සක්‌දෙව්රජ

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    දහසක්‌ දිවැස්‌ ඇති-දෙදෙව් ලොවටම අදිපති
    මට ඉඳුරු දික්‌පති දනෝ සක්‌දෙවිඳුයයි පවසති


    බෞද්ධ සාහිත්‍යයෙහි සක්‌දෙවි රජ පිළිබඳ බොහෝ අවස්‌ථාවන්හි සඳහන්වී ඇත. බෞද්ධ ඓතිහාසික කතා තොරතුරුවලට අනුව පෙර කාලයෙහි "මඝ" නම් මානවක තරුණයෙකු ජන සමාජයෙහි සුභසිද්ධියට අදාලවන කටයුතු වල නිරතව ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් හෙතෙම තව්තිසා දෙව්ලොව උපත ලැබුවේය. ඔහු චාතුර්මහාරාජික හා තාවංතිස යන දෙව්ලේ දෙක්‌හිම අධිපතිව සිටියහ. එතුමන් හිඳගත් ආසනය "පණ්‌ඩුකම්හල ශෛලාසනය" නමින් ප්‍රකට විය. පරසතුරුක නම්වූ වෘක්‍ෂ සෙවනක, එය තිබිණ. ඔහුට වෛජයන්ත නම් වාහණයක්‌ තිබිණි.

    ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ කාර්ය මණ්‌ඩලය සුවිශේෂ දක්‍ෂතාවන් ගෙන් හෙබි දෙවිවරුන්ගෙන් සමන්විත විය. එතුමාගේ ප්‍රධාන කර්මාන්ත ශිල්පියා. "විශ්වකර්ම" දෙවියා විය. සෞන්දර්ය අංශයෙන් ප්‍රධාන සංගීත ශිල්පියා "පංචසික" විය. එතුමන්ගේ රථාචාරයා "මාතලී" දිව්‍ය පුත්‍රයා විය. සක්‌දෙවිදුට අසීමිත දිව්‍ය බලයක්‌ තිබුණද හෙතෙම ගමන් බිමන් ගියේ "ඓරාවන" නම්වූ හස්‌තිරාජයා පිට අසුන්ගෙනය. නැතහොත් මාතලී දිව්‍ය පුත්‍රයා ධාවනය කරවූ "වෛජයන්ත" නම් දිව්‍යා වාහණයෙනි. පූජාවලිය නම්වූ අපේ පුරාණ ගද්‍යා සාහිත්‍යයෙහි විග්‍රහවන පරිදි ශක්‍ර භවනය යොදුන් දස දහසක්‌ දිගැති මහ නගරයකින් සමන්විතව තිබිණ. රන්මය, රිදීමය ප්‍රාසාද විසිතුරු දිව්‍ය උද්‍යානවලින්ද අලංකාරවත්විය. එහි නන්දා හා චූලනන්දා යන පොකුණුද දක්‌නට ලැබිණ. වෛජයන්ත නම් වූ ඉද්‍රd නීල මාණික්‍යයන්ගෙන් හා තවත් විසිතුරු අංගයන්ගෙන් පෝෂණය කරවූ ප්‍රාසාදයක සක්‌දෙවිදුන් දිව්‍යාංගනාවන් සමගින් යෙහෙන් කල්යෑවූ බව සඳහන් වන්නේය.

    බෞද්ධ සාහිත්‍යයට අනුව ශක්‍ර දෙවිදුන් කොතරම් සැප සම්පත් සහිතව සිටියත් ලොව වසන යහපත් පුද්ගයනට නිතර පිහිට වන පුද්ගලයකු ලෙස සඳහන් වේ. එලෙස කිසියම් ගුණවත් මිනිසෙකුට, සත්ත්වයකුට විපතක්‌ සිදුවුවහොත් ක්‍ෂණයකින් සක්‌දෙවිදුන්ගේ "පාණඩුකම්බල ශෛල්‍යාසනය" උණුවී ගිනිගෙන දැවෙන්නාක්‌ මෙන් දැනෙන්නේය. එවිට සක්‌දෙවිදු වහා, විපතට පත් වූයේ කවරෙකු දැයි කරුණ හදින් විමසා බලන්නේය. ඒ බව දීග නිකාය, සක්‌කපඤaCදා සූත්‍රයෙන්ද සංයුක්‌ත නිකායෙහි සක්‌ක සංයුක්‌තයෙන්ද පැහැදිලි වෙයි. ගුත්තිල කාව්‍යයෙහි සක්‌දෙවිදු මූසිලට එරෙහිව ගුත්තිල පඬිතුමන් වෙත අනුග්‍රහය සඳහා පැමිණීමට පෙර තමා හදුන්වා ගන්නේ මෙලෙසය.

    "දහසක්‌ දිවැස්‌ ඇති
    දෙදෙව් ලොවටම අදිපති
    මට ඉදුරු දික්‌පති
    දනෝ සක්‌දෙවිදුයයි පවසති"

    එලෙස ඔහු දෙව්ලොව වසන බෞද්ධ දෙව්රජෙකු ලෙස උගතුන් පෙන්වා දී ඇත. ජාතක කථාවලට අනුවද හෙතෙම සම්‍යයක්‌ දුෂ්ටික සිල්වතුන් ආරක්‍ෂා කරන දෙවියෙකු ලෙස ප්‍රකට වේ. සස ජාතකයේදී සාවකු ලෙස දිවිගෙවූ බෝධිසත්වයන්ගේ ආරක්‍ෂාවට පැමිණෙන්නේත්, හඳෙහි හාවාගේ චිත්‍රය අඳින්නේත සක්‌දෙවිදුන්මය. ගුත්තිල ජාතකයෙහි ඇතුලත් ගුත්තිල - මූසිල අසළ පැවැති වීණා වාදන තරගයේදී සුරංගනාවියන්ගේ රඟ දැක්‌වීමත්, වීණාවේ තත් කඩා වාදනයට සහාය වීමත් සිදුවූයේ සක්‌දෙවිදුන්ගේ පිහිටාධාරයෙනි.

    තවද වෙස්‌සන්තර ජාතකයෙහි සඳහන් වන්නේ සක්‌දෙවිදු වෙස්‌වලා ගෙන පැමිණ මන්ත්‍රී බිසව තම සේවයට ඉල්ලා ගැනීමෙන් බෝධිසම්භාර දම් පිරූ රජුහට පිහිටවුනු ආකාරයකි. සක්‌දෙවි බෝධිසත්වයන් වෙත මෙලෙස අනුග්‍රහ දක්‌වන අවස්‌ථා ජාතක පොත් වහන්සේ තුලින් දැකගත හැකිමය.

    සිදුහත් බෝසතුන් අබිනික්‌මන්ව පැවිදි වෙස්‌ ගැනීමට පෙර කපාදමන ලද කෙස්‌ කළඹ, මහත් භක්‌තියෙන් සක්‌දෙවිදුන් ගෙනගොස්‌ තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑයෙහි තැන්පත් කරවීය.

    අප මහා තිලෝගුරු බුදුරදුන් මාසතුනක්‌ තව්තිසා දෙව්ලොව වැඩවාසය කරමින් අභිධර්මය දේශනා කළ අවස්‌ථාවෙහි, අදාල සම්පූර්ණ කාල පරිච්ඡේදය තුල උන්වහන්සේට අවශ්‍ය සියළු ඇප උපස්‌ථාන කරනු ලැබුවේ සක්‌දෙවිදු ප්‍රමුඛ දෙව්වරුය. එය සක්‌දෙවිදුන් බුදුන්වහන්සේ වෙත උපස්‌ථාන කරලීමට ලත් දුර්ලභ අවස්‌ථාවක්‌ ලෙස පෙනෙන්ට ඇත. බුදුරදුන් වැඩම කරවාගෙන යන උත්තරීතර පෙරහැරවල ඉතා නිහතමානීව සක්‌පිඝමින් පෙරමුණෙහි පියමන් කළේ සක්‌දෙවිදුන්මය.

    "සුමංගල විලාසිනි" යෙහි සඳහන් පරිදි මේ මහා පෘථිවි තලයෙහි වාසය කෙරෙන මනුෂ්‍යයන් කරන පුණ්‍ය ක්‍රියා පිළිබඳ සටහන් කර ගැනීමක්‌, "රන් පොතෙහි" ලියා පඤ්චසික, මාතලී ආදි දිව්‍ය පුත්‍රයන්ගේ අතින් අත මාරු වෙමින් ගොස්‌ අවසානයේදී ශක්‍රදිව්‍ය රාජයන් වෙත එය ගෞරවයෙන් පිළිගැන්වෙන අතර, දෙවියන් පිරිවරන ලද දිව්‍ය සභාවේදී එය කියවා, පින් කරන පුන්‍යවන්තයන් කෙරෙහි දිව්‍ය ප්‍රසාදය ලඟා කරවන ආකාරය පිළිබඳව ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් මහතා පෙන්වා දී ඇත. සක්‌දෙවිදු බුදුන්වහන්සේ වෙත උපස්‌ථාන කළ අවස්‌ථා ගණනාවක්‌ම "අට්‌ඨකථාවන්හි සඳහන්ව ඇත.

    බුදුහිමියන් හමුව දහම් ඇසූ සක්‍රයා සොතාපත්ති ඵලයට පත්ව බුදුහිමියන් අභියසදීම චූතව ඊළඟ මොහොතෙහිදීම අළුත් තරුණ ශක්‍ර ආත්මභවයකට පත්විය. (දීඝ නිකාය ෂෂෂ පි.732)

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ධාතු බෙදූ ද්‍රොණ බ්‍රාහ්මණයා බුදුන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ නමක්‌ සොරකම් කරගත් අවස්‌ථාවෙහි එය ඔහුටද නොදැනෙන සේ දෙවියන්ගේ පූජෝපහාර සඳහා තව්තිසා දෙව්ලොවට වඩමවා "සිළුමිණ -සෑයෙහි" තැන්පත් කරවූයේ සක්‌දෙව් රජුය.

    බුදුන් වහන්සේ විසින් ලංකාව ආරක්‍ෂා කිරීමට පවරනු ලැබුවේ සක්‌දෙවිදුන් වෙතය. මහාවංසයෙහි සඳහන් පරිදි එකී ඉල්ලීම පරිදි සුදුසු කාලයෙහි ලක්‌දිව වැඩම කොට බුද්ධාගම ස්‌ථාපිත කරවීමට මිහිදු මාහිමියන් සක්‌දෙවිදු දැනුවත්කර ඇත.

    තවද මහාවංසයෙහි විස්‌තර වන පරිදි දුටුගැමුණු රජු රුවන්මැලි සෑ මහා ස්‌තුපය ඉදිකරලීමේදී ඒ සඳහා ගඩොල් හා අවශ්‍ය දැ සපයා දීමට විශ්වකර්ම දෙවි එවා ඇත්තේ සක්‌දෙවිදුන්මය. ම.ව. 38 පරි. දැක්‌වෙන පරිදි රුවන්මැලිසෑයේ ධාතුනිධානෝත්සවයේදී මුළු ලක්‌දිව පුරා අත්‍යාලංකාර ලෙස බබුලුවා සැරසීමට එවනු ලැබුවේ විශ්වකර්මදිව්‍ය පුත්‍රයාමය. එසේම ඒ අසිරිමත් අති උතුම් ධාතු නිධානෝත්සවය සඳහා මහාබ්‍රහ්මයා, සන්තුසිත හා සුයාම දෙවිවරුන්ද ඇතුළු දෙවිදේවතාවුන් සමූහයක්‌ සමගින් සක්‌දෙවිරජුද මෙහි වැඩම කර ඇති බැව් ප්‍රකට වේ. බ්‍රාහ්මණ තිස්‌ස නම්වූ භයානක සාගතයක්‌ පැවති සමයෙහි ලක්‌දිව භික්‍ෂුන් වහන්සේලාට ආරක්‍ෂාව පතා විදේශ ගතවීම (දඹදිවට වැඩම කරලීමට) නාවික යාත්‍රා පවා සපයා දීමෙන් සක්‌දෙවිදුගේ යහපත් ක්‍රියා අධිකාරම් මහතා "මනෝරථපුරණිය" ඇසුරෙන් අප දැනුවත් කර ඇත.

    ඈත අතීතයෙහි තව්තිසා දිව්‍යලෝකය අසුරයන්ට අයිතිව තිබිණි. සක්‌දෙවිදු විසින් තව්තිසා දෙව්ලොව ආධිපත්‍ය අත්පත් කරගනු ලැබුවේ ප්‍රජාපතී, වරුණ, ඊසාන යන දෙවිවරුන්ගේ දිව්‍ය සේනාවන්ගේද අනුග්‍රහයෙන් බව "මහ පිරිත්" පොතේ ධජග්ග සූත්‍රයෙහි සඳහන් වලින් ප්‍රකට වේ. උගතුන් මේ අවස්‌ථාව හඳුන්වන්නේ, සුර අසුර යුද්ධයෙන් ජයග්‍රාහි ආධිපත්‍යය සක්‌දෙවිදු අත්පත් කරගත් බවය. ඒ බව පජා පතිස්‌සහි දේවරාජස්‌ස..... වරුණස්‌ස.... වරුණස්‌සවා දේවරාජස්‌ස..... ඊසානස්‌සවා දේවරාජස්‌ස...." යනුවෙන් ධජග්ග සූත්‍රයෙහි සඳහන් වේ.




    ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා
    Divaina 22-05-2011
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif