බහිරව කන්ද මුදුනේ බුදු හාමුදුරුවෝ පුරුදු ශාන්ත විදිහටම වැඩ ඉන්නව.කදු පෙල ට පිටිපස්සෙන් නැගිටින්න හදන ඉර එළිය ඉදිකටු වගේ උඩ බලන් ඉන්න තණකොළ අග තියෙන පිණි බිංදු වලට වැටිල දිලිසෙනව.වාට්ටුව ඉස්සරහ පොඩි මිදුල කෙලවරේ හේත්තුවෙන්න ඇන්දක් නැති කොලපාට සිමෙන්ති බංකුවේ සංසලා මට පිටුපාල ඉඳගෙන ඉන්නව.හිර කරල තනි කරලක් වෙන්න බැඳපු කොන්ඩෙ උසට තියෙන පපුව උඩට දාල තියෙනවා.එහෙන් මෙහෙන් ලිහුනු කෙහෙරැළි එයාව පහුකරගෙන යන සුළග එක්ක යන්න හදනව.
මන් හිතේ චකිතයකුත් එක්ක එයා දිහාවට යනව.ලස්සන කහ පාටට ළඟ පාටක් තියෙන ළගකදි ත්‍රෙඩිං නොකරපු මූණෙ තියෙන රෝම ඉර එලියට රත්තරං පාටිං දිලිසෙනව .
"කොහොමද සංසලා"ඒ ඇස් වලටම එබිල මං අහනව.ඉර එළියට රතවුණු කකුල් දනහිස් වලින් නවල ගවුම හදල හරියට වාඩි වෙන ගමන් තරු ඇස් ගස්ස ග්ස්ස එයා කතා කරනව."හොඳයි ඩොක්ටර් ..ඒත් දුකයි"සුදු මූණ බලන් ඉද්දි අඳුරු වෙලා යනව."ඒ මොකද ?"
"මං ආදරේ කරනවට අම්මා තරහයි මගෙ බෝයිට එයා කැමති නෑ"
"මොකක් හරි හේතුවක් අතිනෙ සංසලා එහෙම කරන්න නේද..අම්මට හිතෙනව ඇති ඔයල නොගැලපෙන ව කියල "
"හරි කතාවක්නෙ නොගැලපෙන්නෙ කොහොමද ..එයා මට ආදරේ ..එයාගේ ඊලඟ පොතේ නමත් සංසලා..ඩොක්ට දැක්කද ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකකත් එයා මං ගැන කිව්ව"
"එයා බැඳපු කෙනෙක්නෙ ..ඔයාට වඩා වයසත් එක්ක "
"ඇයි වයසට ගියාම ආදරේ කරන්න බැරිද..ඔක්කොම එකයි කාටවත් මේව තේරෙන්නෑ.අපේ අම්ම ඔයාටත් විස පොවල.."සංසලා තරහ ගිහින් බංකුවෙන් නැගිටිනව.
දම් පාට පටි අල්ලපු සුදු ගවුම පිරෙන්න ඇඟක් තියෙන ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිත් සංසලාව එක්කං යනව.සංසලා ගේ හිත රිදෙව්වට තරහින් වගේ ඉර මාව පුච්චල දාන්න හදනව.
සංසලා කියන්නේ ගමේ ඉස්කෝලේ වැඩිම ලකුණු අරන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා නුවර ඇවිත් දැන් ප්‍රධාන බාලිකා විද්‍යාලයක ඒ ලෙවල් විද්යාපංතියේ හිටිය දක්ෂම ලමයෙක්.එයා දන්නෙම නැතුව එයාගෙ හිත ලෙඩ වෙලා.එදා පංතියේ පළවෙනිය උන සංසලා අද මානසික රෝග වාට්ටුවේ ලස්සන ම ලෙඩා වෙලා බේත් ගන්නව.මට තාරකාගෙ "කළු" පොතේ චේතිව මතක් උණා.කන්ද මුදුනේ බුදුහාමුදරුවෝ කලින් විදියටම ශාන්තව බලාගන ඉන්නව.තණකොළ උඩ එක පිණි බිංදුවක්වත් නෑ .ත්වත් පිට රත් කරගන්නෙ නැතුව මමත් නැගිටල ආව.
******----********
මෙහි එන නම් ගම් මනඃකල්පිතය .සත්‍ය සිදුවීමක් ඇසුරිනි .මෙය delusion of love නැමති මානසික රෝගී තත්වය ලෙස හදුන්වයි.යම් විශේෂ පුද්ගලයකු තමාකෙරේ පෙමින් සිටින බව මේ රෝගීන් දැඩිව විශ්වාස කරන අතර එය අසත්‍ය යැයි ඒත්තු ගැන්වීම කළ නොහැක .විශාදය වැනි රෝගවලට පත්වීමේ අවදානම ක් ද මේ රෝගීන් ට ඇත.සුදුසු මනෝචිකිත්සක ක්‍රම මගින් සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය.