සඟවා දැමූ සීගිරියේ අභිරහස්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    සඟවා දැමූ සීගිරියේ අභිරහස්


    බෙල් මහතා විසින් සඟවා දැමූ සීගිරියේ අභිරහස්
    seegiriya.jpg

    සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.
    කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

    ''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

    මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

    "මොකද්ද සීයේ උනේ...?"

    මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
    (H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

    ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

    අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

    එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

    මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

    මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

    හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

    මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

    සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

    ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

    අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

    විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

    ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

    මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

    උපුටා ගැනීමක්

    (මේ ලිපිය මා උපුටා ගත්තේ හෙළයෙක් බ්ලොග් අඩවියෙන්. විශ්මිත විශ්වය වෙත ඇවිත් ලිපි කියවන මගේ යාළුවන්ට මම දෙයක් කියන්න කැමතියි. මේ කියන ආචාර්ය සූරිය ගුණසේකරයන් වරක් මට මුණ ගැහුණා. මම එතුමාගෙන් ඇහුවා මේ ලිපියේ සඳහන් වන කාරණාව පිළිබඳ. එය සත්‍යය සිදුවීමක් බව එතුමා නැවත වරක් සහතික කලා. අතීතයේ සීගිරි ගල මුදුනේ මාළිගය වෙත ගමන් කිරීමට ගල ඇතුලතින් සුරක්ෂිත මාර්ගයක් තිබී තියෙනවා. අවසන් වරට සීගිරිය තම රාජ්‍ය්‍යය කරගත් කාශ්‍යප රජු තම සොයුරාගෙන් සිදු විය හැකි ආක්‍රමණය පිළිබඳව නිරන්තරව බියෙන් පසුවූවෙක්. ඒ කෙසේ වෙතත් රජෙකු, රාජකීය පවුලේ යම් අයෙකු අති දුශ්කර මාර්ගයක් ඔස්සේ පර්වතයට පිටින් පර්වතය මුදුනේ මාළිගාව වෙත ගමන් කලා යැයි සිතිය හැකිද? අනිවාර්යයෙන්ම ආරක්ෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි. සීගිරියේ සිට පිදුරංගල වෙහෙර දක්වා ඇති උමං මාර්ගයක් ගැනත් ජනප්‍රවාද වල සඳහන් වෙනවා. ඒ රජතුමාගේ අන්ත:පුර බිසෝවරුන්ට පිදුරංගල වෙත යාමට සහ ඒමටයි. මෙකී නොකී කරුණුත් සමඟ ඔබටත් සිතන්නට යමක් ඉතිරි කරන්නට කැමතියි. බෙල් මහතාගෙන් පසු බොහෝ කාලයක් සීගිරියේ පර්වතය මුදුනේ කැණීම් කටයුතු කළේ නැහැ. අනතුරුව බොහෝ කලකට පසු කැණීම් කටයුතු ආරම්භ වුවත් නිසි පරිදි කැණීම් කටයුතු සිදු නොවූ බව තතු දත්තෝ පවසනවා. මේවාට හේතු කාරණා සොයා යන්න අපි උත්සාහ ගමු.)
    Krishan Weerasinghe

    http://wishmithawishwaya.blogspot.com/2015/06/blog-post_27.html
     
    • Like
    Reactions: Hasistranger

    Mozilla

    Well-known member
  • මේක එළකිරි එකේ කෙනෙක් ලියපු කතාවක්.මට පොරගේ නම මතක නැ..දැන් ගොඩක් කාලෙකට කලින් එළකිරි එකේ තර්ඩ් එකක් දැම්මා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක එළකිරි එකේ කෙනෙක් ලියපු කතාවක්.මට පොරගේ නම මතක නැ..දැන් ගොඩක් කාලෙකට කලින් එළකිරි එකේ තර්ඩ් එකක් දැම්මා..

    :no::no: ඔකම අපේ සමාඡ අධ්‍යනය මිස් කිව්වා මේ කතාව ගොඩක් අය කියනවා.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    suddo thama ape rata kawe.. anika seegiriye thiyenne sinha paadayakuth newei
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    සීගිරිය කියන්නේ අහිරහස් ගොඩක එකතුවක් තමයි...
    රාවනා යුගය (කතෘ නම මතක නැත) කියන පොතේ කියල තියෙනවා සිගිරිය කියන්නේ කුවේරයාගේ මාලිගය බවත්, රාවණාට කුවේර යනුවෙන් පවසන බවත්,

    මීට අමතරව කාශ්‍යප රජතුමා මෙම සීගිරිය අවුරුදු 7 ක් ඇතුලත නිර්මානය කලේ කොහොමද කියන ප්‍රශ්නයත් ඒකෙම අහනවා...
    ඇත්තටම මේක සැලසුම් කරන්නම ඊට වැඩි කාලයක් යන බව හිතන්න පුලුවන්.

    තවත් සිංහ පාදය ගැන කියවෙන පරස් පර කරුනු...

    මේ කාරණා සලකල බැලුම හිතෙනවා අපි දන්නෙ විකෘති කරන ලද ඉතිහාසක් බව...

    :(:(:(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    machan me pothe sigiriye gala athule thiyanawa kiyana umaga gana thiyanawada

    sigiriya athule wenama maaligawak thiyenawalu bn thaamath elama condition eken
    habai eka athulata yanna bari wenna eka araksha karan innawalu wenama aathma set ekak (me set eka raavana rajuge yudde kaale a senawe hitapu un kiyala thamai kiyanne)