සජිත් සිකුරාදා අගමැති ලෙස දිවුරයි
රනිල් ඉවතට.. සජිත් සිකුරාදා අගමැති ලෙස දිවුරයි.. ආණ්ඩුවේ බහුතරයද ඔහුටයි..
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.
එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන මන්ත්‍රී පිරිසගෙන් බහුතරය දැනටමත් ඔහුට කැමැත්ත පළ කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙන්නේ සජිත් හිතවාදී මැති ඇමතිවරුන්ගේ සමාජ ජාල ගිණුම්ද උපුටමිනි.
ශ‍්‍රීලනිප පිරිසක්ද ඔහුට සහාය දීමට ඉදිරිපත් වනු ඇති බවත් ඒ අනුව නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත.
පසුගිය සතියේ ද සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ සූදානමක් පැවති බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ආරංචි පැතිර ගියේය.
සිකුරාදා පස්වරුවේ ‘සජිත් එනවා’ දෙවැනි රැලිය මාතරදී පැවැත්විමට නියමිතය. එය සංවිධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන ඇමති මංගල සමරවීර මහතා විසිනි.
Source: lankacnews