මේ බෞද්ධ විරෝධයේ තවත් ජවනිකාවක් ඉකුත් ඉරිදා පහන් වෙද්දී අපට දැන ගැනීමට හැකිවිය. ඒ කවරක්ද? ත්‍රිකුණාමලයේ පොලිස් වසම් හතරක බුදු පිළිම හතරක් කඩාදමා කළුතෙල් වත්කර ඇති පුවතය. ඉකුත් 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එක් බුදු පිළිමයකට පහරදෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ. මොවුන් කවුද? ත්‍රිකුණාමලයෙන් බෞද්ධ විරෝධී තලේබාන්වරු මතුව තිබේද? කොටි සංවිධානය පවා බුදු පිළිමවලට පහරදීමට උනන්දු වූවේ නැත. එසේ නම් ත්‍රිකුණාමලයේ බුදු පිළිම කැඩීම පිටුපස ක්‍රියාත්මක වන සංවිධානය හෝ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු නොවේද? අද බුදු පිළිමවලට පහර දුන්නා නම් හෙට විහාරස්ථානවලට පහරදීමට මෙම බලවේග උත්සුක නොවන්නේ යෑයි කාට කිව හැකිද? නැගෙනහිර පළාතේ සෑම බෞද්ධ විහාරස්ථානයකයම හමුදා සාමාජිකයන් අනුයුක්ත කිරීමට පසුගිය රජය කටයුතු කර තිබිණි. එයින් එම විහාරස්ථානවල ආරක්ෂාව සහතිකවූ අතර පරිපාලන කටයුතුවලටත් මහත් පහසුවක් විය. නමුත් යහපාලන රජය යටතේ පසුගිය වසරේ අගෝස්තුවේ සිට නැගෙනහිර පළාතේ විහාරස්ථාන වෙත අනුයුක්ත කර තිබූ හමුදා භටයන් ඉවත් කෙරිණි.
බහුතර බෞද්ධයන් පිරිසක් වාසය කරන දකුණේ නගරයකදී වෙනත් ආගමික ස්ථානයකට ගල් ප්‍රහාරයක් හෝ එල්ල වූවා නම් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට යහපාලන ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ඇත. ඒ ප්‍රහාරය හෙළා දැකීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පමණක් නොව වොෂින්ටනයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ඉදිරිපත් වනු ඇත. නමුත් බුදු පිළිම සිරස සිඳුණු විට කතා කරන කිසිවෙක් නම් නැත. අභාග්‍යයකි. එහෙත් බෞද්ධ උරුමය බෞද්ධ අයිතිය රැක ගැනීම වෙනුවෙන් රටේ බහුතරය පෙරට ආ යුතුය. එදා භාක්තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාව විනාශ කිරීමට පැමිණි අවස්ථාවේ එහි සිටි භික්ෂූන් මරණානුස්සතිය වැඩූ බව සඳහන්ය. අවසානයේ සියලු භික්ෂුන්ගේ ගෙල සිඳ මරාදමන ලදී. නමුත් නැගෙනහිර බොදු උරුමය විනාශ කර දැමීමට වෑයම් කරන විට අපට නම් නිහඬව බලා සිටිනු නොහැක. බෞද්ධයන් යනු දෙවැනි පංතියේ පුරවැසියන් නොවන බව සියලු දෙනා තරයේ සිහි තබාගත යුතුව ඇත.
-චතුර පමුණුව