සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
යළි වෙන් නොවනා ලෙස
අපි හමුවෙමු ආයේ
අපි හමුවෙමු ආයේ
මුළු ලොව එරෙහිව
අප වෙන් කළ සඳ
මගේ නිදොස් බව ඔබට කියන්නට
ඔබව වැළඳගෙන හඬා වැටෙන්නට
කවදා හමුවේදෝ
ඔබ වෙන කෙනෙකුගෙ
මා තව කෙනෙකුගෙ
මියෙන තුරා අපි සැනසෙමු කවදා
එන අත්භවයේ අප හමුවන්නට
කවදා මිය යමිදෝ
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ප්රීති රන්දෙණිය
සංගීතය : සනත් නන්දසිරි