සංසර්ගය

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
සංසර්ගය - ධර්මානුකූල පැහැදිලි කිරීමක්


සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම ‍ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි.
1 දස්සන සංසග්ග
2 සවණ සංසග්ග
3 කාය සංසග්ග
4 සමුල්ලාපන සංසග්ග හා
5 සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව.

දස්සන සංසග්ග

යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්‍රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ‍ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්‍රපටි ටෙළිනාට්‍ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.


සවණ සංසග්ග

යම් ස්ත්‍රියකුගෙ හරි පුරුෂයකුගෙ කතාවක් වචනයක් ගීතයක් හෝ මිහිරි ආමන්ත්‍රණයක් ඇසීමෙන් එම තැනැත්තා කෙරෙහි ආදරයෙන් බැ‍‍ඳෙනවට කියනව සවණ සංසග්ග හෙවත් ශ්‍රවණ සංසර්ගය කියල. බොහෝ වෙලාවට ගායක ගායිකාවන්ට ආදරේ කරන්නෙ ඇළුම් කරන්නෙත් මේ සවණ සංසග්ග හින්දයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන වල පැය ගනන් එල්ලිලා ඉන්නෙ මේ සවණ සංසර්ගයට ප්‍රිය කරන නිසයි.


කාය සංසග්ග

මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීම‍යි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්‍රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුළුවන්.


සමුල්ලාපන සංසග්ග

යමෙකු හා කතා බහ කිරීම, සිනාසීම, මුකුළු පෑම හුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, විහිළු තහළු කිරීම ආදීවූ ක්‍රියාවන් නිසා ඇතිවන ඇල්ම නැතහොත් ආදරයට කියනව සමුල්ලාපන සංසග්ග කියල.


සම්භෝග සංසග්ග

යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පාවිච්චි කරන ලද බඩු බාහිරාදිය , උපකරණ, ඇඳුම් පැලඳුම් ආදිය දැක ඇති වන්නා වූ ඇල්ම ආදරය සම්භෝග සංසග්ග කියල හඳුන්වනව. තමන් ආදර‍ය කරන කෙනාගෙ දේවල් තමන් ලඟ තබා ගන්න පෙළඹෙන්නෙ මේ හේතුව හින්දයි. තමන් ප්‍රිය කර‍න කෙනෙක් මිය ගියාම ඔහුට හෝ ඇයට අයත් වස්තු දැකල, එයාව සිහිපත් වෙලා ආදරයක් ඇල්මක් හට ගැනීමට හේතුවත් මේකමයි.




ඇත්තටම මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ "මේක මගේ, අරක ‍මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට" යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නව. තමාට අයිති දේවල් ආදරයකරන දේවල් ආරක්ෂා කර ගන්න, නඩත්තු කර ගන්න, පවත්වාගෙන යන්න, රැකි රක්ෂාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් දුක් විඳින්න සිදු වෙනව.


මේකෙ බරපතල කම තමයි මේ ඇලීම ආදරය නිසා බොහෝ කායික වාචසික මානසික දුශ්චරිත සිදු කිරීමට පෙළඹීම. මිනී මැරීම, සොරකම, පරදාර ‍සේවනය, ස්ත්‍රි දූෂණය ආදි අපරාධ කිරීම් හේතුවෙන් පොලිසිවල හිරගෙවල් වල දුක් විඳින්නට සිදු වෙනව. නොයෙක් දඬුවම් වලට මුහුණ දෙන්න සිදුවෙනව. මරණින් පස්සෙ තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල, අපාය වල ඉපදී නොයෙකුත් දුකට පත් වෙන්න සිදු වෙනව. ඒවගෙම මේ ඇල්ම ආශාව හින්ද නැවත නැවත සසරේ ඉපදීමට සිදු වෙනව.



srisadaham net




 
Last edited:
  • Like
Reactions: coolkasun

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    11.gif
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    podi saduda me

    මෙන්න මේකයි ලොකේ ඇත්ත ස්භාවය.
    අපි හැමදෙනෙක්ම මේ ස්භාවයට අහුවෙලයි ඉන්නේ.
    මේ ඇල්ම ආශාව හින්ද තමයි නැවත නැවත සසරේ ඉපදී ඉපිද දුක්විදීමට සිදු වෙලා තියෙන්නෙ.
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ඕයි මේ අපි දවසට 3 පාරක් පන්සිල් අරන් රෑට ත්‍රිබල් බලන බොදු ගොවි දරුවො හරී... මෙතන මේ අරව මේවා දාල නිකම් අපේ හිත් දූෂණය කරන්න එපා යකෝ

    ඕයි මේ අපි දවසට 3 පාරක් පන්සිල් අරන් රෑට ත්‍රිබල් බලන බොදු ගොවි දරුවො

    එකනම් මේවගේ Threadවලින් හොදට පේනවා.

    ජේසු කියන්නෙ පොන්නයෙක් ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=505309


    මොන ආගමක වුනත් වෙන කිසිම ආගමක ශාස්තෘ කෙනෙකුට අපහාස කරන්න හොද නැහැ. ඒක ලොකු පාපකර්මයක්.

    AtuleSiriwardane
    Junior Member


    Join Date: Mar 2010

    This is not original AtulaSiriwardane. Duplicate AtuleSiriwardane.:lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම හොඳ පැහැදිලි කිරීමක්. මේක දාමුකො රිලිජස් සෙක්ෂන් එකේ. මෙහෙම දේවල්, ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන පිරිස් එතන ඉන්නවා.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    yakoooo adane danne scene eka..................mama kelin katha karana kenek widiyata me kiyanne..........mage laga oya 5 ma thiyenawa............paw sidda weida danne na
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    yakoooo adane danne scene eka..................mama kelin katha karana kenek widiyata me kiyanne..........mage laga oya 5 ma thiyenawa............paw sidda weida danne na

    අපි කාලඟත් අඩු වැඩි වශයෙන් තියෙනවා- කෙළෙසුන් ප්‍රහාණය කළ අය නෙවෙයිනෙ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඉතා වටිනා ධර්ම පණිවිඩයක් , තව තවත් පණිවිඩ මගින් සමාජය දැනුවත් කිරීමට ලැබේවා! ඔබට ජය

    :):):):)
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    yakoooo adane danne scene eka..................mama kelin katha karana kenek widiyata me kiyanne..........mage laga oya 5 ma thiyenawa............paw sidda weida danne na

    මේ දේවල් අපි හැම කෙනෙක් තුලම තියෙනවා. එහෙම තියෙන එක පවක් නෙමෙයි.
    නමුත් සිදුවෙන්නේ මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ "මේක මගේ, අරක ‍මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට" යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නව. තමාට අයිති දේවල් ආදරයකරන දේවල් ආරක්ෂා කර ගන්න, නඩත්තු කර ගන්න, පවත්වාගෙන යන්න, රැකි රක්ෂාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් දුක් විඳින්න සිදු වෙනව.
    ඒ වගෙම මේ ආශාවල් පසුපස්සෙ දුවල නොයෙක් කායික, වාචසික, මානසික දුශ්චරිත සිදු සිදුකරමින් නොයෙක් පවුකම් පෙළඹෙනවා.

    "ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ" කියන්න එන්න ඒක නිසයි.


     
    Last edited:

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    බොහොම හොඳ පැහැදිලි කිරීමක්. මේක දාමුකො රිලිජස් සෙක්ෂන් එකේ. මෙහෙම දේවල්, ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන පිරිස් එතන ඉන්නවා.

    මොකක්ද මේ රිලිජස් සෙක්ෂන් කියන්නෙ?