අවිද්‍යාව හෙවත් චතුස්සත්‍ය නොදැනීම නිසා මේ සත්ත්වයා කුශලා කුශල කර්ම රැස් කරයි.
කුශලයට වේවා අකුශලයට වේවා අවිද්‍යාවම හේතු වෙයි. කුසල් කිරිමෙදීද අවිද්‍යාව අන්ත්ර්ලිනව පවතී.
කුශල කර්ම ඇති කල සුගතියෙහිද අකුශල කර්ම ඇති කල දුගතිහිද ඉපැදිය යුතුය.
එම කර්ම බලයෙන් පුර්ව බවය හා මේ භවය ගලපන පටිසන්ධි විඥ්ඥානය ඇති වෙ.
එකෙනෙහිම නාම රූප දෙක ඇති වේ. නාම රූප දෙක ඇති කල ඇස, කණ, නාසය, දිව, කය, සිත යන ආයතනයෝ සදෙන පහල වෙත්.
මේ සය ඇති වූ කල ඇසට රුපයද, කනට ශබ්දයද, නාසයට ගදද, දිවට රසද, කයට පොට්ටබ්බයද, සිතට ධම්මයද යන ආදී වශයෙන් බාහිර අරමුණු තමහට අයත් දොරවල් සය හා හැපීම ඇති වේ.
එසේ හැපීම ඇති වූ කල වේදනාව පහල වේ. වේදනාව ඇති කල තෘෂ්ණාව හෙවත් ආශාව හටගනී. ආශාව හේතුකොට ගෙන දැඩි කොටඅල්ලා ගැනීම (උපාදාන ) ඇතිවේ.
දැඩි කොට අල්ලා ගැනීම හේතු කොට ගෙන අලුත් කර්ම රැස් කරනු ලැබේ. එම අලුත් කර්ම හේතු කොට ගෙන නැවත ඉපදීම ඇති වේ. නැවත ඉපදීමෙන් ජරා මරණ ඇති වන්නේය.
හැම දෙනාටම ජරා මරණ ඇති විය යුතුය. ඉන් මිදුණු කිසිවෙක් ලොවෙහි නොමැතිය.
1. මෙහි ජරාව හා මරණයට හේතුව කුමක්ද? ඉපදීම වේ.
2. ඉපදීමට (ජාතියට ) හේතුව කුමක්ද? පෙර කර්මය වේ.
3. කර්මයට (කම්ම භවයට ) හේතුව කුමක්ද? දැඩි කොට අල්ලා ගැනීම වේ.
4. දැඩි කොට අල්ලා ගැනීමට (උපාදානයට ) හේතුව කුමක්ද? තෘෂ්ණාව හෙවත් ආශාව වේ.
5. තෘෂ්ණාවට ( තණ්හාවට ) හේතුව කුමක්ද? වේදනාව වේ.
6. වේදනාවට හේතුව කුමක්ද? ස්පර්ශය හෙවත් අරමුණු හා හැපීම වේ.
7. ස්පර්ශයට (ඵස්සයට ) හේතුව කුමක්ද? ඇස, කණ, නාසය, ආදී ආයතන සදෙන වෙත්.
8. ආයතන සදෙනට හේතුව කුමක්ද? නාමය හා රුපය වේ.
9. නාමය හා රූපයට හේතුව කුමක්ද? විඥ්ඥානය හෙවත් පිළිසිද ගැනීමෙහි හටගන්නා සිත වේ.
10. විඥ්ඥානයට හේතුව කුමක්ද? පෙර ජාති වල කල කුශලාකුශල සංස්කාරයෝ වෙති.
11. සංස්කාරයන් හටගත් හේතුව කුමක්ද?
12. අවිද්‍යාව හෙවත් චතුසත්ය නොදැනීම වේ.
ධර්ම මාර්ගය නැමැති පොතකින් උපුටා ගන්නා ලදී