සෝවාන් මාර්ගය - 1
මෙය ඔබේ සිත සැහැල්ලුවෙන් ඇති වෙලාවක කියවන්න. කිහිප වරක් කියවීමෙන් වඩාත් හොඳින් අවබෝධයක් ලැබෙනු ඇත. ඉන් පසුව එම කරුණු ගැන ඔබම සිතා බලන්න. කියවීමටත් වඩා එම කරුණු ගැන හොඳින් සිතා බලා ඔබ ඒ ගැන නිගමනයකට ඒම ඉතා වැදගත් වේ. මෙම ලිපිය පිටපත් කිරීමට, බෙදා හැරීමට, වෙනත් බ්ලොග් වල පලකිරීමට හෝ අන් පාඨකයන් අතට පත් කිරීමට හැකි ඕනෑම දෙයක් කිරීමට ඕනෑම අයකුට අයිතිය ඇත.
මේ දැන්ම ගතයුතු තීරණයක්
මිනිසෙකු ලෙස ඉපදී සිටින අපි විසින් කළයුතු කුමක් දැයි හෝ එසේ මිනිසෙකු ලෙස ඉපදී ඇත්තේ ඇයි දැයි ඔබට කවදා හෝ සිතී ඇත්ද? ඔබේ පිලිතුර ඔව් නම් එම කුතුහලය දනවන ප්‍රශ්ණයට පිලිතුරක් සොයා ගැනීමට පහත කරුණු ගැන සිතන්න.
1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත.
2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත.
3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත.
4. බුදු දහම කිසියම් කාලයක් පැවතී නැතිවී ගොස්, නැවත බුදු වරයෙකුගේ පහලවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියාදෙන ආගම් පමණක් ලොවේ පවතී. ඔබ අනන්තවත් වාර ගණනක් එවන් කාල වල මනුෂ්‍ය ආත්ම ලබා තිබෙන්නට පිළිවන. ඔබ බුදු දහම ඇතිකාලයක ඉපදී ඇත.
5. බුදු දහම අද තිබුනත් ලෝකයේ බොහෝ දෙනෙක් ඉපදී ඇත්තේ බුදු දහම ඇසෙන මානයක නොවේ. ඒ අතින් ඔබ බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇත.
6. බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇතත් එම දහම් ඇසුරු කිරීමට, බණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය සිටිය හැක. එම අවස්ථාව ඔබට ලැබී ඇත.
ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඉපදීමට ඔබ වාසනාවන්ත වී ඇතිබව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදුවූ දෙයක් නොව ඔබ විසින්ම පසුගිය භව වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භව වලදී ඔබ විසින්ම පතනා ලද පරිදි ඔබ මෙම භවය ඉහත කරුණු සම්පූර්ණ වී ඉපදී ඇතැයි කීම වඩාත් නිවැරදිය.
ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඔබ ඉපදී ඇත්තේ බුදු දහමට පමනක් සුවිශේශී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සසරින් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, ඉගෙනගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් කරන්නේ ඔබ ලබා ඇති සුවිශේශී ඉපදීම නාස්තිකර දැමීමකි. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්තිකර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙනු ඇත. ඉහත කරුණු හයම සම්පූර්ණවූ මනුෂ්‍ය ආත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදාදැයි සිතා ගැනීමටවත් නොහැකි බව ඔබට
වැටහිය යුතුය.
බුදු දහමේත් අනිකුත් ආගම්වලත් ඇති වෙනස
හොඳ සහ නරක වෙන් කර උගන්වන ආගම් හා ඇදහීම් සෑම කාලයකම ලොවේ තිබේ. එම ආගම් අනුගමනය කළහොත් සංසාරය තුලම දේව සහ බඹ ලෝක වලට යා හැක. බෞද්ධ ධර්මයේත් සිල් රැකීම පිලිබඳව සහ සහ පවු කිරීමේ ආදීනව කියාදෙයි. ඒවා පමණක් අනුගමනය කළහොත් සිදු වන්නේද දිව්‍ය ලෝක බ්‍රහ්ම හෝ ලෝකවල ඉපදීමටයි. එහෙත් එම ලෝකවල ආයුෂ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම එලෙසම පවතී.
නිරයට වැටීම සහමුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩිම වශයෙන් භව හතකට සීමා කරන සසරින් එතෙර වන ක්‍රමය හෝ මාර්ගය කියාදෙන එකම දහම වන බුදු දහම හමුවන්නේ බුද්යෝත්පාදක කාලයකදී පමණි.
බොහෝ බෞද්ධයන් මෙන් ඔබත් සමහරවිට පින් පුරවමින් භවය ගෙවන අයකු විය හැක. ඔබ වටහා ගත යුතු කරුණ වන්නේ එක් අතකින් පින් යනු පවු වලට සමාන දෙයක් බවයි. පවු මෙන්ම පින් පලදීමටත් නැවත ඉපදීමට සිදුවේ. සිල් පද රකිමින් පින් පුරවමින් යන අය මීලඟ භවයේ දිව්‍ය ලෝක හයෙන් එකක ඉපදීමට ඇති ඉඩ ඉතා ඉහලය. මනුෂ්‍ය ආත්මයක ආයුෂ අවුරුදු 80-100 ක් පමණ වූවත් සමහර දිව්‍ය ලෝක වල ආයුෂ ඉතා දිගය. ධ්‍යාන ආදිය ප්‍රගුණ කරමින් සිටිනා අය බ්‍රහ්ම ලෝක විසි එකෙන් එකක ඉපදීමට ඉඩ ඇත. එම ලෝකවල ආයුෂද ඉතා දිගය. එහි ඇති ගැටළුව වන්නේ එම ලෝක වල ඉපදී ඇති අයට එම කාල වලදී සසරින් එතෙර වන මාර්ගයට ඇතුලුවීමට කටයුතු කිරීමට නොහැකි වීමයි. වෙනත් අයුරකින් කිවහොත් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට හැකියාව ඇත්තේ මිනිස් ලොව ඉපදී ඇති අයට පමණි.
සසරින් එතෙර වන මාර්ගයට ඇතුලුවීමට හැක්කේ මනුෂ්‍ය ආත්මයකදී පමණක් බව දැනටමත් දන්නා හෝ වටහා ගන්නා ඔබ ඒ අනුව ක්‍රියා නොකොට නොකොට දෙව් ලොව හෝ බ්‍රහ්ම ලෝකවලට යාමට පින් පින් පුරවමින් ලැබී ඇති අවස්ථාව නාස්තිකර දමන්නේ ඇයි?. එමෙන්ම ඔබ ඉහල තල වලට යාමට පින් පුරවන්නෙක් නම් ඔබෙත් අන් (හොඳ නරක පමණක් කියාදෙන) ආගම් අදහන අයගේත් වැඩි වෙනසක් නැත.
දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදීමට උත්සාහ කිරීම අයුතු දෙයක්ද?
එම ලෝක වල ඉපදීමට පින්දම් පිරීම හෝ ධ්‍යාන වැඩීම කිසිසේත්ම අයුතු දෙයක් නොවේ. එසේ වුවත් අපි දෙව් ලොව හෝ බඹ ලොව යනවානම් යා යුත්තේ සෝවාන් මාර්ගයට ඇතුළුවී එයින් පසුව ඉපදීමට සිදුවන (වැඩිම වශයෙන්) ආත්ම හතෙන් එකක හෝ කිහිපයක මිස සංසාරයේ සිටිමින්ම ලබන ආත්ම වල නොවේ. සංසාරයේ සිටිමින්ම දෙව් ලොව හෝ බඹ ලොව යාමෙන් සිදුවන්නේ තවත් කෝටි ප්‍රකෝටි ආත්ම ගණනකින් සංසාරය දික් කර ගැනීමකි.
තවද සෝවාන් මාර්ගයට පිවිසීමෙන් පසුව නැවත කිසිදාවත් අපාගතවීමේ අවදානමක් නැත. බුදු රදුන් පවසා ඇති පරිදි නිරය කෙනෙකුගේ නිවස මෙනි. අපි කොහේ ගියත් නැවත ගෙදර ඒමට සිදුවේ. එසේම අපි ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවන්නේ නිවසේදීය. එමෙන්ම සංසාරයේදීද අපට වැඩිම කාලයක් නිරයේ ගෙවීමට සිදුවේ. සංසාරය දික් කර ගැනීමෙන් අති විශාල වාර ගණනක් නිරයේ, ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වලද ඉපදීමට ස්ථීර වශයෙන්ම සිදුවේ. එම හේතුවම මිනිස්කම ලැබූ මේ භවයේදීම සංසාරයෙන් පිටවීමට කටයුතු සලසා ගැනීමට හේතුවකි.
මේ භවයේ අවසන ඔබ දිව්‍ය ලෝකයකට හෝ බ්‍රහ්ම ලෝකයකට ගියහොත් දීර්ඝ කාලයක් ඒ තල වල ගත කර ගතකර නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවිට එම ඉපදීම මුලින් සඳහන් කළ කරුණු (2- 6) සම්පූර්ණ වී ඉපදෙන බවට සහතිකයක් නැත. එමනිසා එම කරුණු සම්පූර්ණ කරමින් මනුස්ස ආත්මයක් මෙම භවයේ ඔබ ලබා ඇති එකම හේතුව සසරින් එතෙරවීමට අවශ්‍ය සෝවාන් මාර්ගයට ඇතුළුවීම බවට ඔබට තේරුම් නොගිගොත් එය මහත් අවාසනාවකි.
මෙම භවයේදීම සෝවාන් මාර්ගයට ඇතුළුවීම පසෙක තබා දෙව් ලොව හෝ බ්‍රහ්ම ලෝකවලට යාමට පින් පුරවන අය සිහියට ගත යුතු කරුණු මතක් කරගමු;
1. බුදු දහම පවතින කාලයකදී හැර සසරින් එතෙර වීමේ මාර්ගය සොයා ගත නොහැක.
2. දිව්‍ය ලෝක වලදී හෝ බ්‍රහ්ම ලෝක වලදී සෝවාන් මාර්ගයට ඇතුළුවිය නොහැක.
3. දිව්‍ය ලෝක වලදී හෝ බ්‍රහ්ම ලෝක වල සැප ගෙවා වසර ලක්ෂ ගණන් වූ අයුෂ අවසන් වූ පසුව පෙර කර්ම මත නිරයේ වැටීමට හෝ තිරිසන් හෝ ප්‍රේත ආත්ම වල ඉපදීමට ඉඩ ඇත. එක භවයක් අවසන්වී තවත් භවයක උපත ලබද්දී එම උපදින භවය තීරණය වන්නේ චුති චිත්තය අනුවය. එසේ හෙයින් මීලඟ භවයේදී දෙව් ලොව උපත ලැබුවත් නැවතත් දහස් වාරයක් නිරයට වැටීමට සිදුවන කර්මයන් දැනටමත් පෙර සංසාරයේදී අප අතින් සිදුවී තිබෙන්නට පුළුවන.
4. එම ලෝකවල ආයුෂ වසර දස දහස් ගනන් බැවින් නැවත මනුස්ස භවයක් ලැබුවත් එසේ නැවත මිනිස් භවයක් ලබන කාලයක බුදු දහම නොපැවතියහොත් සසරින් එතෙර වීමට නොහැකිවනු ඇත.
වරක් බුදු රදුන් කඩියන් පේලියක් දෙස බලා එහි සිටින කඩියන් සියළු දෙනාම සංසාරයේදී සක්විති රජකම දරා ඇති බව ආනන්ද තෙරුන්ට පවසා ඇත. එසේ නම් අප සියළු දෙනාමත් සක්විති රජකම මෙන්ම කෝටි වාරයක් දෙව් ලොව සහ බඹ ලොව ඉපදී සිටින්නට ඇත. මේ භවයෙදීත් සිල් රකිමින් හොඳ ජීවිතයක් ගත කලහොත් නැවතත් දෙව් ලොව හා බඹ ලොව යාමට හැකිය. අප අනන්ත වාරයක් කලින් ගිය දිහාවල් වලට යාමට මේ බවයේදීත් පින් පුරවින් උත්සාහ කරන්නේ කුමටද?
එම නිසා බුද්යෝත්පාදක කාලයක, මනුස්ස භවයක් ලබා ගැනීමට සහ බුදු බණ ඇසෙන රටක ඉපදීමට දුර්ලභ අවස්ථාවක් ලබා ගත් අපි කලයුත්තේ සසරින් එතෙර වීමට උත්සාහ කිරීමට ලැබුණු අවස්ථාව අපතේ නොහැරීමයි. එයට ප්‍රධානතම හේතුව මෙම අවස්ථාව මගහැරියොත් ඊලඟ අවස්ථාව ලැබෙන්නේ මොන කල්පයේ දැයි කිව නොහැකි බැවිනි. දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල ඉපදීමට උත්සාහ කරන අතරේ සෝවාන් මාර්ගයට පිවිසීම අනිවාර්ය බව මෙයින් ඔබට පැහැදිළි විය යුතුය.
වන්දනාමාන
ඔබ බොහෝවිට පුරුද්දක් වශයෙන් පන්සල් යන, පහන් හඳුන්කූරු පත්තුකරන, මල් පූජා කරණ අයකු වන්නට පුළුවන. මේ දේවල් කිරීමෙන් බුදු රදුන් ඔහු වටහාගත් සත්‍ය දේශණා කිරීමෙන් අපෙන් අපේක්ෂා කළදේ සිදුවෙනවාදැයි සිතා බලන්න. උදාහරණයකට ඔබ යම් කිසි සොයා ගත නොහැකි අසනීපයකින් පෙලෙනවා යැයි සිතමු. එයට නියම ප්‍රතිකර්මය තේරුණු වෛද්‍යවරයෙකු බොහෝ දුක් කරදර විඳ සොයාගෙන ගොස් එය ලැබුණු පසුව තවත් කරදර විඳදරා ගනිමින් ඔබට ගැලපෙන ඖෂධය ඔබ අතටම ගෙනැවිත් දුන්නා යැයි සිතන්න. ඖෂධය සොයා ගැනීමට හා ගෙනවිත් දීමට ඔහු මහා වෙහෙසක් ගත්තත් ඔහු එය කලේ ඔබෙන් වැඳුම් පිදුම්, පුද සත්කාර ලබා ගැනීමට නොව ඖෂධය භාවිතා කර ඔබගේ ඇති ව්‍යාධිය සුවපත්කිරීමට පමණක්ම බව ඔබට වැටහෙනු ඇත.
බුදු රදුන් භව සිය ගණනක් මහත් දුක් කන්ඳරාවක් විඳිමින් බුද්ධත්වය ලබා ගත්තේ අපට දුක නැතිකරණ එනම් සසරින් එතෙර වන මාර්ගය සොයාගෙන අපට ගෙනවිත් දීමටයි. උන්වහන්සේ පාදා දුන් නිවන් මාර්ගයට ඇතුළුවී හැකි ඉක්මණින් සසරින් එතෙර වීම පසෙක දමා අපි කරන්නේ උන්වහන්සේගේ පිළිම වලට වන්ඳනාමාන කිරීම පමණක් නම් ඒ කරණා දෙයින් අපිටවත් උන්වහන්සේටවත් ඇතිවන සුගතියක් වේ යැයි ඔබ සිතනවාද? අපට නොදැන සිටි මාර්ගය අපට පහදා දුන් බුදු රදුන්ට කල හැකි ඉහළම සහ එකම උපහාරය නම් එතුමන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමයි. බොහෝ කරදර විඳ ඔබට සුවපත්වීමට ඖෂධය ගෙනැවිත් දුන් වෛද්‍ය වරයාට කළ හැකි උපහාරය එම බෙහෙත පරිහරණය කර ඉක්මණින්ම සුවපත්වීමයි.
ඔබට සෝවාන් මාර්ගයට පිවිසීමට ගාථා, ත්‍රිපිටක, සූත්‍ර ආදී කිසිවක් දැනගැනීමට හෝ පාඩම් කිරීමට කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. තවද ලෝකයේ ඇති සියළුම බෞද්ධ විහාරස්ථාන , බුදු පිළිම සහ ස්ථූප වන්දනා කරගෙන සිටියත් සෝවාන් මාර්ගයට ඇතුළුවී නැත්තම් ඒවායින් පළක් නැති බව තේරුම් යා යුතුය. ඔබ සසරින් එතෙර වීමට අරමුණු කරගනිමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම සහ අන් අයත් එම මාර්ගයට ඇද ගැනීමට උත්සාහ කිරීම අදම පටන්ගන්න.
එසේම බුදු රදුන් යනු ඒ උතුම් මාර්ගය පහදා දුන් උතුමකු මිස මැජික් කරුවකු නොවේ. විභාග සමත් වීමට, මැතිවරණ දිනීමට, ව්‍යාපාර දියුණු කිරීමට, වත් පොහොසත් කම් ලබා ගැනීමට උන්වහන්සේගේ පිළිම ලඟ වැටී කන්නලව් කිරීමෙන් ප්‍රයෝජනයක් ඇතැයි සිතනවාද? බුදු රදුන් දේශණා කලේ ලෞකික සැප සම්පත් අත් හැරිය යුතු මාර්ගයක් මිස ඒවා අත්පත් කරගැනීමේ මාර්ගයක් නොවන බව වටහා ගැණීමට අප ප්‍රඥාවන්ත වියයුතුය. ඔබ බෞද්ධයෙක්නම් හෝ බෞද්ධ දර්ශණය පිළිගන්නා අයකුනම් ඔබගේ ලෞකික සුභසිද්ධිය සඳහා කළයුතු දේවල් කරණ අතරම බුදු රදුන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමට දැන්ම අධිශ්ඨාන කරගන්න. ලෞකික දේවල් වලින් තාවකාලික දුක අඩුකිරීම හෝ සතුට ලබා ගැනීමට වඩා එතුමන් පෙන්වූ මාර්ගයේ අවසන ඇත්තේ සදාකාළිකව දුක නැතිකිරීම බව තේරුම් ගන්න. ඔබ සෝවාන් මාර්ගයට නොපිවිසේනම් හැමදා උදේ හවස ජප කරනා නමස්කාරයේ ඇති "මම බුදුන් සරණ යමි" හා “මම දහම් සරණ යමි” යන පොරොන්දු දෙක ඔබ අතින් කඩවන බව මතක තබාගන්න.
සසරින් එතෙර වීමට සිතා බැලිය යුත්තේ කවදාද?
අපි සියලුදෙනාටම විවිධ වගකීම් ඇත. දරුවන්ගේ කටයුතු, රාජකාරි කටයුතු, නිවසේ වගකීම්, ණය තුරුස්, මිතුරන් ආශ්‍රය කිරීම, බ්ලොග් එක අප්ඩේට් කිරීම යන දේවල් අප හැමෝම කල යුතුය. එම වගකීම් අඩුවුන දවසක සෝවාන් මාර්ගය ගැන සිටීමට හැකියාව ඇත. එසේ නමුත් අප කෙතරම් කලක් මෙම භවයේ රැඳී සිටී දැයි අපට කිව නොහැකිය. හදිසි පපුවේ අමාරු, වාහන වල හැපීම, විදුලි සැර වැදීම, ඩෙංගු උණ, මිනී මැරීම් ආදී බලපොරොත්තු නොවූ හේතු නිසා අද සවස හෝ හෙට අපට මෙම භවයෙන් පිටවීමට සිදුවිය හැක. එවන් මරණයකට මුහුණ දීමට අපගේ පෙර කර්ම අනුව සිදුවේද නැත්ද යන්න බලා ගැනීමට අපට ක්‍රමයක් නැත. මරණයට පත් නොවුනත් අබ්බගාතයෙකු හෝ සිහිය නැති පුද්ගලයෙකුගේ තත්ත්වයට වැටුණොත් සසරින් පිටවීමට කලයුතු සුළු දේ කරගත නොහැකි උවහොත් අපි තව කොතරම් කලක් සසරේ දුක් විඳීමට සිදුවිය හැකිද?
ඔබ තරුණ වයසේ පසුවන අයෙක්නම් මේ වයසේදී විනෝද වී පසුව සසරින් එතෙරවීම සිතා බැලිය හැකියැයි සිතිය හැක. අප මේ ලබා ඇති මනුෂ්‍ය ආත්මය අවසන් වන දිනය ගැන ඔබට දැනීමක් නැත. අද රෑ හෝ හෙට යම්කිසි හේතුවක් නිසා ඔබ මිය ගියහොත් ඔබ විසින් මේ අවස්ථාව නැති කරගන්න බව තේරුම් ගන්න. එසේ වී ඔබ නිරයට හෝ දිව්‍ය ලෝකයට ගියහොත් ඔබට නැවත මනුෂ්‍ය ආත්මයක් බුද්‍යෝත්පාදක කාළයකදී ලැබෙන්නේ තව භව කෝටි ප්‍රකෝටි ගණනකින් පසුව වීමට ඉඩ ඇත.
ඔබ වයසින් වැඩිමහළු පුද්ගලයෙක්නම් පසුගිය කාලයේ ඔබ සසරින් පිටවීමට අවශ්‍ය කුසලතා පිරීමට යෙදවූවේ නැත්නම් ඒ ගැන පසු තැවීමෙන් කාලය නාස්ති නොකරන්න. ඔබගේ ප්‍රඥා ශක්තිය අණුව ඔබට ඉතාමත් සුළු කළකින් එම මාර්ගයට පිවිසිය හැකි වන්නට පුළුවන. එමෙන්ම ඔබ ඒ සඳහා දරණ උත්සාහය අණුව එම මාර්ගයේ බොහෝ දුර ගෙවා දැමිය හැකිය. එම නිසා ඔබ මේ දැන්ම කලයුත්තේ මෙම භවයේදීම සෝවාන් මාර්ගයට අවතීර්ණ වන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමත් ඒ සඳහා කලයුතු දේවල් අදම කිරීමට පටන් ගැනීමත්ය.
සෝවාන් මාර්ගයට පිවිසීම අපහසු දෙයක්ද?
නිවන් දැකීමට රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කල යුතුය. අපි අද සිටින රාගය, මෝහය, ද්වේශය බහුල තත්ත්වයේ සිට සහමුලින්ම දුරු කිරීම ඉතාම අපහසු දෙයක් ලෙස පෙනීම ස්වභාවිකය. එසේ දැනීමට ප්‍රධාන හේතුව නම් සෝවාන් මාර්ගයට ඇතුලුවීමට අවශ්‍ය වන්නේ රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කිරීම නොව ඒවා දුරු කිරීමේ මගට වැටීම පමණක් බව නොතේරීමයි. රහත්වීමට කලින් ඇති අනාගාමී තත්වයේ සිටින අයටත් එක්තරා ප්‍රමාණයකට තණ්හාව, රාගය, ද්වේශය ඇත. ඒවා තිබූ පමණින් සෝවාන් මාර්ගයට ඇතුළු වීමට කිසිම බාධාවක් නැති බවට ඇති ඉහළම ශාක්ෂිය එයයි.
ඔබ මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ලංකාව නියෝජයනය කිරීමට කැමති යැයි උපකල්පනය කරන්න. දැනට මීටර් 100 දිවීමේ ලෝක වාර්ථාව දරන්නේ උසේන් බෝල්ට් විසිනි. එක මීටර් 100 තත්පර 9.58 කින් නිම කිරීමයි. ඔබට මීටර් 100ක් දිවීමට තත්පර 15 ක් ගතවනවා යයි සිතන්න. ඔබ දැන් කරන්නේ ඔබට කවදාවත් ලෝක වාර්ථාව ගැනීමට නොහැකි යයි සිතමින් නොදුවා සිටීමයි. ඔබ කළ යුත්තේ පුහුණු වෙමින් ටිකෙන් ටික තත්පර 15 තත්පර 9.58 වෙතට අඩුකර ගැනීමයි. එමෙන්ම නිවන් අවබෝධ කරගැනීමට ද්වේශය, මෝහය, හා රාගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඔබ කලයුත්තේ ටිකෙන් ටික එය අඩුකර ගැනීමට අවශ්‍ය පුහුණු වීම කිරීමයි.
ඔබ අවුරුදු 30ක් පුහුණු වුවත් එම වාර්ථාව සම කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් ඔබට එම වාර්ථාව සම කිරීමට අවුරුදු වැඩිම වශයෙන් අවුරුදු 7 කින් කළ හැකි යැයි සහතිකයක් තිබේනම් ඔබ එය උත්සාහ කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත. නිවන් දැකීමට අධිශ්ඨාන කරගෙන ද්වේශය, මෝහය, රාගය අඩුකරගැනීමට උත්සාහ කිරීමට ඔබ සූදානම් නම් එම මාර්ගය වන සෝවාන් මාර්ගයට ඇතුළුවූ අවස්ථාවේ සිට වැඩිම වශයෙන් තව ආත්ම හතකදී රහත් භාවයට පත්වන බව බුදු රදුන් කියා ඇති බව ඔබ දන්නවාද?
සෝවාන් මාර්ගයට ඇතුළුවුවහොත් රහත් භාවයට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවන බව නොසිතන පුද්ගලයා සැමවිටම සිතන්නේ අද සිටින තත්ත්වයේ සිට ද්වේශය, මෝහය, රාගය සහමුලින්ම නැතිකර ගැනීමට ඇති අපහසුතාවයයි. උදාහරණයට යමකුට කොලඹ සිට ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය නම් ඔහු එම දුර තරණය කිරීමට බෝට්ටුවක්, හබල්, මාලිමා යන්ත්‍රයක්, සිතියම් කියවීමේ දැනීම, සුලි සුලං කුණාටු ආදිය ගැන සිතනවා වැනිය. පිටරට යාම ගැන ඉතා සුළු දැනීමක් ඇති අය පවා ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය වන්නේ වීසා ලබා ගැනීමත්, ගුවන් ටිකට් පතක් ලබාගෙන කටුනායක ගුවන් තොටුපොලට යාමත් එහිදී නියමිත ගුවන් යානයට ගොඩවීමත් බව දනිති. නිවන් දැකීමට ද්වේශය, රාගය හා මෝහය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගතයුතු වූවත්, සෝවාන් මාර්ගයට අවතීර්ණවීමට ඔබ කලයුත්තේ එම උත්සාහය පටන් ගැනීම පමණක්ම වේ. ලන්ඩන් යාමට අවශ්‍ය පුද්ගලයා විස හා ටිකට් පතක් ගෙන ගුවන් තොටුපලට යනසේ ඔබ කල යුත්තේ (සම්පූර්ණයෙන් නැතිකර ගැනීමේ අරමුණින්) එම දේවල් අඩු කර ගැනීමට පටන් ගැනීමයි.
සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මියයාමට මොහොතකට හෝ පෙර සෝවාන් ඵලයට පත්වනු ඇත. එම පුද්ගලයා ඉන්පසු කිසිම දිනක නිරයට නොවැටේ. එම පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් භවයන් හතකි. එම හතේදී නිර්වාණය අවබෝධ කරගන්නා බව ඒකාන්තය.
මාර්ගයට පිවිසිය හැක්කේ සිල් රැක්කොත් පමණද?
මස් මාංශ අනුභව කරන, මත් පැන් පානය කරන, බොරු කියවෙන, කාමයේ වරදවා හැසිරෙන බොහෝ අය සිතන්නේ ඔවුන් අතින් සිල් කැඩෙන බැවින් ඒවා හදා ගන්නා තුරු සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බවයි. ඊට වඩා එහි අනිත් පැත්ත ඇත්ත විය හැක. එනම් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් සිතේ ද්වේශය ආදිය අඩුවී කරුණාව පහලවීමෙන් ඉබේම මස් මාංශ වලට ඇති කෑදරකම නැතිවිය හැක. එනම් සිල් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඉබේ නොවැටුනත් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමෙන් ඉබේම සිල් රැකෙන බව පැහැදිලි විය යුතුය.
අපි සිල් රකින එහෙත් සෝවාන් මාර්ගයට පිවිසීමට උත්සාහ නොගන්නා අයකු උදාහරණයට ගමු. ඔහු පානාතිපාතා සිල් පදය දිවි හිමියෙන් සුරකී. යම් කිසිවෙකු ඔහුට බනින්නට හෝ අපහාස කරන්නට පටන් ගත්තා යයි සිතමු. ඔහුට අනික් පුද්ගලයා සමග දැඩි ද්වේශයක් ඇතිවේ. ඔහු අතට පිහියක් හෝ පිස්තෝලයක් වැනි දෙයක් ලැබුනොත් අර පුද්ගලයාට ඉන් හානියක් කිරීමට හැකි තරම් ද්වේශයක් සහ එසේ කිරීමට ඉතා ආසන්නයට පැමිණියත් තමන් පාණාතිපාතා සිල්පදය සුරකින බැවින් ඔහුගේ ප්‍රාණයට හානියක් කිරීමෙන් වැලකේ. එසේ වුවත් ඔහු ද්වේශය ඇතිවීම නිසා අකුසල් එකතු කරගනී. සෝවාන් මාර්ගයේ සිටින අයකු හෝ සෝවාන් මාර්ගයට ඇතුළුවීමට මෛත්‍රී භාවනාව වඩවන අයකුට යම් කිසිවෙකු එසේ පරිභව කලහොත් ඔහුට ද්වේශයක් ඇති නොවන බැවින් ප්‍රාණ ඝාතයක් සිදුවීමට කිසිම ඉඩක් නැත. සිල් රැකීමෙන් පමනක් නිවන් දැකීමට නොහැකි බවත් සෝවාන් මාර්ගයට ඇතුල්වීමට උත්සුකවීමෙන් ඉබේම සිල් රැකෙන බවත් මෙම උදාහරණයෙන් පැහැදිලි විය යුතුය.
සසරේ සිටීමට පින් සහ සසරින් පිටවීමට කුසල්
අප බොහෝ දෙනෙක් පින් සහ කුසල් යන වචන දෙක එකම තේරුමක් ඇති වචන දෙකක් ලෙස පාවිච්චි කරමු. වඩාත් පහසු ක්‍රමය නම් පින් යනු සසරේ සිටිමින් හොඳ උප්පත්තියක්, ලෞකික සැප සම්පත් ලබා ගැනීමට ප්‍රයෝජනයක් වන දෙයක් ලෙසත් කුසල් යනු සසරින් එතෙර වීමට පිහිටවන දෙයක් ලෙසත් තේරුම් ගැනීමයි. සසරේ සිටීමේදී අපට ආහාර, ඇඳුම් පැලදුම්, නිවාස, ආරක්ශාව වැනි විවිධ දේවල් අවශ්‍යය. අපට තිබෙන දෑ දීමෙන් මේවා මේ භවයේදීත් අනාගත භව වලදීත් ඒවා වැඩියෙන් ලැබේ. එමෙන්ම අපි අන් අයගේ දේවල් සොරකම් කිරීමෙන් හෝ නොදී සිටීමෙන් මේ භවයේදීත් අනාගත භව වලදීත් අප සතු වූ දේවල් නැතිවී යාමටත් අපට අවශ්‍ය දේවල් නොලැබී සිටීමත් සිදුවේ.
කුසල් යන්න කුසලතා හැටිය සිතීම වඩාත් ප්‍රායෝගික වේ. කුසලතා යන වචනය යොදාගන්නේ යමක් කිරීමේ හැකියාව යන්න විග්‍රහ කිරීමටයි. කලින් බයිසිකලයක් පැදීමට හෝ පිහිනීමට හෝ ක්‍රීඩාවක් කිරීමට හැකියාවක් නොතිබුණ අයකු එම දෙයක් කිරීමට පුහුණුවී එම හැකියාව අත්කර ගැනීම කුසලතාවක් අත්කර ගැනීමකි. රහත් බව ලැබීමට ද්වේශය, රාගය, මෝහය සහමුලින්ම දුරුකරගත යුතු බව අපි දනිමු. ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩුකරගැනීමට පුහුණුවීම කුසලතා අත් පත් කර ගැනීමකි. උදාහරණයකට ඔබට මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් ද්වේශය අඩු කරගැනීමේ හැකියාව හෝ කුසලතාව අත් කර ගත හැක.
එබැවින් අප තුල ඇති රාග හා ද්වේශ හැඟීම් අඩුකරගැනීමට ඒ ගැන ඉගෙනීම, උගත් දෙ ගැන ඒ මේ අතට විග්‍රහ කරමින් සිතීම, අඩු කරගැනීමේ අභ්‍යාසවල යෙදෙන භාවනාමය කටයුතු සියල්ල කුසල් අත් කර ගැනීම් ගනයට වැටේ.
එමෙන්ම ඔබ යමකුට ද්වේශ කරන්නේනම් එය අකුසල් උපදවන අතර, අන් අයට මෛත්‍රී කිරීම කුසල් උපදවයි. ඔබ අත් හැරීම ප්‍රගුණ කරන්නේනම් එය කුසල් උපදවන අතර, ලෞකික දේවල් වලට වැඩියෙන් බැඳීම අකුසල් උපදවයි. මේ ආකාරයේ කුසල් වැඩීම සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කරන අයත් එම මාර්ගයේ ගමන් කරන අයත් කරණ ප්‍රධානතම කටයුත්තකි. ඔවුන්ටත් සසරේ ඉතිරි කාලය පහසුවෙන් ගත කිරීමට පින් කිරීම ඔවුන් අතින් සිදුවන අතරම, සසරින් එතෙරවීමේ පරමාර්ථය ශාක්ෂාත් කරගැනීමට කුසල් වැඩීම සිදු කරයි.
ඔබට මෙයින් යම්කිසි ප්‍රයේජනයක් වූවායැයි සිතන්නේ නම් මෙය බ්ලොග් මඟින්, ඊමේල් මඟින්, ෆේස්බුක් මඟින් අන් අයත් සමඟ බෙදාගන්න. උපුටා ගැනීමට කිසිම කොන්දේසියක් නැති අතර මගේ නම නොයොදා බෙදාගන්නේ නම් වඩා හොඳය. "Author - sovanmaga blog"
සෝවාන් මාර්ගය - 2

Last edited: