January 3, 2021 at 10:00 am | lanka C news![]()
කොරෝනා ආසාදනය වූ මළ සිරුරු ශ්‍රී ලංකාව තුළ භූමදානය ට ඉඩ දෙනවා ද යන කාරණය සොයා බැලීම පිණිස පත් කරන ලද නව කමිටුවේ සංයුතිය පිළිබඳ සමාජය තුළ, විද්වතුන් තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වී ඇත
මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ කමිටුවේ ප්‍රධානත්වය ලබාදී ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය born again ක්‍රිස්තියානි කල්ලියේ ප්‍රබල සාමාජිකාවක් වීමයි.
ඇය කොළඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රිස්තියානි සංගම් කිහිපයකම ප්‍රධානත්වය දරන අතර බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමිකයන්ට විරුද්ධව කටයුතු කරන තැනැත්තියක් බව සමාජ මාධ්‍යවල තොරතුරු හෙළිවෙමින් පවතියි.
තවද මෙසේ පත් කරන ලද කමිටුවේ දෙදෙනෙකු හැර සියලු දෙනා උග්‍ර ගෝඨාභය විරෝධීන් බවද ප්‍රකට කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම පිණිස ප්‍රසිද්ධියේ වැඩ කළ අය වෙති.
එවැනි කණ්ඩායමක් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ මෙවන් කමිටුවකට පත් කිරීම කුමන්ත්‍රණයක් බව ද තොරතුරු පළ වෙමින් පවතියි.
එවැනි කණ්ඩායමක් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ මෙවන් කමිටුවකට පත් කිරීම කුමන්ත්‍රණයක් බව ද තොරතුරු පළ වෙමින් පවතියි.



මේක පත් කරන්න ඇත්තේ විපක්ෂේ මන්ත්‍රීලා සෙට් එක වෙන්න ඇති නේද මේ කියන විදියට
