සංසාරේ අතරමං වී

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සංසාරේ අතරමං වී

සංසාරේ අතරමං වී

සෙනෙහසේ හෝඩියේ අකුරු ටික වලළා
දුන් සෙනේ පරදවා වැඩි සෙනේ ඉල්ලා
දළඳාව පුදන්නට මලින් හෙට සැරසිලා
සැනසුමක් ලැබේවිද කියන් පිරිසුදු වෙලා

වැළලුවත් අතීතේ අවුලුවන්නට නොදී
පාරවයි නිති හිතේ අකුණු සැර වැදි වැදී
වැවුරුකන්නලමේදී දුන් බහට සමුදී
පවුරු බිම් බිඳුවේ කෙසේදැයි හීනෙකි

කණ්ඩලම යන්නටත් පෙරුම් පුරලා අපි
උණවටුන පෙම් සුවෙන් නහවලා ආ අපි
අනුරාධපුරයේදි යුග දිවිය පැතු අපි
අතරමං වූවාද කතරගම මගදී

-මාලන් විදානපතිරණ
 
Last edited:
  • Like
Reactions: පැටියා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පැටියා;19430959 said:
-බ්‍රැන්ඩෝ :cool:

ඒක මගේ කැම්පස් එකේ කාඩ් එක සහෝදරයා.NC කියන්නේ නාලන්දා විද්‍යාලය කියන එකටයි.හි හි
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඒක මගේ කැම්පස් එකේ කාඩ් එක සහෝදරයා.NC කියන්නේ නාලන්දා විද්‍යාලය කියන එකටයි.හි හි
උඹට මතක නැද්ද උඹෙ කලිං ත්‍රෙඩ් එකකත් මම මේ රිප්ලයි එකම දැම්මා? :D
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පැටියා;19430990 said:
උඹට මතක නැද්ද උඹෙ කලිං ත්‍රෙඩ් එකකත් මම මේ රිප්ලයි එකම දැම්මා? :D

මතකයි.මම නිකමට ආයෙමත් මතක් කළේ.බොහොම ස්තුතියි.