සණස ජීවිත රක්ෂණය

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපේ එකෙක් මාසෙට 2000 ගාණෙ අවුරුදු 5 ක් ගෙවන්න එකක් හදාගෙන

    මොකුත් කරදරයක් වුණේ නැත්තං ආයෙ ඒ සල්ලි හම්බවෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සාමාන්‍යයෙන් නම් ජීවිත රක්ෂණය දී කල් පිරුනම ගෙවනවා. පොරොන්දු බෝනස් ගානක් තියෙනවා නම් ඒ ගාන + ගෙවපු මුළු රක්ෂණ මුදල කල් පිරුණම ලැබෙනවා. හැබැයි ගෙවීම් දිගටම කරලා තියෙන්න ඕන. මඟින් නැවැත්තුවොත් එක්කෝ ගන්න බෑ. නැත්තන් පොඩි කොටසක් විතරයි ගන්න පුළුවන්.

    හැබැයි පොඩි අවුල් සීන් එකක් තියෙනවා. Mobitel එකෙනුයි තව මොකක් හරි company එකකිනුයි කෝල් වගයක් ආවා අවුරුද්දකට රක්ෂණයක් දාන්න දවසට ද මාසෙට ද පොඩි ගානක් ගෙවන්න ඕන කියලා. මම ඇහුවා අවුරුද්දකි පස්සේ ඒ සල්ලි ගන්න පුළුවන් ද කියලා. එතකොට කියනවා බෑ කියලා 😐 මම කිව්වා එහෙම නම් වැඩක් නෑ නේ කියලා. අනික එහෙම කරන්න නීතියෙන් කරන්න අවසර තියෙනවා ද දන්නෙත් නෑ.

    හොඳම වැඩේ පොඩි පොඩි තැන් වලින් රක්ෂණ දානවා නම් කතා කරලා හරියටම දේවල් දැනගෙන දාන එක. පිළිගත්ත insurance company නම් ඉතින් බොහෝ දුරට අවුලක් වෙන්නේ නෑ ගෙවීම් හරියට කරොත්. කල් පිරුණාම ගන්න පුළුවන්.

    විශේෂයෙන් දවසට මාසේට පොඩි පොඩි ගණන් වලට අවුරුද්දේ දෙකේ රක්ෂණ දාන්න කතා කළොත් නම් මගඩියක් තමයි බොහෝ දුරට.

    ඔය insurance agent ලා කියන්නෙම කතා මලු. පොඩ්ඩක් විස්තර අහන්න විතරයි තියෙන්නේ. කියලා දෙනවා. එක හින්දා හොඳට විස්තර පැහැදිලි කරගන්න අහන එක තමයි හොඳ. හැබැයි ඉතින් පෙට්ටි කඩ වගේ හොරට අටවන් ඉන්න ඒව ගැන නෙවෙයි මම කිව්වේ පිළිගත්තා company ගැන.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Normally, these paid installments will be received after the expiration of the agreement, plus the bonuses, in addition to the insurance coverage. but you should clarify this agreement with the insurance agents.