සටන පාවාදුන්නා 

ප්‍රවෘත්ති May 6, 2014
ඉතාමත් සාධාරණ ඉල්ලීම් මත ආරම්භ කරන ලද හෙද වැඩවර්ජනය පාවාදීමට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ පවසයි.
රජයේ හෙද නිලධාරී සංගමය හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කිසිදු ඉල්ලීමක් නොලැබ හෙද සටන පාවා දී ඇති බවත් වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන මෙවැනි සංගම්වල නිරුවත මෙවැනි ක‍්‍රියාමාර්ගවලින් පැහැදිලිවන බවත් ඔහු පැවසීය.

මෙම පාවාදීම්වලට එරෙහිව විරෝධතා උද්ඝෝෂණයන් කුරුණෑගල, මාතර, මාතලේ, මහනුවර, කළුතර රෝහල් මූලික කරගෙන අද දින පැවැත්වෙන බවත් ඉන් අනතුරුව දහවල් 1.00 ට තම වැඩවර්ජන ක‍්‍රියාමාර්ගය අවසන් කරන බවද ඔහු පැවසීය.
හෙද ඉල්ලීම් ලබාගැනීම වෙනුවෙන් තම සංගමයේ නායකත්වයෙන් ඉදිරියේදී වෘත්තීය සටන අරඹන බවත් ඒ වෙනුවෙන් රටපුරා රෝහල්වල හෙද හෙදියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට තම සංගමය තීරණය කර ඇති බවද මෙහිදී ගාමිණී කුමාරසිංහ සහෝදරයා පැවසීය.