සටනේ අවසානය ගම්මන්පිල කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වර්තමානයේදී ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා බවත්, එය ඇතිවුණු තත්වයක් නොව ඇති කළ තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.

    මෙම තත්වය ඇතිවීමට හේතු වූ බැසිල් රාජපක්ෂ නම් අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නවත්වන්නේ නැති බවත්, ඔහු යන්නේ නැතිනම් එලවන්නට කටයුතු කරන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.


    මෙයට එරෙහිව කළ අභ්‍යන්තර සටන සාර්ථක නොවුණත්, ඉදිරියේදී ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන බව ගම්මන්පිල මහතා කීවේය.

    මෙය ආරම්භය පමණක් බවත්, මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට නඩු දමා, හිරේ දමා, සමහර විට මරා දැමීම වුවත් කළ හැකි බවත් කී මන්ත්‍රීවරයා ‘අපව මරා දැමුවත් අපේ සටන මරා දමන්න ඉඩ තබන්නේ නැතැයි ද පැවසීය.

    උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    ඩීසල් හිඟයක් ඇති වුණේ හිඟයක් ඇති වන බවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කලින් කී නිසා බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු චෝදනා කරන බවත්, ඩීසල් හිඟයක් ඇති වුණේ තමන්ගේ ප්‍රකාශ නිසා නම් බෙහෙත්, සිමෙන්ති, යකඩ, ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ආදියේ හිඟයක් ඇතිවුණේ කෙසේදැයි තමන් එම ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බව ද ගම්මන්පිල මහතා කීවේය

    ඉන්ධන හා අනෙකුත් භාණ්ඩ හිඟවීමට එකම හේතුව ඩොලර් හිඟය බව කී මන්ත්‍රීවරයා ඩොලර් හිඟයට හේතුව සීමිත විදේශ විනිමය ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කිරීමට මුදල් ඇමතිවරයා අසමත්වීම බව ද පැවසීය.

    ‘වැඩ බැරි බැසිල්ගේ බැරිකම සඟවා ගන්න අපට චෝදනා කරන්න එපා යැයි අපි ආණ්ඩුවට කියනවා’ යැයි ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය



    ko me ponna nugath moda harak @nicjosh83 @erozan ponna puthala dan kiyapan, rajapakshala rata kewada????? nedda??????
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    %E0%B7%83-gotabaya.gif
     

    Similar threads