සක්වළ යෞවනිය (16+)

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    01 කොටස : විශ්මිත වෙළෙන්දා


    බ්ර්ප්...බ්ර්ප්..ඔබට ආගන්තුකයෙක් පැමිණ තිබේ...
    doorman, රොබෝ පද්ධතිය හඬගායි..

    ගෙදර කව්ද? ....

    මොන මළ කරදරයක් ද? මම දැන් කී පාරක් මේ සේල්ස් රෙප්ලට දොර අරින්නද? මේ මිනිස්සු නාකි ගෑනියෙකුට දෙන වදයක්.... ඩේසි මුමුණන්ට වෙයි, ජෝජ් අශ්වයින්ට කෑමට පිදුරු ගේන්න ගොවිපොළට ගිහින් ඒතරම් වෙලාවක් නොවුනත්, ඒ ගත උන පැයකට කිට්ටු කාලයක් ඇතුළත අළුත්ම ක්ෂණික ආහාර වර්ග කිහිපයක් හඳුන්වා දීමේ ආයතනයක වෙළඳ නියෝජිතයෙක්, රොබෝ නැනී වරුන් ප්‍රවර්ධන ආයතන නියෝජිතයෙක් සහ රක්ෂණ නියෝජිත වරයෙක් ගෙ ලස්සන වචන හරඹ, වෙළඳ ප්‍රයෝග වයස අවුරුදු 62ක් වයස මැහැල්ලකට දරුණු පීඩාවක් කරලා තිබුණෙ තවත් වතාවක් අබලන් ස්වයංක්‍රීය රෝද පුටුවට වොයිස් කමාන්ඩ් දීමේ අමිහිරි අත්දැකීම විදින්නට වීම ඇතුළු තවත් කටුක ක්‍රියාවලියකින් පසුව පමණක් ඉදිරිපස දොර විවෘත කරන්න හැකි බව සිහියට පැමිණි විගස බලවත් ලෙස කෝපාවිශ්ට වන ලෙසයි.

    තරුණ පෝල් තම රැකියාවට කෙතරම් ඇළුම් කරනවාද කියනවනම් ඔහුගෙ ඉවසීම පැය කිහිපයක් වුවත් නිවසක ඉදිරිපස දොර සීනුව විනාඩියක කාල පරතරයක් තබා ගනිමින් දිගින් දිගටම නාද කරන්නට හුරුවක් සහ මනා සංයමයකින් හික්මවීමට සමත්කම් දක්වයි.
    ඉතා කෙටි කාලයකින් ඇමෙරිකාවේ දැවැන්තම සමාගමක විද්‍යාත්මක පර්යේෂණ අංශයේ නියමු වය්‍යාපෘති ප්‍රවර්ධක ලෙස ඇරිසෝනා ප්‍රාන්තයට අදාළව අන්යුක්තව රාජකාරියට බැඳෙන්න ලැබීම තමන්ගෙ සමකාලීනයන්ට සාපේක්ෂව සීග්‍ර වර්ධනයක් ලෙස විශාල වූත් මමත්වයක් ගොඩ නගා ගත හැකි උනත් එසේ නොවීමට තරම් නිරහංකාර තමන් තුලට හැරුණ ගති සොභාවකින් හෙබි අයෙක් වීම ඔහුගෙ සාර්ථකත්වයේ රහසයි.

    ඩේසිට මිනිත්තු 03 කුත් තත්පර 45ක් ගතවන තැන මහත් ආයාසයකින් පසු ස්වයංක්‍රීය රෝදපුටුවට විධාන ලබාදීම තමන්ගෙ වියපත් කටහඬ වෙනුවට හැකිතාක් දුරට වසර 15කට පෙර නැතිවී ගිය හඬට සමාන ලෙස කරන්නට කල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක විය.

    මේ යෝධයා සීනුව දැනටමත් 03 පාරක් ගැහැව්වා, යන පාටකුත් නැත්තෙ මොකක් හරි විකුණා ගන්න බැරි අටමගලයක් අරගෙන ඇවිත් ඇති. . හිතින් හිතන්නට උනේ දොර අසලටම ආවත් විවෘත කරන්න කලින් ඇවිත් ඉන්න කෙනා ගැන හෝඩුවාවක් දැන ගැනීමේ අටියෙන් අසල කවුළුවේ තිර මෑත් කරන ගමන්.

    "SPINX LAB", "Phoenix Age" මේ මොන විකාරයක්ද? Double Silencer, Hover Controll කාර් එකක් මගෙ ගෙදර පෝටිකෝවෙ? මෙහෙම වාහන වලින් ඇවිත් මට මොනව ව්කුණන්නද? මේක මේ වෙන මොකක් හරි වෙන්න ඕනි, කෝකටත් බලමු... බුදු අම්මෝ........

    ගුඩ් මෝනින් මෑම්.... මැඩම්ගෙ වටිනා කාලයෙන් විනාඩි 10ක් වැය කරන්න පුළුවන් නම් මට පුළුවන් මැඩම්ව පුදුම කරන්න.

    මම බය උන තරමක්, මේ තරුණ හාදයා නම් හරියටම මගෙ මල්ලි ඩෙමියන් වගේ. මොකක් උනත් බලමු මොකද වෙන්නෙ කියලා.

    ඉන්න මම දොර අරින්නම්....

    තැන්ක්‍ යු මැඩම්, මට මැඩම් ඉන්න බව තේරුණ නිසාමයි මම ටිකක් වෙලා බැලුවෙ.. සොරි මැඩම් ගෙ බෙල් එක මම හරියටම 03 වතාවක් ට්‍රයි කරා. මගෙ අනුමානය හරියටම හරි, මොකද මැඩම් තමයි මගෙ 18 වෙනි කස්ටමර මේ Nan-Bot3000 එකේ ඔපරේශන් වොයිස් කමාන්ඩ් ෆේල් වීම නිසාම දොර අරින්න පරක්කු වුන. ඩේසිගෙ දකුණතට පහලින් තිබෙන ලේබලය තරමක් අපහසුවෙන් කියවමින් පවසන පෝල් දිහා බලන ඩේසි පුදුම උනත්, පෝල් ගෙ වචන වල සත්‍ය වශයෙන්ම තිබුනෙ Nan-bot ආයතනය සහ එම භාණ්ඩ පිළිබඳ බොහොමයක් දෙනා දන්න සාමාන්‍ය කරුණු විතරමයි.
    මේ හාදයා කෝමද මම එයාගෙ කස්ටමර් කියලා කියන්නෙ? කොහොමත් මේ රෝද පුටුව අළුත් කරන්න තරම් වත්කමක් නම් නෑ. ඊටත් ජෝජ්ට කරදර වෙන්න වෙලා තියෙන තරම හොඳටම ඇති දැනටමත්. මේ මනුස්සයා මොනව කියනවද මන්දා? මහ කපටියෙක් වගේ...

    මතු සබැඳි....
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    02 කොටස : විහිළුවක් ?



    මැඩම්ට මාව කරදරයක් කියන සිතුවිල්ල පවතින්නෙ වැඩිම උනොත් වි.4 තත්. 45 වගේ විතරයි...

    මොකක්, එහෙම කොහොමද හරියටම කියන්නෙ.

    මැඩම් මගෙ කාල ගණනයට අදහස් දැක්වීමට අමතරව බාධා කිරීම්, නැවත නැවත පුණරුච්චාරණය කිරීම් ඇතුළත් කරලා නැහැ.. සොරි මෑම්, මොකද්ද ඔබ කියන්න හැදුවෙ?

    මහ අමුතු මිනිහෙක් නෙ... තමාටම මුමුණ අතරෙ ඩේසිගෙ ඇස් වෙහෙසුනෙ, මේ පුද්ගලයාගෙ අරමුණ ගැන හෝඩුවාවක් හොයාගන්න ඔහුගේ ටයි පටිය, උඩුකය ඇඳුම් ආයිත්තම්, බඳපටයි සහ අතැති බ්‍රීෆ්කේස් එක වගෙ දේවල් අතර සැරිසරමින්.

    හෙලෝ... මැඩම්! ඔබ හොඳින් ද?

    අ... ඔව් ඔව්, මොකද්ද අපි කතා කරමින් හිටියෙ?

    හරි අපි කෙළින්ම කතාවට එමු, ඔබතුමියට වෙහෙස පාටයි.

    ආ.. ඒකට කාරි නෑ....

    පොකට්ටුවට අතයවන ගමන් පෝල් ඩේසි දෙස බැලුවෙ ඇයගෙ තියුණු ඇස් තමාව සූක්ශමව පිරික්සන බව කෙටි වෙලාවකින්ම වටහගෙන තිබූ නිසාත් ඒ දේ තහවුරු කරගන්නත් වගේ...

    කුඩා ලයිටරයකට සමාන නමුත් වර්ණවත් පළිඟු ආවරණයකින් වැසුනු විලවුන් කුප්පියක් පෝල් අත්ල මත දුටු ඩේසි...

    පුතා මට විහිළු කරනවද? නැත්නම් මොන නාඩගමක්ද නාකි ගෑනියෙක් එක්ක තමුන් කරන්නෙ කියනවද කරුණා කරලා...
    ළාමකව පටන් ගත් හඬ උස් මෙන්ම රළු, තියුණු වන්නට ගත උනේ නම් ක්ෂණයක් පමණි.

    හා හා.. කළබල වීම මැඩම්ට සුදුසු නෑ. මේක විහිළුවක් කියලා මම යම් හැඳින්වීමක් කරන්න කලින් හිතපු පළමු කෙනා නතර උනේ riverrend hospital එකේ.. ප්ලීස් කළබල වෙන්නෙපා.

    පෙර සිදුවීම් වලින් ලද අමිහිරි අත්දැකීම් වලට පින්සිදුවීමට පෝල් මේ අවස්ථාවට මුහුණදීමට හොඳ පෙර සූදානමකින් යුතුව සිටි බවට ඔහුගෙ මුවග සරසමින් තවමත් මද සින්හවකින් යුතුවීමම ප්‍රමාණවත් විය.

    මේක විලවුන් වර්ගයක් නම් නොවෙයි!

    ම්ම්... මොකද්ද කිව්වෙ..?

    අපි විලවුන් හදන්නෙ නෑ... මේක තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක් කිව්වොත් නිවැරදියි. ඒත්, ඖෂධයක් කියන එක අසාධාරණයි, මොකද මේකට සම කළහැකි වෙනත් කිසිම දෙයක් මිහිපිට නෑ. ඒවගේම මේක ශරීරයට, කොටින්ම මුළු ව්‍යුහයටම බලපෑමක් කරන එකම ඖෂධය. මේක මැජික් එකක්, ඖෂධ කියන වචනෙ මේකට මදිපුංචිකමක් වගේ..

    මැජික්... ? ඔය සුදු වෙන්න, ලස්සන වෙන්න, ශක්තිය උත්තේජනය වෙන ඖෂධ මට නම් උවමනයි කියලා හිතෙන්නෙ නෑ. අපි දෙන්නගෙම කාලය....

    වටිනා කම කියල නිම කරන්න බෑ... තව මොහොතක් ඉවසීමෙන් අහගෙන හිටියොත්, පෝල් ඩේසිගෙ කතාවට නැවත ඉඩක් නොතබාම කියන්නට උනා...

    මතු සබැඳි...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    :shocked: This is not a translation?

    Nope. Purely my thoughts.
    Brief, a woman diagnosed of never recoverying illness which cause her unable to walk forever. Now she is around early 50's. She already suffered around 15years. she get to know about a cure for every illness, desease on earth. It is some sort of biological medicine which makes a total reboot of a person. it will not only make her walk again, but make her young for about 20 - 25 years. So it will goes on...
    Bcos of u seems interest, what do you think i include some sexuality... i got lots and lots new ideas though.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    Nope. Purely my thoughts.
    Brief, a woman diagnosed of never recoverying illness which cause her unable to walk forever. Now she is around early 50's. She already suffered around 15years. she get to know about a cure for every illness, desease on earth. It is some sort of biological medicine which makes a total reboot of a person. it will not only make her walk again, but make her young for about 20 - 25 years. So it will goes on...
    Bcos of u seems interest, what do you think i include some sexuality... i got lots and lots new ideas though.

    Awesome concept, but I'll have to wait until the story is complete :yes::yes: Keep 'em coming!
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    03 කොටස : අතුරුදන් මැහැල්ල




    තවමත් හරිහැටි සිහි එළවාගත නොහැකිවාක්මෙන් ඩේසිට දැනෙන්නට විය, ජෝජ්... යැයි උස් හඬින් කෑ ගැසුව මුත් එහි පැමිණීමට ජෝජ් කෙනෙක් ගෙතුළ නැති බව පසක් උනේ... Hover මෝටර් රියක් අහසට නඟින සියුම් ශබ්ද තරඟයක් දසත පැතිර යනවාත් සමඟමයි.

    පෝල් රථයට ගොඩ වූයේම ඉතා සුභ දවසක අවසන සනිටුහන් කර නිවෙස බලා යෑමට ඇති හදිසියත් සමඟිනි. ධාවන වේග පාලක ස්විචය අදියර 03ක් එකවර ඉහළ දැමීමෙන් තරමක තියුණු ශබ්ද තරංගයක් නිකුත්වන අතර, ධාවන පුහුණු අවධියේ ලද ගුරුහරුකම් අතර ප්‍රධාන ඔවදන් අතර පළමු ස්ථානය ලද මෙය සැබැවින්ම නීතියක් නොව රීතියක්ම පමණක් වීම තවෙකෙකුගේ කන් බිහිරි කරවීමට දුන් බලපත්‍රයක්ම වැනි විය.

    ඩේසි නොහික්මුණු රථ ධාවකයින්ට ශාප කරන්නට වුනේ තමා මීට සුළු මොහොතකට පෙර ලැබුවාවු කිසිදිනක නොළද වාසනාවක් විනැයි කිසිදු වගකුදු නැති ලෙසකිනි.

    තමන් අත තිබෙන කුඩා බඳුනේ දීප්තිය දෙස ඉතා ආසාවෙන් බලා සිටින අයුරු, කුඩා දැරියක් ප්‍රථම වරට Barbie වර්ගයේ බෝනික්කෙක් අතැතිව සිටින ලෙසකට සම කල හැකිය. ගිජු ලෙස ඒදෙස බලා සිටි ඇය එක්වරම පියවි සිහියට පැමිණි ආකාරයට තිගැස්මකින් මුත් විශාල උනන්දුවකින් සිය රෝද පුටුවට විධාන ලබා දෙන අයුරක් දිස්වේ.
    ක්ෂණයකින් ඇයට අවනත වූ යන්ත්‍රය, ඇය පාද තබන කොටස් දෙක එකට එකතු කරමින් ඒ තුලින් පිටතට පැමිණි ආරක්ෂක පටි වලින් පාද වෙලා ගන්නට විනි. ඇගේ අත් වටා වෙලා ගන්නට වුණු යන්ත්‍රය මොහොතකින් දිස්වූයේ ජීවය ලද රොබෝවෙක් විසින් මැහැල්ලක් වත්තන් කර සිටින ආකාරයකි. ඩේසි මදක් අපහසුවෙන් නමුත් මහත් ආයාසයකින් පියවර කිහිපයක් තරප්පු පෙළ ඉහලට ගමන් කරනුයේ, වසර ගණනාවකට පසු කිසිවෙකුගේ සහායක් නොමැතිව නොවේදැයි පසක් කරමින්. තරප්පු පෙළ නැඟ අවසන ප්‍රධාන නිදන කාමරය දෙසට පියවර කිහිපයක් යන්ත්‍රය ඉදිරියට ගමන් කරවා තමන්ට අපහසු බවක් දැනී, විගස යන්ත්‍රය සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට සැකසීමට විධාන කිහිපයක් දෙන ලදී.

    වසර ගණනාවකට පසු තම ඇඳුම් ආයිත්තම් වලින් පිරුණු විශාල ප්‍රමාණයේ wardrobe අල්මාරියේ දොර අගුළු සඳහා රහස් කේතය ඇතුළු කරමින්, අසළ Mirror Display දොර පියන දෙස ඉතා උනන්දුවෙන් නමුත් දුකට පත්වූ මුහුණින් සුසුමක් වාතයට මුසුකරන්නට විණි. වැහැරුණු සිරුර, සෝබර මුහුණ සහ රැළි වැටුණු සම ඇය මොහොතකට තම මතකයන් අතරේ සක්මන් කරවයි.

    ජෝජ්, ජෝජ් සමඟ විවාහය, එදින තම සුන්දර පෙනුම... යනාදිය තම ඉදිරියේ මැවෙන සෙයකින් ඈ සිත වෙලන්නට වෙයි. තම අතරැඳි මංජුසාව කිටි කිටියේ අතට සිරකරමින් ඇය තම සිතට නව පණක් ලැබී ඇති ලෙසට හැසිරෙමින් තනිව මුමුණන්නටත්, හිස සලන්නට වීමත් නම් තරමක උමතු ස්වභාවයක් ඈ කෙරෙන් දිස් කරයි.

    ...

    ජෝජ් බෙහෙවින් විඩාවට පත්ව තිබුණේ ගොවිපොළට අවශ්‍ය පිදුරු දැන් දැන් ඉතා දුර්ලභ ගණයේ සත්ව ආහාරයක්ව තිබීමත්, ඒ සඳහාම වෙන්වූ පැරණි ස්ටෝරු අතළොස්සක් පමණක් ඉතිරිව තිබුණද, එම ස්ටෝරුවක පිදුරු නැති වුවහොත් තවත් එවැනිම ස්ටෝරුවකට ඇති දුරද බෙහෙවින් වැඩි වීම වියදම් සහ මහන්සිය අධික කටයුත්තක්ව තිබීමේ ආදීනව මැනවින් පසක් කරලමිනි.

    ජෝජ් හට සියලුම දේට පළමුව සිය බිරිඳ තනිව නිවසේ සිටීම හිතට වද දෙමින් තිබුණි. නිවස අසළටම අවුත් වේලාව පරීක්ෂා කිරීමේදී ඔහුට පසක් වූයේ ඩේසිගේ දහවල් බෙහෙත් වේල අතපසු වී දැනට හෝරා 02කටත් අධිකව ගතවී ඇති බවයි. දනි පනි ගා රථයෙන් බිමට බට ජෝජ්, සුපුරුදු පරිදි නිවස ඉදිරිපස දොර අගුළු විවර කිරීමට ඇති විශේෂ කේතය ඇතුළු කර නිවසට ඇතුළු වූයේ මේ වන විට සිය බිරිඳ දහවල් කෑම ගෙන බෙහෙත් සියල්ල ලබාගත් පසු සුපුරුදු ලෙස නිදන්නට ගොස් ඇතැයි සිතමිනි.

    පුරුද්දක් ලෙස බෙහෙත් ලබාගැනීම ජෝජ් අතින් පමණක් සිදුකරන ඩේසි පුදුමයකට මෙන් අද තනිවම සියල්ල කරගෙන නින්දට ගොස් ඇතැයි නිදන කාමරයේ දොර දෙසට පියමන් කරමින්ම තනිව සිනහවක් මුවට නඟාගත්තේ, තවමත්
    ඩේසි තමා සමඟ තොදොල් වෙමින් බෙහෙත් ගන්නා අයුරු සිහි වීමෙන්.

    ඩේසි... ඩේසී.............
    ජෝජ් ගේ විළාපය දසත ගිගුම් දෙයි.

    කොහෙද රත්තරං ඔයා ගියේ? ඔයාට මොකද උනේ?
    මම ඔයාව මොන ලෝකෙන් හරි හොයා ගන්නවා.....