බල්ලා-බූරුවා වචන රැව්දෙයි
එජාප නාම යෝජනා රැස්වීමේදී සජිත් - රවී
වචන හුවමාරුවක
පියසේන දිසානායක
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පැවැති එක්සත් ජාතික නාම යෝජනා මණ්ඩල රැස්වීමේ දී පෙරේදා (22) සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක මන්ත්‍රීවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව නිසා එමරැස්වීම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත. හම්බන්තොට මැතිවරණ කොට්ඨාසයෙන් පළාත් පාලන මැතිවරණයට තෝරා එවන ලද නම් දෙකක් නාමයෝජනා ලැයිස්තුවෙන් කපා හැරීම සම්බන්ධව එම දිස්ත්‍රික් එ.ජ.ප. කළමනාකරු අස්මි තාසිම් මහතා නාමයෝජනා මණ්ඩලයට පැමිණිලි කිරීමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය ඇති වූ බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ඒ අය ගැන හොඳින් දන්නේ තමා සහ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා බැවින් ඒ අනුව තමන්ට අවශ්‍ය අයට නාමයෝජනා දියයුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකොට ඇත.
එමෙන්ම දිස්ත්‍රික් කළමනාකරුට වඩා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය අපේක්ෂකයන් ඉදිරිපත් කළයුතු බවත් දිස්ත්‍රික් කළමනාකරුට ඒ ගැන අවබෝධයක් නොමැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ අවස්ථාවේ එහෙම කතා කිරීම වැරදි යෑයි ඊට මැදිහත්වෙමින් රවී කරුණානායක මහතා අදහස් දක්වා ඇත.
කුමන දිස්ත්‍රික්කයක වුවත් හිතවත්කම් මත නාමයෝජනා දෙනවාට වඩා දක්ෂයන්ට තැන දිය යුතු බව මෙහිදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබේ.
කෙසේ වෙතත් දෙදෙනා අතර සුළු වේලාවක් මෙම වචන හුවමාරුව සිදුවූ බවත් එය කොතරම් උණුසුම් ද කියනවා නම් බල්ලා, බූරුවා යන වචන පවා නාමයෝජනා මණ්ඩලයෙන් පිටත සිටි අයට පවා ඇසුණු බව සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ දෙදෙනා සමථයකට පත්කර ගැනීමට හැකිවී ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සෙසු නායකයන්ගේ මැදිහත්වීම මත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.