.ඒ කියන්නේ අති උද්ධමන තත්ත්වයක් නිර්මාණය වෙලා රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම වසර කීපයක් ඇතුලත සිද්ධ වෙන සිදුවීමක් වුවත් මේ වෙලාවේ අති උද්ධමන තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමට ගතවන්නේ දින කීපයක්.
මේ ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 යි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කරලා. මේක 2019 වර්ෂයත් යහපාලනය සමඟ සංසන්දනය කලාම 2019 වර්ෂයේ (යහපාලනය) මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් විතරයි.
ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?
දැන් උඹේ අර ඩොලර් එක අඩු වෙන වැඩිවෙන කතාවට කෙටි උත්තරයක් දුන්නොත් මම කියපු විදියට රටේ ආදායම ලෙස ලැබෙන බදු ප්‍රමාණය මේ ආණ්ඩුව විසින්ම අඩු කරගනිපු නිසා විදේශ ණය ගන්න සිද්ධ වුණා, අරගෙන කරේ සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි එදිනෙදා කෑමට යොදා ගනිපු එක ඒක නිසා රුපියල මත පීඩනය වැඩි වෙලා තමයි ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ රුපියල් අප්‍රමාණ වෙන්නේ.
ඔය ගැන වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන් හොඳම තැන තමයි central bank annual reports ,
ඔන්න ඔය මම කියපු සක්කිලි වැඩෙන් තමයි රට වලපල්ලට යන්න පටන් ගත්තේ මෙච්චර කාලයක් හැම ආණ්ඩුවක්ම ණය අරගෙන කරේ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් , මම කියන්නේනෑ ඒකෙන් සුළු ප්‍රතිශතයක් හොරා කෑවෙ නෑ කියලා නමුත් මහිගේ සංවර්ධන ව්‍යාපෘති වලදී හොරාකාපු තරං හොරා කෑවෙ නෑ කියන එක මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් දකින කොට තේරුම් ගන්න පුළුවන්නේ බං, නිකමට හිතපන් කෝ ගිං නිල්වලා ව්‍යාපෘතියට බිලියන හතරක් ගෙවලා තියෙනවා වෙච්ච දෙයක් නෑ මේ වගේ තව කොච්චර තියෙනවා ද
මම කවදාවත් කියන්නෑ යහපාලන කාලේ සීයට සීයක් හොඳයි කියලා ඒත් සාපේක්ෂව හොඳයි , ඒකෙන් කරපු දහනමවැනි සංශෝධනය නිසා රටේ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ශක්තිමත් වෙන්න ලොකු වැඩ කොටසකට මුල් අඩිතාලම වැටුණා, යහපාලන කාලේ ණය අරගෙන කරේ මහීගෙ කාලය ණයවල වාරික ගෙවපු එක තමයි වැඩිපුරම.
ඩොලර් මාතෘකාවට තනිකරම උත්තරය තමයි මහීගෙ කාලේ ඉඳං කරපු ණය ගැනීම සහ රට දරාගන්න බැරි අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම, මේ ලඟදි කබ්බත් කිවුවා ඒ විදියට අපහු නය ගන්නේ නෑ කියලා , ඇත්තටම නය ගන්නේ නැතුව නෙවෙයි නය ලැබෙන්නේ නැති නිසා , පසුගිය ජනවාරි 19 වන දා සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණයි. ඉස්සර ලංකාවට ණය ලබාදීමට තරඟයක් තිබුනා දැන් සිදුවී ඇතිදේ තේරෙනවා නේ