[/CENTER]
නියම ත්රෙඩ් එක මචන්.ඒත් මට නම් මේකේ එච්චර ලොකු ගැටලුවක් පේන්නේ නෑ.හරක් වගේ ශාක භක්ෂක සත්තු තමයි මාංශ භක්ෂක සතුන්ගේ ප්රධානතම ගොදුරු.ගොඩක් වෙලාවට උන් ගොදුරු වෙන්නේ, ආහාර ගන්න වෙලාවට.ඉතිං උන් ගොඩක්ම අවට පරිසරය ගැන අවධානයෙන් තමයි ආහාර ගන්නේ.ඒ වගේම තමයි, හරක්ගේ ඇස් තියෙන්නේ, දෙපැත්තට.ඉතිං උතුරට හෝ දකුණට හැරිලා හිටියොත්, උන්ගේ ඇස් වලට ප්රධාන වශයෙන්ම ග්රහණය වෙන්නේ, බස්නාහිර සහ නැගෙනහිර.ඒ කියන්නේ, ඒ පැති දෙකට තමයි ඉර පායපු ඕනෑම වෙලාවක, ඕනෑම දෙයක සෙවනැල්ල වැටෙන්නේ.(හරක් රෑට දවල් කාපු දේවල් වමාරා කනවා මිසල්, රෑට කෑම හොයන් යන් නෑ කියන එක අමතක කරන්න එපා ) ඉතිං විලෝපිකයෙක්ගේ පිටුපසින් කරන පහරදීමක් උනත්, මේ සත්තුන්ට අර සෙවනැලි වැටීම නිසා යම් තරමකට පහසුවෙන් බලාගන්න පුලුවන්.අපි හිතමු මේ සත්තු ඉර පායපු ගමන්ම වගේ නැගෙනහිරට මුහුණලා කනවා කියලා.එතකොට පසුපසින් එන විලෝපිකයෙක්ගේ සෙවනැල්ල වැටෙන්නෙත්, සතාගෙත්, අර විලෝපිකයාගෙත් පිටුපසට.එතකොට ළඟට ඇවිත් පනිනකම් හරකා දන්නේ නෑ.ඌට සෙවනැල්ල පෙනෙන එකෙන් ලොකු වාසියක් තියෙනවා.ඒ නිසා මේ උතුරට හෝ දකුණට මුහුණලා ඉන්න ක්රමය ඉතාම සරල දෙයක්.(බිලාළ ගෝත්රයේ සතුන්ට ඕනා තරම් ළඟට එතහැකි, කිසි සබ්දයක් නැතුව. )



