සටන් බලමුළු දෙක
සටන් බලමුළු දෙකක් වගේ පෙනුනට, ලංකාවේ තියෙන්නේ එක දේශපාලන සටනයි. ඒක හරියට එකම කාසියේ දෙපැත්ත වගේ. කොටසක් බලය රැක ගන්න සටනක. අනෙක් උන් බලය නැවත ගන්න සටනක. අවුරුද්දට කරන කඹ ඇදීමේ තරඟ මතක් කර ගන්න. දෙපැත්තක් තිබුනට, දෙපැත්තේ අය කරන්නේ එකම දේ. කඹ තරඟ වලදී එක ඇදිල්ලක් වාරයක් ඉවර උනාම, දෙගොල්ලෝ තමන්ගේ පැති මාරු කර ගන්නවා. දේශපාලනෙත්, අවුරුදු 5කට සැරයක් පැති මාරු කරගෙන, ආයිම අදින්න පටන් ගන්නවා. මිනිස්සුත් කතිරේ ගහල පැත්ත මාරු කරලා දෙනවා. චන්දෙන් දිනපු මිනිස්සුත්, පැරදුනු මිනිස්සුත් දෙපැත්තට වෙලා මෙලෝ සිහියක් නැතුව රට දෙපැත්තට අදිනවා. කඹ තරඟ වලදී වගේම තමන්ගේ නෑදෑයෝ, යාළුවො, වගේ මුළු සනුහරේම ඇවිත් හුරේ දානවා - (මතකනේ ගූ වංශ ඇරෙස්ට් කරපු දවස) - දේශප්‍රේමය, ජාති ආලය, ආර්ථිකය, සංස්කෘතිය, මේ සේරම කඹේ වටේ ඔතාගෙන, දෙගොල්ලොම අදින්නේ. හැබැයි පරමාර්ථ හා ක්‍රියාව වශයෙන් ගත්තම කෙරෙන්නේ, දෙපැත්තට අදින එක විතරයි. අවුරුදු කඹ තරඟ වගේ නෙවෙයි, මේ තරඟෙට සල්ලි හොයන්නේ අපේ දුප්පත් අම්මලා, සෞදි කක්කුස්සි හෝදන්න විකුනලා. 250 දෙනෙක් අපේ ගානේ දවල්ට, ලංකාවේ තියෙන හොඳම බුෆේ එකෙන් කාල, උන්ගේ දරු පවුල ගොඩ දාන්න කඹ අදිනවා. ලංකාව අවුරුදු 68ක් නිදහසෙන් පස්සේ එක තැන පල් වෙන්නේ මේ කඹ ඇදිල්ල නිසා. මේක නවත්වන්න තිබුණු හොඳම අවස්තාව යුද්දේ ඉවර වුනු වෙලාව. සැබෑ දේශප්‍රේමය ගොඩනගන්න තිබුණු හොඳම අවස්තාව. අපේ විශිෂ්ට ලාබාල ගායිකාව, සහෙලිට කියල "මහරජාණෙනි" කියල කියව ගත්තේ නිකන් නෙවෙයි. රජෙක් කියන්නේ රජ පවුලක් / පරම්පරාවක් ගොඩ නගන කෙනෙක්. පුරාණේ මිනිස්සු හිතුවේ, රජ පවුල රැකුනොත් තමයි අපි, රැකෙන්නේ කියල. අනික් උන් ඔක්කොම බලු ගැත්තෝ. මහින්ද අපිට, රජ පවුල අපිට මතක් කලේ නිකන් නෙවෙයි. එතන තමයි මහින්දගේ යුද්දේ ඉවරකිරීමේ සැබෑ අරමුණ එලියට ආවේ. මහින්දට ලී ක්වාන් යු කෙනෙක් වෙන්න ඕන උනේ නෑ. ඕන උනේ රාජපක්ෂ බුක්තියට රට ලියව ගන්න. රාජපක්ෂ පරම්පරාවට හොඳ තාත්ත කෙනෙක් වෙන්න. රට සින්නකර බුක්තියට තම පවුලට ලියාගන්න. තාමත් රජ පවුලේ බලුගත්තෝ තමන් කියල හිතන උන් තමයි, මහින්ද නැගිටුවන n+1 වෙනි මීටින් වලට යන්නේ. අඩු ගානේ කීපාරක් නැගිට්ටවන්න ඕනෙද කියලවත් මිනිස්සුන්ට වගේ වගක් නෑ. n+1 වාරගානක් උනත්, හති වැටෙනකල් නැගිට්ටන්න යනවා. රනිල් + රවී හොර ගොන් බාන පන්නන්න කියල, ගේන්න හදන්නේ, කෙප්ප ගොන් හොරු රැලක්. අපිව හැම දාම උදේට කන, නක්ශාස්ත්‍ර හොරු, පෙන්ෂු හොරු, හක්බෙල්ලෝ හොරු මදිවට. 1980 ගණන් වලට කලින්, කිසිම ලග්නෙකට කිව්වේ නෑ, විදේශ ගත වෙන්න ඉඩ තියෙනවා කියල. අද හැම ලග්නෙකටම ඕක කියනවා. එතකොට 80 ගණන් වලට කලින් රට යන ඒවා, ග්‍රහයෝ නොදැනුවත් වද ගියේ. අපි අපිමයි, අපේ මොලේ වහගෙන ඉන්නේ, කාගේ හරි කීමකට. මේ නිසා, අපිට නැතිවෙලා තියෙන්නේ තිබිය යුතුම, ජීවන බුද්ධිය. මහා ලොකු උපදේශකයෝ අපිට ඕන නෑ, මේක ලිහා ගන්න. එදිනෙදා දකින, කරන දේ හේතුපල සරල හේතුපල දහම මගින්, ජීවන බුද්ධිය ලඟා කරගන්න පුළුවන්. මුලින්ම මේක දේශපාලනේට අදාළ කරලා, තනි තනිව හිතන්න. ටික කලකදී මේක කෝටි දෙකක බලවේගයක් වෙනවා. අපේ රට හදන මූල බීජය එතන, තනි මිනිස්සු තුල හැදෙන්න පටන් ගන්නවා. අපේ පන්සලෙන් අපිට නොකරන, එහෙත් කල යුතුම දේ මේකයි.