සජිත්ගේ නිවාස ලබාදීම ජාවාරමක්ද?
සජිත්ගේ නිවාස ලබාදීම ජාවාරමක්ද? නැතිනම් එය හොද ව්‍යාපෘතියක්ද? සජිත් කොතරම් ප්‍රාථමික කතා කීවත්, ඔහුගේ අමාත්‍යංශය යටතේ නිවාස ව්‍යාපෘති ටික හොඳටම සිදුවුනායැයි සඳහන් කල යුතුය. අපිට නොමිලේ මුකුත් එපා කියන මිනිස්සුම නිවාස අමාත්‍යංශය නිවාස හදන්න ලෝන් දෙනවා කිව්වම, ඇයි ගෙවල් නිකන් දෙන්නෙ නැත්තෙ කියා අසනවා. ලෝන් එකෙන් මිනිස්සු අමාරුවේ දානවා කියනවා. හොඳම උදාහරණය ඉරාජ් ගේ "සජිත් ගේ නිවාස ජාවරම" විඩියෝ එකයි. ඒනිසාම මමත් පොඩ්ඩක් හොයා බැලුවා මේ නිවාස ලෝන් එක ගැන. මෙම පෝස්ටුවෙහි මූලික පරමාර්ථය, මෙම නිවාස ව්‍යාපෘති වල සත්‍ය දැන ගැනිමත් යම්කිසි කෙනෙක් මෙය වංචාවක් යැයි කියා සිටිනවා නන් එය ගැන දැනගැනීමටය.
නිවාස අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියෙන් ප්‍රතිලාබ ලැබෙන තැනැත්තාට රජය සතු ඉඩමක හිමිකම ලැබේ. රජය විසින් ලබා දී ඇති ණය මුදල් භාවිතා කරමින් එම ඉඩමෙහි නව නිවසක් ඉදි කළ යුතුය.
ණය මුදල මුදල වන්නෙ රු 400,000.වාර්ශික පොලිය 5%. මෙම සහනය ලැබෙන්නේ රු 25, 000 හෝ ඊට අඩු ආදායම් ලාබීන්ටයි. තවද මෙම සහනය ලබාදෙන්නේ ආපසු ගෙවීමේ හැකියාව සලකා බැලිමෙන් පසුය. ණය අයකරගන්නේ වසර 5 ක් හෝ 10 කින් ය.
එසේ බැලුවොත් වාර්ශික පොලිය රු 20,000 කි. මාසික ආදයම රු 25,000ක් ලබන පුදගලයකු වසර 5කින් මෙම ණය පියවීමට එකග වුනි නම්, ඔහුගේ පොලී රහිත වාරිකය වන්නේ රු 6667 කි. ඔහුගේ මාසික පොලිය රු 1667 කි. ඔහුගේ සම්පුර්ණ මාසික වාරිකය රු 8334කි.
පවුලකට ජීවත් විය හැකි කුලී නිවසක කුලියත් මීට වඩා වැඩි විය හැක. රු 8334 මාසිකව ගෙවා පුද්ගලයෙකුට නිවාස හිමියකු විය හැක. මම මෙම මුදල් අය කරවා ගන්නා ආකාරය නොදනිමි.
ඉහත වාරිකය හැදුවේ නිවාස අමාත්‍යංශයේ වෙබ් අඩවියහි ඇති දත්ත සමගයි.මෙම නිවාස වලට ඇති යටිතල පහසුකම් ගැන නොදනිමි. එහෙත් මාසිකව විදුලිය හා ජලය සඳහ රු 3000ක් වැය කලත් මෙම නිවාස ව්‍යාපෘතියෙ පාඩුවක් නැතැය කියා මට සිතේ.
එසේ නම් මෙම නිවාස ව්‍යාපෘතිය "ජාවාරමක්" ලෙස හන්වඩු ගසන්නේ ඇයි? හොඳ දෙයක් නම් අගය කලයුතු නොවේද? මෙහි මට මගහැරුනු කරුනු තිබේ නන් සඳහන කරන්න. සංවාදයට විවෘත්තයි.
Source of data : https://houseconmin.gov.lk/model-village-programme/

Salli labenawa nan man meh post eke kiyanna oni meka patta honda wadak kiyala! Man use kale ministry website eke thiyana data ekka meka jawaramak wenne kohomada kiyala hoyapu ekai. Api nodanna karunu thiyanawa nang mekata add karang yanna machan 