සජිත් ගේ වැඩ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කොහෙද මේ 69 ලක්ෂයක් නොවැම්බර් වරු සජිත්වනේ ජනාධිපති කලේ
    #කොන්ද පනතියන නායකයෙක් අවශ්‍ය කර ඇත

    ව්‍යාපාරිකයන් දෙදෙනෙක් විසින් සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ බැකෝ දමා වනසයි..

    January 23, 2021 at 10:40 am | lanka C news
    සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත” බෝවිටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කිරීම මේ වන විට සිදු කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑනනුවන් විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බැකෝ යන්ත්‍ර භාවිතා කර වනාන්තර එළි කිරීම” භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරන් පවතී.

    අනෙක් හෝටලය ඉදි කරමින් තිබෙන්නේ බෝවිටියතැන්න අලි මංකඩේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමින් ගොඩකවෙල” රාජපක්ෂ නම් ව්‍යාපාරිකයකු විසිනි.

    සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ” ඇල්ලගම” හන්දියෙකඩේ ගම්මානය” කජුගස්වත්ත” පොතුපිටිය” කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේපොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.

    සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් වනාන්තර එළි කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිතා කරමින් සිදු කරමින් පවතී.

    1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11″187 ක වනාන්තර ප්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.

    මීට අමතර ව මෙම රක්ෂිත ප්‍රදේශ ආවරණය වන භූමි ප්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය.

    මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව එම සංවර්ධන ක්‍රියාවලිය මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප්‍රඩාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් වනාන්තර අක්කර 7 ක් හා 8 ක් එළි කර සිදු කරන මෙම හෝටල් ඉදි කිරීම් වල දී කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත. එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලු වනාන්තර එළි කිරීම් හා හෝටල් ඉදි කිරීම් සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලු පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලු නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වෙති.

    මෙවර ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ “මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.” එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ “වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

    නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජයේ වනාන්තර හා අලි මංකඩ වනසද්දී නිහඩව සිටීමෙන් සිදු වන්නේ සියලූම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීමය. මේ සියල්ලටම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිනයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ හෝටල් ඉදි කර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට අහිමි කරනු ඇත.

    සජීව චාමිකර
    ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    හෙනම සිම්පල් තියරියක් බං ඕකට තියෙන්නේ
    ඇමරිකන් කාරයෝ රටවල් විනාස කරනවා කියන්නේ කට කහනවට නෙමි
    අපි දැන් මේ දකින්නේ ඒක
    හැම ඇමරිකන් කාරයාම ඕල්කට්තුමා වගේ කියල හිතන්න එපා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෙනම සිම්පල් තියරියක් බං ඕකට තියෙන්නේ
    ඇමරිකන් කාරයෝ රටවල් විනාස කරනවා කියන්නේ කට කහනවට නෙමි
    අපි දැන් මේ දකින්නේ ඒක
    හැම ඇමරිකන් කාරයාම ඕල්කට්තුමා වගේ කියල හිතන්න එපා
    goda danawa boru ban
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හැම ඇමරිකන් කාරයාම ඕල්කට්තුමා වගේ කියල හිතන්න එපා🤩
     

    Similar threads