සංසාරේ අතරමං වී
සංසාරේ අතරමං වී
සෙනෙහසේ හෝඩියේ අකුරු ටික වලළා
දුන් සෙනේ පරදවා වැඩි සෙනේ ඉල්ලා
දළඳාව පුදන්නට මලින් හෙට සැරසිලා
සැනසුමක් ලැබේවිද කියන් පිරිසුදු වෙලා
වැළලුවත් අතීතේ අවුලුවන්නට නොදී
පාරවයි නිති හිතේ අකුණු සැර වැදි වැදී
වැවුරුකන්නලමේදී දුන් බහට සමුදී
පවුරු බිම් බිඳුවේ කෙසේදැයි හීනෙකි
කණ්ඩලම යන්නටත් පෙරුම් පුරලා අපි
උණවටුන පෙම් සුවෙන් නහවලා ආ අපි
අනුරාධපුරයේදි යුග දිවිය පැතු අපි
අතරමං වූවාද කතරගම මගදී
-මාලන් විදානපතිරණ
සංසාරේ අතරමං වී
සෙනෙහසේ හෝඩියේ අකුරු ටික වලළා
දුන් සෙනේ පරදවා වැඩි සෙනේ ඉල්ලා
දළඳාව පුදන්නට මලින් හෙට සැරසිලා
සැනසුමක් ලැබේවිද කියන් පිරිසුදු වෙලා
වැළලුවත් අතීතේ අවුලුවන්නට නොදී
පාරවයි නිති හිතේ අකුණු සැර වැදි වැදී
වැවුරුකන්නලමේදී දුන් බහට සමුදී
පවුරු බිම් බිඳුවේ කෙසේදැයි හීනෙකි
කණ්ඩලම යන්නටත් පෙරුම් පුරලා අපි
උණවටුන පෙම් සුවෙන් නහවලා ආ අපි
අනුරාධපුරයේදි යුග දිවිය පැතු අපි
අතරමං වූවාද කතරගම මගදී
-මාලන් විදානපතිරණ
Last edited:

