සජිත්ගේ සැබෑ මැර මූන හෙලිවේ

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
බල්ලා-බූරුවා වචන රැව්දෙයි
එජාප නාම යෝජනා රැස්‌වීමේදී සජිත් - රවී
වචන හුවමාරුවක

පියසේන දිසානායක

පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයන් තෝරා ගැනීම සඳහා පැවැති එක්‌සත් ජාතික නාම යෝජනා මණ්‌ඩල රැස්‌වීමේ දී පෙරේදා (22) සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක මන්ත්‍රීවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව නිසා එමරැස්‌වීම ගාලගෝට්‌ටියක්‌ බවට පත්ව ඇත. හම්බන්තොට මැතිවරණ කොට්‌ඨාසයෙන් පළාත් පාලන මැතිවරණයට තෝරා එවන ලද නම් දෙකක්‌ නාමයෝජනා ලැයිස්‌තුවෙන් කපා හැරීම සම්බන්ධව එම දිස්‌ත්‍රික්‌ එ.ජ.ප. කළමනාකරු අස්‌මි තාසිම් මහතා නාමයෝජනා මණ්‌ඩලයට පැමිණිලි කිරීමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය ඇති වූ බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනවලට අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේදී ඒ අය ගැන හොඳින් දන්නේ තමා සහ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා බැවින් ඒ අනුව තමන්ට අවශ්‍ය අයට නාමයෝජනා දියයුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකොට ඇත.

එමෙන්ම දිස්‌ත්‍රික්‌ කළමනාකරුට වඩා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය අපේක්‍ෂකයන් ඉදිරිපත් කළයුතු බවත් දිස්‌ත්‍රික්‌ කළමනාකරුට ඒ ගැන අවබෝධයක්‌ නොමැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ අවස්‌ථාවේ එහෙම කතා කිරීම වැරදි යෑයි ඊට මැදිහත්වෙමින් රවී කරුණානායක මහතා අදහස්‌ දක්‌වා ඇත.

කුමන දිස්‌ත්‍රික්‌කයක වුවත් හිතවත්කම් මත නාමයෝජනා දෙනවාට වඩා දක්‍ෂයන්ට තැන දිය යුතු බව මෙහිදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් දෙදෙනා අතර සුළු වේලාවක්‌ මෙම වචන හුවමාරුව සිදුවූ බවත් එය කොතරම් උණුසුම් ද කියනවා නම් බල්ලා, බූරුවා යන වචන පවා නාමයෝජනා මණ්‌ඩලයෙන් පිටත සිටි අයට පවා ඇසුණු බව සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ දෙදෙනා සමථයකට පත්කර ගැනීමට හැකිවී ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සෙසු නායකයන්ගේ මැදිහත්වීම මත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මමත් සජිත්ට එච්චර කැමති නෑ.මිනිහා මැරයෙක් තමයි.මෙයා ගාව වැඩ කරපු අය කියන්නේ කිසිම ගුණයක් නෑ කියලා.ආගමක් දහමක් අදහන්නෙත් නැහැලු වැඩිය.
 

Wal Bada

Well-known member
  • රවීට පාවිච්චි කරපු ඒ පද දෙක හොඳ වැඩී. මතකද කිලිනොච්චි - මැදවච්චි, අලි මංකඩ - පාමංකඩ කතාව? මෙන්න මූව තමයි ඉස්සෙල්ල ගහල පන්නන්න ඕන.
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    20110124100815.png
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    මෙවර පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලයිස්තුව සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන මහත්වරුන් අතර ගැටුමක් සිදුව ඇති බව එ.ජා.ප. අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
    එම ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම ගැටුම ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ජාතික නාමයෝජනා කමිටු රැස්වීමේදී සිදුව තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට නියමිතව සිටි ජනක නැමැත්තාගේ නම අපේක්ෂක ලයිස්තුවෙන් කපා හැර තිබෙන්නේ කුමන හේතුවක් මතදැයි රවී කරුණානායක මහතා විමසා සිටි අවස්ථාවේදී මෙම ගැටුම සිදුව තිබේ.
    එහිදී රවී කරුණානායක මහතාට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති සජිත් ප්‍රේමදාස මහතා තමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා බවත් නාම යෝජනා ලබා දෙන්නේ තමන්ට අවශ්‍ය පිරිසට පමණක් බවත් තර්ජනය කර තිබේ.
    මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කමිටු‍ සාමාජිකයින් දැඩි අප්‍රසාදය පළකර ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක කරූ ජයසූරිය සහ තිස්ස අත්තනායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් ගැටුම සමථයට පත් කොට තිබේ.
    මෙම කමිටු රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නීති උපදේශක දයා පැල්පොල, හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි, දිස්ත‍්‍රික් කළමනාකරු අස්මි තාසින්, මැදගෙදර මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කිත්සිරි කහටපිටිය මහතාද සහභාගීවී ඇත.
     

    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    සජිත් කට පරිස්සම් කර ගත්තනම් හරි. නැත්නම් ප්‍රේමදාසට වගේ කානූ කටා කියලා නමක් ගහයි
    :P:P