සංවෙිදි පාලකයා
බුදු දහමෙන් පෝෂණය ලද අශෝක දහම
අශෝක ධර්මයේ සංකේතය ලෙස සැලකෙන ධර්ම චක්ර ය සහිත අශෝක ස්ථම්භය . මෙය ඉන්දියාවේ මියන්මාර් දොරටුව නමැති ස්ථානයේ පිහිටා ඇත.
දහම් නාදය පැතිරූ ලොව පහළ වූ පාලකයා ධර්මාශෝක නම් වූ භාරත පුත්රෙයා ය. කිසිදු ප්රාතණියෙකු දුකට පත්වීම නොඉවසු සියලු රට වැසියා තම දරුවන්සේ සැලකූ තම සද් අභිප්රාායයන්ගෙන් ජනතාව සංවේදී කළ පාලකයාද ඔහු ය. හෙතෙම මෙතෙක් ලොව පහළ වූ සප්ත මහා පුරුෂයන් අතර ලා සලකන්නට එච්.ජී. වෙල්ස් නමැති බටහිර ශ්රේයෂ්ඨ ඉතිහාසඥයා පෙළඹී ගියේ ද ඒ නිසා යයි සිතිය හැකිය.
සිය රටවැසියන් ධර්මානුකූල පැවැත්මකට යොමු කොට යහපාලනයක් ගොඩ නැඟීමේ අරමුණ ඇතිව නව ප්රේතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ එම ප්රිතිපත්ති රාජ්ය්යේ තැන තැන ගල්වල ලියා ජනතාව දැනුවත් කළ පාලකයාද ඔහු ය. ඒ ධර්මය අශෝක රජුටම ආවේණික වූ ධර්මයක් සේ සලකන නූතන ඉතිහාසඥයෝ එය අශෝක ධම්ම නමින් හඳුන්වති. අශෝක රජුට තම ධර්ම ප්ර තිපත්ති සකසා ගැනීමේ ලා එවක භාරතයේ පැවති හැම ආගමකම සංකල්ප උපකාරි වී ඇති බවට සමහර ඉතිහාසඥයන් පවසන නමුත් එහිලා බුදු දහමේ එන සද්චරියා බෙහෙවින් පාදක වී ඇති බව පෙනී යයි. අශෝක රජු බුදුසමය වැළඳ ගත්තෙකු බව ඇතැම් උගතුන් කියන නමුත් ඔහු අධ්යාගත්ම විද්යායඥයෙකු වූ බවක් සෙල්ලිපිවලින් නොපෙනෙන බව කියන මහාචාර්ය බෂාම් ඒ නිසාම ඔහුගේ මතාන්තරවල පැහැදිලි බෞද්ධ බවක් නොපෙන්වන බවද කියයි. හෙතෙම නිර්වාණය පටිච්ච සමුප්පාදය වැනි බුදු දහමේ ගැඹුරු සංකල්ප ඉදිරිපත් නොකරන නමුත් සෙල්ලිපිවල සඳහන් බොහෝ දේ බුදු දහමට අනුගත බව පෙනී යයි. අශෝක ධර්මයේ ඇති බෞද්ධ ස්වරූපය හඳුනා ගැනීමේ දී මූලික කරුණු කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු වුවමනා ය.
අශෝක අධිරාජයා, තෙරුවන් සරණගිය බැතිමත් බෞද්ධයෙකු බව සෙල්ලිපි වලින් පෙනේද?
බුදු දහමේ බෞද්ධ භික්ෂුඅන්ගේ ආරක්ෂාතව හා සංවර්ධනය වෙනුවෙන් දායක වීද,
හෙතෙම පාලනයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් බෞද්ධ ප්රබතිපදාවක් අනුගමනය කළේ ද,
බුදු දහම හා අශෝක දහම අතර ඇති සබඳතාව කෙබඳුද?
චන්ද්රහගුප්ත රජු විසින් ගොඩනගන ලද මෞර්ය අධිරාජ්ය ය ඉන්දියාව පුරා ව්යාවප්ත කළේ අශෝක රජු ය. හෙතෙම චන්ද්රහ ගුප්ත රජුගේ පුත් බින්දුසාර රජුගේ පුතාය. බින්දුසාර රජු විවාහ කරගෙන සිටි ගීරදි ක කුමරියගේ පුතා ලෙසද සැලකේ. හෙතෙම සොහොයුරන් විශාල පිරිසක් විනාශ කොට සිහසුන අත්කර ගත් බවද අපේ වංශ කතාවලින් පෙනේ. අශෝක රජ වූ අලුතම කාලිංග දේශය අධිරාජ්ය යට එරෙහිව නැගී සිටියේ ය. බිහිසුණු සටනකින් පසුව කාලිංගය යටත් කළේ ය. අධිරාජ්යදය සුරක්ෂිේත කළේ ය. නමුත් කාලිංග යුද්ධය රජුගේ සිතිවිලි පරම්පරාව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ ය.
“ අඨි වෂාභිෂිත ෂ දේවානං පිරය වයෂ පිර යටයදෂිනෝ ලාජිනෙ කාලිංගා විජිතා දියඨමිතෙ පාන ශතෂහෂේ තතො අපවෘයේ ෂත ෂහසමිතෙ තත හතේ බාහු තාවතකේ වාමේ,” යන කාලිංග ගිරි ලිපියේ සඳහනට අනුව අශෝක රජු අභිෂේකයෙන් අටවන වසරේ කළිගුරට දිනාගත් බවත් එකසිය පණස් දහසක් මරණයට ද එකසිය පණස් දහසක් ජනයා සිරකරුවන් බවටද පත් වූ බව පෙනේ. මෙපමණක් නොව එහි විසුවන්ට, මහණ බමුණනට, පිදිය යුත්තන්ට, දෙමාපියන් රැක බලා ගත් අයට, වැඩිහිටියන්ට, හිතවතුන්ට ආදී වශයෙන් බොහෝ දෙනාට ඇති වූ පීඩාවන් පිළිබඳ තමා දැඩි සෝකයට පත් බව එම ලිපියේම මෙසේ කියයි. “යෙ තතො වෂති බාහනාචා ෂමණ මා අනේවා පාශංඩ ගිහිථා වා යේෂු විහිතා එෂ අපහති ශුශුෂා මාතා පිති ශුශුෂා ගලුපුෂා මිතෂංථු හායනාති කේෂු දාෂ භට කෂි ෂම්යාච ජටිපති දිඨභතිතා තේෂං තතා හෝති උපඝාතෙ වා වධෙවා අභිලතාතං වා විනිඛමනේ....”
මෙතැන් සිට රජු යුද්ධය නවත්වා ධර්මානුකූල ප්රනතිපදාවකට යොමු විය. මේ කාලිංගයුද්ධයෙන් කළකිරීමට පත් අශෝක රජු බුද්ධාගම වැළඳ ගත් බව මහාචාර්ය බෂාම් කියයි. රජු බුදු සමය වැළඳ ගෙන බුදුන්, දහම්, සඟුන් සරණ ගියේ න්යජග්රෝ ධ සාමණේරයන්ගෙන් ධර්මය අසා බව ලක්දිව වංශ කතා කියයි. මහායාන බෞද්ධ ග්ර න්ථයක් වන දිව්යාභව දානයට අනුව රජු බුදු සමය වැළඳ ගත්තේ උපගුප්ත හිමියන්ගේ ධර්මය අසා ය. කෙසේ වූවද අසෝක රජු එතෙක් ඇදහූ හින්දු දහමින් බැහැර වෙමින් බෞද්ධයෙකු වූ බව මේ තොරතුරු වලින් පෙනේ. මෙය අසෝක රජුගේ ශිලාලිපි වලින් ද තහවුරු වේ. “ සාත රොකානි අඩතියානි වසාතියං සුමි උපාසකෙ නොවූ බාධං පකංතෙ සංච්ඡරේ සානිරේකේයං මෙ සංඝෙ උපෙතෙ බාධංච මෙ පකංතෙ” ආදී වශයෙන් බ්ර්හ්මගිරි ලිපියට අනුව අවුරුදු දෙකකට වැඩි කාලයක් උපාසකයෙකුව සිටියත් කිසිදු දියුණුවක් ඇති නොවූ බවත් සංඝයා වෙත එළඹ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මහත් දියුණුවක් ලද බවත් කියයි.
මෙහි එන ‘සංඝෙ උපෙතෙ’ යන්න විමසුමට ලක් කරන ආචාර්ය රාධ කුමුද් මුඛර්ජි අශෝක භික්ෂූළන් සමීපයේ කලක් විසූ බව කියයි. ක්රිේ.ව. 7 වැනි සියවසේ ඉන්දියාවට පැමිණි චීන භික්ෂුමවක වූ ඉන්සිං අශෝක රජු සිවුරු පෙරවූ භික්ෂු්වක මෙන් නිරූපිත කැටයමක් සාංචියේ දී ද වූ බව සඳහන් කරයි. මෙහි සත්යභතාව නිශ්චිත නැති නමුත් අශෝක රජු ඉතා සමීපව භික්ෂූභන් වහන්සේ ඇසුරු කළ බව මේ තොරතුරුවලින් ගම්යඳ වේ. අනෙක් අතට රජු බුදුන් වහන්සේගේ, උපත බුදුවීම හා පිරිනිවීම යන පුණ්ය භූමි වැඳ පුදාගත් බව සෙල්ලිපිවලින් පෙනේ. රුමින්දේස ලිපිය මේ බව සනාථ කරයි. අශෝක අධිරාජයා, තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයෙකු සේ දිවි ගෙවූ බව එම තොරතුරු වලින් පෙනේ. ඔහු විසින් ප්රරකාශයට පත් කරන ලද ධර්මය අසෝක ධර්මය බුදු දහමින් පෝෂණය වූවක් සේ සිතීම අරුමයක් නොවන බව මෙයින් පෙනී යයි.
අශෝක අධිරාජයා බුදු සසුනේ ආරක්ෂාිව හා සංවර්ධනය උදෙසා ද මහත් සේවයක් කළේ ය. මිත්යාණදෘෂ්ටිවලින් අපවිත්රරවෙමින් පැවැති සත්ය දහම පවිත්ර කොට ස්ථාපිත කිරීමේ අරමුණින් 3 වැනි ධර්ම සංගායනාව සිදු වූයේ අශෝක රාජ්යප සමයේ ය. අශෝක අධිරාජයා එහි පූර්ණ අනුග්රපහකයා ලෙස අපේ වංශ කතාවල සඳහන් වේ. මේ පිළිබඳව පරස්පර අදහස් නැත්තේද නොවේ. 3 වැනි ධර්ම සංගායනාවට අශෝක රජුගේ දායකත්වය පිළිබඳව පමණක් නොව සංගායනාව පිළිබඳව ද මත වාද ඇත.
මෙම සංගායනාවේ මූලිකත්වය ගත් බවට වංශ කතාවල සඳහන් මොග්ගලිපුත්ත තිස්ස හිමියන් එම කාර්යයේලා සුවිශේෂ වූ බව කියන ආචාර්ය රොමිලා තපාර්, අශෝක රජුගේ දායකත්වය ලඝු කොට සලකයි. 3 වන සංගායනාවේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මොග්ගලි පුත්ත තිස්ස හිමියන්ට බව කියයි. ඇතැම් ඉතිහාසඥයන් මෙය සංගායනාවක් ලෙස සැලකීමට ද මැලිකමක් දක්වන බව පෙනේ. එය විධිමත් වූවක් නොවන බවත් විභජජවාදී භික්ෂූදන්ගේ සංඝ සම්මේලනයක් පමණක් බවත් කර්න් පඬිවරයා කියයි. මෙහිදී සාකච්ඡාවට බඳුන් වූයේ බුදු දහමේ එන සරළ දහම් කරුණු බවද හෙතෙම කියයි.
ධර්මාශෝක රජු විසින් ඉන්දියාවේ තැන තැන පිහිටුවා ඇති සෙල්ලිපිවලින් ප්රමකාශයට පත් කොට ඇති අශෝක ධර්මයද ලෞකික ජීවිත සමෘධියට අත්ය වශ්ය් සරල කරුණු හෙයින් ද පෙනී යන්නේ 3 වැනි ධර්ම සංගායනාවත් අශෝක රජුත් අතර සමීප සබඳතාවක් ඇති බවයි. අනෙක් අතට රජු බුදු සමයේ සංවර්ධනය උදෙසා මහත් සේවයක් ඉටු කළේ ය.
හෙතෙම තම පුත්රබයා වූ මහින්ද හා දියණිය වූ සංඝමිත්තා සසුනට පූජා කළේ ය. පසු කාලයේ මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ බුදු දහම ප්රමචාරයේ සමාරම්භකයා වූ අතර ශ්රීූ මහා බෝධි ශාඛාව මෙහි වඩමවා ගෙන ආවේ සංඝමිත්තා මහරහතන් තෙරණිය විසිනි. ධර්මස්කන්ධය අසූහාර දහසක් වන බව මොග්ගලි පුත්ත තිස්ස හිමියන්ගෙන් දැන ගත් රජු දඹදිව නොයක් තැන අසූහාරදාහක් විහාර ඉදිකොට ඇත. මේ පිළිබඳව මහාවංසය මෙසේ කියයි.
“ ශාස්තෘන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය තෙම කෙතෙක්දැයි විචාළේ ය. මොග්ගලි පුත්ත තිස්ස තමා ස්ථවිර තෙම එකළ ඕහට ඒ ප්රකශ්නය විසදා වදාළේ ය. අසූහාර දහසක් ධර්මස්කන්ධය අසා ඒ රජ තෙම මමත් ධර්මස්කන්ධයත් එකක් වශයෙන් විහාරයෙන් පුදමැයි කීවේ ය. රජතෙම එකල්හි සයානුකෙළක් වස්තුව දී මිහිතලයෙහි අසූහාර දහසක් පුරයන්හි ඒ ඒ තැන්හි රජුන් ලවාම විහාරයක් ආරම්භ කරවීය.මොග්ගලි පුත්ත තිස්ස හිමියන් විසින් ආරම්භ කළ ධර්මදූත ව්යහපාරය වඩාත් ශක්තිමත් වූයේ රජුගෙන් ලද නොමද අනුග්රයහය නිසා ය. ඉන්දීය දේශ සීමා ඉක්මවා යමින් බටහිරින් ගීරකළ සිය දක්වාද නැගෙනහිරින් බුරුමය දක්වාද දකුණින් ශ්රීො ලංකාව දක්වාද බුදු දහම ව්යා.ප්ත වූයේ අධිරාජයාගේ අනුග්ර හය යටතේ ය. “චෝඩා පාඩා සතිය නො කෙතල පුතො ආ තම්බපණ්ණි යෝන රාජා...” ආදී වශයෙන් තම දහම ව්යා්ප්ත වූ ආකාරය පිළිබඳව අසෝක සෙල්ලිපි සඳහන් වලින් පෙනී යන්නේ බුදු දහම පැතිරී ගිය අයුරු යයි සිතිය හැකි ය.
භික්ෂූ න් වහන්සේට ගෞරව සම්ප්රඳයුක්ත වූ රජු භික්ෂූ න් වහන්සේගේ සුපේෂල ශික්ෂාරකාමී පැවැත්මත් ආරාමයේ සමගියත් පැවැත්මත් ඉත සිතින් අපේක්ෂාන කළ බව කෞශම්භී හා සාරානාත් ලිපිවල සඳහන් වලින් පෙනේ.
කිසිවකු විසින් සංඝයා බේද නොකළ යුතු බවත් යම් භික්ෂුිවක් හෝ භික්ෂුේණියක එසේ කළහොත් ඔහු හෝ ඇය ආරාමයෙන් පළවා හැරිය යුතු බවත් කියයි. අශෝක රජු බුදු දහමත් බුදු සමයත් භික්ෂූභන් හා ආරාමත් ආරක්ෂාය කොට සංවර්ධනය කිරීමට පියවර ගත් බව මේ තොරතුරුවලින් පෙනේ.
අශෝක අධිරාජයා රාජ්යා පාලනයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් බුදු දහමින් උකහා ගන්නා ලද දහම් පිළිවෙත් රාශියක් අනුගමනය කරන ලද බව පෙනේ. හෙතෙම තෙරුවන් වෙත බැදුණු බැතිමත් සිත් ඇති නරපතියෙක් විය. රාජ්යව පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දස රාජ ධර්ම, සතර සංග්ර හ වස්තු හා සතර බඹ විහරණ අනුව තම පාලනයත් පෞද්ගලික ජීවිතයත් හැඩගසා ගත් බව දක්නට ඇත.
සියලු රට වැසියා තම දරුවන් සේ සැලකූ රජු සියලු දෙනාගේම යහපත උදෙසා කටයුතු කිරීම හැර වෙනත් සතුටක් තමාට නැති බව කියයි. තමා මේ හැම කාර්යක්ම කරන්නේ ප්රානණීන් කෙරෙහි ඇති ණය ගැති බවින් මිදීමෙන් මරණින් පසු ඔවුන්ට සුගතිය අත්කර දීමේ අපේක්ෂාටවෙන් බවත් කියයි.
රජුට දොස් කීම විරුද්ධ වීම මහා රාජ අපරාධයක් සේ එකළ සැලකිණ. නමුත් තමාට කවරකු දොස් කීවද ඔහුට සමාව දෙන බව රජු කියයි. තමා කුමන කාර්යයක නිරතව සිටියද පැමිණිල්ලක් පණිවුඩයක් කීමේ අවශ්ය තාව ඇති කවරෙකුට වූවද හමුවිය හැකි බව පැවසී ය.
හැම ජන වර්ගයක්ම ආගමිකයෙක්ම රජුගේ සැලකිල්ලට ලක්විය. ආගමික සහනශීලිතාව රාජ්යකයක යහපැවැත්මට හේතුවන ධර්මයක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සප්ත අපරිහානි ධර්ම අතර එන්නකි. ඒ බුදු වදන ප්රාවයෝගිකව ක්රිුයාවට නංවාලුවකු වශයෙන් අසෝක රජු හැඳින්විය හැකිය. සියලු නිකායන් තමන්ගේ ප්රඅජාවට පාත්රවවෙතියි රජු පැවසූ බව 6 වැනි ටැම් ලිපියේ එයි. මේ සියලු දෙයින් පෙනී යන්නේ රජු පාලනයේදීත් තම පෞද්ගලික චරිත සංවර්ධනයේදීත් බුදුදහම අනුගමනය කළ බවයි.
රජු සියලු ආගම්වලට සැලකීමත් තුන්වැනි සංගායනාවට රජු දැක්වූ අනුග්රයහය පිළිබඳ ඇති මතවාදත් නිසා අශෝක ධර්මය බුද්ධ ධර්මයම නොවන බව කීමට ඇතැම් උගතුන් පොළඹවා ඇති බව පෙනේ. 3 වැනි සංඝායනාවට අසෝක රජුගේ සහභාගීත්වය පිළිබඳව ලක්දිව වංශකතාවල සඳහන් වන නමුත් වෙනත් කෘතිවල එවැන්නක් සඳහන් නොවීමත් විශේෂයෙන්ම ස්ථවිරවාදී ධර්ම ග්රාන්ථයක් වන චුල්ල වග්ගයේ සඳහන් නොවීමත් ඒ පිළිබඳව සැක උපදවන්නක් ලෙස ඊ.ජේ.තෝමස් පඬවරයා පවසයි. 1 වැනි හා 2 වැනි සංඝායනාවක් ගැන සඳහන් නොකිරීමද විශේෂ හේතුවක් කොට ඔවුහු සලකති.
එසේම ඒ සංගායනාවට තමාගේ සම්බන්ධතාව කිසිදු සෙල්ලිපියක සඳහන් නොවන බවද ඔවුහු කියති. අසෝක ධර්මය බුද්ධ ධර්මය නොව එකළ ඉන්දියාවේ පැවති සියලු ආගම්වල යහපත් දේ ඇතුළත් රාජධර්මයක් ලෙස ඔවුන් හඳුන්වන්නේද ඒ නිසා ය.
නමුත් අශෝක ධර්මයේ බොහෝ සංකල්ප සෘජු ලෙසම බුදු දහමින් උකහා ගත් බව පෙනේ. “දානං සීලං පරිච්ඡාංග - අජ්ජවං මජ්ජවං තපං අකෙකාධො අවිහිංසාච – ඛන්තීච අවිරෝධනා” ආදී ලෙසින් බුදු දහමින් පැවසුන ජනහිත කාමී සක්විති රජෙකු විසින් පැවත්ම යහපත් බව අනුව ගිය ප්ර ථම අධිරාජයාද අසෝක රජුය. අන් සියලු විජය ග්රමහණයන්ට වඩා ධර්ම විජයම උතුම් බව සිතන සේ 13 වැනි ගිරිලිපියෙන් තම දරුවන්ටත් මුණුඹුරන්ටත් අවවාද කරයි.
ගිහි බෞද්ධයන් විසින් නිතර භාවිතා කිරීමට යොග්යක සේ බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද පංචශීලයේ ප්රමථම සිල්පදය අශෝක රජුගේ ජීවන චරියාවට එකතු වූයේ ය. කාලිංග යුද්ධයෙන් විනාශ වූ මිනිස් ජීවිත පිළිබඳ ලෙහි පිරුණු ශෝකයෙන්ද දයාවෙන්ද යුතු වූ රජු මිනිසුන් පමණක් නොව සතුන් මැරීමෙන් ද වැළකිණ. රජ මාලිගයේ පරිභෝජන අවශ්යළතා සඳහා එතෙක් බොහෝ සතුන් මරණ ලද නමුදු එය මොනරුන් දෙදෙනෙකු හා මුවෙකු දක්වා අඩු කළේ ය. රජු මාංශ භක්ෂිණයෙන් වැළකී නොසිටියේ යයි මෙයින් අදහස් කළ යුතු නැත.
මානුෂික ආශා හා අවශ්යදතා පිළිබඳ සැලකිළිමත් රජු මාංශ ලොබ කළ මාලිගයේ සෙස්සන් සඳහා මේ ප්රා ණඝාතයට ඉඩ දෙන්නට ඇතැයි සිතිය හැකි ය.
ආරෝග්යාැ පරමා ලාභා, යන ධම්ම පද පාඨයට අනුව යමින් ජනසුව සෙත උදෙසා රටේ නොයෙක් තැන ආරෝග්යා ශාලා ඉදි කළේ ය. මිනිසුන් සඳහා පමණක් නොව සතුන් සඳහාද රෝහල් ඉදිකළ බව සෙල්ලිපිවල සඳහන් වේ. රටේ නොයෙක් තැන ඔසු උයන් සිහිල් දියපිරී පොකුණු මහ දෙපස සෙවන දෙන රුක් ආදියෙන් අලංකාර කළේද ජනහිත සුව සඳහාමය.
කලාවක ජාතකයේ මගමානවක කුමාරයා තම ගම් පෙදෙසේ ජන අවශ්යහතා ඉටු කිරීමට ගත් වෙහෙසට සමානය. 11 වැනි ගිරි ලිපියේ එන තොරතුරු ද රජු බුදු දහම කෙරෙහි දැක්වූ, අසීමිත ගෞරවය පෙන්වයි. දෙමාපියන්ට සැලකීමත්, මහණ බමුණන්ට ගරු කිරීමත්, හිත මිතුරන්ට හා ඥාතීන්ට දයාබරවීමත් රජු අගය කරන බවත් ලිපියෙන් පැවසේ.
අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කර ඇත්තේ අමුතු ධර්මයක් නොව පාලන ප්රීතිපත්තිමාලාවක් බව එය රාජ ධර්මයක් බවත් පලීට් පඬිවරයා කියන අතර එය සදාචාර ධර්මයක් විනා බුද්ධ ධර්මය නොවන බව රීස්ඩේවිස් පඬිවරයා කියයි. එසේ වූවද අශෝක රජු සිය ධර්මය ගොඩ නැඟීමේ දී බුද්ධ ධර්මය ආශ්ර ය කරගෙන ඇති බව ඉතා පැහැදිලි ය. භික්ෂු භික්ෂුඅණී, උපාසක, උපාසිකාවන් දැනගත යුතු ප්රයගුණ කළ යුතු ධර්ම කාරණා හතක් බාහෘ ලිපිය දක්වයි. ඒ අතර විනය සමුකස්ස අලිය වස අනාගත භය මුත්ගාථා මෝනේය සුභ උපතිස පසින හාලාහුලෝවාද යන දහම් කොටස් ගැන සඳහන් වේ.
මේ හැම ධර්මයක්ම සුභාෂිත බවත් යහපත් බවත් හෙතෙම කියයි. මේ සියල්ල බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයෝ ය. 13 වන ගිරි ලිපියේ සඳහන් වන මවුපියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, ප්රාදණීන්ට කරුණාව, මෛත්රීථය දැක්වීම, සතුන් නොමැරීම, ඥාතීන්ට සැලකීම, ශ්ර්මණ බ්රාහහ්මණයන්ට ගරු කිරීම ආදිය සිඟාලෝවාද, පරාභව හා මංගල සූත්ර් ආශ්රකයෙන් ගෙන ඇති බව පෙනීයයි. එසේම ධම්ම පදය විමාන වත්ථුව සුක්ත නිපාතය හා අංගුත්තර නිකාය ආදී ධර්ම ග්ර න්ථවලින් උපුටාගෙන ඇති බවද පෙනේ.
රජුගේ ලිපියක සඳහන්වන අව්යස රථ විමාන පිළිබඳ සංකල්පය විමාන වත්ථු ප්ර කරණයෙන් ගන්නයි සිතිය හැකිය. 7 වැනි කුලුණු ලිපියේ සඳහන් වන ප්ර මාදය පිළිබඳ අදහස් ධම්ම පදයේ අප්පමාද වග්ගය සිහිපත් කරයි. එසේම පාපය, කුසල් රැස් කිරීම, දානය, සත්යමවාදී බව හා පවිත්රපත්ත්වය පිළිබඳ දැක්වෙන තොරතුරු ධම්ම පදයට සමීප වේ.
තමන්ගේ වැරදි තමන්ට නොපෙනීමත් අනුන්ගේ වැරදි පෙනීමත් පිළිබඳව ධම්ම පදය කියන තොරතුරු 3 වැනි ගිරිලිපියට අන්තර්ගතව ඇත. හැම ආගමකම පූජකයන් සුවසේ විසිය යුතු ය යන අදහස දෙන සබ්බ පාසණ්ඩ පූජා යන සඳහනක් 2 වන ගිරි ලිපියේ එයි.
රජු සියලු ආගම්වලට සැලකූ බව මෙයින් පෙනේ. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්රඩයේ දේශනා කළ අන්ය මත ඉවසීමේ ගුණය රජු අගය කළ බව මෙයින් ගම්ය වේ.
මේ තොරතුරු පිළිබඳව සැලකීමේදී පෙනී යන්නේ අශෝක දහම අන් දහමක් නොව බුදු දහමම බවය. බුදු දහමේ එන මිනිසාගේ ලෞකික ජීවිතයේ යහ පැවැත්ම සඳහා වූ දහම් කොටස් උකහාගෙන අශෝක රජු සිය දහම සකසා ගත් බව මෙයින් පෙනේ.
උපුටා ගැනිමකි.. හොද නිසා පොස්ට් කලා....