සජිත්, මෛත්‍රීගේ සටනට එක්වේ !

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    සජිත්, මෛත්‍රීගේ සටනට එක්වේ !



    මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් ඒකමතික තීන්දුව දැඩි ලෙස අනුමත කරමින්, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම මැදිහත් වීමෙන් කටයුතු කරන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.

    මෛතී‍්‍රපාල සිරිසේන මහතා පිළිගනිමින්, ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21) රාත්‍රී පැවති විශේෂ සාකච්ජාවේදී ප්‍රේමදාස මහතා එබව සඳහන් කර ඇත.

    පුජ්‍ය මාදුළුවාවේ සෝභිත, පුජ්‍ය අතුරලියේ රතන හිමිවරුන්ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, වසන්ත සේනානායක, රජිව් විජේසිංහ, දුමින්ද දිසානායක, මෙන්ම, එජාප නායකත්ව මණ්ඩල සාමාජික කරු ජයසුරිය, උප නායක රවී කරුණානායක, මංගල සමරවීර, කබීර් හෂීම් මහත්ම මහත්මීන් ද ඊට සහභාගී වී ඇත.

    මනෝ ගනේෂන් හා වික්‍රමබාහු කරුණාරත්න, සනත් මනමේන්ද්‍ර, සේනක ද සිල්වා යන පක්ෂ නායකයින්ද මෙම සාකච්ජාවට එක්ව තිබේ.

    පොදු අපේක්ෂකයාගේ පොදු වැඩපිළිවෙලට අදාළ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන වැනි දේශපාලනික කාරණා නාගරික සීමිත ජන කොටසකට වැදගත් විය හැකි වුවද, බහුතර ජනතාවට අවශ්‍ය වන්නේ පොදු අපේක්ෂකයාගෙන් තමන්ට ලැබෙන්නේ කුමක්ද කියන කාරණය බැවින්, අතට හිතට දැනෙන ආර්ථික 'පැකේජයක්' ද ඉදිරිපත් කරන්නයි ප්‍රේමදාස මහතා මෙහිදී යෝජනා කර ඇත.

    එම යෝජනාව මුළුමනින්ම අනුමත කර ඇති එජාප නායකයා හා හිටපු ජනාධිපතිනිය, මෙම මැතිවරණ ව්‍යාපාරය තුල ග්‍රාමීය මැතිවරණ වැඩසටහන් මෙහෙයවීම සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා ඇත.


    - srilankamirror
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වික්‍රමබාහු මනෝ ගනේශන් ඉන්නවද? නොදකින්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අදනම් වැඩේ නියමෙටම ගියා... මට බලන්න විදිහක් තිබ්බේ නෑ. ඩයලොග් ටීවී එකේ වැඩ නෑනේ.. නෙට් එකෙන් හෙන ගේමක් දීල බැලුවේ...