සංහිඳියාව ?

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මේ බෞද්ධ විරෝධයේ තවත් ජවනිකාවක්‌ ඉකුත් ඉරිදා පහන් වෙද්දී අපට දැන ගැනීමට හැකිවිය. ඒ කවරක්‌ද? ත්‍රිකුණාමලයේ පොලිස්‌ වසම් හතරක බුදු පිළිම හතරක්‌ කඩාදමා කළුතෙල් වත්කර ඇති පුවතය. ඉකුත් 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක්‌ එක්‌ බුදු පිළිමයකට පහරදෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ. මොවුන් කවුද? ත්‍රිකුණාමලයෙන් බෞද්ධ විරෝධී තලේබාන්වරු මතුව තිබේද? කොටි සංවිධානය පවා බුදු පිළිමවලට පහරදීමට උනන්දු වූවේ නැත. එසේ නම් ත්‍රිකුණාමලයේ බුදු පිළිම කැඩීම පිටුපස ක්‍රියාත්මක වන සංවිධානය හෝ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු නොවේද? අද බුදු පිළිමවලට පහර දුන්නා නම් හෙට විහාරස්‌ථානවලට පහරදීමට මෙම බලවේග උත්සුක නොවන්නේ යෑයි කාට කිව හැකිද? නැගෙනහිර පළාතේ සෑම බෞද්ධ විහාරස්‌ථානයකයම හමුදා සාමාජිකයන් අනුයුක්‌ත කිරීමට පසුගිය රජය කටයුතු කර තිබිණි. එයින් එම විහාරස්‌ථානවල ආරක්‌ෂාව සහතිකවූ අතර පරිපාලන කටයුතුවලටත් මහත් පහසුවක්‌ විය. නමුත් යහපාලන රජය යටතේ පසුගිය වසරේ අගෝස්‌තුවේ සිට නැගෙනහිර පළාතේ විහාරස්‌ථාන වෙත අනුයුක්‌ත කර තිබූ හමුදා භටයන් ඉවත් කෙරිණි.

බහුතර බෞද්ධයන් පිරිසක්‌ වාසය කරන දකුණේ නගරයකදී වෙනත් ආගමික ස්‌ථානයකට ගල් ප්‍රහාරයක්‌ හෝ එල්ල වූවා නම් ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට යහපාලන ආණ්‌ඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ඇත. ඒ ප්‍රහාරය හෙළා දැකීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පමණක්‌ නොව වොෂින්ටනයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ඉදිරිපත් වනු ඇත. නමුත් බුදු පිළිම සිරස සිඳුණු විට කතා කරන කිසිවෙක්‌ නම් නැත. අභාග්‍යයකි. එහෙත් බෞද්ධ උරුමය බෞද්ධ අයිතිය රැක ගැනීම වෙනුවෙන් රටේ බහුතරය පෙරට ආ යුතුය. එදා භාක්‌තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාව විනාශ කිරීමට පැමිණි අවස්‌ථාවේ එහි සිටි භික්‍ෂූන් මරණානුස්‌සතිය වැඩූ බව සඳහන්ය. අවසානයේ සියලු භික්‍ෂුන්ගේ ගෙල සිඳ මරාදමන ලදී. නමුත් නැගෙනහිර බොදු උරුමය විනාශ කර දැමීමට වෑයම් කරන විට අපට නම් නිහඬව බලා සිටිනු නොහැක. බෞද්ධයන් යනු දෙවැනි පංතියේ පුරවැසියන් නොවන බව සියලු දෙනා තරයේ සිහි තබාගත යුතුව ඇත.

-
චතුර පමුණුව
 

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
"අද රටේ සිංහල ජනතාව භුක්‌ති විඳින දෙමළ ජනතාවට අහිමි කර ඇති වරප්‍රසාද සහ පහසුකම් මොනවාද? නමුත් දෙමළ ජනතාව භුක්‌ති විඳින සිංහල ජනතාවට අහිමි වරප්‍රසාද එමට ඇත. (අද යාපනයේ සිංහල මිනිසෙක්‌ට ව්‍යාපාර ඉඩම් මිලදී ගැනීම, ගොවිපළක්‌ දැමීම සපුරා තහනම් වේ.) උතුරේ ජීවත් වන්නේ රටේ සමස්‌ත දෙමළ ජනතාවගෙන් 49% ක්‌ පමණි. අනෙක්‌ සියල්ලන් දකුණේ සිංහලයන් සමග ජීවත් වෙති. දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳීමට උතුරට බලය බෙදන්නේ නම් එයින් දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් ගම්‍ය වන්නේ දකුණේ දෙමළ ජනතාවට ප්‍රශ්න නැද්ද? එසේත් නැතිනම් ඔවුන්ගේ ප්‍රශ්න දැනටමත් විසඳී අවසන්ද? දෙමළ ජනගහනය අනුව බලතල බෙදීමේ පදනම මත උතුරට පෙරඩල් දෙන්නේ නම් කොටහේනටත්. වැල්ලවත්තටත්, බම්බලපිටියටත් පෙඩරල් දිය යුතුයි නේදරෑ. නැති ප්‍රශ්නයක්‌ ඇතැයි නිර්මාණය කර බලය ලබා ගැනීමට වලිකන්නේ බෙදුම්වාදී දේශපාලනඥයන් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල දේශෙද්‍රහීන් ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ පිලිsකුළට භාජන වී අවසන්ය.

තමන්ටද ඇතුළුව රටේ සමස්‌ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදීමට 29,000 ක්‌ දිවි පුදා 14,000 ක්‌ ආබාධිත තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක්‌ විය යුතුය.

මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය (එජාප) ප්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් රටේ අගමැති වන බවද, එසේ නොවීම සමස්‌ත දෙමළ ජනතාවගේම අවාසනාව බවද කියා සිටී. මෙවන් වදන් අසමින් නිහඬව සිටීමට තරම් අද වර්තමාන රජයේ පාලකයෝ නිවටව ඇත. ප්‍රභාකරන් යනු විජයකලාගේ ස්‌වාමි පුරුෂයා ඝාතනය කළ මිනීමරුවා ය. එසේම දෙමළ කුඩා දරුවන් බලෙන් පැහැරගෙන කොන්සටිනා කම්බිරෝල් මතින් බලෙන් යෑවූ නරුමයා ය. එවන් වූ අධම ත්‍රස්‌තයෙක්‌ පිළිබඳව එවන් ප්‍රකාශයක්‌ කරන විජයකලාගේ කැරැට්‌ටුව කුමක්‌දැයි අපට සිතාගත හැක. රටේ ව්‍යවස්‌ථාව අනුව රට බෙදීමේ ක්‍රියාවලියට යමෙක්‌ සහාය දුන්නද ඔහුගේ/ ඇයගේ මන්ත්‍රීකම අහෝසි වේ. ප්‍රභාකරන් යනු රට බෙදා වෙන් කිරීමට දහස්‌ ගණන් මිනිසුන් ඝාතනය කළ කෙනෙකි. එවන් කෙනකු අගයමින් ප්‍රකාශයක්‌ නිකුත් කිරීමට ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමකි. ඒ කරුණ ද උපයෝගී කරගෙන තමා හොබවන අගමැති ධුරය ලෝකයේ දරුණුතම ම්ලේච්ඡ ත්‍රස්‌තයා ලෙස නම් කර ඇති නිවටයෙක්‌ට දිය යුතු යෑයි කිව් තමාගේම පක්‍ෂයේ විජයකලාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කුමන අන්දමේ පියවරක්‌ ගනී දැයි අපි බලා සිටිමු."

-
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර